මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස දුෂ්කර පාසලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කොට ඇත. මේ සඳහා තෝරාගෙන ඇත්තේ වැලිඔය පිහිටි සම්පත් නුවර ජාතික පාසලයි. මේ පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙ‍ෙර්. වසර තුනක කාලයක් සඳහා විශේෂයෙන් 9, 10 සහ 11 වසර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා අවශ්‍ය අතිරේක ගුරුවරුන්, උපකරණ සහ අනෙකුත් පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික කාර්ය භාරයයි.

මේ සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් වෛද්‍ය ආටිගල භාරයෙන් දැරෙන අතර වැඩ කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 45 කි. දැනටමත් මෙම පාසලට ජලය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් නිම කර ඇති අතර විද්‍යාගාර උපකරණ, කෘෂි විද්‍යා උපකරණ, ගෘහ විද්‍යා උපකරණ සහ පොත්පත් රාශියක් පසුගිය දෙසැම්බර් මාසයේ දී ලබා දීමට පියවර ගැණිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා මහවැලි සංවර්ධන මණ්ඩලයේ වැලිඔය කාර්යාලයේත් 62 සේනා මූලස්ථානයේ හමුදා අයවළුන‍්ගේ සහයෝගය හිමි වේ.

අවශ්‍යතාව අනුව අතිරේක පන්ති පැවැත්වීම සඳහා අවශ්‍ය විද්‍යා, ගණිත සහ ඉංග්‍රීසි ගුරුවරුන් මෙන්ම, මූලික අදියරේ දී අවශ්‍ය අනිකුත් පහසුකම් ද සැපයීමට ව්‍යාපෘතිය කටයුතු කරනු ඇත. 2015 ජනවාරි මාසයේ නිල වශයෙන් මෙහි කටයුතු ආරම්භ කෙරෙන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිතුමාත්, ලේකම්තුමා ඇතුළු විධායක සභිකයින් සහභාගිවීමට නියමිතව ඇත.මෙය කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ආකාරයේ පළමු ව්‍යාපෘතිය වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්