දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සිල් ගත් දවසෙත් බාප්පා කඩ දෙකක් කැඩුවා

මරදන්කඩවල යකඩයාගේ අද කතාව

සිල් ගත් දවසෙත් බාප්පා කඩ දෙකක් කැඩුවා

- ඥාති පුතා පියසේන කියයි

යකඩයා නොහොත් සාංචි ආරච්චිගේ ජිනදාස ඉපදුණේ ද මිය ගියේ ද එකම දිනකය. ඒ ඔක්තෝබර් 9 වැනි දාය. ඔහුගේ නෑසියන් කියන ආකාරයට මිය යන විට යකඩයාට වයස අවුරුදු 111කි. අවස්ථා ගණනාවකදී හිරගෙවල්වල යකඩ කූරු නවා පැනීමෙන් හා අත් මාංචු කඩා දැමීමෙන් ජිනදාස නම් හෙතෙම යකඩයා ලෙස නම්වර ලද්දේය. කුඩා කලදී මනම්පිටියේ ජීවත් වූ යකඩයා පසු කලෙක පො‍ලොන්නරුවටත්, නෙල්ලිගමටත් එයි.

ජීවිතයේ අවසාන මොහොතේ අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනයේ සිට කොළඹ මහ රෝහලට ගෙනා යකඩයා එහිදී මිය ගියේය. ඒ මෘත දේහය භාර ගන්නට පැමිණියේ ඔහු ගේ ඥාති පුත්‍රයෙකි. ජී.ඩබ්ලිව්.පියසේන නම් ඔහු දැන් පදිංචිව සිටින්නේ කුරුණෑගල හෙට්ටිපොළය. යකඩයාගේ දේහය තැන්පත් කර තිබුණු නෙල්ලිගම කිණිහිරිකන්ද ගම් ප්‍රදේශයට යාමට ප්‍රථම මට ඔහු‍ගේ පැටිකිරිය පිළිබඳ ඔබට විශේෂ යමක් කීමට තිබේ.

යකඩයාගේ පියා සාංචි ආරච්චිගේ ඩේවිඩ්ය. ඔහුගේ ගම මාතර අත්තුඩාවයි. වෙ‍ෙළඳාමට රට පුරා කරෙන් බඩු ගෙන ඇවිද ගිය හෙතෙම යකඩයා මෙන්ම ශක්තිවන්තයෙකි. මනම්පිටියේ ඔහු පදිංචිව සිටියේය. මනම්පිටියේ සිට මාදුරුඔය, පිඹුරැත්තෑව, විලයාය, අරලගංවිල හරහා හෙතෙම තවත් කැලෑ ගම්වලට මෙසේ බඩු ගෙනගියේය.

එමතුද නොව කැලෑගම් මැදින්ම කරින් බඩුගෙන කොළොම්තොටට ද පැමිණියේය. ඔහුගේ එක් වෙළඳාම් ගමනකට දින 13ක් ගත වූ බව ඔහුගේ නෑසියෝ කියති. මහවැලි ගඟ අසබඩ ඉළඳකට්ටිය නම් ආදිවාසීන් ගේ ගම ද ඔහුගේ ගමන් ම‍ඟේ එක් ප්‍රියතම ස්ථානයකි.

එහිදී ආදිවාසීන්ගෙන් තෙල් බෙහෙත් රෙදිපිළි ලබාදීමේ හුවමාරුවට හෙතෙම ලබා ගත්තේ කිඹුල් හම් සහ තලගොයි හම්ය. ‍ඉළඳකට්ටියේ ආදිවාසී නායකයා කදලිය. ඔහුගේ බාල දියණිය සිංගම් පුල්ලෙයි. යකඩයාගේ පියාගේ හිත මුල්වරට ඇදී ගියේ මේ ආදිවාසී කාන්තාවටය.

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 28කි. සිංගම්පුල්ලෙට අවුරුදු 16 පිරුණා පමණි. මේ දෙදෙනා විවාහප්‍රාප්ත වී ජීවත්වුණේ මනම්පිටියේය. පසු කලෙක සිංගම්පුල්ලෙ ජේන් ‍නෝනා නමින් නම් ගත්තාය.

හෙට්ටිපොළ සිටින ජී.ඩබ්ලිව්.පියසේන ඥාති පුත්‍රයා මට සම්මුඛ විය. කොළඹ රෝහලෙන් යකඩයාගේ දේහය රැගෙන නෙල්ලිගමට ගියේ මේ පුතාය.

අපේ බාප්පා හරිම අපූරු පුද්ගලයෙක්. මස් මාළු කෑවෙ නැහැ. දුම්පානය, අරක්කු වගේ දේවල් ප්‍රතික්ෂේප කළා. මැරෙන්ඩ ඔන්න මෙන්න කාලෙදිත් උන්නැහෙට තුන්හතර දෙනෙක් සමඟ වුණත් හැප්පෙන්ඩ හයි හත්තිය තිබුණා. ඒත් බාප්පා හිතුවක්කාරයි. එයා ගැන චිත්‍රපටයක් හැදුවට පස්සෙත් එයා කඩ කීයක් නම් කැඩුව ද? කැඩුවෙම ස්වර්ණාභරණ සාප්පු නැතිනම් ලොකු ගෙවල්වල සේප්පු. අවුරුදු 90 කාලෙත් එයා කඩ කැඩුව මතකයි.

යකඩයා එදා..

ඒ සල්ලිවලින් කොටසක් අනිවාර්යයෙන්ම දුප්පතුන්ට දුන්නා. අපට දුන්නෙ නැහැ උඹලට වස් වදීවි කියලා. එයා ගැන චිත්‍රපටයක් හදන කොට බාප්පා විරුද්ධ වුණා. ‍ෙපාඩි ළමයින්ට මගේ කතාව නරක කතාවක් වෙයි කියලා. චිත්‍රපට කාරයෝ එයාට රුපියල් හතළිස් දාහක් දෙන්න ලෑස්ති වුණා.

එයා මට සල්ලි එපා කිව්වා. ඒත් චිත්‍රපටය හදලා ප්‍රදර්ශනය කළාම එයා ඊට විරුද්ධව සටනක් කළා. ගාමිණී ෆොන්සේකා මහත්තයගෙ ගෙදරට ගිහින් එයාට බැණලා ආවා. බාප්පාගේ ජීවිතේ කණපිට හැරෙන්නෙ අවුරුදු අටේදි.

පුංචිම සන්දියේදී එයා ගේ තාත්තයි අම්මයි හදිසියේම මිය ගියා. ඊට පස්සේ යකඩයා නොහොත් අපේ ‍බාප්පාව හදාගත්තේ චාල්ස් සිං‍ඤෝ නම් අපේ සීයා.

මනම්පිටියේ පිං ළිඳක් තියෙනවා. එතැනට ඇවිත් බොහෝ දෙනා නානවා. එක් මනුෂ්‍යයෙක් ඇවිත් තමන්ගෙ බඳපටිය ගලවලා සරමත් ගලවලා පැත්තකින් තියලා නාන්න පටන් ගත්තා. කොලුවා දැක්කා පටියේ පොකැට්ටුවේ රුපියල් පහක් තියෙනවා. මෙයා ඒක අරගෙන හොරාම ගෙදර ගිහින් එයාගේ තාත්තාට දුන්නා.

එතකොට එයා ජීවතුන් අතර. ඒ මනුස්සයා ඒ සල්ලි අරගෙන ආයෙත් එහෙම ගන්න එපා කියලා ති‍යෙනවා. එදා එයාට තරවටුවක් ලැබුණා නම් අද යකඩයා කියා මිනිහෙක් බිහිවෙන්නෙ නැහැ. අවුරුදු 12 දී බාප්පා තවත් හොරකමක් කළා. මං මේවා දන්නේ බොහෝ කාලයක් මා ළඟ ඉන්නකොට මට ඒවා කියපු නිසයි. එයා වැඩියෙන්ම ආදරේ කළෙත් මට.

එදා මනම්පිටිය පාලම යට මිනිසුන් නාන තැනට එක්තරා ගැමි කාන්තාවක් ඇවිත් තම වටිනා රත්තරන් බඩු කර අත් පලඳනා බොහොමයක් රෙද්දක ගුලි කොට පැත්තකින් තබා නාන්න ගත්තා. බාප්පා ඒ රත්තරන් පොදිය අරන් හැල්මේ දුවන්න ගත්තා. මුළු ගමේම මිනිස්සු කෑ කෝ ගසමින් පසුපස එළවන්න ගත්තා.

අවුරුදු 12ක් වුණාට මොකෝ රත්තරන් පොදිය කටින් එල්ල ගත්ත කොල්ලා පාලමෙන් ගඟට පැන්නා. ගඟට පැනලා රං පොදිය කටේම තබාගෙන ගඟෙන් එතෙර වෙලා ගියා. කාටවත් අල්ලගන්න බැරිවුණා. කාලයක් ගියාම කොහේදෝ ඉඳලා ආයෙත් ගෙදර ආවා.

බාප්පාගෙ බාරකරුවා ලෙස හිටපු සීයාට එයා මහ කරදරයක් වුණා. ඒ නිසා එතුමා නුවර ඊරියගොල්ල වලව්වෙ තෝමස් හාමුට කොල්ලව බාර දුන්නා. එතැන වැඩ කරන්ඩ. එතැන කාර් බොහොමයක් තිබුණා. ඒවා ගෙනයන්නෙ ඔසවන්නෙ, වත්තෙ ගස් බිඳින්නෙ, වෙනත් බර වැඩ කරන්නෙ ඊට පස්සෙ බාප්පා.

මෙයා හයිහත්තිය ඇති ඉලන්දාරියා නිසා තෝමස් හාමුත් ආදරෙන් හිටියා. එහෙ කාලයක්ම මේ විදියට ඉන්නකොට ඒ වලව්වට එන සුද්දන්ට මෙයා වැඩ පෙන්නනවා. එන සුද්දොත් මෙයාගෙ ‘වික්‍රම’ බලන්ඩ ආසයි. සුද්දෙක් මෙයාව හමුදාවට බඳවා ගන්ඩ හාමුගෙන් ඉල්ලුවා.

යකඩයා අවසන් දවස්වල..

එතුමත් කැමැති වෙලා ඉංග්‍රිසි හමුදාවට බැඳිලා තියෙනවා. අම්පාර පැත්තෙ යුද කටයුතු පුහුණුවකටත් බාප්පාව ඇරලා ආයුධ පුහුණුවත් ලැබුවා. ඒ කාලෙ තමයි ඔය කාපිරින් ලංකාවට ගෙනැල්ලා තියෙන්නෙ.

අවුරුදු 11 - 12 ඉඳන් තෝමස් හාමුගෙ දුවත් මෙයත් එකටම වලව්වෙ හැදුණ නිසා බාප්පාත් ඒ හාමුගෙ දුවත් අතර මොනවා හරි ප්‍රේම පළහිලව්වකුත් තිබිලා තියෙනවා. යුද පුහුණුව අවසන් කරලා එන්ඩ සූදානම් වෙනකොට එයාට ලැබුණේ භයානක ආරංචියක්. ඒ තමයි තම ආදරවන්තියව වලව්ව‍ට ගෙනා එක්තරා කාපිරියෙක් බලෙන් දූෂණය කළ වග.

ඒ වෙලාවෙත් ඇය කෑගහලා තියෙන්නෙ ‘අනේ ජිනදාස මා බේරාගන්න’ කියල බව ආරංචි වූ බාප්පා කුපිත වුණා. එයා ‘ෂොට් ගන්’ එකක් අරන් කැලේ පැනලා හැංගුණා. කාපිරියන් දෙතුන් දෙනා සිටිනා තැන්වලට පැනලා වෙඩි තිබ්බා. සමහරු අල්ලා ‍ෙපාළොවේ ගැසුවා. පහර දීලා කැළෑවේ හැංගෙන නිසා බාප්පාව අල්ලාගන්ඩත් බෑ.

මේ විදියට කාපිරියො 90 ගණනක් මැරුවයි කිව්වා. බේරගන්ඩ ආපු සුද්දෙකුත් මැරුම් කෑවා. ඒ වතාවෙ තමයි සුදු ආණ්ඩුව දුටු තැන වෙඩි තියන්ඩ තීරණය කරලා තියෙන්නෙ. බේරෙන්ඩ බැරි තැන අපේ බාප්පා තලේමන්නාරම් තොට ඉඳලා ඉන්දියාවේ රාමේෂ්වරම්වලට මුහුදෙන් පීනලා ගිහින් තියෙනවා.

එතැනදි එයාව ඉන්දියාවෙ භයානක හොරෙක් වූ වීරප්පන්ට අහුවුණා. ඊට පස්සෙ එයාට වුණේ ඒ අයගෙ හොර වැඩවලට හවුල්වෙන්නයි. කාලයක් මේ විදියට ඉඳලා එයා හරිම අමාරුවෙන් එතැනින් පැනලා ඇවිත් තියෙන්නෙ.

ලංකාවට ආවට පස්සෙ බාප්පා ආයිත් කොල්ලකෑම් හොරකම් පටන් ගත්තලු. මනම්පිටියෙ ගමේ හිටපු ඩයස් සමරදිවාකර සමඟ ගොඩක් දේවල් කරලා. පස්සේ ඒ කට්ටිය දිඹුලාගල පැත්තේ නිධානයක් කඩලා මැණික් මුට්ටියක් හොයාගත්තලු. ඊට පස්සේ ඒ කට්ටිය ධන කුවේරයෝ වෙලා බාප්පාගෙන් ඈත් වෙලා ගිහින්. මුට්ටිය ලැබිච්චි වෙලාවේ බාප්පා ගියේ නැති නිසා එයාට යමක් ලැබිලත් නැහැ.

ඩයස් මේ සිද්ධියෙන් පස්සේ ඩයස් මුදලාලි වුණා. එයා ලංකාවටම එළකිරි බෙදන කිරි ඩිපෝ එකක් දාගත්තා. මරදන්කඩවල යකඩයා ලෙස බාප්පට නම ආවේ මරදන්කඩවල තැපැල් මහත්තයා ඒ හොරකමදි මැරුණ නිසා නොවේ. මරදන්කඩවලදි මිනිහෙක් එක්ක ඔට්ටු වෙලා බාප්පා ඝනකම වානේ කම්බියක් මිනිහගෙ ඔළුව වටේ මාලයක් වගේ නවලා දාපු හින්දයි.

පියසේන

විටින් විට හිරගෙවල්වලත් යකඩ කම්බි, කූරු නවාගෙන පැන්නා. අත් මාංචු රේල් පීල්ලෙ ගහලා කඩල දැම්මා. යාපනේ හිරගෙදරදි මේ වගේ නවපු කම්බියක් ඒ හිරගෙදර තවමත් තියෙනවා. එදා මරදන්කඩවල තැපැල් කාර්යාලයට බාප්පා ගිහින් තිබුණේ එයාගේ සගයා ජේමිස් එක්ක. ජේමිස්ගෙ අතේ පිස්තෝලෙ තිබුණෙ.

මෙයා සල්ලි කොල්ලකනකොට තැපැල් මහත්තයා පොලිසියට කෝල් කරන්න රිසීවරය ගත්තා. බාප්පා කෑගැහුවා තියපන් තියපන් කියලා. ජේමිස් හිතුවෙ වෙඩි තියන්න ඔහුට අණ දුන්නා කියලා. ඇත්තටම බාප්පා කියලා තියෙන්නේ රිසීවරය තියපන් කියන එකයි. එයා මිනී මරන්න කැමැති නැහැ.

අර කාපිරි සොල්දාදුවෝ ටික මැරුවේ පෙම්වතීගේ ශෝකාන්තය නිසයි. ඒ කාපිරියා එදා ඒ කෙල්ල දූෂ්‍ය කළා විතරක් නෙමේ බෙල්ලත් මිරිකලා මරලා දාලා තිබුණා ඒකයි. බාප්පා ඒ වගේම හිරගෙවල් කූඩු අරින යතුරුත් හදනවලු. එකපාරක් හිරමැදිරි 90ක් අරින්න පුළුවන් යතුරක් හදල අහුවුණා.

සිරිසේන

සෝමපාල

ඥානවතී

තව වතාවක් පො‍ළොව හාරගෙන පනින්න ගිහින් අහුවෙලා තිබුණා. මෙයාගේ මිනිස්කම ගැනත් යමක් කිව යුතුයි. එක වතාවක් හිරෙන් නිදහස් වෙලා එනකොට පොල් ගහකින් වැටිල හිටපු අබ්බගාත මනුස්සයකුගේ පවුලකට හිරගෙදර හිටපු කාලෙට ලැබෙන මුදල් දීල ඇවිත් තිබුණ.

මෙයා මන්ත්‍ර යන්ත්‍ර වැඩවලටත් හරි දක්ෂයි. සූදු පිටියක් තිබුණොත් එතන දිනුම බාප්පාට. පරදින්නෙම නැහැ. කොහෙන්ද හොයාගත්ත මන්තර පොත් වගයක් එයා ළඟ තිබුණා. එළවරා මුලකට මන්ත්‍රයක් ජපකරලා ඉනේ ගහන් ගියොත් සූදු පිටියම එයාගේ. දින්නට ඒවා ආයෙත් බෙදලා ගෙදර එන්නේ.

තැපැල් මහත්තයා මැරුවේ මම යි කියලා එයා ඉදිරිපත්වෙලා තිබුණේ තම සගයා ජේමිස්ව බේරගන්ඩ. නඩුකාර හාමුදුරුවෝ මරණ දඬුවම තීන්දු කරලා අහලා තියෙනවා තමුන්ට අන්තිම අවස්ථාවේ ඉල්ලන්ඩ යමක් තිබේ නම් කියන්ඩ කියලා. අ‍ෙප් බාප්පා ගේ සිද්ධියෙන් පස්සේ එහෙම මරණ දඬුවම කිසිවෙකුට තීන්දු කළත් අර වගන්තිය අහන්නෙ නැහැ.

හේතුව බාප්පා දුන් නරුම උත්තරය. එයා අවසාන වශයෙන් ඉල්ලා සිටියේ මට එහෙම නම් ඔබේ නෝනාත් සමඟ එක දවසක් යහන්ගත වෙන්ඩ දෙන්න කියලයි. යකඩයා මේ අනුව එල්ලා මරාදමන තුරු විශේෂ හිර මැදිරියක රැඳවුණා.

ඒකෙන් එක මොහොතකට හරි එයා එළියට ඇවිත් තියෙන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති තුමා ඒ හිරගෙදරට විවෘත කිරීමකට පැමිණි අවස්ථාවෙයි. එතුමා බාප්පා බලන්ඩ ඇවිත්. එල්ලා මරන්න දවස් තුනකට පෙර අගමැති විශේෂ සමාව යටතේ බාප්පා මරණෙන් නිදහස් වුණා.

මට මතක හැටියට බාප්පා එකම එක දවසක් සිල්ගත්තා. ඒ 1976 දී. දිඹුලාගල පන්සලේ. දිඹුලාගල හාමුදුරුවෝ බාප්පාගේ පාසල් මිත්‍රයෙක්. දිඹුලාගලට කිට්ටු සොරිවිල ගමේ කඩ දෙකක් සිල්ගත්දාම බාප්පා කඩලා තිබුණා. පොලිසිය දිඹුලාගල පන්සල වටකරන වෙලාවේ ලොකු හාමුදුරුවෝ ඉදිරිපත්වෙලා ඊයේ රෑ ඉඳන් බණ මඬුවේ සිල්ගත්ත ජිනේ කොහොමද ඒවා කරන්නේ කියලා පොලිසියෙන් අහලා තිබුණා.

හාමුදුරුවෝ දන්නේ නැහැ ඇත්තට ම රෑම ගිහින් කඩ කැඩුව බව බාප්පා මට කිව්වා. එයා කැඩුවෙම බොහෝවිට රත්තරන් බඩු සාප්පු. මලයාලි ජාතිකයන්ට අයිති ස්වර්ණාභරණ සාප්පුවක් කැඩුව වෙලාවේ කුලතුංග කියලා අයි පී කෙනෙක් එයාව අල්ලගෙන ජීප් එකට පටව ගත්තා.

අත්දෙකට මාංචු දාලා තිබුණත් ජීප් රථය වේගයෙන් ධාවනයවෙන කොට අයි පී ට පාද දෙකෙන් පහරදීලා බිම වැට්ටුවා. පිළිගන්න අයි පී මැරුණා. ඕන නම් හොයලා බලන්න. තවත් වාරයක් ලොකු ගෙදරක සේප්පුව කඩන වෙලාවේ ගෙහිමියාට ඇහැරුණා. වේලාව රාත්‍රි දෙකට විතර ඇති.

දඟලන්න එපා මට කියන්නෙ යකඩයා. තමුසෙගෙ සේප්පුවේ සල්ලි මේ මල්ලට දාලා මේකත් අරන් තමුසෙ සාමාන්‍ය විදිහට ගෙදරින් පිටවෙනවා. ඒකට සුදුසු ඇඳුමක් ඇඳ ගන්නවා. මේ මල්ල අරන් පාරෙ ගියාට කා එක්කවත් කතා කරන්න බැහැ. මම පිටිපස්සෙන් ඉන්නේ.

රෑ දෙකයි තිහට මඩකළපු යන බස් එකේ සීට් එකක මේක තියනවා. පොලිසියට කිව්වොත් වැඩ වරදී. මෙහෙම කිව්වම අර මනුස්සයා ඒ විදිහට ම කළාලු. ඒ කාලේ යන්ඩ වාහන වැඩිය නැහැ. බස් රථවලින් තමයි ඒවත් කෙරුණෙ. පහුවෙනිදාත් පහුවෙලා තමයි මිනිහා සිද්ධිය කියලා තියෙන්නේ.

බණ්ඩාරනායක අගමැතිතුමන් නොයෙක් වරදාන දුන්නත් බාප්පා ඒවා ගත්තෙත් නෑ. එයා අන්තිම කාලෙ නෑගෙයින් නෑ ගෙදර ගිහින් ජීවත් වුණේ. පොළොන්නරුවෙ කෙසෙල් වගාවක් පවා කළා. ප්‍රේමදාස මහත්මයාත් පෙට්රල් ලාම්පු හා වෙනත් ඊට අවශ්‍ය බඩු දීලා තිබුණා. අද ඒක වනජීවි කලාපයක්.

එයා අපට කිව්වෙ එයාගෙ ජීවිතේ නිස්කාරණේ නාස්ති වුණා. උඹලාවත් හොඳට හැදියල්ලා කියලයි. එයාගෙ මළගමට නෙල්ලිගම පළාතේ ප්‍රභූ පිරිසක් ආවා. චිත්‍රපයෙන් හම්බ කළ අයවත් ආවෙ නම් නෑ. බාප්පා වැඩියෙන් ම විරුද්ධ වෙලා තියෙන්නෙ ඒකෙ යකඩයාට බිරිඳක් හිටිය නිසයි.

බාප්පා අවිවාහකයි. නිර්මාංශිකයි. ගම්පහ ඔස්මන් ගුණසේකර මහත්මයා ගාවත් බාප්පා හිටපු නිසා එතුමන් මරණෙට උදව් කළා. අද යකඩයාගේ කට්ටිය කියලා අපට අලුතින් ලැබුණු දෙයක් නෑ. එයා හම්බකළ දේවල් අපට දීලාත් නෑ. අපෙ සීයාලට ලැබුණෙත් ගුටිබැට අවනම්බු විතරයි. මං වේවැල් එකතු කරලා රට පුරා බෙදලයි ජීවත් වන්නෙ.

යකඩයාගේ නංගි ඇලිස් නෝනාය. ඇය දැන් ජීවතුන් අතර නැත. ඇලිස් නෝනාගේ දරුවන් සොයා අපි කැකිරාව කිණිහිරිකන්ද පසුකොට නෙල්ලිගමට ගියෙමු. සෝමපාලගේ මාමා යකඩයාය.

අපේ තාත්ගෙ නමත් ජිනදාස. යකඩයා මාමා ඉඳහිට ඇවිත් යනවා. ඒ එනකොට අපට ලැබුණු දෙයකුත් නෑ. ඒත් අතන කඩ කැඩුවාය - මෙතන කඩ කැඩුවාය කියලා පොලිසිය අල්ලගෙන යන්නෙ අපේ තාත්තලාව. ඒ මාමා ඉදිරිපත් වේවි කියලා. අපි ගොවිතැන් කරලා යම්තම් දිවිය ගැට ගහගන්නා අය. එයාගෙ ජීවිතය එහෙම වෙනත් පැත්තකට තල්ලු වෙලා ග‍ියේ ඇයි? කියලා මටත් තේරෙන්නෙ නෑ. කැලේ කොළේ පෙරලාගෙන කාටවත් කරදරයක් නැතිව ජීවත්වෙන්නයි කියල නම් මාමා අන්තිම කාලේ අපට කිව්වා.

ඥානවතී ඇලිස් නෝනාගේ එක් දුවකි. ඇගේ නිවෙසේ ද යකඩයා කාලයක් ජීවත් වී ඇත.

මාමා අන්තිම කාලේ අහිංසක වුණා. එයා කවරදාවත් බේතක් වත් බොන කෙනෙක් නොවෙයි. හරියට පිරිසුදුකම ඕනෑ. රෝහලකට ගියත් කොට්ටයක් මෙට්ටයක් පාවිච්චි කරන්නෙ නෑ. ඒවා අපිරිසුදුයි කියලා. එක වතාවක් රෝහලෙන් දෙන තමන්ගෙ බත්පතට බිත්තරයක් දැම්මා කියලා මහා ජංජාලයක් කරලා තිබුණා.

පියසේන කී තවත් යමක් මට සිහිපත් වෙයි. එයා ගෙදර ඉන්නකොට හෙළුවෙන් ඉන්නයි වඩා කැමැති.. හිරගෙදරදිත් එහෙමලු. එයා ආවාම අපේ අම්මලා මට කෑ ගහනවා ඉස්සරහට යන්ට එපා බාප්පා ඇවිත් හෙළුවෙන් ඉන්නෙ කියලා. ඒ හෙළුව තව කෙනෙක් දකිනවාට එයාට ආසාවක් තිබුණා. ඒක මානසික රෝගයක්. අන්තිම කාලෙ අංගොඩ හිටියෙත් ඒ වගේ හේතු නිසයි.

සිරිසේන (62) නෙල්ලියගම ගම් වැසියෙකි. යකඩයා ගැන තවත් පැතිකඩක් ඒ ගැමියා හෙළි කරයි.

පොඩි කාලෙ ඉඳලම වැරැදි පැත්තට එයා ගිහින් තිබුණෙ. මේ ගමට එනකොටත් මා දන්නවා. තරුණ කාලේ ඉඳන් එයා නොකළ වරදක් නෑ. ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් හොරා ගැනීම් මිනී මැරුම් මේ හැම දේම. එයාට මන්ත්‍ර පොත් තිබුණා. සූදු කෙළලත් මිනිහා එක්ක දිනන්ඩ නම් බෑ.

මරදන්කඩවල තැපැල් මහත්මයා මැරුවා. නිධන් කැඩුවා. කඩාගෙන පනින්ඩ බැරි හිරගෙවල් කඩාගෙන පැන්නා. එයා හොඳ මිනිහෙක් නොවේ. එයා සමාජයට කරපු හොඳක් නෑ.

යකඩයා නිසා නෑසියන්ට ලැබුණු හොඳක් නැත. ඒ නෑසියෝ ඉතා දුක් මහන්සියෙන් වී, තල, මෙනේරි, කුරහන් වී වවමින් ජීවිතය ගැට ගහගනිති.

බොහෝ දෙනාට උදව් උපකාර කළා කීවත් එවැන්නකු සොයා ගැනීමද අමාරුය. යකඩ වැඩ කිරීමෙන් පමණක් වීරයෙක් බිහි නොවේ. ඔහු තුළ ගුණ ධර්ම ද තිබිය යුතුය.

යකඩ වැඩ කරන මිනිස්කමේ වීරයෙක් බිහිවන්නේ නම් ඔහු මිනිස්කමේ යකඩයෙකි. ජීවත් වූ යකඩයා නෑසියන්ට ද සමාජයට ද බරපතළ ඛේදවාචකයක් පමණක් වූ බව කියන්නේ කනගාටුවෙනි.


ගෝනවල සුනිල්ගේ ලිපිය හා සබැදේ

ගිය සතියේ පළවූ ගෝනවල සුනිල්ගේ ලිපියේ දී සුනිල්ගේ දියණිය කමිලා කළ ප්‍රකාශයක් ඒ අයගේ කැමැත්ත පරිදි මෙසේ නිවැරැදි කැරේ.

කමිලා පෙරේරා වන මා සහ මගේ වැඩිමහල් සොහොයුරා මධුර ධම්මික පෙරේරා ලංකාවේ ජීවත්වන අතර මගේ බාල සොහොයුරා හේෂාන් දිනුෂ්ක පෙරේරා එංගලන්තයේ ජීවත් වෙයි. මේ හැර අපට වෙන කිසිදු සහෝදරයෙක් හෝ සහෝදරියක් නැත. අපගේ පියා වන සුනිල් මහතා නමින් වෙනත් අය ඉදිරිපත් වී අපට නින්දා කිරීමට උත්සාහ කරතැයි ඇය සිළුමිණට කීවාය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්