දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අක්කාගේත් මල්ලීගෙත් ඇස් හිටිහැටියේ අන්ධවෙයි

පුලතිසිගම ඇඬවූ සඳුනි,මහේෂ් ගේ ශෝකාන්තය

අක්කාගේත් මල්ලීගෙත් ඇස් හිටිහැටියේ අන්ධවෙයි

සනි, මහේෂ්

තුරුපෙළ අතරින් පෙරී එන සඳකැන් වැටී සෝමාවතිය කොත් කැරැල්ල වෙනදාටත් වඩා හොඳින් බබළන්නට විය. ළඳු කැලෑව අතරින් වැටී ඇති පටු මාවත අවුරා අතුඉතිරිකිලි මාවතට බර වී ගොස් ය. මේ පටු මාවතට වැටී ඇති වන රොද අතරින් පුලතිසි ගම නගරයේ සිට කිලෝමීටර් හතරක් ම පයින් ම ‍යායුතු ගල්තැටි දමන කුඩා ගම්මාන‍යේ ගැමියන් උපතින් ම දුප්පත්කම කරපින්නාගෙන ජීවත් වන්නෝ ය. පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම පෙනෙන තෙක් මානයේ ගම් උදා භූමියේ පිහිටි රම්‍යලතාගේ නිවස දැන් හොඳටම අබලන් ය.

උපතින් ම දිළිදුකමත් අසරණකමත් උරුම වූ ගල්කැටිදමන ගමේ ගැමියෝ හිමිදිරි අරුණැල්ල මිහිතලයට වැටෙන්නටත් පෙර මහ පොළොවත් සමඟ ඔට්ටු වන්නට ගං ඉවුර වෙත ඇදෙති. සෙනරත් බණ්ඩාරත් සිය බිරිය රම්‍යලතාත් සුපුරුදු පරිදි දරු දෙදෙනා නිවසේ තනිකර දමා දොර පැලැල්ල ඉවත් කොට ගං ඉවුර වෙත ගොස් අව් වැසි නොතකා වැලි ගොඩ දැමූහ.

සඳුනිත් කුඩා මහේෂුත් නිවසේ තනිවු‍ණි. සඳුනි අහස දෙස ‍හිස් බැල්මක් හෙළුවා ය. ඝන අන්ධකාර වළාකුලකින් අහස් කුස අතුරු සිදුරු නැතිව වැසී ගොස් ඇතැයි ඇයට සිතුණි. පාසලේ ගුරුතුමී හඳ මාමා ගැන කියූ කවි ඇයට මතක් විය.

ඇය අම්මා එන පෙරමඟ බලාඋන්නේ බඩගින්න උහුලා ගැනීමට බැරි තැන ය. රම්‍යලතා ද දරු දෙන්නා බඩගින්නේ බව දැන ගිනිඅව්වේ අඩියට දෙකට පෑළ දොරින් ගෙට රිංගුවා ය. ලිප මුල්ලේ තිබ‍ූ හට්ටි මුට්ටි හිස් ය. දරුවන් දෙන්නාත් කුසගින්නේ ය.

වෙනදා මෙන් කුරුලු කොබෙයියන්ගේ හඬට සදුනී හොඳින් කන්දුන්නා ය. තටු ගසා ඉගිල්ලෙන කුරුල්ලන් ඇයට හොරා යන්නේ කොහාට දැයි ඇය විපරම් කරද්දී සඳුනිගේ දෙනෙත් කඳුළින් බර විය. වෙනදා මෙන් පාසලට යන්නට ගංගොඩේ ඇළ දොළෙහි සෙල්ලම් කරන්නට තමාටත් මල්ලීටත් අපහසුතාවක් ඇති බව දැනිණි. ඇය ඉකිබිඳ හඬන්නට වූවා ය. පාසල් රැගෙන යන ලෙස ඇය මවට ඇවිටිලි කළා ය. දෙදෙනා ද‍ෑතින් අල්ලා ගත් රම්‍යලතා ඔවුන් පාසලට රැගෙන ගියා ය.

දුප්පත්කම විසින් ජීවිතේ බොහෝ දේ අහිමි වෙද්දී සඳුනිටත් මහේෂ්ටත් ලොව බැලීමේ වාසනාව අහිමිකරන්නට තරම් දෛවය කුරිරු වූයේ ඇයි දැයි රම්‍යලතාට ද තේරුම්ගන්න බැරිවිය. ඇය දරුවන්ට රහසේ ඉකිබින්දා ය. සඳුනිටත් මහේෂ්ටත් ‍ලොව බැලීමේ වාසනාව අහිමි වී ඇත.

ඒ අන්ධ භාවය ඔවුන්ගේ අකුරට යන පාරට හරස් කැපුවේ ය. පාසල් පිට්ටනියේ ඔට්ටුවට දුවන්නට මහේෂ්ට ද සඳුනිටද යළි කිසි දිනක වාසනාව නොලැබෙනු ඇත. අකුරු කරන්නටත් අකුරට යන්නටත් ඔවුන්ගේ හිතේ බලාපොරොත්තු පොදි බැඳ තිබුණ ද ඒ සිහිනය කෙදිනකවත් සැබෑ නොවනු ඇත.

ජීවිතේ මහ මෙරක් තරම් පැතුම් නැති වුව ද රම්‍යලතාත් සෙනරත් බණ්ඩාරත් ‍ තම දරුදෙදෙනාගේ අනාගතය වෙනුවෙන් උදේ හවස වෙහෙස නොබලා මහපො‍ළවත් සමඟ ඔට්ටු වී ගිනි අව්වේ වැලිගොඩ දැමූහ. ඔවුන්ගේ එකම පැතුම ව‍ූයේ දෑස් අන්ධවූ තම දරුවන් දෙදෙනා සුවපත් කරගැනීමයි.

සදුනි මහේෂ් මව සමග

මව පියා සහෝදරයින් සමග සමග

දෛවය විසින් ‍රම්‍යලතාලාට බොහෝ දේ අහිමිකර තිබිණි. එහෙත් වසර දොළහක් සඳුනි දියණියටත් මහේෂ් පුතුටත් ලෝකය දකින්නට වාසනාව ලැබුණ ද දෙනෙත එකවර නොපෙනී යෑම ඔවුන්ට දරාගත නොහැකි වේදනාවක් විය.

“මට දරුවන් හය දෙනෙක් ඉන්නවා. ගැහැණු දරුවන් හතර දෙනෙක් ම විවාහ වී ගමෙන් පිටවෙලා ඉන්නේ. සඳුනි නිසංසලා (12) පුලතිස්නිගම විජිත මහා විද්‍යාලයේ හත් වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තෙ. පොඩි පුතු මහේෂ්කුමාර (10) ප‍හ ශ්‍රේණියේ. මහේෂ් කුමාර පුතා මීට මාස තුනකට පෙරදී හිටි හැටියේ ම අන්ධ වුණා.

අපි පුළුවන් විදිහට පුතාව හැම තැනම ඉස්පිරිතාලවලට අරන් ගියා. පොලොන්නරුව මහනුවර රෝහල්වලට පෙන්නුවත් පුතාට කිසිදු අසනීපයක් නැතැයි කීවා. ඊට පස්සේ සඳුනි දුවත් මීට සති දෙකකට පෙර අන්ධවුණා. දරුවෝ හය දෙනා ලොකු මහත් කරන්නට නොවිඳිනා දුක් වින්දා. මීට මාස හයකට පෙර පුතාට වලිප්පුව හැදුණා.

ඒ සමඟම පුතා රෝහලට ගෙන ගියා. දොස්තර මහත්තුරු පරීක්ෂණ පවත්වලා කිව්වා පොලොන්නරුව මහ ‍රෝහලට ගෙන යන්න කියලා. එහිදී පරීක්ෂණ පවත්වලා මහනුවරට ගෙන යන්න කිව්වා. එහිදී සතියක් විතර ප්‍රතිකාර කරලා පුතා අරගෙන කොළඹ මහ රෝහලටත් ගියා. ඊට පස්සේ ඒ කොළඹ මහ රෝහලෙනුත් පරීක්ෂණ කරලා පුතාව ගෙදර එව්වා.

පුතාට රෝගයක් නැහැ කිව්වා. පුතා ගෙදර එක්කරගෙන ආවාත් දරුවට ඇස් දෙක පෙනුණේ නැහැ. දරුවො කියනවා ඉස්කෝලේ යන්න ඕන කියලා. ඇස් නොපෙනුණත් මම ටික දවසක් පුතා ඉස්කෝලේට අරගෙන ගියා.

පාසලේදී දරුවට කිසිම දෙයක් කරගන්න බැහැ තනිවම. ගුරුවරුන්ටත් කරදරයි. දරුවා වළකටවත් වැටෙයි තුවාලයක් වෙයි කියලා පුතාගේ පාසල් යෑම නතර කළා. රම්‍යලතා කීවේ දැඩි වේදනාවකිනි.

“දුවව පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වේත් ළමයාට කිසිම ලෙඩක් නැහැ කියලා. ඒත් දුවගේ දෙනෙත් නොපෙනී ගියා. දරුවෝ දෙන්නටම මෙහෙම වුණාම අපි දරා ගන්නේ කොහොමද? මගේ දරුවන්ගේ ඇස් දෙක සුවපත් කරලා දෙන්න පුළුවන්නම් හුඟක් පින් සිද්ධ වෙනවා. අපි ‍එදා වේල හම්බ කරගෙන ජ‍ිවත් වෙන අය.

මගේ දරුවන්ගේ දෙනෙත් අන්ධ නිසා අපිට ඔවුන් දෙදෙනා ‍ගෙදර තනිකරලා රැකියාවට යන්නත් බෑ. මගේ දරුවෝ සුවපත් කරලා දෙන්න කවුරුම හරි ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්. දරුවන්ගේ පියාවන සෙනරත් බණ්ඩාර අප සමඟ කීවේ බැගෑපත් ස්වරයකිනි.

කොළඹ අක්ෂි රෝහලෙන් නිසි ප්‍රතිකාර ලැබිය හැකියි

විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් පෙරේරා

කොළඹ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ

හිටි හැටියේ මෙලෙස දරුවන් අන්ධභාවයට පත්වීමට බලපාන හේතු සාධක මොනවා දැයි අපි කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් පෙරේරා මහතාගෙන් විමසීමක් කෙළෙමු.

“මේ සඳහා හේතු කාරණා රැසක් බලපෑමට පුළුවන්. දරුවන් පරීක්ෂා නොකර කිසිදු නිගමනයකට ‍පැමිණිය නොහැකියි. ස්නායුවල ඇතිවන ප්‍රශ්න නිසාත් මෙලෙස හිටි හැටියේ අන්ධභාවයට පත්වීමට පුළුවන්. පොලොන්නරුව මූලික රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකු හරහා කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත යොමු කළහොත් දරුවන්ගේ ඇස් පරීක්ෂා කර අපට නිසි ප්‍රතිකාර වලට යොමු කළ හැකියි.

දවස පුරා වැලිගොඩ දමමින් දිවි සරිකරන රම්‍යලතාගේ සහ සෙනරත් බණ්ඩාරගේ මුහුණු විඩාබර ය. දෑස් නොපෙනෙන දරුවන් රකින්නට ඔවුන් අනේක දුක් විඳිති.

අනුන්ගේ උදව් උපකාර නොගෙන ජීවත්වීමට ඔවුන් අදිටන් කර ගත්ත ද නොසිතූ මොහොතක දරුවන් දෙදෙනාගේ දෙනෙත් අන්ධ වීමේ වේදනාව මවුපිය දෙපළට කෙසේ නම් දරා ගත හැකි ද?

දිළිඳු දිවි පෙ‍වෙතක් ගත කරන මේ දරුවෝ යළිත් ලෝකය දැකීමේ ආශාවෙන් පෙළෙති. ඔවුන්ගේ පාඩම් පොත් නිසොල්මනේ ය. වේලක් හැර වේලක් පිරිමසා හෝ දරුවන් රැක‍ීමට ඔවුන්ට බැරිකමක් නැත. එහෙත් දෙනෙත් නොපෙනෙනා දරුවන්ගේ දෙනෙත් සුවපත් කර ගැනීමට කාගේ හෝ පිහිටක් ලැබිය යුතුමය.

පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ද්විතීයික අධිකරණ සංඝනායක යටිහලගල උපතිස්ස හිමියෝ මේ අසරණ දරු පවුලට පිහිට වන ලෙසත් දරු දෙදෙනාගේ නෙත් පාදාදීම මහත් පින්කමක් බවත් පැවැසූහ.

උපතින් ම උරුම වූ දුප්පත්කම නිසා රම්‍යලතාලාගේ ජීවිතවල මහා ලොකු බලාපොරොත්තු තිබුණේ නැත. එහෙත් ඓතිහාසික සෝමාවතී වෙහෙරට පොලොන්නරුවේ සිට පුලතිසිගම පසු කරමින් යන අතරතුර පිහිටි ළඳු කැලෑ අතරින් වැටී ඇති පටු මාවතේ කිලෝමීටර් හතරක දුරක් මහ පාරේ සිට ගම ඇතුළට ගිය ඔබට ගල් කැටි දමන දුෂ්කර ගමේ පැළක ජීවත්වන මේ අම්මාගේ දුක්මුසු බවත් හිස් අහස දෙස බලා සිටින පුංචි පැටව් දෙදෙනාගේ දුක්බර ස්වරූපයක් දැකගත හැකි ය.

ඔවුන් මඟ හැර නොයා ඔවුන්ට පිහිට වන්නැයි අපි ඔබෙන් ඉල්ලමු. සඳුනි දියණියටත් මහේෂ් පුතුටත් අකුරට යන පාරට හරස් වී ඇති දෙනෙතින් යළිත් ලෝකය දකින්නට ඉඩ දෙන්න ඔබට හැකි නම් ඒ පුංචි දෙනෙත්වලට සෝමාවතියට ඉහළින් ඇති නිල් අහස දකින්නට ඉඩ දෙන්න ඔබටත් හැකිනම්, ඒ පුංචි දෙනෙත් සුවපත් කරන්නට උදව් විය හැකි නම් එය මහත් පුණ්‍යකර්මයක් වනු ඇත. මේ දරුවන්ට උදව් විය හැකි අයට යටියලගල උපතිස්ස හිමි ශ්‍රී බිම්බාරාමය පුලස්තිගම ලිපිනයෙන් වැඩිදුර විස්තර දැනගත හැකි ය. දුරකථනය 0719424845.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්