දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

හැත්තෑ දෙවැනි වියට පා තැබූ අම්බලන්ගොඩැල්ල

වවුනියාවේ ගමක් සිය උපන් දිනය සමරයි!

හැත්තෑ දෙවැනි වියට පා තැබූ අම්බලන්ගොඩැල්ල

 උපන් දින සැමරුම් සාමාන්‍ය දෙයකි. එහෙත් ගමක් සිය උපන් දිනය සැමරීම තරමක් අසාමාන්‍ය දෙයකි. මේ සිය 72 වැනි උපන් දිනය සැමරූ ගමක් ගැනය.

මේ උපන් දින සාදය සොයා මා මුලින්ම ගියේ කොළඹ - යාපනය A-9 මාර්ගය ඔස්සේ වවුනියාවටය. අනතුරුව වවුනියාව නගරයේ දී A-9 මාර්ගයෙන් සමුගෙන හොරොව්‍පතාන මාර්ගයේ (A-29) යාමට සිදුවිය.

එම මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ යද්දී මේ අපූරු උපන් දින බබා වෙත සේන්දු වීමට මා හට හැකිවිය. උපන් දින බබාගේ නම අම්බලන්ගොඩැල්ලය. මේ ගම්මානයේ වාසය කරන ගැමියන් කියන පරිදි අම්බලන්ගොඩැල්ලේ වයස අවුරුදු 72ක් පමණ වේ. ගමේ උපන් කතාව අසද්දී වැටහෙන්නේ ගමේ පමණක් නොව ඒ-9 මාර්ගයේ උපන් කතාව ද එයම බවය.

“මම අහල තියෙන විදිහට ලෝක යුද්ධ කාලෙ යාපනේ පාර හදන්න පටන් අරන් තියෙනවා. එතකොට තිබිල තියෙන්නෙ කරත්ත පාරක් විතරයි. පාරවල් හදන්න ඇවිත් තියෙන්නෙ දකුණෙ මිනිස්සු” දැනට ගමේ සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ජේ.ජිනදාස පෙරේරා ගමේ උපත සිහිපත් කරයි.

ඔහුගේ උප්පැන්න සහතිකයේ හැටියට ඉපදී ඇත්තේ වර්ෂ 1937 දී මාතර කඹුරුපිටියේය. පියා මිය ගිය පසු මව හා සෙසු සහෝදර සහෝදරියන් සමඟ ඔහු වවුනියාවට පැමිණ ඇත්තේ වයස අවුරුදු 5 දීය. එනම් වර්ෂ 1942 දීය. විශේෂත්වය වන්නේ එතැන් පටන් අද වනතුරු ඔහු තමන් උපන් මාතර කඹුරුපිටියට කිසිදිනෙක ගොස් නැතිවීමය.

“යාප‍නේ පාර හදනවට අමතරව දකුණෙ මිනිස්සු වවුනියාවට ආපු හේතුවක් තමයි ආමි කෑම්ප් එකේ වැඩට. ‍ලෝක යුද්ධෙ කාලෙ මෙහෙ ලොකු හමුදා කඳවුරක් තිබුණා. කටවල්වලට ඉබ්බො දාපු කාබේරියොත් ගෙනත් හිටිය. අපි උන්ව දැක්කම දුවල හැංගෙනවා” ජිනදාස මහතා අතීතය සිහිපත් කරයි.

මෙසේ විවිධ හේතු නිසා දකුණේ සිට සංක්‍රමණය වූ සිංහලයින්ගෙන් ඇතැම්හු වවුනියාවේම රැ‍‍ඳෙන්නට ප්‍රිය කළහ. එකළ වවුනියාවේ දෙමළ ගම්වලට අමතරව මඩුකන්ද, මාමඩුව, කච්චිකොඩිය හා මහමයිලන්කුලම වැනි පුරාණ සිංහල ගම්මාන පිහිටා තිබුණේය.

“වවුනියාවෙන් හොරොව්‍පතාන පාරෙ වෙල්කුලම කියන දෙමළ ගමට එහායින් දෙකේ කනුව කියන හරිය ඒ කාලෙ නිකං තිබිලා තියෙන්නෙ. දකුණෙන් වවුනියාවට ඇවිත් වැඩ කරපු සිංහල අය ඒ හරියෙන් තමන්ට ඉඩම් දෙන්න කියල ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලල තියනවා. ආණ්ඩුව ඉඩම් දීලා.

උපන් දිනය සමරන ගමේ ජ්‍යෙෂ්ඨයින්

ලෝක යුද්ධයෙන් ශේෂවූ වෙඩි බෙහෙත් ගබඩාවක්

අපෙ අම්මගෙ මල්ලි මගෙ මාමා එහෙම ඉඩම් ගත්තු කෙනෙක්. ඒ කාලෙ මෙහෙ අලි කොටි වලස්සු විමානෙ. පොඩි කරත්ත පාරක් තිබුණෙ. කටුමැටි ගෙවල් හදාගෙන තමයි පදිංචි වුණේ.”

මේ මුල්ම පදිංචිකරුවන් පිරිසට සුගතදාස වෙද මහතා, ජේ.එස්.කේ.ජයවික්‍රම, පීටර් පෙරේරා හා පොඩිනෝනා ජයවික්‍රම යන සංක්‍රමණිකයන් අයත්ව ඇත. තවත් දශක එකහමාරක් ගතවෙද්දී දෙකේ කනුව අවට නව ගම්මානයේ පවුල් සංඛ්‍යාව 15 දක්වා ඉහළ නැග්ගේය. බහුතරය දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලිනි.

එයිනුත් බහුතරය අම්බලන්ගොඩින්ය. වෙළෙඳුන්, වඩු කාර්මිකයන්, පෙ‍දරේරුවන්, පින්තාරුකරුවන් හා බේකරිකරුවන් වැනි විවිධ වෘත්තිකයින් මේ බිමට නව සංක්‍රමණිකයින් ලෙස පැමිණෙමින් සිටියහ.

උතුරු පළාතේ බේකරි කර්මාන්තය ප්‍රචලිත වූයේ මේ දෙකේ කනුවට දකුණෙන් පැමිණි සංක්‍රමණිකයින්ගෙන් බව පැවසේ. අදටත් එහි ඇති වර්ෂ 1949 පමණ ආරම්භ කළ සිංහගිරි ‍බේකරිය ඊට උදාහරණයකි. කොටි ත්‍රස්තවාදයට පෙර ඔවුන් සිය ව්‍යාපාරික කටයුතු යාපනය දක්වා ද ව්‍යාප්ත කර තිබේ.

කල්ගත වෙද්දී දෙකේ කනුව ගම්මානය ‘අම්බලන්ගොඩැල්ල’ නමින් හැඳින්වෙන්නට විය. බහුතරයකගේ මතය ඒ ගමට වැඩි පිරිසක් අම්බලන්ගොඩින් පැමිණි නිසා බවය. එසේම යාබද ගම්මානයේ පිහිටා තිබෙන ඓතිහාසික මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථාන විහාරය වැඳ පුදා ගැනීමට අතීතයේ පැමිණි රාජකීයයන් විවේක ගත් ස්ථානයක් මේ ගම්මානයේ පැවති හෙයින් අම්බලන්ගොඩැල්ල වූ බවට ද අදහසක් තිබේ. එහෙත් වැඩි ලකුණු මුල් අදහසටය.

අතීත වන්නියේ හැම ගමකටම පාහේ වැවක් තිබුණි. අම්බලන්ගොඩැල්ල අවට ද සෑම පුරාණ ගම්මානයකටම ද වැවක් හිමිව තිබුණේය. එහෙත් නව ගමට වැවක් නොවීය.

වර්ෂ 1964 දී රතු ඇඩ්වින්, කොන්ත සීයා, බක්කරේ මාමා හා පොඩි අප්පුහාමි මාමා යන ගම්වැසියන් ගමේ සිට කිලෝමීටර් 10ක් පමණ මහ කැලේ ගොස් වනයට යටවී තිබූ වෙඩි තිබ්බ වැව හා කොල්ලන්කුලම යන වැව් දෙක සොයාගෙන එළිපෙහෙළි කර වගා කටයුතු ආරම්භ කළෝය. දැන් අම්බලන්ගොඩැල්ල වැවකින් ද පරිපූර්ණය.

ගමේ උපන්දිනය වෙනුවෙන් සකස්කරන ලද සමරු කලාපය

“ඒ මුල් පරම්පරාවෙ අය ගමේ ස්වේච්ඡා සමාගම් පවත්වන්නත් උනන්දු වෙලා තියෙනවා. හැටේ දශකය වෙද්දී ‍ගමේ සමිති ගණනාවක් බිහිවෙලා තියෙනවා. ඒ වෙද්දි මේ පළාතෙ ගම්වලට ස්වේච්ඡා සමිති වගේ දේවල් අලුත්.

මේ නිසා වර්ෂ 1969 දී වවුනියා දකුණ සිංහල කොටසේ ආදර්ශවත්ම ග්‍රාමය විදිහට තේරිලා තියෙනවා” ගමේ දෙවැනි පරම්පරාවේ උපාලි සමරසිංහ පවසයි. එකළ පළවූ ‘සේසත’ නම් පුවත්පතක ද මෙය පළවී තිබේ.

එපමණක් නොවේ, ආරම්භයේ පටන්ම අවුරුදු, වෙසක් හා පොසොන් වැනි උත්සව ආදිය එකමුතුව සැමරීමට ගම්වැසියෝ එක්වූහ.

“මේ ගමේ එදා ඉඳල ‍පොදු උත්සව පින්කම් ආදිය නිතර සිදු කරනවා. ඒවට පක්ෂ භේදයක් තිබුණෙ නැහැ. කරන හැම දේකටම ගමේ අය සල්ලිකාරයො නොවුණත් අවශ්‍ය මට්ටමින් මුදල් ලැබුණා.”

මෙලෙස ක්‍රමයෙන් ගම දියුණු කරගත් ගමේ මුල් පරම්පරාව අධ්‍යාපනය ගැන ද උනන්දු විය. ග‍මේ ළදරු පාසල ආරම්භ ක‍ෙළ් වර්ෂ 1969 දීය. කලා හවුල ආරම්භ කළේ 1975 දීය. ගමේ දැරියක වූ වයලට් රූපසිංහට විශ්වවිද්‍යාලයට යාමට වර්ෂ 1975 දී රු.722.95 එකතු කර පරිත්‍යාග කළහ.

ඇය දැන් විශ්‍රාමලත් විදුහල්පතිනියකි. මේ වන විට ගමේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර දීමට ශිෂ්‍යත්ව පදනමක් ද තිබේ. එයට රුපියල් ලක්ෂ පහක පමණ අරමුදලක් අයත්ය.

මුල් පදිංචිකරුවන් අධ්‍යාපනයට උනන්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස ගමේ බිහිවුණු දරුවන් ද අධ්‍යාපනයට යොමු විය.

“දැන් අපේ ගමේ සියයට 90ක්ම රාජ්‍ය අංශයේ සේවය කරන්නේ” ඔවුහු ආඩම්බර වෙති. මේ ලැයිස්තුවට වෛද්‍ය, නීති, ඉංජිනේරු, ගුරු, ආරක්ෂක, මාධ්‍යවේදී හා ලේඛක ආදී විවිධ ක්ෂේත්‍රයන් පුරා විහිදී ඇත.

ජිනදාස පෙරේරා

“මේ ගමට, කරදර වුණේ යුද්ධ කාලෙ. අපට කොටි ත්‍රස්තවාදීන්ගෙන් සෑහෙන්න කරදර වුණා. ග‍මෙ අය මැරුණා. හැබැයි අද අපි ආඩම්බර වෙනවා අපට කොටින්ගෙන් කරදර වුණු කිසිම අවස්ථාවක ජාතිවාදීව ආවේගශීලීව හැසිරුණේ නැති එකට. අපට ගැහුවා කියලා අපි අහල පහල දෙමළ ගම්වලට ගහන්න ගියේ නෑ” උපාලි පවසයි.

එදා මෙදා අතර සිංහල - දෙමළ සම්බන්ධය ගැන ගමේ දැන් සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ජිනදාස පෙරේරා මහතා සිහිපත් කරන්නේ මෙසේය.

“මුල් කාලෙ දෙමළ අයයි අපියි සහෝදරයො වගේ හිටියෙ. ඒ නිසා ගමේ හැමෝටම ව‍ගේ දෙමළත් පුළුවන්. කොටි ප්‍රශ්නෙ නිසා තමයි අපි යම් තරමකට දුරස් වුණේ. ඒත් අවට දෙමළ ගම් එක්ක අපේ හිතවත්කම් නැවතුණේ නැහැ.”

සිය ගමේ හැත්තෑ දෙවැනි සංවත්සරය සැමරීමට දැනට පදිංචි කරුවන් මෙන්ම ගමෙන් පිටව වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින බොහෝ පිරිස් ද එක්වුණා. මුල් පරම්පරාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනාට තෑගි බෝග පිරිනමා උපකාර පිදූහ. දැනට අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කළහ. දාන මාන පින්කම් සිදු කළහ.

සියලු කටයුතු පක්ෂ පාට භේදයකින් තොරව එක ගමේ වැසියන් හැටියටය. ගමේ උපන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධනා ලැබ තිබුණේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාටය.

ඒ ගතවූ වසර 72 පුරා ගමේ දියුණුවට නිරන්තරයෙන් අතහිත දුන් රාජ්‍ය තන්ත්‍රය සිහිපත් කිරීමටය. මීට දශක හැත්තෑවකට පෙර ගමේ මුල් පදිංචිකරුවන් පැමිණි කරත්ත පාර දැන් කාපට් යෙදූ මහ පාරකි. මේ පා‍රේ අම්බලන්ගොඩැල්ලට පැමිණි වවුනියා දිස්ත්‍රික් ලේකම්වරයා ගමේ එකමුතුව අගය කළේ මෙසේය.

” අම්බලන්ගොඩැල්ල මේ තරම් සංවර්ධනය වෙන්න හේතුව ගමේ එකමුතුව බව හොඳට පේනවා. ගමේ සංවර්ධනය වෙනුවෙන් දේශපාලන බෙදීම් නැහැ. අද මේ උපන් දින උත්සවයත් දේශපාලන‍ භේදයකින් තොරව ඉතාම ලස්සනට සාර්ථකව කෙරෙනවා. මම වවුනියාවට පිටින් පැමිණි කෙනෙක්. දේශපාලනයෙන් තොරව වැඩක් කරන්න මං උපන් ගමේවත් බැහැ. හැබැයි අම්බලන්ගොඩැල්ලට පුළුවන්. ඒකයි සාර්ථකත්වයේ රහස.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්