කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

ජනතාවගේ ජයග්‍රහණයක් සංවර්ධනය පෙරටු කරගත් අයවැයක්

ජනතාවගේ ජයග්‍රහණයක් සංවර්ධනය පෙරටු කරගත් අයවැයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ

ආචාර්ය මාලක රණතිලක

2020 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ළඟාවිය යුතු ආර්ථික ඉලක්කය වන දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 185 ක් බවට පත් කිරීම, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් 8500 ක් බවට පත් කිරීම, දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය සියයට 8 කට වඩා ඉහළින් තබා ගැනීම සහ දේශීය ආයෝජන සියයට 40 දක්වා ඉහළ නංවාගෙන ශ්‍රී ලංකාව ලෝකයේ මධ්‍ය ආදායම් ඉහළ කාණ්ඩයේ රටක් බවට පත් කිරීමේ මහා ආර්ථික ගමන සඳහා අවශ්‍ය පදනම තව දුරටත් ශක්තිමත් කළ සංවර්ධනාභිමුඛ අයවැයක් ලෙස 2015 අයවැය හඳුනාගත හැකිය.

ඒ අනුව 2015 අයවැය මඟින් රටේ වැඩ කරන ජනතාවට සහ සුළු, මධ්‍යම සහ මහා පරිමාණ ආයෝජකයන්ට මෙන්ම ගොවි ජනතාවට රටේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වී එය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පරිසරයත්, රටේ සියලුම ජනතාව සඳහා ප්‍රතිලාභත් යන අංග දෙකම එක විට සාක්ෂාත් කරගෙන ඇත.

මහින්ද චින්තනය

රටේ ප්‍රධාන ආර්ථික අංශ වන කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනම එක විට ආර්ථිකය තුළ සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සහ දිරි දීම මෙම අයවැය මඟින් ඉතා මැනැවින් සකස් කර ඇත.

2005 දී ආරම්භ කරන ලද මහින්ද චින්තන වැඩපිළිවෙළත් එහි දිගුව වන 2010 දී අරඹන ලද මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළත් තුළින් ගොඩනංවන ලද ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ තීරණාත්මක සාධකය ලෙස ආර්ථික න්‍යායාචාර්යවරුන් දක්වන යටිතල පහසුකම් මත රාජ්‍ය, පෞද්ගලික සහ විදේශීය ආයෝජන දිරි ගැන්වීම සහ ඒ තුළින් අතිමහත් නිෂ්පාදන පිබිදීමක් නිර්මාණය කිරීම මෙම අයවැයේ කේන්ද්‍රීය අරමුණ බවට පත් ව ඇත.

ආයෝජකයින් සඳහා අභිප්‍රේරණයක් ඇති කරවනසුලු බැංකු පොලී අනුපාතයක් පසුගිය කාලය තුළ පවත්වා ගැනීම කාර්යක්ෂම යටිතල පහසුකම් ව්‍යුහයක් ගොඩනැංවීම සහ 2015 අයවැය මඟින් පාරිභෝගික ආදායම ඉහළ නැංවීම තුළින් වෙළෙඳපළ මුදල් සංසරණය වේගවත් වී ඇති විශාල විවිධාකාර වූ භාණ්ඩ සඳහා ඉල්ලුමක් නිර්මාණය වීම සහ එම ඉල්ලුම සංතෘප්ත කිරීම සඳහා විවිධාකාර වූ සැපයුම් ප්‍රවාහයක් නිර්මාණය වනු ඇත.

විශේෂයෙන් ආයෝජන පිරිවැය පහළ යනු ලබන විදුලිබල මිල අඩු කිරීම සහ විවිධ බදු සහන මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර කරනු ඇතැයි ධනාත්මක අපේක්ෂාවන් ගොඩනංවා ගත හැකිය. නැගී එන කුඩා කර්මාන්ත කරුවන්ට මෙම තත්ත්වය අති විශාල ජවයක් සපයනු ඇත.

වත්කම්

රටේ වැඩ කරන ජනතාවගේ වැටුප් සෑම ආකාරයකින්ම ඉහළ නංවා ඇත. ශ්‍රේණියෙන් පහළම රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රු. 25000 කට වඩා වැඩි වනු ඇති බව මෙම අයවැය මඟින් ඉදිරිපත් කර ඇත. 2005 සිට 2014 දක්වා ගොඩ නංවන ලද ජාතියේ වත්කම්වල (2005 දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 22,2013 ඇ. ඩො. බි. 67.2) ප්‍රතිලාභ සමස්ත ජනතාවට බෙදී යාම 2015 අයවැයෙන් ආරම්භ කර ඇත.

මෙම ප්‍රතිලාභ ලබන රටේ ජනතාවගේ පරිභෝජන මට්ටම් පමණක් නොව ඉතිරි කිරීම්, ආයෝජන, සෞඛ්‍යය, අධ්‍යාපන සහ සාමාජයීය යන ක්ෂේත්‍රයන් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව තව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මේ අයවැයෙන් කෘෂිකාර්මික අංශයේ සියලුම ජනතාවට බීජ, පොහොර, ජලය, සහතික කළ මිල (වී සඳහා රු. 40 සහ කිරි ලීටර් 1 ක් සඳහා රුපියල් 60 ක්) සහ වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීම සිදුකර ඇත. රටෙහි ආහාර සුරක්ෂිත බව, ආහාරවලින් ස්වයංපෝෂිත වීම, රටේ සමස්ත ශ්‍රම බළකායෙන් සියයට 29 ක්වූ පිරිසක් කෘෂිකර්මය තම ජීවන වෘත්තිය කරගෙන සිටින බවත් මෙම ආණ්ඩුව හොඳින් අවබෝධ කරගෙන සිටින බවත් මෙම සාධක මඟින් පිළිබිඹු කරයි.

එපමණක් නොව රට ආහාරවලින් ස්වයංපෝෂිත නොවීම නැ එන කර්මාන්ත සඳහා අති විශාල බාධාවක් ලෙස නැගී එන බව 2008 - 2009 ලෝක ආහාර අර්බුදයෙන් නිසි පාඩම් උගෙන ඇත. එසේම වසර 30 ක් පමණ වූ අපේ රටේ සෞභාග්‍ය සහ සමෘද්ධිය විනාශ කළ කුරිරු යුද්ධය ජය ගැනීමෙන් පසුව වේගයෙන් දියුණු වන ශ්‍රී ලංකාවට වශීකෘත වූ සංචාරකයන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය ද නාවික හා ගුවන් කේන්ද්‍රයන් මඟින් නිර්මාණය වන ආහාර ඉල්ලුම ද නිපදවීම දේශීය කෘෂිකර්මාන්තයෙහි අනාගත කාර්ය භාරය වේ.

දිවි නැඟුම අමාත්‍යාංශය හරහා ගොවි ජනතාව කාර්යක්ෂම හා ශක්තිමත් කිරීම සඳහා 2015 අයවැය මඟින් ගෙන ඇති ඉහත පියවරයන් රටෙහි සමස්ත ජනතාවගේම පැසසුමට ලක්විය යුතුය. 2015 අයවැයෙහි මානුෂික මුහුණුවර නම් මේ රටෙහි වැඩකළ ජනතාවට සිදුකර ඇති ගෞරවය සහ ප්‍රණාමයයි.

විශ්‍රාමික ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා සියයට 12 ක ඉතුරුම් පොලියක් ලබාදීම, ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 2000 ක දීමනාවක් ලබා දීම, ජූලි වැඩ වර්ජකයින් සඳහා සහන ලබාදීම මඟින් මෙපමණ කලක් රට වෙනුවෙන් තම කය සහ මනස වෙහෙසවා සමෘද්ධිමත් අනාගතයක් අපේක්ෂා කළ සුවහසක් ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමකි. රට වෙනුවෙන් සේවය කළ මේ ජනතාව තම ජීවිතයේ සැඳෑ කාලය වඩාත් සතුටින් හා සැනසීමෙන් තැබීමට 2015 අයවැයෙන් ගත් තීරණය පැසසුම් කටයුතුය.

අධ්‍යාපනය

මෙයට අමතරව අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සඳහා අතිවිශාල ආයෝජනයක් මෙම අයවැය මගින් සිදුකර ඇත. පශ්චාත් උපාධි ආයතන සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන (පේරාදෙණිය, මොරටුව, කොළඹ සහ කැලණිය ආදි විශ්ව විද්‍යාලවල) සිසුන් 25000 ක් සඳහා නේවාසිකාගාර පහසුකම් වැඩි දියුණු කිරීම, සිසුන්ගේ මහපොළ රුපියල් 4000 දක්වා ඉහළ නැංවීම, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සහ පර්යේෂකයන්ගේ දීමනා ඉහළ නැංවීම, නැගී එන ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය සඳහා මානව ප්‍රාග්ධනය ගොඩනැංවීම සහ භාවිත කිරීම මෙම අයවැය මඟින් අපේක්ෂා කරනු ලබන බව අපගේ හැඟීමයි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම මත ගොඩ නැංවෙන ගුවන්, නාවික, වාණිජ, බලශක්ති, සංචාරක, වෛද්‍ය යන කේන්ද්‍රස්ථානයන් දැනුමේ කේන්ද්‍රස්ථානය මත ගොඩනැංවීමට උත්සාහ කිරීම සහ අවධානය යොමු කිරීම රටෙහි අනාගතය පිළිබඳව වඩාත් ධනාත්මක දැක්මක් බව සනාථ වේ.

අනාගතය

මේනයින් බලන කල මෙය මේ රටේ වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණයකි. අපේක්ෂා ඉටු වීමකි. රටෙහි අනාගතය දීප්තිමත් සහ යහපත් එකක් වන බව දක්වන මඟ සලකුණකි. ගොවීන්ට පොහොර, බීජ, ජලය සහ සහතික මිල ලැබී ඇත.

වැඩ කරන ජනතාවට ඉහළ වැටුප් ලැබී ඇත. කර්මාන්තකරුවන්ට ආයෝජන සඳහා පරිසරය, දිරිගැන්වීම් සහ සහන ලැබී ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය සඳහා නව යටිතල පහසුකම් සහ නව තාක්ෂණය ලැබී ඇත. අපේ රටේ ජනතාව නිදහස ලැබූ දා සිට තමන්ටත්, තම දරුවන්ටත්, රටටත් අපේක්ෂා කරනු ලැබූවේ සමෘද්ධිමත්, යහපත්, සාමකාමී සහ ගෞරවාන්විත ජීවිතයක් සහ අනාගතයකි. එම අපේක්ෂාවෙන් ඔවුන් අතිමහත් කැපවීම් සිදුකරන ලදී.

2005 වසර වන තෙක් ඔවුනට ඒ සඳහා හිමි වූයේ මනෝමය සෞභාග්‍යයක් හා සමෘද්ධියක් පමණි. ඔවුන් එතෙක් කල් ජපානයේ යොෂිදා, කොරියාවේ ෆාක්, සිංගප්පූරුවේ ලී ක්වාන් වැනි නායකයන් අපේක්ෂා කළහ. වර්තමානය වන විට අප රටට ඔවුන් අපේක්ෂා කළ එම ප්‍රබල නායකයා බිහි වී ඇත.

දිගුකාලීන දේශපාලන හා ආර්ථික දැක්මක් සහ දිගුකාලීන තිරසාර දේශීය ආර්ථික හා දේශපාලන ආකෘතියක් අප සතුව තිබේ. එය අප රටෙහි සමෘද්ධිය හා සෞභාග්‍යය තීරණය කරනු ලබන බව අපි විශ්වාස කරමු. 2015 අයවැය එම දිගුකාලීන ගමන් ම‍ඟෙහි එක් වැදගත් හා තීරණාත්මක සංධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්