කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

ජනාධිපතිතුමාට විරුද්ධ වෙතැයි සිතන්න බෑ

ජනාධිපතිතුමාට විරුද්ධ වෙතැයි සිතන්න බෑ

මේක අදහා ගන්න බැරි විපතක්

මං ඔයාලා තනි කරන්නේ නෑ

මං ඔයාලා කවුරුවත් තනි කරන්නේ නෑ" ජනපති කොස්ලන්දේ විපතට පත් ජනතාවට කියයි. ගිය සතියේ බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ නාය යාමෙන් ඇතිවු මහා ඛේදවාචකය සිදු වෙන විටදී ජනාධිපතිතුමා සිටියේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කීපයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එම මහා ඛේදවාචකය සිදු වු බව ආරංචි වු විගසම ජනාධිපතිතුමා ඒ අසළ සිටි මැති ඇමැතිවරුන්ට කීවේ " මේ සිදු වීම එක්කම මට ඇත්තටම මේ වගේ උත්සවවලට සහභාගි වෙන්ඩත් අමාරුයි. රටේ නායකයා විදියටත් සංවේදී පුද්ගලයකු ලෙසත් මට මේ වගේ උත්සවලට සහභාගී වෙන්ඩ අමාරුයි." ජනාධිපතිතුමා මැති ඇමැතිවරුන්ට කීවේය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ සිදු වු මහා ඛේදවාචකය ගැන තොරතුරු සොයමින් අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේ වහාම ජනතාව ගලවා ගැනීමේ කටයුතු සදහා අවශ්‍ය කටයුතු කරන ලෙසටය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා තවත් සංවර්ධන කටයුතු කීපයක්ම විවෘත කිරීමට ගියේ ඒ බදුල්ලේ ජනතාවට සිදු වු විපත ගැන කම්පාවෙනි. " මට දැන්ම බදුල්ලේ හල්දුම්මුල්ලට යන්ඩ හිතෙනවා. මගේ ජනතාව විපතට පත් වෙලා ඉන්නැද්දී මට සතුටු වෙන්ඩ විදියක් නෑ. " ජනාධිපතිතුමා ඒ අසළ සිටි උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම් රංජිත් සමරකෝන් මහතාට කීවේය.

" සර් මේ දාගෙන තියෙන වැඩ ‍ගොඩක් කල් ඉදලා දා ගත්තු වැඩ. මේවා විවෘත වෙනතුරු ජනතාව බලාගෙන ඉන්නවා" ඇමැති එස් එම් රංජිත් ජනාධිපතිතුමාට කීවේය. " මේ සුභ මොහොතින් ආරම්භ කළ යුතු වැඩ කල් නොදමා කටයුතු කරන්ඩ ඕනේ කියලා මං දන්නවා. ඒත්‍ මේ බදුල්ලේ වෙලා තියේන්නේ අදහා ගන්ඩවත් බැරි වැඩක්" ජනාධිපතිතුමා මහ ඇමැති එස්.එම් රංජිත් ඇතුලු පිරිසට කීවේය. "ඒක නම් ඇත්ත තමයි සර්. මේක අදහා ගන්ඩවත් බෑ" මහ ඇමැති එස් .එම් රංජිත් කීවේය.

මේ අතරතුර ගිය බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිතුමා බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගුවනින් සංචාරය කරමින් හල්දුම්මුල්ල ප්‍රදේශයේ නාය යාමෙන් සිදුව ඇති මහා විනාශය දැක බලා ගත්තේය. ඉන් අනතුරුව අවතැන් වු ජනතාව වෙසෙන සහන සේවා කදවුරු වෙත ජනාධිපතිතුමා ගියේය.

නාය යාමේ මහා ඛේදවාචකයෙන් පිපතට පත්ව තම ඥාති හිත මිතුරන් අහිමිවිමේ සොවින් තැවෙන ජනතාව අස්වසාලීමටද ජනාධිපතිතුමා එම සහන කඳවුරුවලදි කටයුතු කළේ ජනතාවට ඇති මහත් වු ලෙන්ගතුකම පෙන්වමිනි. එම සහන කඳවුරුවලදී විපතට පත් ජනතාව ජනාධිපතිතුමාට තමන්ට සිදුව ඇති විපත කීවේ හඩා වැළපෙමිනි.

එසේ කෑ ගසමින් දුක කියු ජනතාවගෙන් ඇතැමෙකුගේ පිටට තට්ටුවක් දමමින් ඔවුන් අස්වසා ලන්නට ජනාධිපතිතුමා උත්සාහ කළේය. " බය වෙන්ඩ එපා ඔයාලා කවුරුවත් මං තනි කරන්නේ නෑ. මං ඔයාලා රැක බලා ගන්නවා " ජනාධිපතිමා හඩා වැළපෙන ජනතාවට එසේ කියන විට එතුමාටද නොදැනීම දෙනෙතට කඳුළු බිඳු උනා තිබිණි.

ජනාධිපතිතුමා අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් හමුවී සුහද කතා බහක නියුතු වීම කාගේත් අවධානයට ලක්වූ සිද්ධියක් විය. එය දුටු මැති - ඇමැතිවරුන් කීවේ කවුරු සතුරුකම් කළත් ජනාධිපතිතුමා ඒවා ඉවසා සුහදත්වයෙන් සිටීමට ගන්නා උත්සාහය බොහෝ දේශපාලනඥයන්ට නැති බවයි. “මේ අය වැය දෙමළ සන්ධානයටත් ප්‍රශ්නයක් වගේ. ඒ අය හිතුවෙ නෑ මෙහෙම එකක් එයි කියල” ඇමැති දිනේෂ් ගුණවර්ධන කීවේ ය.

අය වැය දෙවන වර කියන අවස්ථාවේ විවාදයට සහභාගි වන මන්ත්‍රීවරුන් ඉදිරි ජනාධිපතිවරණය ගැන තැනින් තැනට එක් වී අදහස් හුවමාරු කර ගනිද්දී ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ කාමරය ද එවැනි කතා බහ සිදුවන විශේෂ ස්ථානයකි.

අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා, ටී.බී. ඒකනායක, සී.බී. රත්නායක, අරුන්දික ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, වික්ටර් ඇන්තනී, මාලනී ෆොන්සේකා, ලොහාන් රත්වත්තේ, ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් කතා කරමින් සිටියදී ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැමිණියේ සිනාමුසු මුහුණින් යුතුව ය.

“අද බැසිල් ඇමැතිතුමා ලොකු සතුටකින් වගේ” ටි.බී. ඒකනායක ඇමැතිවරයා කීවේ ය. අපට විරුද්ධව කතා කරපු කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරලයි ආවෙ. ඒ අය කිව්වේ ගැටලු කීපයක් තිබුණත් ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට සහයෝගය දෙනව කියලයි.”

“මේ කාලෙ තමයි ඉල්ලීම්, සාකච්ඡා වාද - විවාද ඇතිවෙන්නෙ අපි ඒවට ඉඩ දෙන්න ඕන” කීවේ අනුර යාපා ඇමැතිවරයාය.

බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා එතැනින් පිටව යද්දී යාපනය දිස්ත්‍රික් එජාප මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් එතැනට පැමිණියේ අපේ පැත්තේ පළාත් සභාවෙන් ‍ෙමානවත් කෙරෙන්නේ නෑ. එහේ මිනිස්සු ජනාධිපතිතුමාට දෙන්න කියල ලියුමකුත් දුන්නා. අපිට පාරවල් ටිකක්වත් හදල දෙන්න කො” කියමින් ලිපිය හෙට්ටිගේ ගේ අතට දුන්නා ය. “මහ ආණ්ඩුවෙන් හුඟක් වැඩ කෙරෙනව නේ.” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියද්දී “ඒක අපි පිළිගන්නව තමයි. පොඩි පාරවල් හැදෙන්නෙ නෑ. පළාත් සභාව බොරු කරන්නෙ.” මහේෂ්වරන් මන්ත්‍රීවරිය කීවා ය.

“ඒක නෙමෙයි මන්ත්‍රීතුමිය! දැන් ඔබ තුමියලගෙ විපක්ෂයෙන් ජනාධිපතිවරණයට එන පොදු අපේක්ෂකයා කවුද? හෙට්ටිගේ ඇසුවේ කතා බහ වෙනතකට යොමු කරමිනි.

ඒක තවම ප්‍රශ්නයක් තමයි. දැන් තියෙන්නෙ ඒ ගැන වෙළෙඳ දැන්වීමක් දාල හරි කවුරු හරි සොයාගන්න එක. මහේෂ්වරන් මන්ත්‍රීවරිය කීවේ කාගේත් සිනා හඬ මැද ය.

“දෙමළ සන්ධානයේ සම්බන්ධන් මන්ත්‍රීතුමාටත් කියන්න ජනාධිපතිවරණයට එන්න කියල අරුන්දික මන්ත්‍රීවරයා කියද්දී ‘අපෝ ඒ අය ගැන මාත් එක්ක කතා කරන්න එපා. ඔක්කොම වැඩ ඒ අය අවුල් කරනව.” මහේෂ්වරන් මන්ත්‍රීවරිය කීවා ය.

“උතුර - දකුණ දැන් යාවෙලා තියෙන්නෙ දැන් කොච්චර මිනිස්සු දෙපැත්තට ගමන් කරනවද? ලොහාන් රත්වත්තේ කියද්දී “තව මිනිස්සු එකතු වෙන්න ඕන. විශ්වාසය තව ඇතිවෙන්න ඕන” මහේෂ්වරන් මන්ත්‍රීවරිය කීවා ය.

“ඔබතුමිය කියන්න බලන්න තව අපි මොනවද කරන්න ඕන කියල” හෙට්ටිගේ ඇසුවේ ය. “නාමල් මන්ත්‍රීතුමාට අපේ පැත්තෙ තරුණ අය හුඟක් කැමැතියි. ඒ පැත්තෙන් කටයුත්තක් කරගත්තොත් ඔය තියෙන ප්‍රශ්නත් ඉවර වෙනවානේ.” ඒකට කැමැති නම් හොඳ ගුණ ළමයෙක් මම සොයල දෙන්නම්” මහේෂ්වරන් මන්ත්‍රීවරිය කීවේ කාගේත් සිනා හඬ මැදය.ඔය හදන්නෙ මම ඉක්මනින් කසාද බන්දවන්න.

ඔය වගේ යෝජනා මට කරන්න ඉස්සර වෙලා අපේ තාත්තටයි අම්මටයි කියල බලන්නකො” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එතැනින් පිටව ගියේ තරුණ සංවිධානයේ තවත් රැස්වීමකට සහභාගි ‍වීමට ය. මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ඉදිකෙරුණු නව ඇවිදීමේ මංතීරුව සහ ශාරීරික සුවතා මධ්‍යස්ථානය ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් පසුගියදා විවෘත විය.

චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ එක් පසෙකින් ඊට සමාන්තරව මේ මංතීරුව ඇරඹෙන අතර එම ස්ථානය ඉදිරිපිට, මාර්ගයෙහි අනෙක් පස සියලූ පහසුකම්වලින් සපිරි ශාරීරික සුවතා මධ්‍යස්ථානයක්ද ඉදිකර තිබිණි. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව විසින්ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මේ ශාරීරික සුවතා මධ්‍යස්ථානය ඉදිකර ඇත.

ඊට වැය වී ඇති මුදල රුපියල් ලක්‍ෂ 68කි. දෛනිකව ඉතා විශාල පිරිසක් මාලඹේ පිහිටි චන්ද්‍රිකා කුමාරතුංග මාර්ගය භාවිතා කරමින් ව්‍යායාම කටයුතු සිදු කළහ. ඔවුන් මුහුණ පෑ දුෂ්කරතා හඳුනා ගනිමින් මෙසේ නව ඇවිදීමේ මංතීරුවක් හා ශාරීරික සුවතා මධ්‍යස්ථානයක් ඉදිකර දීමට හැකි වීම පිළිබඳව මෙදින විමල් වීරවංශ මහතා සිටියේ ඉතාමත් සතුටිනි. පළමුව ශාරීරික සුවතා මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු විය.

‘‘ඇවිදින ව්‍යායාම කරලා අනෙකුත් ව්‍යායාමවල යෙදෙන්නත් පුළුවනිනේ’’ ශාරීරික සුවතා මධ්‍යස්ථානය විවෘත කරන අතරතුර ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පැවසීය. එසේ පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ ලේකම්වරයා ව්‍යායාම මධ්‍යස්ථානයේ තිබූ උපකරණ භාවිතයෙන් ව්‍යායාම කිහිපයක නිරත වීමටද අමතක නොකළේය. මේ අවස්ථාවට සහභාගී වී සිටි ආරාධිත පිරිස් මෙන්ම ව්‍යායාම පිණිස පැමිණ සිටි පිරිස්ද එදෙස විමතියෙන් මෙන් බලා සිටිනු දැක ගත හැකි විය.

‘‘ආරක්‍ෂක ලේකම්තුමාට අතීතය මතක් වෙනවා ඇති නේද?’’ ව්‍යායාමයන්හි නිරත වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විමල් වීරවංශ මහතා විමසා සිටියේය. ‘‘ඉස්සර ඉඳන්ම අපි ව්‍යායාම කළානේ. අදටත් හොඳට ව්‍යායාම කරන්න පුළුවන්’’ එයට සිනහමුසු මුහුණින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිතුරු දුන්නේය.

‘‘අදට විතරක් නොවෙයි, ඉදිරියටත් මේ විදියට ව්‍යායාමවල යෙදෙන්න ඔබට හැකියාව තිබෙන බව පෙනෙනවා’’ විමල් වීරවංශ අමාත්‍යවරයාද සිනහ වෙමින් පැවසීය. ඉන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විශේෂ ආරාධිත පිරිස නව ඇවිදීමේ මංතීරුව ඔස්සේ කිලෝ මීටර් 1ක පමණ දුරක් ඇවිදිමින් එය විවෘත කිරීමේ කටයුත්තටද සහභාගී වූහ. මේ අවස්ථාවට හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර යන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුද කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරුද එක්ව සිටියහ.

බදුල්ල, හල්දුම්මුල්ල මීරියබැද්ද අම්බිලිකන්ද වතුයායේ සිදු වූ මහා නාය යාම හේතුවෙන් ජීවිත හා දේපළ හානියක් සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට දැන ගැනීමට ලැබුණේ එදින උදෑසනමය.

ලැබී ඇති තොරතුරු අනුව මේ මහා ව්‍යසනයෙන් නිවාස අහිමි වූවන්ට කඩිනමින් නව නිවාස ලබා දීමටත් අවතැන් වූවන්ට තාවකාලික නිවාස ලබා දීමටත් අවශ්‍ය මැදිහත්වීම්ද විමල් වීරවංශ මහතා සිදු කරනු ලැබීය. ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේදී එහි බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, අමාත්‍ය විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී 2015 අය - වැය යෝජනාවලිය පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා විය.

‘‘මෙවර අය - වැය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා.

‘‘දේශීය නිෂ්පාදන ආර්ථිකය බලගැන්වීම’ යටතේ අපි ඉදිරිපත් කළ යෝජනාව අනුව අය - වැය යෝජනා ගණනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ‘දේශීය කිරිපිටි ජනප්‍රිය කරවීම සඳහා එම කිරිපිටි මිල කිලෝවකට රුපියල් 100කින් අඩු කිරීම, දියර කිරි ලීටරයක ගැනුම් මිල රුපියල් 60 දක්වා වැඩි කිරීම, කුඩා තේ වතු හිමියන්ට තේ නැවත වගා කිරීම සඳහා දෙනු ලබන සහනාධාරය අක්කරයට රුපියල් ලක්‍ෂ 10 දක්වාත් නව වගාවන් සඳහා අක්කරයට රුපියල් 750,000 දක්වාත් වැඩි කිරීම හා රබර් සඳහා කිලෝවකට රුපියල් 300ක සහතික මිලක් නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීම’ ඒ යටතේ ඉදිරිපත්ව ඇති අය - වැය යෝජනායි.’’ හිටපු මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කළේය.

‘‘ජාතික කර්මාන්ත බලගැන්වීම’ යන අපේ යෝජනාව අනුවද අය - වැය යෝජනා ගණනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ‘බදු සහන යටතේ සෑම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නව කර්මාන්තශාලා 300ක් ඇරඹීම, යන ඒවා ඒ යටතේ ඉදිරිපත්ව තිබෙනවා.’’ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

‘‘දේශීය නිෂ්පාදන ආර්ථිකය තුළ මහජන සෞඛ්‍ය හා පරිසරය ආරක්‍ෂා කිරීමටත් අපි යෝජනාවක් ඉදිරිපත් කළා. ‘වකුගඩු රෝගයෙන් පීඩාවට පත් සෑම පවුලක් සඳහාම රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදීමට’ ඉදිරිපත්ව ඇති අය - වැය යෝජනාව ඊට නිදසුන් ලෙස දැක්විය හැකියි. ‘පිරිවෙන්වල භික්‍ෂූන් වහන්සේලාගේ හා ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාධාර මුදල සියයට 25කින් වැඩි කිරීම, සෑම පිරිවෙනක් සඳහාම වාර්ෂිකව වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 05 සිට ලක්‍ෂ 10 දක්වා වැඩි කිරීම, කැසිනෝ විනෝදශාලාවලට ඇතුළු වීමේදී ඩොලර් 100ක බද්දක් අය කෙරෙන අතර පිරිවැටුම් මත අය කරනු ලබන බද්ද සියයට 10 දක්වා වැඩි කිරීම’ යන ඒවාද වෙනවා. අපේ යෝජනාවලියේ ප්‍රමුඛතම යෝජනා 04කට අදාළව මෙසේ අය - වැය යෝජනා රැසක් ඉදිරිපත්ව තිබෙනවා.’’ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

‘‘ඉතිහාසය පුරා බොහෝ අය - වැය ලේඛන මගින් රටට අහිතකර ප්‍රථිපල ලැබුණා. රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණී ගියා. සමාජයේ ඉහළ ස්ථරයට මිස පොඩි මිනිහාට සහන ලැබුණේ නැහැ. නමුත් මෙවර අය - වැය ලේඛනය ඉතා පැහැදිලිව සමාජයේ පහළම ස්ථරයට වගේම මධ්‍යම පංතියටත් සහන රැසක් ලබා දී තිබෙනවා. සියලූ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සහන ලබා දී තිබෙනවා.’’ විමල් වීරවංශ මහතා එම කතාබහ අවසන් කරමින් පෙන්වා දුන්නේය.

2015 වසර සදහා සබරගමු පළාත් සභාවේ අයවැය යෝජනා සබරගමු මහ ඇමතිවරයා මහීපාල හේරත් මහතා පසුගිය 27 වන දින එම සභාව හමුයේ තැබීය. අයවැය පිළිබද දින තුනක විවාදයෙන් පසු ඒ පිළිබද අවසන් ඡන්දය 31 වෙනි දින අපරභාගයේ පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය 29 වෙනි දින පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යයාලය ඇතුළු වැය ශීර්ෂ 12කට අදාල විවාදය සහ ඡන්ද විමසීම පැවති අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ මෙහෙය අගයමින් අදහස් දැක්වීම විශේෂයෙන් කැපී පෙනිනි.

විපක්ෂ නායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සදහන් කළේ"ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා සබරගමු පළාතට මහත් ගෞරවයක් බවය." එය අනුමත කරමින් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සදහන් කළේ ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යැයි බේදයකින් තොරව සබරගමුව පළාත් සභාව කණ්ඩායමක් සේ කටයුතු කිරීමට ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා විසින් සපයන ලද මගපෙන්වීම මහත් රුකුලක් බවය.

කංචන ජයරත්න සභාපතිවරයා සදහන් කළේ ආණ්ඩුකාර කාර්යයාලය ඇතුළු එදින විවාදයට ගත් වැය ශීර්ෂ 12 ,වැඩි ඡන්ද 25කින් සම්මත වූ බවය. කෙසේ වෙතත් විවාදය අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය දා ඉදිරිපත්කළ ජාතික අයවැය පිළිබදව සබරගමු පළාත් සභා අයවැය විවාදයේ දී විවිධ අදහස් මතුවිය.

එජාප පළාත් සභා මන්ත්‍රී හේෂාන් විතාණ මහතා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිකළ බවට රජය කළ සදහන් ඇස් බැන්දුමකැයි සිය අදහස් දැක්වීමේ දී පැවසීය. ඊට පිළිතුරු දීමට මහ ඇමතිවරයා එවර සභාවට පැමිණියේ ජනාධිපතිතුමාගේ අයවැය කතාව ඇතුළත් මුළු අය වැය යෝජනාවලියම අතැතිවය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්