දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»

විදුලිය කැපිල්ල මැද්දේ ජෙනරේටර් - විදුලි පංකාවල අලෙවිය දෙගුණ තෙගුණ වෙයි

විදුලිය කැපිල්ල මැද්දේ ජෙනරේටර් - විදුලි පංකාවල අලෙවිය දෙගුණ තෙගුණ වෙයි

වසර ගණනාවකට පසුව සිදුවූ විදුලි ඇනහිටීම හා විදුලි කප්පාදුව හේතුවෙන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විවිධ රැකියාවල නිරතවූවන්, නිවැසියන් ඇතුළු සමස්ත ප්‍රජාවම ඉමහත් අර්බුදකාරී තත්ත්වයකට පත්විය. මේ දිනවල පවතින අධික දාහය හේතුවෙන්. හෙම්බත්ව සිටි ජනතාවට, කිසියම් අස්වැසිල්ලක් වූයේ විදුලි පංකා හා වායුසමීකරණ සංචිතයයි. එහෙත් විදුලිය නැතිවීමෙන් එම ජනතාව කබලෙන් ළිපට වැටෙන තත්ත්වයට පත් විය. මේ නිසා ම එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය විදුලිය ලබාගැනීම සඳහා ජනතාව විකල්ප මාර්ග කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවය ක් ඇති විය.

හිරු එළියෙන් විදුලිය ලබාදෙන සෝලා පවර් පද්ධතිය විදුලි කප්පාදුවේදී කිසියම් පිළිසරණයක් විය. එසේ ම කෘත්‍රිම විදුලි උත්පාදක (ජෙනරේටර්) විදුලි කප්පාදුවට මහත් පිළියමක් විය. පසුගිය දිනවල පැවැති විදුලි ඇනහිටීම් මෙන් ම තවමත් පවතින අධික රස්නයට සමගාමීව වෙළෙඳපළේ විදුලි උත්පාදක යන්ත්‍ර හා විදුලි පංකා සංසරණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීමට අගනුවර සංචාරය කෙළෙමු.

හැම මාදිලියකම ජෙනරේටර් වැඩි වැඩියෙන් අලෙවි වුණා

ශ්‍රී ලංකාවට විදුලි උත්පාදන යන්ත්‍ර ආනයනය කරන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන, මරදාන ස්ටැෆඩ් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ බල උත්පාදන මෙවලම් හා නිෂ්පාදන කළමනාකරු සජීව කරුණානායක මහතා, මෙසේ පැවසීය.

අප චීනය, ඉන්දියාව හා තායිලන්තය ආදී රටවල හොණ්ඩා කර්මාන්ත ශාලාවලින් වොට් 750 සිට කිලෝ වොට් 11 දක්වා ප්‍රමාණයක් ලංකාවට වසර 15 ක සිට ගෙන්වනවා. 2012 සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට අමතරව, ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලටත්, අලෙවිය ව්‍යාප්ත වුණා‍. සාමාන්‍යයෙන් වසරකට මුල් යුගයේ ජෙනරේටර් 700 – 800 පමණ අලෙවි වුණා‍. 2012 වසරින් පසු දිගටම වසරකට 1000 පමණ ප්‍රමාණයක් අලෙවි වුණා.

පසුගිය විදුලි ඇනහිටීම සිදුවූ කාලයේ වෙනදාට වඩා ජෙන‍ෙර්ටර් අලෙවිය වැඩිවුණා. ඒ වනවිට අප සතුව සියලුම මාදිලියේ ජෙනරේටර් තොග තිබුණේ නැති වුනත්, රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන, ගෙවල් හිමියන් හා ව්‍යාපාරික ස්ථානවලට අවශ්‍ය තොග තිබුණා. සාමාන්‍යයෙන් ජෙනරේටරයක් රු. 65000 සිට 680000 දක්වා මිල ගණන් පවතිනවා. ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් ක්‍රමයට තමයි වැඩිපුර අලෙවි වුණේ.

මේ වගේ හදිසි විදුලි බිඳවැටීම් වෙයි කියලා රජයවත් කලින් දැනුම් දීලා තිබුණේ නෑ‍. ඒත් වාසනාවකට තොග අප ළඟ තිබුණා. ජෙනරේටර් භාවිතයේදී පෙට්‍රල්වලට මිලක් වැය වෙනවා උනත්, මම නම් කියන්නේ ජෙනරේටරයක් අරන් තියාගන්නවා කියන්නේ හොඳ ආයෝජනයක්.”

චීනයෙන් ගෙන්වා තිබුණු ජෙනරේටර් සියල්ල වික්කා

අබාන්ස් ආයතනයේ, ජෙනරේටර් අංශ‍ෙය් කළමනාකරු අසංග ලක්මාල් මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසක්.

“අප ළඟ තියෙන්නේ චීනයෙන් ගෙන්වන ලද වොට් 750 සිට කිලෝ වෙ‍ාට් 5 වනතුරු ගෘහස්තව භාවිත කරන ජෙනරේටර් වර්ගයි. මේවා රු. 18000 සිට රු. 191100 දක්වා මිලට අලෙවි වෙනවා. එමෙන් ම වසරකට ජෙනරේටර් 3000 – 3500 පමණ ප්‍රමාණයක් අලෙවි වෙනවා. ඒත් පසුගිය දිනවල සිදුවූ විදුලි බිඳවැටීමත් සමඟ ජෙනරේටර්වලට විශාල ඉල්ලුමක් තිබුණා. ඒ වගේ ම හොඳ වෙලාවට අප ළඟ විශාල තොගයක් තිබුණා. ඒ සියල්ල අවසන් වුණා. සාමාන්‍යයෙන් දවසට දෙකට 6000 පමණ අලෙවි වුණා. වැඩිපුරම අලෙවියක් තිබුණේ බස්නාහිර පළාතේ. කොළඹ පවතින අධික රස්නය හා අධික ජනගහනය ඊට බලපාන්න ඇති. නමුත් විදුලි බිඳවැටීම අවසන් වුණාට පස්සේ, අලෙවිය සාමාන්‍ය‍ තත්ත්වයට පත් වුණා. වැඩි ඉල්ලුමක් තිබුණා කියලා මිල වැඩිවීමක් සිදුවුණේ නැහැ.

විදුලි පංකා වගේ ම එයා කූලර්වලටත් ඉල්ලුමක්

අබාන්ස් ආයතනයේ විදුලි පංකා සන්නාම කළමනාකරු ඉමුදු පෙරේරා මහතා පසුගිය දිනවල විදුලි පංකා අලෙවිය පිළිබඳ මෙසේ පැවසීය.

විවිධ මාදිලි රැසක, විදුලි පංකා අප ඔස්ට්‍රේලියාව ජපානය වැනි රටවලින් ගෙන්වනවා. පසුගිය කාලේ සිදුවූ විදුලි කප්පාදුවත් සමඟ විදුලි පංකා අලෙවියත් වැඩි වුණා. ස්ටෑන්ඩ් ෆෑන් තමයි වැඩිපුරම අලෙවි වුණේ. ටේබල් ෆෑන් වැඩියෙන් ම අලෙවි වෙන්නේ උතුරු නැ‍ඟෙනහිර පළාතටයි. ඒ වගේ ම කර්මාන්ත ශාලාවල භාවිතා වන ඉන්ඩ්‍රස්ට්‍රියල් ෆෑන්වලටත් විශාල ඉල්ලුමක් තිබුණා. එම විදුලි පංකාවක් රු. 8000 සිට ඉහළට මිල වෙනවා. එසේ ම එළිමහනේ වැඩිපුරම භාවිතා කළ හැකි පංකා වර්ගයක් අප ළඟ තිබෙනවා. එය පරිසර හිතකාමී නිෂ්පාදනයක්. ෆෑන් එකට ජලය දැම්මාම වායුසමීකරණයක් වගේ ක්‍රියාත්මක වෙනවා. විදුලි පංකාවෙන් වතුර විදිනවා. විදුලි පංකා වගේ ම එයාර් කූලර් ද අලෙවි වුණා. එයත් ෆෑන් එකක් වගේමයි. රු. 20000 සිට ඉහළට මිල ගණන් යටතේ මිල දී ගත හැකියි. වසර 5 ක වගකීමක් ද සහිතයි. අපි සමාජයට කරන උදව්වක් ලෙසට අපි පසුගිය දිනවල අපේ ආයතනයේ වායුසමීකරණ යන්ත්‍ර සඳහා ජෙනරේටර් තමයි භාවිතා කළේ. ජාතික විදුලි බල පද්ධතියෙන් ඒ සඳහා විදුලිය ලබාගත්තෙ නැහැ. ඉදිරියටත් අපේ දිවයින පුරා ප්‍රදර්ශනාගාරවලට ජෙනරේටර් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. විදුලි කප්පාදුව නිසා එදිනෙදා කාර්යාලීය කටයුතුවලට බාධාවක් වුණත් එය අපට බාධාවක් උනේ නැහැ.”

විදුලි පංකා පනස් දාහක ඉල්ලුමක් පසුගිය දිනවල තිබුණා

ලංකාවට ඉන්දියාවෙන් ගෙන්වන ඌෂා විදුලි පංකා ආනයනය කරන පිටකොටු‍ව නෙල්සන් ට්‍රේඩින් ආයතනයේ සමකළමනාකරු කපිල රත්නසිරි මහතා විදුලි පංකා අලෙවිය පිළිබඳ මෙසේ පැවසුවේ ය.

“විවිධ මාදිලියේ විදුලි පංකා වර්ග 10 ක් පමණ වසරකට, 75000 ගෙන්වනවා. 2006 වසරේ පමණක් විවිධ වර්ගයේ විදුලි පංකා ලක්ෂයක් පමණ ආනයනය කළා. සාමාන්‍යයෙන් මාර්තු මස සිට අගෝස්තු දක්වා තමයි විදුලි පංකා වැඩිපුර අලෙවි වෙන්නේ වසරකට 25000 පමණ අලෙවියක් තියනවා. දෙසැම්බර්වල විදුලි පංකා අලෙවිය හුඟාක් අඩුයි. පසුගිය දිනවල ඇතිවූ විදුලි අර්බුදයත් සමඟ විදුලි පංකාවලට හොඳ ඉල්ලුමක් ආවා.

ඒ වගේ ම රීචාජබල් ෆෑන්වලටත් ඉතා විශාල ඉල්ලුමක් තිබුණා. ඒත් එතරම් ප්‍රමාණයක තොග අප සතුව තිබුණේ නැහැ. ඒවගේ දේවල් අලෙවි වෙන්නේ ලයිට් කපන කාලෙට පමණයි. සාමාන්‍යයෙන් රීචාජබල් ෆෑන් ගෙන්වන්න මාස 3 ට වඩා කාලයක් ගතවෙනවා. විදුලි කප්පාදුව සිදුවූ කාලය තුළ රීචාජබල් ෆෑන් ගෙන්වගන්න කාලයක් තිබුණේ නැහැ. ලයිට් නැති දින කීපය තුළ පමණක් විදුලි පංකා 50,000 පමණ ඉල්ලුමක් තිබුණා. ඒත් එතරම් ප්‍රමාණයක් ගබඩාකර තිබුණේ නැහැ. ඒ වගේ දේවල් විකිණෙන්නේ විදුලිය නැති කාලෙට පමණයි. රීචාජබල් ‍ෆෑන් එකක මිල රු. 2000 සිට 50,000 දක්වා වෙනවා. මධ්‍යම පන්තික ජනතාවගෙන් තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඒ අතරිනුත් කොළම විශේෂයි. පසුගිය වසර 5 තුළ විදුලි කප්පාදුවක් සිදුව‍ුණේ නැති නිසා වැඩිපුර තොග ගෙන්වලා තිබුණෙත් නැහැ.

රිචාජබල් පෑන් ඉමර්ජන්සි ලෑම්ප් - ඉල්ලුම වැඩි වුණා

වායුසමීකරණ භාවිතා කරන්න බැරි වූ නිසා, රීචාජබල් ෆෑන් වලට වගේ ම ඉමර්ජන්සි ලෑම්ප්ස් වලටත් විශාල ඉල්ලුමක් තිබුණා. ඉල්ලුම ලක්ෂයකට වඩා වැඩි වුණා. සතිය ඇතුළත තිබූ තොග 3000 පමණ ප්‍රමාණය අවසන් වුණා. නමුත් මේ වගේ භාණ්ඩවල අලෙවිය තාවකාලිකයි. අලෙවිය හැමදාමත් එකවගේ නැහැ. විශාල තොග කවුරුත් ගෙන්වන්නෙ නැහැ. හැමදාම ලයිට් යන්නෙ නැහැනේ. පවර් කට් එකක් නැත්නම් ඉමර්ජන්සි ලයිට් විකිණෙන්නෙම නැති තරම්, එම නිසා විශාල තොග ගෙන්වන්නෙ නැහැ. විදුලි කැපීමක් නොවුණහොත්, වසර 2, 3 ක් යනකම්ම ඒවා අලෙවි වෙන්නෙ නැහැ.

ජෙනරේටර් වුණත් විකිණෙන්නේ ලොකු ගොඩනැඟිලි හදද්දී විතරමයි. එහෙම නැත්නම් පවර් කට්වලට පමණයි. රීචාජබල් නොවන ෆෑන්වල නම් අලෙවිය සාමාන්‍ය පරිදි තියනවා. ඉස්සර විදුලි කප්පාදුව වසරකට වරක් පැමිණි කාලේ ජෙනරේටර්, රීචාජබල් ලයිට් කලින් ගෙන්වලා තිබුණා. හරියට වෙසක් කාලෙට ලයිට් ගෙන්වනවා වගේ. නමුත් දැන් එහෙම ගෙන්වන්නෙ නැහැ. සාමාන්‍යයෙන් විදුලි පංකා මසකට 20,000 පමණ බෙදා හැරෙනවා.”

ලාම්පු - ෆෑන් ඉල්ලුම‍ දෙගුණයකින් ඉහළට

පිටකොටුව මෙට්‍රො ඉලෙක්ට්‍රොනික් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ හිමිකරු බී.කේ. නිවුටන් රොද්‍රිගු මහතා මෙසේ පැවසීය.

“පහුගිය දිනවල ඉමෙජන්සි ෆෑන්ස්, ලෑම්ප්ස් වැඩිපුර අලෙවි වුණා. වෙනදාට වඩා දෙගුණයක් විතර අලෙවි වුණා කියන්න පුළුවන්. ලයිට් වර්ග කීපයක් තියනවා. සාමාන්‍යයෙන් මාසෙකට 400 පමණ අලෙවි වෙනවා. ලයිට් කැපූ දිනවල 800 – 1000 පමණ අලෙවි වුණා. ඉල්ලුමට සරිලන සැපයුමක් තිබුණා. අන්තිමට මදි වුණා.

සෑම වර්ගයකම විදුලි පංකා තියනවා. මසකට සාමාන්‍යයෙන් 300 පමණ අලෙවි වන විදුලි පංකා පහුගිය කාලෙදි 600 විතර අලෙවි වුණා. තොග ප්‍රමාණයක් අප සතුව පැවතුණු නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදෙන්න හැකිවුණා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තමයි වැඩිම අලෙවියක් සිදුවුණේ. මේ වගේ හදිසි විදුලි බිඳ වැටීමකට මෑතකදී මිනිසුන්ගේ පූර්ව සුදානමක් තිබුණේ නැති නිසා. පෞද්ගලික ආයතන බොහොමයක් ම ලයිට් හා ෆෑන් මිලට ගත්තා.

සතියක් ඇතුළත රජයේ හා පෞද්ගලික ආයතනවලට ඉමර්ජන්සි ලයිට් හා ෆෑන් මිලට ගත්තා. ඉන්දියානු හා ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලවලින්, ඉමෙජන්සි ලෑම්ප් 30 ගානේ මිලට ගත්තා.”

පිටකොටුව කෙළින් වීදියේ මංගල ඉලෙක්ට්‍රිකල්ස් ආයතනයේ වෙළෙඳ සහායක මාලක පද්මල් මහතා පැවසුවේ මෙවැන්නක්.

“අප ආයතනයෙන් ජෙනරේටර්, විදුලි පංකා ආනයනය කර බෙදා හරිනවා. අපේ වැල්ලවත්ත ශාඛාවේ තමයි වැඩි අලෙවියක් තියෙන්නේ. සාමාන්‍ය කාලෙට එතරම් බිස්නස් නැහැ. ඒත් පසුගිය සතිය ඇතුළත ජෙනරේටර්වලට විශාල ඉල්ලුමක් තිබුණා. ඒත් අපි ළඟ ඒ වනවිට ලබාදෙන්න තරම් ප්‍රමාණයක් තිබුණේ නැහැ. ජෙනරේටරයක මිල රු. 19000 සිට ලක්ෂ ගණනක් දක්වා තියනවා. නිවෙස්වලට කුඩා ජෙනරේටර්වලටත් කර්මාන්ත ශාලාවලට විශාල ජෙනරේටර්වලටත් ඉල්ලුමක් තිබුණා.

විදුලි පංකා නම් දිනකට 5 බැගින් අලෙවි වුණා. නමුත් මිල ගණන් ඉහළ දැම්මෙ නැහැ. ඒත් විදුලි කැපීමෙන් පසු විදුලි පංකා අලෙවිය අඩු වුණා.

විදුලි පංකා විතරක් සීයකට වැඩිය ගියා

පිටකොටුව, සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයේ හිමිකරු ඩේවිඩ් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට ෆෑන් අලෙවිය වෙනස් වෙනවා.‍ ඒත් පසුගිය සතියේ විදුලි පංකා 100 පමණ අලෙවි වුණා. අප ආයතනය මඟින් විදුලි පංකා ටෙන්ඩර් පටිපාටියට, හමුදාවට (පාබල, නාවික ගුවන් හමුදාවලට) රජයේ දෙපාර්තමේන්තුවලට සපයනවා. මෙය දිගුකාලීන වැඩපිළිවෙළක් නිසා. පසුගිය විදුලි කප්පාදුව සිදුවූ කාලේ අපිට නම් අලෙවියේ එතරම් වෙනසක් දැනුණෙ නැහැ. මීට පෙර යුද්ධෙ තිබුණු කාලෙ නම් ඒ ආයතනවලට විශාල වශයෙන් විදුලි උත්පාදක යන්ත්‍ර හා විදුලි පංකා අලෙවි වුණා.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්