මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ජනපති කතරගම පින්කම් රැසක

ජනපති කතරගම පින්කම් රැසක

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙසැම්බර් මස 31 දින රාත්‍රී කතරගම පුදබිමෙ පින්කම් රැසකට සහභාගි වූහ.

පළමුව කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ කිරිවෙහෙර චෛත්‍යයට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව ආගමික කටයුතු පැවැත්වීම කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදු කරන ලදි.

කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර පිරිත් පැන් දී පිරිත්නූල් බැඳ ජනාධිපතිතුමාට ආශිර්වාද කරන ලදී.

කිරිවෙහෙර චෛත්‍ය මළුවේ මහසෙන් දේව මන්දිරයේ විශේෂ දේව පූජාවක් ද පවත්වන ලදි.

අනතුරුව දිවංගත අග්‍රාමාත්‍යවරුන් වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් වෙනුවෙන් කතරගම මහාදේවාලය සමීපයේ විශේෂ පිරිත් මංඩපයේ පවත්වනු ලැබූ වාර්ෂික සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට සහභාගි වූහ.

එම පින්කම් කටයුතු වලින් පසුව අෂ්ඨඵල බෝධින් වහන්සේ අබියස විශේෂ බෝධි පූජාවකට සහභාගි වී 2015 නව වසර වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ විශේෂ දේව පූජාවකට ද ජනාධිපතිතුමා සහභාගි වූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්