මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ජනපතිගේ ජය සක්සුදක් සේ ස්ථිරයි-ජ්‍යොතිෂවේදියෝ

ජනපතිගේ ජය සක්සුදක් සේ ස්ථිරයි-ජ්‍යොතිෂවේදියෝ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැනට ගත කරන ගුරු මහා දශාවේ බුධ අතුරු දශාව එම බුධ ග්‍රහයා එතුමාගේ යෝග කාරක ග්‍රහයා වීමත් එතුමාගේ දශාධිපති ගුරු ග්‍රහයා දිග්බලව හා දෝෂ භංග යෝග සහිතව උපතින් ලග්නයේ තැන්පත්ව සිටීමත් ගුරු මහා දිශාදිපති සහ බුධ අන්තර් දශාධිපති හා බුධ අන්තර් දශාධිපති චන්ද්‍රාදි යෝගයේ පිහිටා ඇති නිසාත් කේන්ද්‍රයේ ඇති නීච භංග රාජ යෝගත් සලකා බැලීමේදී එතුමාගේ ජයග්‍රහණය සක්සුදක් සේ පැහැදිලි බව අලව්වේ ජ්‍යෙතිෂ අ. ලි. ද. තිස්ස මහතා කියයි.

ඡන්දය පැවැත්වෙන දිනයේ උදය කාලයේ එතුමාගේ පක්ෂියා රජ අවස්ථාවේ ගත කිරීමත් එදින යෙදී ඇති නැකත එතුමාගේ උපන් නැකතට පර මෛත්‍රී නැකත වීමත් එම නැකත සකල කුසල බලය මතුකර දෙන ඉතා විශිෂ්ට වැදගත් නැකතක් වීමත්ය.

එමෙන්ම එතුමාගේ අත්ලේ පිහිටා ඇති ජීවන රේඛාව ත්‍රිශූල, ත්‍රිකෝණ කොඩි සංඛ ආදි සලකුණු අනුව බලන කල මෙවර ජනාධිපතිවරණයේදී පමණක් නොව තවත් වරක් එතුමාට ජනාධිපති ලෙස පත්වීමේ බලය ඇත.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන ජනවාරි 8 වැනිදා උදාවන ලග්නය මකරය. බුද ග්‍රහයාට අයත් අස්ලිස නැකත එදින පස්වරු 4.32 දක්වා පවතී. ඡන්දය ගණන් කරන අවස්ථාවේ කේතු ග්‍රහයාට අයත් මා නැකත පවතී. කේතු පොළොව පාලනය කරන අතර බෙදුම්වාදයට ඉඩ නොදෙන බව ජනපතිවරණය ගැන අනාවැකියක් පළ කරන විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පන්නල ජ්‍යොතිෂවේදී ටී. එච්. එස්. තෙන්නකෝන් මහතා කියයි.

ඡන්දය පැවැත්වෙන බ්‍රහස්පතින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ අස්විද නැකත පරම මෛත්‍රී නැකතට වැටෙන අතර එය සැබැවින්ම එතුමාට ජයග්‍රාහී දිනයෙකි. එතුමාගේ කේන්ද්‍රයේ කන්‍යා රාශියේ ශනි සිටීම කීර්ති ප්‍රශංසාව ලැබීමට හේතුවකි. ශුභ ග්‍රහයන් තිදෙනකු එකම රාශියක ස්ථානගත වීම පරිවර්තන යෝගයකි. සෙනසුරුට ඉතා හොඳ තුන්වැන්න ගුරු 11 වැන්නේ සිටීම හා බුදට අයත් අස්ලිස නැකත යෙදීම යුද්ධයකදී වුව ජයග්‍රහණය අත්කැර ගැනීමට හේතුවකි.

රවිගේ ආලෝකය ජයග්‍රහණයට වඩාත්ම බලපායි. උත්තර නාලා මෘත හා නාරද සංහිතාව ග්‍රන්ථවල දැක්වෙන කරුණු සසඳා බලන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්වැනි වරටත් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්