දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ආනන්ද විහාර මන්දිරයට පිදෙන පුෂ්පෝපහාර පූජා

ආනන්ද විහාර මන්දිරයට පිදෙන පුෂ්පෝපහාර පූජා

කොළඹ ආනන්ද විදුහලේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවීමෙන් පසු ප්‍රථම පුෂ්ප පූජෝත්සවය ලබන අඟහරුවාදා (මාර්තු 4) පස්වරු 4.30 ට ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ගෞරවණීය සහභාගිත්වයෙන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. පස්වරු 5.00 ට ප්‍රධාන රැස්වීම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වෙයි.

කොළඹ ආනන්දය බිහිවූයේ පරිපාලන තන්ත්‍රයට ඇතුළත් විය හැකි ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් ද ඇති රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන දේශප්‍රේමී පරපුරක් බිහි කිරීම අරමුණු කරගෙන ය.

මෙහිලා ප්‍රමුඛ ව ක්‍රියා කළෝ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාය.

අදින් වසර එකසිය විසිගණනකට පෙර බටහිර සංස්කෘතිය කරපින්නා ගත් පිරිසක ගේ පරිසරයක් තුළින් හැදෙන වැඩෙන දරුවනට නිවැරැදි මඟ පෙන්වීමේ අවශ්‍යතාව බලගතු ව තිබුණි. බෞද්ධ සදාචාරයට සාරධර්මවලට හැදෙන වැඩෙන දරුවන් නැඹුරු කරවීමේ දී විහාර මන්දිරයක අවශ්‍යතාව බලගතු විය.

1929 ජූලි මස 10 වැනි දින පළමු වරට ආනන්දය තුළ කුඩා විහාර මන්දිරයක් බිහි විය. ඒ එදා විදුහල්පති පී. ද එස්. කුලරත්න මහතා ගේ දූරදර්ශීත්වය නිසා ය.

එවකට ආනන්දයේ ධර්මාචාර්යවරයන් වහන්සේ නමක් වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේගේත් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේත් පුරෝගාමීත්වය ඊට උපස්ථම්භක විය.

ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවත් ම එහි ඉඩකඩ ප්‍රමාණවත් නො වූයෙන් ප්‍රබල දේශප්‍රේමී විදුහල්පතිවරයකු වූ එල්. එච්. මෙත්තානන්ද මහතාගේ පුරෝගාමීත්වයෙන් 1953 ජනවාරි 29 වැනි දින එවක අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ගේ සුරතින් නව විහාර මන්දිරයක් සඳහා මුල්ගල් තැබුණි.

මේ සඳහා සැලැස්ම සකස් කර ඇත්තේ අනගාරික ධර්මපාල තුමන් දඹදිව සාරානාත්හි ඉදිකර වූ මූලගන්ධකුටි විහාරයේ ආකෘතිය පදනම් කරගෙන ය. ඒ තුළ ප්‍රතිමා නිර්මාණය භාර වූයේ කලාශූරී ආචාර්ය මාපලගම විපුලසාර හිමිපාණන්ට ය.

විහාර මන්දිරය ඉදිකිරීම් කාර්යභාරයේ නිමාව දකින්නට වර්ෂ 16 ක් පමණ ගත විය. 1969 දී විදුහල්පති ඊ. ඒ. පේරුසිංහ මැතිතුමා ගේ ආරාධනයෙන් විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාර තුමන්ගේ සුරතින් නව විහාර මන්දිරය විවෘත විය.

සිය ගණනක් ගුරු භවත්හු ද හත්දහසක් ශිෂ්‍යයන් ද දිනපතා උදෑසන ප්‍රතිමා වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කිරීම තුළින් ලබන සැනසිල්ල බෙහෙවින් විශාල ය. විදුහලට පිවිසෙන ගුරු සිසු හැම පමණක් නො ව විදුහල අසලින් වාහනවලින් යන අය පවා අසුනින් නැගිට විහාර මන්දිරයට නමස්කාර කර යනු එදා දක්නට හැකි විය. ඉගෙනීම් කටයුතු ඇරැඹීමට පෙර පන්ති කාමරවලින් පිට ව පෙරහරින් දෝතින් සුවඳ මල් ගෙන පැමිණ බුදුන් පුදා පන්සිල් සමාදන් වන සිසු දරුවන් අනුව යමින් ශබ්ද විකාශනයෙන් අවට නිවෙස්වල අය පවා පන්සිල් සමාදන් වනු කලකට පෙර අප ද දැක ඇත.

ආනන්ද විහාර මන්දිරය විවෘත කර වසර දහයක් පමණ ගත වන විට එනම් 1996 වතුර කාන්දුවක් නිසා පලුදු ඇතිවන්නට වූයෙන් එවකට ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ සභාපති හා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ යසසිරි කස්තුරිආරච්චි මහතා ගේ පූර්ණ අනුග්‍රහය මත රු. 23,00000 ක පමණ වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

නැවතත් වසර කීපයකින් එනම් 1996 දී මෙවැනිම ප්‍රතිසංස්කරණයක් හා නවීකරණයක් 1996 එක්සත් රාජධානියේ ආදි ශිෂ්‍ය සංගමයේ ලන්ඩන් ශාඛාවේ භාරකාර අරමුදල මඟින් රුපියල් මිලියන දෙකක පමණ මුදලක් යොදවා සිදුකරන ලද අතර නවීන පන්නයේ වීදුරු දොරටුවක් ද සවිකරන ලදී.

තවත් වසර කීපයක් ගත වන විට ද කොන්ක්‍රීට් වහලයේ තැනින් තැන ඇති වූ වතුර කාන්දුව නිසා ඉරි තැලීම් ඇතිවූයෙන් ආදි ආනන්දීය බෞද්ධ සංගමය විහාර මන්දිරය සුරැකීමේ කටයුතු විශේෂයෙන් තම සංගමයට භාර වී ඇති හෙයිනුත් විසඳුම් සොයන්නට පටන් ගති.

ආනන්දයෙන් ම බිහි වූ විශිෂ්ට ගණයේ ඉංජිනේරුවන් - ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයන් ද සමඟ සාකච්ඡා වාර කිහිපයක් පවත්වා පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළින් දීර්ඝකාලීන පැවැත්මකට සරිලන පරිදි විශිෂ්ට ලෙස විහාර මන්දිරය නවීකරණය කරන්නට තීරණය විය.

මේ සඳහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ද සහාය ඇති ව සම්පත් බැංකු අධ්‍යක්ෂවරයෙකු මෙන් ම ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ අනුශාසකවරයකු ද වන ඡන්න පලන්සූරිය මහතා ගේ සභාපතිත්වයෙන් විහාර සාධක කමිටුවක් ද පත්කර ගන්නා ලදී.

විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආදි ගුරු - ශිෂ්‍ය හා වර්තමාන ගුරු - ශිෂ්‍ය සැම ගේ ද විදේශ රටවල ක්‍රියාත්මක වන ආදි ශිෂ්‍ය ශාඛා සමිතිවල ද සම්බන්ධය ඇති ව මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මය සඳහා ආධාර ලබා ගැනීමේ අරමුණින් පවත්වන ලද ප්‍රථම හා එක ම රැස්වීමේ දී ම රුපියල් දසලක්ෂ විස්සකට අධික මුදලක් රැස්කර ගැනීමට කමිටුව සමත් විය.

ක්ෂණික ව විධිමත් ව ඉදිකිරීම් ආරම්භ විය. ගතවූයේ මාස දෙකකට ආසන්න කාල පරාසයකි. පියවරින් පියවර ම නව තාක්ෂණික ක්‍රමවේදයන් ද උපයෝගී කර ගනිමින් වඩාත් සුරක්ෂිත හා දීර්ඝ කාලීන යහ පැවැත්මක් අපේක්ෂා කළ හැකි පරිදි විහාර මන්දිරයට අවශ්‍ය සකලාංග සම්පූර්ණත්වයට පත් කරමින් මූලික ආකෘතියේ කිසිඳු වෙනසක් නො වන සේ නවීකරණය සිදුවීම අසන දකින සැම ගේ අමන්දානන්දයට හේතු වී ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්