එජාප අපේක්ෂක රොයිස් ගේ කොල්ලයට පොලිසියේ එල්ලය
මීගමුවේ ජුවෙල් ලංකා කොල්ලය
එජාප අපේක්ෂක රොයිස් ගේ කොල්ලයට පොලිසියේ එල්ලය
ගිනි අවි පෙන්වා ව්‍යාපාරික ස්ථානවලට කඩා පැන කෝටි ගණන් මුදල් කොල්ල කෑම් දැන්
රට පුරා බහුලව සිදුකෙරේ. මීගමුවේ පිහිටි ‘ජුවෙල් ලංකා’ ආයතනය විදේශ මුදල් මාරු
කරන හා රන් අභරණ වෙළෙඳ ආයතනයකි. ජුවෙල් ලංකා ආයතනයේ අයිතිකරු මෙන් ම එහි
සේවක මහතුන් ද ඉස්ලාම් ලබ්ධිකයන් වශයෙන් ආගමික වතාවත් ඉටු කරමින් වැඩ
පටන්ගනී. ජුවෙල් ලංකා ආයතනයේ අධිපතිවරයා සමාජ සත්කාර රැසකට දායක වී මීගමු
ජනතාව සමඟ මෙන් ම අනෙකුත් නගර වැසියන් සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන
ඇති නිසා වෙළෙඳ සැලට සොර සතුරු බියක් ඇති වේ යැයි ඔහු කිසිවිටෙක නොසිතුවේ ය.
පසුගිය 17 වැනිදා පස්වරු 2 ට පමණ ජුවෙල් ලංකා ආයතනයට කඩා පැන ගිනි අවි පෙන්වා
කෝටි ගණනක මුදල් පැහැරගෙන ගියේ යැයි කියන පුවත පුවත් පත්වල වාර්තා වී තිබිණි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ මා හට මෙම පුවත දැන්වූ මාධ්‍ය හිතවතා ද සිද්ධිය වූ
වෙළෙඳ සැල ඉදිරිපිට සිට ඇත.
පසුගිය 17 වෙනිදා පස්වරු 2 පමණ කලින් සැලසුම් කළ පරිදි මුහුණු ආවරණය කරන ලද
හිස්වැසුම් දමා ගත් දෙදෙනෙක් ජුවෙල් ලංකා ආයතනයේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ
ඇත.
මුහුණ වසාගෙන හිස් වැසුම් දමා ගත් අයට එම වෙළෙඳ සැලට ඇතුළුවීමට ආරක්ෂක අංශ
නිලධාරියා ගෙන් ඉඩ නොලැබිණි. එහෙත් එම දෙදෙනාගෙන් එක් අයෙක් ප්‍රධාන ගේට්ටුව
අසල සිටි ආරක්ෂක නිලධාරයාට පහර දී ඔහු මෙල්ල කරගෙන කොල්ලකරුවන් දෙදෙනා
ප්‍රධාන ගේට්ටුවෙන් ව්‍යාපාරික ස්ථානයට ඇතුළුවී ඇත. එක් අයෙක් ගිනි අවිය
(පිස්තෝලය සේවක මහතුන් දෙසට එල්ල කර “ඉඳගනිව් කෑ ගැසුවොත් වෙඩි තියලා මරනවා”
යි තර්ජනයද දර ඇත.
අනෙක් තැනැත්තා පුටුවකට එක් කකුලක් තබා අනෙක් කකුල මුදල් මේසය මතට තබා මුදල්
ලාච්චු දෙක විවෘත කර තිබෙන ස්ථානයට පැන ඇති අතර අනෙක් තැනැත්තා කැෂියර් මේසයේ
වාඩිවී සිටි එහි අයිතිකරුට ගිනි අවි එල්ල කරමින් සිට ඇත. අනෙක් සැකකරු ලාච්චු
දෙකේ තිබූ මුදල් සියල්ලම බෑගයකට දමාගෙන දෙදෙනාම කිසිදු බියක් සැකක් නැතිව
ප්‍රධාන ගේට්ටුවෙන් එළියට බැස ගොස් ඇත.
මෙම සිද්ධිය ගැන රථවාහන කටයුතුවල රාජකාරි කළ මීගමු පොලිසියේ රථවාහන අංශයේ
උප ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී.කේ.එම්.යූ. ගජනායක මහතාට තොරතුරක්
ලැබී එතැනට පැමිණ සිටිය දී සැකකාර දෙදෙනා මුදල් බෑගය ද රැගෙන එතැනින් පිටව ගොස්
තිබේ.
නිරායුධව සිටි ගජනායක මහතා මොහොතක් ඔවුන් යන දෙස බලා සිට සිද්ධිය
සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කර මුදල් රැගෙන යතුරු
පැදිවලින් පළා යමින් සිටි දෙදෙනා පිටුපස හඹා ගොස් ඇත. මේ දෙදෙනා මුදල් කොල්ලකා
ගෙන එනතුරු යතුරු පැදි දෙකක් පණගන්නාගෙන මහමඟ දෙදෙනෙක් සිට ඇති අතර මුදල්
පැහැර ගත් අය ගොස් ඇත්තේ එම යතුරු පැදි දෙකෙන් බව ඇසින් දුටු අය සාක්කි දරති.
යතුරුපැදි දෙක අතුරු පාරවල්වලින් දමා ඉදිරියට යද්දී පළමු යතුරු පැදිය ගොස්
ඇත්තේ මුදල් බෑගය රැගෙන ගිය දෙදෙනාය. පිටුපසින් ගිය දෙදෙනාගෙන් යතුරුපැදියේ
වාඩි වී ගිය තැනැත්තා අත ගිනිඅවිය තිබුණේය.
කුරණ කටුනායක ගුවන් තොටුපළ
ආසන්නයට පැමිණෙන විට පිටුපසින් ගිය යතුරුපැදිය නවතා එක් අයෙක් ගජනායක
මහතා පැමිණෙමින් සිටි දෙසට වෙඩි පහරක් එල්ල කර ඇත. ගජනායක මහතා තමාගේ
යතුරුපැදිය පසෙකට පෙරළා අසල තිබු ළඳු කැලෑවකට ගොස් ජීවිත ආරක්ෂාව සඳහා සැඟව
තිබේ.
මොහොතකින් ගජනායක මහතා එළියට පැමිණ පාර දෙපස බලන විට මුදල් කොල්ල කන ලද
යතුරුපැදිකරුවන් පෙනෙන්නට නොසිටියේය. මේ මොහොතේ ඔහුගේ පොලිස්
යතුරුපැදිය පණ ගන්වන යතුරු කැලෑ රොදේ වැටී ඇත.
පොලිස් නිලධාරියකු වශයෙන්
ගජනායක මහතා තම වගකීම ඉටුකිරීම සඳහා එම ස්ථානයේ රැඳී සිටි සිවිල්
පුද්ගලයකුගෙන් යතුරුපැදියක් ඉල්ලා ගෙන කොල්ලකරුවන් යන දෙසට ගිය නමුත්
ඔවුන් සොයා ගැනීමට ගජනායක මහතාට නොහැකි විය. එදින සවස මිනුවන්ගොඩ ප්‍රදේශයේ
සහ කිඹුලාපිටිය ප්‍රදේශයේ පත්තායම්වත්තේ යතුරුපැදි දෙකක් සහ හෙල්මට් දෙකක්
එකිනෙක දමා ගොස් තිබෙන බවට මීගමු පොලීසියට තොරතුරක් ලැබිණි.
සුදුකළු හෙල්මට් සහ රතුපාට, කොළරය සහිත මාස් ඇක්ටිව් ටීම් ලෙසර් ලාප්ස් යනුවෙන්
සඳහන් ටී ෂර්ට් එකක් ද එහි තිබී ඇත.
උප පොලිස් පරීක්ෂක ගජනායක මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව
දමාගොස් තිබුණු හෙල්මට් රැගෙන එම හෙල්මට් මිලදී ගත්තේ කවුරුන්දැයි සොයා ගැනීමට
මීගමුවේ බොහෝ හෙල්මට් වෙළෙඳසල් කරා ගොස් ඇත. කොළඹ - හලාවත පාරේ කොප්පර හන්දිය
අසල තිබූ වෙළෙඳ සැලකට ගොස් හෙල්මට් පෙන්වා එම හෙල්මට් මෙම වෙළෙඳසැලෙන් කවුරුන්
හෝ මිලදී ගත්තේදැයි විමසා ඇත. එවිට එම හෙල්මට් මෙදින පෙ. ව. 11.00 ට පමණ එක්
පුද්ගලයෙක් මිලදී ගත් බව ප්‍රකාශ කර තිබුණි.
පසුව වෙළෙඳසැලේ තිබුණු සීසීටීවී
කැමරාවේ රූප රාමු පරීක්ෂා කිරීමේදී එම හෙල්මට් මිලදී ගත් පුද්ගලයා හඳුනා ගැනීමට
හැකිව තිබුණි. පසුව ඔහු අත්අඩංගුවට ගත් අතර මීගමු පොලීසියේ අපරාධ අංශ
ස්ථානාධිපති සජිත් රත්නායක මහතා මේ වන විට සොයා ගත් ටී ෂර්ට් එක ගෙන ගොස් එහි
අකුරු හා ලාංඡන සම්බන්ධව විමර්හන කටයුතු කරමින් සිටියේය. කටුනායක නිදහස්
වෙළෙඳ කලාපයේ ‘මාස් හෝල්ඩින්’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ‘ලෙසර් ලයින්’ ගාමන්ට් එකේ
මෙම ටී ෂර්ට් මසා තිබෙන බව සොයාගෙන ඇත.
මෙම ටී ෂර්ට් එක 2010 වර්ෂයේදී ක්‍රිකට්
කණ්ඩායමක් වෙනුවෙන් මසන ලද ඒවා බව එහි කළමනාකාරිත්වයෙන් දැන ගන්නට ලැබුණි.
මෙම ටී ෂර්ට් එක කොල්ලකරුවා අතට ගියේ කෙසේ ද? මොහු කවුද? යන සොයා ගැනීම සජිත්
රත්නායක මහතාගේ ඊළඟ ඉලක්කය විය.
හෙල්මට් මිලදී ගත් පුද්ගලයාගේ රූපරාමු සමග
කටුනායක මෙම ආයතනයේ සේවයේ නියුතු සේවකයන් ගැන එහි කළමනාකරු සහ පිරිස්
කළමනාකරු එක්ව පරීක්ෂා කර එවැනි පුද්ගලයෙක් එම ආයතනයේ සේවය කරන බව පවසා ඇත.
මේ තැනැත්තා කොල්ලය සිදුවන දිනයේ දී ආයතනයෙන් නිවාඩු ගෙන ඇති බව තහවුරු විය.
පසුව ඔහු අත්අඩංගුවට ගත් පසු කරුණු විමසීමේදී එම හෙල්මට් මිලදී ගත් බව ද
පිළිගෙන තිබුණි. මේ තැනැත්තා මුදල් සොරකම් කර රැගෙන ගිය අයව යතුරු පැදියේ තබාගෙන
පදවා ගිය අය බව පිළිගෙන තිබුණි.
මෙලෙස කිඹුලපිටිය පත්තායම් වත්තේ පදිංචි තරිඳු
සමාදින් කොස්තා අවු. 26 යන අයව ද මොහොමඩ් ඉල්සාද් (පෙරියමුල්ල පදිංචි) යන අයව ද
පොලිස් අත්අඩංගුවට පත් විය. මොහොමඩ් ඉල්සාද්, තරිඳු සාමදින් සමඟ එකම පාසලේ එකම
පංතියේ ඉගෙන ගත් බව කියයි.
මෙම දෙදෙනාගෙන් ලැබුණු තොරතුරු අනුව සිද්ධිය සැලසුම් කළේ යැයි කියන මෙවර
බස්නාහිර පළාත් සභාවෙන් තරග වදින (එක්සත් ජාතික පක්ෂයෙන්) රොයිස් විජිත
ප්‍රනාන්දු මහතාව ද අත්අඩංගුවට ගෙන ඇත. මොහු මෙම සිද්ධිය සම්බන්ධව සැලසුම් කළ
බව පොලීසියට ප්‍රකාශ කර ඇති බව කියයි.
කිඹුලපිටිය පත්තායම් වත්ත ප්‍රදේශයේදී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා
කොල්ලකරුවන්ට මුදලෙන් කොටසක් දී ඉතිරි කොටස රැගෙන ගිය බව ද පොලීසිය
වැඩිදුරටත් සඳහන් කරයි. කොට්ඨාස පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ සහකාර පොලිස්
අධිකාරි අරුණ ප්‍රේමශාන්ත මීගමු මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක ගාමිණි හල්ලව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සජිත් රත්නායක
රථවාහන අංශයේ උප පොලිස් ස්ථානාධිපති ආර්. යූ. ගජනායක යන නිලධාරී කණ්ඩායම
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන්
සැකපිට අත්අඩංගුවට ගෙන සිටි රොයිස් විජිත ප්‍රනාන්දු මහතා සහ අනෙක්
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත මාස 3 කට පොලිස්
භාරයේ තබා ගෙන වැඩිදුර ප්‍රශ්න කෙරෙනු ඇත.
28 දින අලුයම අත්අඩංගුවට ගත් අය
අධිකරණයට ඉදිරිපත් කර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගන්නා බව ද
මීගමු පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සජිත් රත්නායක මහතා පැවැසීය.
මේ අතර මෙම මුදල් මංකොල්ල කෑම පිටුපස දේශපාලනය සඳහා වියදම් කිරීම ද තිබුණු බව
ද පොලීසිය පවසයි.
ඩී. මිහිඳුකුල
කොච්චිකඩේ විශේෂ
|