මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට වාර්තාගත ආදායමක්

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට වාර්තාගත ආදායමක්

වසර 43 ක සංස්ථා ඉතිහාසය තුළ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පසුගිය දෙසැම්බර් මාසය තුළ ලක්ෂ 6770 ක වාර්තාගත විකුණුම් ආදායමක් සනිටුහන් කිරීමට සමත් වූ බව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමා පවසයි. තව ද මෙය සියයට තුන්සියයක මාසික විකුණුම් වර්ධකයක් බවත් පසුගිය කාලසීමාව තුළ සංස්ථාව මාසිකව ලක්ෂ 250 ක් අතර ඉලක්කයක් සපුරමින් සිටි අතර සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව මත පළමු වරට මෙවැනි වාර්තාගත ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව ද සභාපතිවරයා මෙහිදී පැවැසීය.

සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නව වසරේ වැඩ ආරම්භ කරමින් පැවැත්වූ උත්සව අවස්ථාවට සම්බන්ධ වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පවසා සිටියේ 2014 වසරේ අවසානය වන විට ලක්ෂ 31,000 ක වාර්තාගත ආදායමක් ලබා ඇති බවයි. ඒ අනුව මසකට වැඩිම අලෙවි ඉලක්කයක් හා ලාභයක් සපුරා ගැනීමට ඉදිකිරීම් හා ගෘහ උපකරණ අංශය, තොරතුරු තාක්ෂණ ආශ්‍රිත උපකරණ අංශය, විදුලි හා විද්‍යුත් උපාංග අංශය, කාර්යාලයීය ලිපිද්‍රව්‍ය අංශය ඇතුළු රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සියලුම අංශවල අලෙවිය පසුගිය කාලසීමාව තුළ වේගයෙන් වර්ධනය වී ඇති බවයි.රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමඟින් සම්බන්ධ වන ගැනුම්කරුවන් වෙත විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා සැපයීම මෙන්ම අවශ්‍ය කරන සියලුම පහසුකම් සපුරමින් සේවය සලසන බව ද සභාපතිවරයා පැවැසීය. විශේෂයෙන්ම කොළඹ නවම් මාවත, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, යාපනය, මාතර ඇතුළු සියලුම අලෙවි ප්‍රදර්ශනාගාරවල මෙන්ම ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ දැඩි කැපවීම නිසා ඉතා කෙටි කාලයක් තුළ මෙම අලෙවි ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වූ බව ද සභාපතිවරයා පැවැසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්