කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

පොදු අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි තරමට විපක්ෂය බංකොලොත් වෙලා

පොදු අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි තරමට විපක්ෂය බංකොලොත් වෙලා

ආචාර්ය නලින් ද සිල්වා

විපක්ෂයට හිතාගන්න බැරි අයවැයක් මෙදා ඉදිරිපත් වෙලා තියෙනවා. මේකෙන් විපක්ෂය කඩාගෙන වැටිලා. අලුත් අයවැයත් සමඟ විපක්ෂයට සටන් පාඨ නැතිවෙලා, තර්ක නැහැ, විකල්ප නැහැ. ඇත්තටම මේ හැසිරීමෙන් විපක්ෂයේ බංකොලොත් බවත් එළියට ඇවිත් තියෙන්නේ.

සටන්පාඨ නැති නිසාම රන්ජන් රාමනායක වගේ පොරවල් වෙන්න හදන විපක්ෂ මන්ත්‍රීවරුන් මේ දිනවල අපි දකිනවා. අතපය හොල්ලනවා. යටිගිරියෙන් කෑ ගහනවා. නමුත් කියන දෙයක් නැහැ.

වෘත්තිය සමිති තමයි ඉල්ලුවේ රාජ්‍ය සේවකයන්ගේ දීමනා වැටුපට එල්ලන්නේ නැතිව මූලික වැටුපට එකතු කරන්න කියා. 2005 සිට රජය දුන් දීමනා, ජීවන දීමනා ඔක්කොම දැන් වැටුපට එකතු කරල තියෙනවා. දැන් වැටුප් දහදහකින් වැඩිවුණා ද අහනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න එල් ටී ටී ඊ ය පසුපස ගිය ඇතැම් නායකයන්ට මේක අමතක වෙලා වගේ කතා කරනවා.

දැන් මේ දීමනා වැටුපට එකතු කරපු එක වරදක් විදියටයි මේ අය කතා කරන්නේ. සමහරු ඒ ගැන කතා කරන්නෙම නැහැ.

ඒ කොහොම වෙතත් රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාමිකයන්ගේ දීමනා අදට ඔබින ලෙස වැඩි කරන්න ජනාධිපතිතුමා අයවැයෙන් පියවර අරන් තියෙනවා.

රජයේ සේවකයන්ගේ දීමනා මූලික වැටුපට එකතු කිරීම ඒ සේවකයන්ගේ ගමන් බලපත්‍රයට පවා බලපානවා. අතිකාල දීමනා, බටා මේ ඔක්කොම ගණන් බලන්නේ මූලික වැටුපට අනුව.

විශේෂ දීමනාවක් හැටියට ගෙවන රු. 2000 කොහොමත් ගෙවන්න ඕන එකක්ලු. එහෙම රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ ඔය කියන විදියට වැටුප් වැඩි කළා ද, රජය තමයි තීරණය කරන්න ඕන මේ මුදල දෙනව ද නැද්ද කියලා. රජය තීරණය කරල තියනව මේ මුදල ගෙවන්න.

ඇතැම් ජේවීපී මන්ත්‍රීවරු මේ අයවැය අල්ලස් දීමක් කියනවා. ආණ්ඩුවක් ජනතාවට සහන අල්ලස් දීමක් කියල කියන්නේ මොන දේශපාලකය ද? ආණ්ඩුව තියෙන්නේම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න තමයි. හැබැයි ඒ ගොල්ලන්ගේ භාර්යාවන්ට මේ අයවැය හොඳයි. සාමාන්‍ය ජනතාවටත් මේ අයවැය හොඳයි.

විපක්ෂයට සටන් පාඨ නැහැ කියන්නේ ඔවුන්ට අවබෝධයක් නැහැ ආණ්ඩුවක යුතුකම ජනතාවට පුළුවන් සහනයක් සැලසීම කියලා.

අයවැය ගැන රනිල් වික්‍රමසිංහත් නිරුත්තර වුණා. ඔහුට අයවැය අහල රූපවාහිනී කැමරා ඉස්සරහ කියන්න පුළුවන් වුණේ මේ අයවැයට විරුද්ධයි කියල විතරයි. ඇයි විරුද්ධ වෙන්නේ කියල ඔහුට ඒ අවස්ථාවේ කියාගන්න බැරි වුණා. ඔහුටත් වැටහෙන්න ඇති මේ තරම් සහන දුන්න අයවැයක් විවේචනය කරල වැඩක් නැහැ කියලා.

අද විපක්ෂයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇතැම් අයට ඕන වෙලා තියන ආකාරයට විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් හොයාගන්න බැරි වීමයි. ඒ නිසා ආණ්ඩුව ඇතුළෙන් කඩල අරන් පොදු අපේක්ෂකයෙක් හදාගන්න උත්සාහයක් තියනවා. දැන් විපක්ෂය ආණ්ඩුව ඇතුළෙන් රතන හාමුදුරුවෝ කඩල ගන්න බලන්නේ.

පුළුවන්නම් මේ නන්නත්තාර වෙලා ඉන්න විපක්ෂය රතන හාමුදුරුවන්වත් විපක්ෂයේ පොදු අපේක්ෂක කරගන්න බලයි. උන්වහන්සේ පොදු අපේක්ෂකයෙක් වීමේ ඉඩකඩකුත් තියනවා. ඊනියා පොදු අපේක්ෂකයා රනිල් සමඟ පොදු අපේක්ෂකයා කියාගෙන සෝභිත හාමුදුරුවෝ හෝ රතන හාමුදුරුවොත් එන්න පුළුවන්. දැන් මේ පොදු අපේක්ෂක කතාව වටේ ඉන්නේ ආචාර්ය සමිති සම්මේලනයේ නන්නත්තාර වුණ කථිකාචාර්යවරුන් කීපදෙනකු ධර්ම රාජ්‍යයට ගිය ගමන අමතක කරල දශරාජ ධර්මය තෝරගත්ත පිරිසක් පමණයි. මේ අයට උපරීම ලැබෙන ඡන්ද ප්‍රමාණය විසිපන්දහසයි.

දැන් ජේවීපීයත් බලන්නේ ජනාධිපතිවරයට සීයට පනහ ගත නොහැකි තත්ත්වයක් ඇති කරන්නයි. එතකොට දෙවැනි මනාපය ගණින අවස්ථාවක් නොනගත වේලාවක් ඇතිකර ගන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. උතුරේ විපක්ෂයටත් අද කිසිම තැනක් නැහැ. උතුරේ මේ පිරිසටත් සටන් පාඨ නැහැ. ඔවුන් බොරු විප්ලවවාදීන් ලෙස පෙනී සිටින්න දැන් උත්සාහ කරනවා. ඒක තමයි සිවාජිලිංගම් නමැති මන්ත්‍රීවරයා කියල තිබුණෙ යාල්දේවි කෝච්චියට බෝම්බ තිබ්බේ තමන්ගේ පක්ෂය කියල. මේ කියන්න හදන්නෙ මොකක්ද. මේ කියන්නේ යාල්දේවි දුම්රිය දුවන්න දෙන්නෙ නැහැ කියන එක. මොකාට ද එන්න හදන්නේ කියල පැහැදිලියි. නියම සටන් පාඨ නැතිව තරුණයන් නැවත ආයුධ ගන්න පොලඹවන්න මේ අය මේ උත්සාහ කරමින් ඉන්නේ. දෙමළ සංවිධානය උතුරේ මේ උත්සාහය දරනවා. ජේවීපීය කියන් යන ජනාධිපතිවරණය නීත්‍යානුකූල නැත කියන එකෙනුත් හදන්නේ සිංහල තරුණයන් ආයුධ ගන්න පෙලඹවීමයි. ජනාධිපතිවරණය නීත්‍යානුකූල නැත කියල තරුණයන් පාරේ සටනට කැඳවන්නයි මේ හදන්නේ.

එජාපයත් මහින්දට සියට පනහ ගන්න බැරි නොනගත වේලාව ඇතිකර ගන්නයි බලන්නේ. රනිල් බලන්නේත් තමන්ට දෙවැනි මනාපය ගැණල සුළු ජාතිකයන්ගේ ඡන්දවලින් ගොඩ යන්න පුළුවන් කියන සිහිනයේ ඉඳන් ඒ නොනගත වේලාව ඇතිකර ගන්නයි.

සටන් පාඨ නැති විපක්ෂය ඊළඟට එල්ලෙන්න හදන්නේ කොස්ලන්දේ නායයාම් ඛේදවාචකයේ. ඒක සුනාමියෙන් පසු ඇතිවූ කනගාටුදායක සිද්ධියක්. එතන අටසීයක් (800) විතර කඳවුරුවල රැකවරණ ලබනවා. ජනාධිපතිතුමා බ්‍රහස්පතින්දම ඒ ප්‍රදේශයට ගිහින් ජනතාවට සහන සලසන්න කළ යුතු දේ කරන්න පියවර ගත්තා. දැන් එතන යූඇන්පීයටවත්, දෙමළ සන්ධානයටවත් කරන්න දෙයක් නැහැ.

මේ සිද්ධිය සුද්දො කඳුකරයේ තේ වතුවල ඇතිකළ ආර්ථිකය අමුතුවෙන් හිතන්න අපව පොලඹවනවා. ඔය තැන්වල සුද්දො එන්න කලින් තිබුණේ කැලෑවල්. එතකොට පස ආරක්ෂා වුණා. වැස්සේ අඩුවක් තිබුණේත් නැහැ. තේ ගහ කියන්නේ ලොකුවට මුල් ඇදගන්න ගහක් නෙමෙයි. හොඳ වැස්සකට බුරුල් වුණ පසත් එක්ක ඔක්කොම ගහගෙන යනවා. එහෙම ස්ථාන පදිංචියට සුදුසු නැහැ. මේ අහිංසක මිනිස්සු ඒ ස්ථානවලින් ඉවත් කරන්න වෙනවා.

මේ තත්ත්වය ගැන හිතල හදිසියේ බැරිවුණත් අවුරුදු පහළොවක විස්සක දීර්ඝ කාලීන සැලැස්මකට යන්න වෙනවා.

මෙතන උන්න මිනිසුන්, ගේදොර ක්ෂණයකින් විශාල පස් කඳුවලින් යට කරමින් සිදුවුණ ඛේදවාචකය හිතාගන්නවත් බැරි තරම්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්