මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ජනපතිට අතිවිශිෂ්ට ජයක් ලැබීම මගේ අවංක ප්‍රාර්ථනයයි...

ජනපතිට අතිවිශිෂ්ට ජයක් ලැබීම මගේ අවංක ප්‍රාර්ථනයයි...

හිටපු ඇමැති හා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති බසීර් සේගුදාවුඩ්

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒකාන්තයෙන්ම අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්වේවායි යන්න තමාගේ අවංක ප්‍රාර්ථනය හා අපේක්ෂාව බව ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ධුරයෙන් ඉවත්ව යන මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී බසීර් සේගුදාවුඩ් මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය රජයෙන් ඉවත්ව යාමට ගත් තීරණයට අනුව තමන් දැරූ ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් මේ බව දන්වා සිටින සේගුදාවුඩ් මහතා සිය ඉල්ලා අස්වීමට හේතුවූ කරුණු 4 ක් ගෙනහැර පා තිබේ.

තීරණාත්මක ජනාධිපතිවරණයක් ඉදිරියේ තිබියදී බොහෝම සංවේදීව සිය අල්ලා අස්වීම ඉදිරිපත් කරන බව පවසන දාවුඩ් මහතා මෙම ඉල්ලා අස්වීම මඟින් තමන් කිසිදු අයුරකින් ජනාධිපතිතුමාගේ නායකත්වය කෙරෙහි කලකිරීමක් හෝ අවිශ්වාසයක් කිසිසේත් නොමැති බවත් තමාගේ දැක්මට අනුව පසුගිය වසර 9 තුළ ශ්‍රී ලංකා මාතාවට අති විශිෂ්ට සේවාවක් විධායක ජනාධිපතිවරයකු ලෙස ඉටු කර ඇති බවට මහින්ද රාජපක්ෂ මහතාගේ සේවය අගය කර තිබේ.

අන් කිසිදු විධායක ජනාධිපතිවරයකුට කළ නොහැකි වූ අති විශිෂ්ට සේවයක් කර ඇති බවත් වසර 30 ක් පැවැති කුරිරු යුද්ධය නිම කිරීම හා දේශප්‍රේමි පුරවැසියකු ලෙස රටේ සියලු පුරවැසියන් අතර සාමය ඇති කිරීමෙහිලා ඉටු කර ඇති විශිෂ්ට සේවාව දිවි ඇති තුරාවට තමන්ට අමතක නොවන බව ද සේගුදාවුඩ් මහතා සඳහන් කර තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්