X
Loading Image...
 
 

දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සිළුමිණ: විශේෂාංග - විගමනිකයන්ගේ තොරතුරු සැණින් දැනගන්න ජාලගත සේවාවක්

රටවිරු විමසුම් විසඳුම්

විගමනිකයන්ගේ තොරතුරු සැණින් දැනගන්න ජාලගත සේවාවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් ලබන මහජනතාවගේ යහපත උදෙසා තාක්ෂණය යොදා ගනිමින් කඩිනමින් සේවා ඉටුකර දෙන්නට පියවර ගන්නැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා උපදෙස් දී ඇත.

ජාලගත ක්‍රමයකට කාර්යාංශයේ සේවාවන් සකස් කිරීම තුළින් නිවැරැදි දත්ත හා තොරතුරු පදනම් කරගෙන ක්‍රමවත් සේවා සලසා දීමටත් තොරතුරු දැනගැනීමටත් හැකියාව ලැබීම සුවිශේෂී තත්ත්වයකි.

ඇමැතිවරයා විසින් නිලධාරීන්ට මේ පිළිබඳව ලබා දී ඇති උපදෙස් නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටයුතුවලදී අපේ ශ්‍රමිකයන්ට රැකියා බහුතරයක් සපයා දෙන මැදපෙරදිග රටවල හා අනිකුත් රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ රැකියාලාභියාගේ හැඳුනුම්පත හා ගමන් බලපත්‍රය පිළිබඳ නිවැරැදි බව සහතික කර ගැනීමේ දී හැඳුනුම්පත් කාර්යාලය හා ආගමන විගමන කාර්යාලය මෙන්ම පවුල් පසුබිම් වාර්තාවට අදාළ නිවැරැදි දත්ත ඉදිරිපත් වී ඇද්දැයි ස්වල්ප මොහොතක් ඇතුළත නව තාක්ෂණ හා ජාලගත සේවා අංශ මඟින් අනාවරණය කර ගැනීමට හැක.

මෙය කාර්යාංශයට මෙන්ම රට රැකියාවට යන ශ්‍රමිකයාට ද පමාවකින් තොරව සේවා සලසා ගැනීමට හැකි ක්‍රමයක් වෙයි.

රාජ්‍ය සේවාවන් සඳහා ක්‍රියාත්මක විය යුතු බවට ප්‍රකාශයට පත් වී ඇති රජයේ ඉ සේවාව හෙවත් ලංකා ඉ ගාමන්ට් ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී එකී තාක්ෂණය ඔස්සේ ජාල ගත ක්‍රමය විදේශ රැකියා සේවා සඳහා ක්‍රියාත්මක වී එම කටයුතු කඩිනම් විය යුතු බව ද ඇමැතිවරයා සිය අමාත්‍යාංශයටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් කරුණු පෙන්වා දී තිබේ.

කාන්තාවන් රට රැකියා සඳහා යාමේ දී පවුල් පසුබිම් තොරතුරු පළාත්වල උපාධිධාරී සංවර්ධන සාහයකයන් මඟින් සපයන තොරතුරු පදනම් කරගෙන සකස් වූ වාර්තාවක් මඟින් ලබා ගැනීම වෙනුවට ඔවුන්ට එම තොරතුරු එස්. එම්. එස්. පණිවුඩයක් මඟින් දැන්වීමට ක්‍රමයක් ද කාර්යාංශය හඳුන්වා දී ඇත.

මෙලෙස ලබා දෙන්නේ කෙටි පණිවුඩයක් වුවත් සපයා ඇත්තේ නිවැරැදි තොරතුරු ද රට රැකියාව සඳහා යන කාන්තාවගේ ගමන් බලපත අනුමත වී ඇත්දැයි ජාලගත සේවාව තුළ එස්. එම්. එස්. පණිවුඩය සමඟ තත්පර කිහිපයකින්ම තහවුරු කර ගත හැකිය.

වි‍දේශ රැකියාවලදී අපේ කාන්තාවන් කරදර හිරිහැරවලට මුහුණ දී ආරක්ෂාව පතා තානාපති කාර්යාලවලට පැමිණ රැකවරණය ලබා ගැනීමටත් නැවත ලංකාවට ඒමට කරන ඉල්ලීම් ද රාශියක් පවතී.

මෙවන් තත්ත්වයකදී කාන්තාවගේ හරි තොරතුරු නව ජාලගත සේවාව තුළදී ස්වල්ප මොහොතකින් තොරතුරු අනාවරණය කර ගත හැකිය.

කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය සියලු කාර්යාල ද මේ ජාලගත සේවාව හා සම්බන්ධ කර තිබෙන නිසා මොහොතකින් අදාළ තොරතුරු ලබාගත හැකිවීමද මේ කටයුතු පහසුකරවයි.

මෙරටට ලැබෙන රැකියා ඇණවුම් පිටරට රැකියා ඒජන්සිකරු විසින් අපේ දේශීය ඒජන්සිකරු වෙත දැනුම් දීම් වැනි අවස්ථාවලදී පිටරට ඒජන්සියේ සහ මෙරට ඒජන්සියේ නම හා ලිපින ඔස්සේ ජාලගත සේවාව උපයෝගී කරගෙන කොපමණ රැකියා ප්‍රමාණයක් ද, වැටුප් පදනම, සේවා කොන්දේසි, සුදුසුකම්, සුබසාධන පහසුකම් ආදි සියලු විස්තර නිවැරැදිව ලබා ගැනීමටත් කාර්යාංශය මඟින් මින් ඉදිරියට ක්‍රියාත්මක කරනු ලැබේ.

මහජනතාවට කඩිනම් වඩාත් කාර්යක්ෂම හා නිවැරැදි තොරතුරු සේවා මඟින් විදේශ රැකියා සේවයට පුනර්ජීවනයක් ලබාදීමටත් එතෙර විපතට පත්වන ශ්‍රමිකයන් ඉක්මනින් ගෙන්වා ගැනීමට ඔවුන් පිළිබඳ තොරතුරු ජාලගත සේවාව ඔස්සේ සුළු වේලාවකින් ලබා ගැනීම සුබසාධන හා සහන සලසා දීම ආදි මෙකී ක්ෂේත්‍රයට අදාළ සියලු කටයුතුවල තාක්ෂණයත් සමඟ ප්‍රගතියකට ලක්කිරීම හා වරද අවම කර ගැනීමත් තම එකම අරමුණ බව ද ඩිලාන් පෙරේරා ඇමැතිවරයා සඳහන් කරයි.


කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අන්තර්ජාලයේ ආධාරයෙන්

කොරියාවේ වසර කිහිපයක් රැකියාවක නිරතව සිට මෙරට ආපසු පැමිණි අයට නැවතත් කොරියාවේ වසර දෙකක කාලයකට රැකියා අවස්ථාවන් හිමි වෙයි.

මෙලෙස දෙවන වරටත් කොරියාවේ රැකියා සඳහා යාමට කැමැති අය කොරියා භාෂා පිළිබඳ ප්‍රවීණතාව අන්තර්ජාලය හරහා පවත්වන විභාගයකට පෙනී සිටිය යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා ප්‍රකාශ කරයි.

මේ විභාගය අන්තර්ජාලය හරහා ප්‍රථම වරට මේ වර්ෂයේ සිට ආරම්භ කිරීමට විධි විධාන යොදා ඇත. කොරියානු රජයේ මානව සම්පත් සේවා ආයතනය මේ විභාගයේ කටයුතු සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබයි.

කොරියානු ජනරජයේ මානව සම්පත් සේවය මඟින් කොරියානු භාෂා විභාග මධ්‍යස්ථානයක් ද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2 ක වියදමින් පන්නිපිටිය බොරැල්ල පාරේ පිහිටුවා තිබේ. මේ මධ්‍යස්ථානය පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා අතින් විවෘත කැරිණි. මේ මධ්‍යස්ථානයේ සිසුන් 40 කට අන්තර්ජාලය (ඔන් ලයින් ක්‍රමය) ඔස්සේ විභාගයට පෙනී සිටිය හැකිය.

මින් ඉදිරියට මෙරට පවත්වන කොරියානු භාෂා විභාගය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට පියවර ගන්නා බව ද සභාපතිවරයා මේ උත්සවයේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වසර ගණනාවක සිට ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමක් පරිදි වාර්ෂිකව අගෝස්තු ඔක්තෝබර් දක්වා අතර කාලයේ දී කොරියා රැකියා සඳහා අයදුම්පත් කැඳවා විභාගයක් පැවැත්වීම මෙතෙක් දුරට සිදු කැරිණි. විභාගයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව තෝරා ගෙන රැකියා සඳහා සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙළේ ද කොරියාව විසිනි. කොරියාවට ශ්‍රමිකයන් යවන හොඳ රටක් ලෙස ශ්‍රී ලංකාව කොරියාව විසින් පිළිගෙන රන් සම්මානයක් ද පිරිනමා ඇත.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් 26,000 - 27,000 අතර සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටින අතර මේ සේවකයන් බහුතරයකට ඉතා ඉහළ වැටුප් හිමි වී තිබේ.


කොරියානු ජනරජයේ මානව සම්පත් සේවය මඟින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2 ක් වැය කර පන්නිපිටිය බොරැල්ල පාරේ ඉදිකරන ලද කොරියානු භාෂා විභාග මධ්‍යස්ථානය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා ගේ සහභාගිත්වයෙන් විවෘත වූ අවස්ථාව. මෙරට සිටින කොරියානු තානාපති ජෙයින් වුන්චෝයි කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ උප සභාපති ලී චූන් අමාත්‍යංශ ලේකම් නිශ්ශංක යන මහත්වරුද මෙහි සිටිති.

රට රැකියාවේ යෙදෙන ඔබේ බිරියගේ ස්වාමියාගේ නැතිනම් දියණියගේ පුතාගේ කිසියම් සේවා ගැටලු හා ප්‍රශ්න මතුවී තිබේ නම් අදාළ අංශ වෙත යොමු කර සහන සලසාදීමට ප්‍රශ්නය කෙටියෙන් සඳහන් කොට අප වෙත ලියා දන්වන්න.

අපේ ලිපිනය - රටවිරු විමසුම් විසඳුම්

සිළුමිණ, ලේක්හවුස් කොළඹ 10.

සම්බන්ධීකරණය මංගල රන්දෙනිය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා හා ප්‍රචාරක)

සහ මදුෂාන් කුලරත්න (ප්‍රවෘත්ති නිලධාරී)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්