කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

2035 දී සංවර්ධිත රටක් කිරීම අරමුණයි

2035 දී සංවර්ධිත රටක් කිරීම අරමුණයි

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්

ආචාර්ය බී.එම්.එස්. බටගොඩ

මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබා දී ඇත්තේ කෙටිකාලීන වශයෙන් නොවන බවත් සමස්ත අයවැය දෙස බැලූවිට සියලු ජනකොටස් සඳහා සහන ලබා දුන් අයවැයක් බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා පවසයි. ජනතා හිතවාදී අයවැයක් ඉදිරිපත් කර ඇත්තේ සමස්ත ජනතාව දෙස බලමින් බවත් එය නාමික අය වැයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධව විග්‍රහාත්මකව බැලිය යුතු යැයිද ඒ මහතා පවසයි.

මෙය එක් අවුරුදු අයවැයක් නොවන අතර වසරක ආදායම් වියදම් ප්‍රකාශනයක් නොවේ. එය සත්‍ය ලෙසින්ම ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්හි දිශානතිය දැක්වෙන ප්‍රකාශනයකි.

ඇත්තෙන්ම මේ අයවැයේ පමණක් නොව පසුගිය වසර 9ක ඉදිරිපත් කළ අයවැය ප්‍රකාශයන්ගේ මෙම ලක්ෂණ පැහැදිලිව තිබුණි. 2005 වසරේ සිට රජයේ ප්‍රතිපත්තීන්ගේ දිශානතිය පෙන්නුම් කරමින් සහ එම ප්‍රතිපත්තීන්ගේ අඛණ්ඩ බව රකිමින් සම්බන්ධතාවක් ද ඇති කරමින් මෙවර අයවැය ඉදිරිපත් කර තිබේ.

උදාහරණයක් ලෙස දක්වනවා නම් 2015 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය 2013 හා 2014 අයවැය ප්‍රකාශනවල සමානතා දක්නට ඇත. පොහොර සහනාධාරය එක් ප්‍රබල උදාහරණයකි.

එමෙන්ම මෙවර අයවැයේ විශේෂතා අතර විවිධ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉදිරිපත් කළ යෝජනා ද වේ.

අය වැය ජනහිතවාදී අයවැයක් ලෙස අප සලකන්නේ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ඇමැති ලෙස සමාජයේ පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා පුද්ගලයන් 25000 කගෙන් පමණ අදහස් විමසා තිබීම නිසයි.මේ අය වැය ඒ අදහස් අනුව සකස් කර තිබේ වෙනත් කිසිදු අයවැයක් ඉදිරිපත් කිරීමේදී එවන් අයුරින් අතිවිශාල ජනතා අදහස් එක්ව නැහැ.

මෙවර අයවැය සියලු දෙනා ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කරන්නට හැකිව තිබෙන්නේ එම නිසයි. විවිධ සමාජ ස්ථරවල මෙන්ම ආර්ථික අංශවල ව්‍යාපාරිකයකන් ඊට ඇතුළත්ව තිබේ.

මෙවර අයවැය වැඩි වශයෙන් ඉලක්ක ගත කර තිබෙන්නේ අඩුආදායම්ලාභී රටක් වූ ශ්‍රී ලංකාව ඉහළට ඔසවා මධ්‍ය ආදායම්ලාභී රටක් බවට පත් කිරීමටයි.

මේ වසරේ සිට රජයේ ඉලක්කය වන්නේ වසර 2035 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක මට්ටමට ගෙන යාමටයි.

ඒ සඳහා පැහැදිලි මාවතක්ද සකස් වී ඇත. 2005 දී එනම් වත්මන් ආණ්ඩුවේ ආරම්භයේදී ප්‍රමුඛතාව දී තිබුණේ රටට සාමය උදා කිරීමයි. එම ඉලක්කය 2009 වසරේදී සපුරා ගැන්මට හැකිවුණි. සාමය උදාවූ පසුව රජය ප්‍රමුඛතාව ලබා දුන්නේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහායි. අද වන විට සමස්ත ලංකාව පුරාම මහාමාර්ග විදුලිය වරාය ගුවන්තොටුපළ සන්නිවේදනය යන මේ ඕනෑම ක්ෂේත්‍රයක් හා සැලකූ විට මෙරට යටිතල පහසුකම්වල තත්ත්වය ඉතිහාසයේ කිසිදු නොතිබූ ආකාරයේ ඉතා ඉහළම මට්ටමකට පැමිණ තිබේ.

පෞද්ගලික අංශය සම්බන්ධව සැලකූ විට ව්‍යාපාර සඳහා අවශ්‍ය පරිසරය අද නිර්මාණය කර දී තිබේ. මේ වන විට සමස්ත රටේ ආර්ථිකයෙන් 75%ක් පෞද්ගලික අංශය විසින් හසුරවනු ලැබේ. ව්‍යාපාර සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට රජයට හැකියාව ලැබී ඇති අතර එය රජයේ වගකීමක් ලෙස ද සලකා ඇත. පසුගිය වසරවල අයවැය ද මේ සම්බන්ධව ඉලක්ක කර ඇති බව පෙනේ. එය ඇත්තෙන්ම රටේ වාසනාවකි.

මෙම තත්ත්වය සියලු අන්තර්ජාතික නිර්ණායක මගින් ද ඔප්පු කර ඇත. මෙය නාමික දර්ශකයක් නොවන අතර එක්සත් ජාතින්ගේ මානව සංවර්ධන දර්ශකය, ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබද දර්ශක සහ එවැනි අනෙකුත් සියලු දර්ශක මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙයි.

වඩාත් වැදගත් වන්නේ අපගේ ‘සාර්ව ආර්ථික‘ තත්ත්වයේ දක්නට ලැබෙන වර්ධනය සහ ශක්තිමත් බවයි. 20% ක්ව පැවැති අධික පොළී අනුපාත 6% ක් 7%ක් පමණ දක්වා අඩු වී ඇත. තනි ඉලක්කමේ උද්ධමනය, ස්ථාවර විනිමය අනුපාත ඩොලර් බිලියන 10 ඉක්මවන විදේශ සංචිත යන සියල්ල මෙරට ආර්ථිකයේ ශක්තිමත් බවට සාක්ෂි සපයයි.

මෙවර අයවැය මගින් රජය විශේෂයෙන්ම මානව සම්පත් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. අධ්‍යාපනය සහ මානව කුසලතා සංවර්ධනය සදහා ප්‍රමුඛතාවය ලබා දී ඇත. පෙර පාසල් සිසුන්ගේ සිට සරසවි සිසුන් දක්වා සුබසාධනයට ප්‍රතිපාදන ලබා දී තිබේ.

රටේ ආර්ථිකයේ සිදුවන මෙම නව සංවර්ධනය ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්වීම් රැසක් අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම සංවර්ධනය වන රටක් කරා යාමේදී සිදුවන කෘෂිකර්මාන්තයට වඩා සෙසු අංශයන්ගේ ශීඝ්‍ර වර්ධනයටද මෙවර අය වැය මඟින් විශාල රුකුලත් ලබා දී තිබේ. 20% ක් වූ කෘෂිකර්ම අංශයේ දළ ජාතික නිෂ්පාදිතයට දායකත්වය 11% ක් දක්වා අඩු වී අනෙක් දායකත්වයන් ඉහළ යමින් පවතී. මෙය පැහැදිලිවම සංවර්ධිත රටක ලක්ෂණයකි. ඉදිරියේදී සංවර්ධිත රටක් කරා යාම සදහා කෘෂිකර්ම අංශයේ දළ ජාතික නිෂ්පාදිතයට දායකත්වය 8%ක් දක්වා අඩු වීමත් කාර්මික අංශයේ 32%ක දායකත්වයත් සහ 60%ක සේවා අංශයේ දායකත්වයත් ලෙස ව්‍යුහාත්මක වෙනස්වීම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංවර්ධිත රටක කෘෂිකර්මාන්තයෙන් රටක දළ ජාතික නිෂ්පාදිතයට දායකත්වය 4% ක් පමණ අඩු ප්‍රතිශතයක් ගනී. එයින් අදහස් වන්නේ සෙසු අංශ වේගයෙන් සංවර්ධනය කරා ගමන් ගන්නා බවයි. ඒක පුද්ගල ආදායම ඉහළ යාම සඳහා මෙවර අය වැය විශාල දායකත්වයක් සපයනු ඇති බව ද මෙයින් පැහැදිලිය.

කිසිවකුට හෝ නමට පමණක් සහන අයවැයක් ලෙස මෙය නම් කළ නොහැකි බව මේ අනුව පැහැදිලිවම කිව හැකිය.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්