කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»

දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක්

දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක්

මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟම බදුල්ල මහනුවර, නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ගණනාවක නායයෑමේ ලක්ෂණ මතුවී ඇති බවත් ඒ ස්ථාන පිළිබඳව අදාළ පළාත් හා ප්‍රාදේශීය බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශ ප්‍රධානී ආර්.එම්.එස්.‍ බණ්ඩාර මහතා පවසයි.

යම් ස්ථානයක් නාය යෑමට තුඩුදෙන ස්ථානයක් බවට පර්යේෂණ මගින් අනාවරණය වූ විට එය පිළිබඳව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට අදාළ වතු අධිකාරින්ට දන්වන බවත් ඒ අනුව කොස්ලන්දේ නායයෑම සිදුවූ ස්ථානයෙන් ඒ ජනතාව ඉවත් කරන ලෙසට 2005 හා 2011 වසරවලදී ලිඛිතව දන්වා ඇති බවත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර බණ්ඩාරවෙල ලියන්ගහවෙල ප්‍රදේශයේ නිවාස 15 ක් පමණ නාය යෑමේ දැඩි අවධානමක පවතින බවත් ඇල්ල ප්‍රදේශයේ ස්ථාන කීපයක් දැඩි අවධානමක පවතින බවත් බණ්ඩාර මහතා පවසයි. ඒ ස්ථානවලින් ජනතාව ඉවත් කරන බවත් ඔහු කීය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට හැකියාව ඇත්තේ නායයෑම් සිදුවීමට ඉඩ ඇති ස්ථානය පෙන්වා දීමට පමණි. නමුත් ඉන් ජනතාව ඉවත්කිරීමේ හෝ ඔවුන්ට ඉඩම් ලබාදීමේ බලය ඔවුන්ට නැති බවත් ඒ අනුව ඉහත බලතල එම අමාත්‍යාංශයට හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදිය යුතු බවත් මේ පිළිබඳව පර්යේෂණ කරන විශ්වවිද්‍යාවල විද්වතුහු පෙන්ව‍ා දෙති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්