කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

මේ 1948 න් පසු වැඩිම සහන ලැබු අයවැයයි

මේ 1948 න් පසු වැඩිම සහන ලැබු අයවැයයි

නිදහස් ලංකාවේ සංවර්ධනය වේගවත් කරමින් වැඩිම සහන සැලසු අයවැය ලෙස මේ අයවැය දැකිය හැකි බව සමාජයේ සියලු තරාතිරම්වල ජනයාගේ ඒකමතික අදහස වී ඇත. කිරි දරුවාගේ සිට විශ්‍රාමිකයා දක්වා බාල තරුණ මහලු සියලු ජන කොටස්වලට මේ අයවැයෙන් අවධානය යොමුකර ඇති බව ද ඔවුහු කියා සිටිති.

හැම ජනකොටසකගේ ම අපේක්ෂාවන් ඉටුවෙලා

මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ එහි ආරම්භ උපකුලපති සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය

“මම පළමුවෙන් ම දකිනවා මේ අයවැය රට ගොඩනඟන ආර්ථික සැලැස්මේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් ලෙසට. මේ සන්ධිස්ථානයේ වැදගත්කම මතු වන්නේ වසර දහයක් තිස්සේ මේ රජය යටතේ ගනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිය රටේ බහුතර ජනතාවට ම බෙදී යාමේ විශිෂ්ට අවස්ථාවක් විදිහට.”

“ඒ වගේ ම මේ අයවැය ගැන සඳහන් කරනවා නම් අපේ ආර්ථික වර්ධනය ඇන්ජිමක් ලෙස සැලකුවොත් රජය මේ අවස්ථාවේ කර තිබෙන්නේ වැඩි බලයක් හා ධාරිතාවක් ඇතිව ඇන්ජිමක් සකස් කර එයට ඉන්ධන, ලිහිසි තෙල් සපයා මේ එන්ජිම දුවන වාහනයේ රියදුරු නියමුවා වශයෙන් නව ප්‍රවේශයක් ආර්ථිකයට ලබාදීමයි.”

“ජනාධිපතිතුමාගේ නියාමන හැකියාවන් එතුමාගෙන් පැහැදිලිව දකින්නට පුළුවන්. එමනිසා මේ එන්ජිම සහිත නව වාහනය පදවන්නා ලෙස ජනාධිපතිතුමා අපේ රටේ මහජනතාව සමඟ ඉදිරියට ගමන් කිරීමට පියවර ගෙන තිබෙනවා.”

“පසුගිය අවුරුදු 10 ඇතුළත ගිය ගමනේ මුලින් 3 - 4 සහ ඉන්පසුව 7 - 8 ආදිය වශයෙනුත් දැන් ඊටත් වැඩි වේග මට්ටමින් ආර්ථික ගමන යන්නට මග සකස් වී තිබීමත් අයවැයෙන් පැහැදිලි වෙනවා.”

මෙදා අය වැයෙන් මහජනතාවට ලබා දෙන වාසි ගැන අපි සිතා බලමු. සාමාන්‍යයෙන් අය වැයක් එනවිට මහජනතාවගේ අපේක්ෂාව වන්නේ තමන්ට යමක් ලැබේවි යන අපේක්ෂාවයි. ඒ අපේක්ෂාව සෑම ජනකොටසකට ම මේ අය වැයෙන් ලැබී තිබෙනවා. මෙයින් අත්හැරී ගිය කිසිම ජන කොටසක් නැහැ. හැම කොටසකට වාසි සැලසී තිබෙනවා.”

“ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සකස් වුණු දිවි නැඟුම කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තම ආදායම් ගොඩනගන්නට විශාල අත්වැලක් ලබා දී තිබෙනවා. එසේම රජයේ වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ටත් ප්‍රතිලාභ රාශියක් ලබාදී තිබෙනවා.”

“රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබන අයත් අමතක නොකර ඔවුන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබාදී තිබීමත් ආර්ථිකයට උරදෙන සියයට 40 - 45 අතර පමණ පිරිසක් වන වගාකරුවන්ටත් මේ අයවැයෙන් සහන රාශියක් ලබාදී තිබීමත් වැදගත් වෙනවා. ඒ වගේ ම මහජනතාවටත් මෙයින් ලැබී තිබෙන වාසි අපමණයි.

“වෘත්තීය අධ්‍යාපනය ලබන හා නිපුණතා ඇති ක්ෂේත්‍රවල හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල වෘත්තිකයන් බිහි කරන අංශවලට අයවැයෙන් පහසුකම් ලබාදීමත් විශේෂත්වයක්.”


මේ අයවැය යහපත් ආර්ථිකයේ කැඩපතක්

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති

මෙවර අයවැයෙන් දීල තියන සහන ඉතිහාසගත වෙනවා. මොකද මෙච්චර සහන දුන්න අයවැයක් කවදාවත් ඉදිරිපත් වෙලා නැහැ. මෙවර අයවැය ලේඛනය රටේ සියලු අංශ හා රටේ සංවර්ධනය පිළිබඳවත් ප්‍රධාන වශයෙන්ම කරුණු කල්පනා කරලා සහ සියලුම ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳව ද හොදින් කරුණු විවරණ කර බලා සැම දෙනාටම සෙතක් සැලසෙන යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

තිස් අවුරුදු යුද්ධයක් තිබුණත් ජනාධිපතිතුමා 2005 වසරේ සිටම රටේ ආර්ථික හා සංවර්ධන කටයුතුවල නැංවීමට ගත් ක්‍රියාමාර්ග නිසා යුද්ධය ජය ගැනීමෙන් පසු 2009 සිට 2014 දක්වා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හොඳින් කරගෙන ගිය නිසාත් අපි මේ වන විට මැදි ආදායම් ලබන රටක් බවට පත්වී තිබෙනවා. 2010 සිට 2014 දක්වා කාලය තුළ සියයට හතක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමත් වැදගත්. මෙය අපි රටක් විදියට ලබපු ඉහළම වර්ධනයක්.

මේ ආර්ථික වර්ධනය රටේ දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථිකය හොඳින් කළමනාකරණය කිරීම නිසා සිදු වූවක්. මේ නිසාම 2015 රටේ සියලුම ජන කොටස් සහ රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍ර ආවරණය වන අන්දමට පහසුකම් සලසා තිබෙනවා.

වර්ධනය කර ගනිමින් පවතින ආර්ථික ප්‍රතිපත්තියක් තුළ පිහිටා රටේ සෑම කොටසකටම සෑම පුද්ගලයකුටම බලපාන ආකාරයට හොඳ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නට ජනාධිපතිතුමාට මේ අයවැය තුළින් හැකි වී තිබීම රටම ලැබු ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.


2% කින් අර්ථසාධකය ඉහළ නැංවීම සේවකයින් ලැබු ලොකු ජයග්‍රහණයක්

හේරත් යාපා

කම්කරු කොමසාරිස් ජනරාල්

මේ අයවැයෙන් හැම අංශයකටම දිරි දීමක් කරනවා වගේම රටේ සංවර්ධනය වේගවත් කරනවා. අර්ථසාධක අරමුදලට ස්වාමියා විසින් කරනු ලබන දායකත්වය සියයට 14 දක්වා සියයට 2 කින් වැඩි කිරීම නිසා සේවකයන්ගේ සමස්ත ඉතිරිය සියයට 22 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මඟින් යෝජනා කර තිබීම රජයට අනුබද්ධ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා පෞද්ගලික අංශයට අයත් සේවකයන්ට සෙතක් සැලසී තිබෙනවා.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම දිවියට විශ්‍රාම වැටුප මඟින් පිහිටක් ලබා දෙනවා වගේ රජයේ නොවන සේවකයන් 65 ලක්ෂයකට පමණ පිරිසකට සියයට 14 දක්වා සියයට 2 කින් අර්ථසාධකය වැඩි කිරීම නිසා ඔවුන් විශ්‍රාම ලැබීමෙන් පසු ලබන මුදල වැඩිවීමෙන් ඔවුන්ට ලොකු ශක්තියක් ජීවත්වීමට ලබා දී තිබෙනවා.

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශයට අර්ථසාධකයේ ඉතිරිය සියයට 22 දක්වා වැඩි කිරීමට ජනාධිපතිතුමා සිය අයවැය කතාවෙන් යෝජනා කිරීම රජයේ නොවන සේවකයන්ට සලසා දුන් වැඩි ප්‍රතිලාභයක් බව පෙන්වා දෙන්නට ඕනෙ.

එදිනෙදා සුළු සුළු රැකියාවල නිරත වෙමින් ජීවනෝපාය සලසා ගන්නා සේවක පිරිස සමඟ ගණන් ගතහොත් වැඩ කරන ජනතාව ලක්ෂ 80 - 85 ක් පමණ ලෙසයි ගණන් ගන්නේ.

යම්කිසි මට්ටමකින් හෝ වැටුප් ලබමින් සේවය කරන පඩි පාලක යටතට ගැනෙන සේවකයන් ලක්ෂ 65 ක් පමණ පිරිසක් වෙනවා. පෞද්ගලික අංශයේ මේ සේවක පිරිස අතරින් රුපියල් 10,000 අඩුවෙන් වැටුප් ලබමින් සිටි පිරිසක් සිටියේ නම් ඔවුන්ගේ වැටුප් රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත් රුපියල් 10,000 වැඩි ප්‍රමාණයෙන් වැටුප් ලබන අයට අවම වශයෙන් මසකට රුපියල් 500 කින් වැටුප් වැඩි කිරීමටත් යෝජනා කර තිබීමත් වැඩ කරන ජනතාව මෙවර අයවැයෙන් ලබා දුන් සහනයන් ලෙස සලකන්න පුළුවන්.

පසුගිය කාලයේ අයවැය සකස් කිරීමේදී සාකච්ඡාවලදී ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළා. වැටුප් පාලක සභා මඟින් මෙහෙයවන පෞද්ගලික අංශයේ අවම වැටුප් පිළිබඳව පත්කරන ලද වැටුප් කොමිසමේ යෝජනා හා අදහස් ගැන ද එතුමා කරුණු සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම්වලට මෙවර අයවැයෙන් මේ පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම මේ සේවකයන්ට ජනාධිපතිතුමා ලබා දුන් සහනයක්.


මේ වැටුප් දීමනා දෙන්නම් කාසි නොවෙයි

ඩබ්ලිව්. එච්. පියදාස

රාජ්‍ය සේවා වෘත්තීය සමිති

සම්මේලනයේ සභාපති

මේක ඉතිහාසයේ වැඩිම සහන දුන් අයවැය ලෙසයි මා දකින්නේ. මේ අයවැය ලේඛනය මම දකින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2006 දී මහින්ද චින්තන දැක්ම යටතේ ඉදිරිපත් කළ හා ඉන් පසුව මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ සම්පාදනය කළ ඒ අයවැය ලේඛනවල දහවැනි සන්ධිස්ථානය ලෙසයි.

ජනාධිපතිතුමා මුදල් ඇමැතිවරයා ලෙස අයවැය ලේඛන නවයක් ඉදිරිපත් කරමින් මීට පෙර ගත්තා වූ ක්‍රියාමාර්ග තුළ මේ රටේ රජයේ සේවකයන්ටත් ඒ වගේම විශ්‍රාමිකයන්ටත් පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබා දී තිබෙන අයිතිවාසිකම් හුඟාක් තිබෙනවා. ඒවා ඉතා වැදගත්.

එතුමා බලයට පත් වන විට රු. 7900 ක්ව පැවතුණ රජයේ සේවකයන්ගේ නුපුහුණු කම්කරුවකුගේ ආරම්භක හා මූලික වැටුප 2006 ප්‍රථම අයවැයෙන් රු. 11730 දක්වා වැඩි කළා. එදා ඉඳලා සෑම අයවැය ලේඛනයකින්ම එතුමා රජයේ සේවකයන්ට කිසියම් හෝ දීමනාවක් වැඩි කරන්නටත් පියවර ගත් බව අප අමතක නොකළ යුතුයි.

යුද්ධ ජයග්‍රහණය නිසා අතිවිශාල මුදලක් වැය කරන්නට සිදුවූ නිසා 2009 වර්ෂයේදී පමණයි රජයේ සේවකයන්ට කිසියම් දීමනාවක් වැඩි කරන්නට බැරිවුණේ. ඒ හැම සෑම අවුරුද්දකම වැටුප් වැඩිකර ඒ වැටුප් රු. 21172 දක්වා උපරීමයකට ගෙන ආවා.

මෙවර අයවැය ලේඛනයෙන් එතුමා යෝජනා කර තිබෙනවා රු. 11730 ක් වුණ මූලික වැටුප රු. 15000 දක්වා වැඩි කිරීමට මේ හැර ජීවන අංක දීමනාව රු. 10,000 ත් ලබා දෙනවා. රාජ්‍ය සේවකයකුට අද ලැබෙන රු. 21172 වැටුප රු. 25000 දක්වා වැඩිවීමක් වෙනවා. මෙතැනදී එකතු වන වැඩිපුර මුදල රු. 3828 ක් වෙනවා. රු. 15000 දක්වා වැටුප් වැඩිවීම තුළින් තවත් වාසියක් රජයේ සේවකයන්ට මෙතැනදී සිදු වෙනවා. එනම් ඔවුන්ගේ අතිකාල දීමනාව, ගමන් බිමන් දීමනා සහ යැපීම් දීමනාව වගේම ණයක් ගන්නවා නම් ඒ ණයටත් මේ වැඩිවීම් ගණනය වෙනවා.

දැන් වැඩි කරන ලද මේ වැටුප් හා දීමනා දෙන්නම් කාසි නොවෙයි කියන එකත් සඳහන් කරන්න ඕනෙ.

මේවා ජනවාරි මාසයේ සිට නොව නොවැම්බර් මාසයේ සිටම ඒ වැඩිවන මුදල රු. 3000 ක් ලෙසින් ගෙවන්නත් ජනාධිපතිතුමා නියම කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම විශාල පිම්මක්. මොකද වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් අපිත් පාරට බැහැලා කතා කරපු ප්‍රශ්නයක් මේක. සමහරු රු. 10000 ක් ඉල්ලුවා. රු. 5000 ක් ඉල්ලුවා. එක එක ඉල්ලීම් ඉදිරිපත් කළා. රටේ තියෙන ආර්ථික ශක්තිය බලලයි ජනාධිපතිතුමා මේ සේරම අයගේ ඉල්ලීම් අනුව වැටුප් වැඩි කිරීම් සිදුකර තිබෙන්නේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්