කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

ගල් වංගෙඩියටත් කණ කොකා හඬයිද?

ගල් වංගෙඩියටත් කණ කොකා හඬයිද?

බද්දේගම නගරයෙන් හැරී කිලෝමීටර් දෙකක් තුනක් පමණ ගිය තැන දී අපට මීමැඩුම ගම්මානය හමුවෙයි. මීමැඩුම ගම්මානය විශේෂත්වයක් දක්වනු ලබන්නේ එහි ඇති සාම්ප්‍රදායික

වංගෙඩි සෑදීම

කර්මාන්තයක් හේතුවෙනි. මිරිස් ගල්, ගල් වංගෙඩි, බෙහෙත් ගල් ආදිය මෙන් ම සඳකඩ පහන් ආදී වූ ගල් කැටයම් කලාව පිළිබඳව මෙම ගම්මානය බොහෝ කලෙක පටන් ප්‍රසිද්ධියක් උසුලයි.

මීමැඩුම ගමේ පරම්පරාවෙන් පරම්පරාවට එන කළුගල් කර්මාන්තය පිළිබඳව අදහස් දක්වන එම්.බී. රත්නසේන මහතා

“අපි ගල් වංගෙඩි, මිරිස් ගල් ආදිය හදන්න කළුගල් ගේන්නේ මීමැඩුන් කන්දෙන්. එතැන ඉඳලා කළුගල් ගෙදරට ගේන්න රුපියල් හත්සියයක් අටසියයක් විතර ට්‍රැක්ටර්වලට දෙන්න ඕන. මගෙ බිරිය ගේ තාත්තා සීයා එහෙමත් මේ කර්මාන්තය තමයි කරල තියෙන්නේ. ගල් බෝර දාලා කඩන කළුගල්වලින් වංගෙඩි, මිරිස් ගල්, අත්ගල් ආදිය හදන්න බැහැ.

එහෙම වුණහම ගල් පුපුරනවා. අපි ගල් කඩා ගන්නේ වලවල් හාරලා කටු තියලා හිරකරලා බොහොම මහන්සිවෙලා තමයි ගල් කඩලා ගේන්නේ. ඉස්සරම කාලෙ නම් මිරිස් ගලක් රුපියල් පනස් පහක් විතර වෙනවා. දැන් නම් මිරිස් ගලක් රුපියල් තුන්සීයක් විතර වෙනවා.

ගල් කුට්ටි කිරීම

ගල් කැඩීම සඳහා භාවිතා කරනු ලබන කටු උල්කර ගනු ලබන්නේ රත්කර තලා ගැනීමෙනි. කටු රත් කිරීමට ලබා ගන්නා අඟුරු ගෝනියක මිල රුපියල් පන්සියකි. මැටියෙන් තනාගත් ළිපක් භාවිතා කර ගිනි අවුලා කටු රත් කර මුවහත් තබනු ලැබේ. මිරිස් ගලක් සැදීම සඳහා දින දෙක තුනක් ගතවනු ඇත.

රත්නසේන ගේ බිරිය ඩල්සි ද කලක් ගල් කර්මාන්තයේ යෙදුණු තැනැත්තියකි.

“මේක අපිට පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණ රස්සාවක්. අපි පුංචි කාලේ මිරිස් ගලක් රුපියල් පහක් විතර වෙනවා. මම ඒ කාලේ බුදුපිළිම හැදුවා සඳකඩ පහන් කෙටුවා. දැන් නම් බුදුපිළිම සඳකඩ පහන් ආදිය නිර්මාණය කරන්නේ නැහැ.

ඒකට හේතුව වුණේ මම තරුණ කාලේ සඳකඩ පහනක් නිර්මාණය කළා. ඊට පස්සේ මාව අසනීප වුණා. මට ඇවිදගන්න බැරි වුණා. රෑ හීනෙන් කවුදෝ බෙහෙත් වට්ටෝරුවක් කිව්වා. පැය විසිහතරක් යන්න පෙර බෙහෙත් කරන්න කිව්වා. හීනයේ කිව්ව විදිහට කළාට පස්සේ තමයි මට ඇවිදින්න පුළුවන්කම ලැබුණේ.

මීමැඩුම ගමේ බොහෝ දෙනෙකු කාලයක් තිස්සේ කරගෙන ආ මේ රස්සාවට දැන් කණ කොකා හැඩීමට පටන් ගෙන ඇත.

“අපි කළුගල් කඩා ගන්නේ මීමැඩුම කන්දෙන්. අපේ පරම්පරාවම කළේ ගල් කඩන එක. කූ®ඤ්ඤා කටුවලින් තමයි ගල් කඩන්නේ. එහෙම කරන්නේ ගල්වලට හානියක් නොවෙන්න. දැන් ගල්

සාදන ලද මිරිස් ගල් වෙළෙඳපොළට ගෙන යාම

උළුවහු ආදියත් හදනවා. අපේ සීයා තමයි ගාල්ලේ කජුවත්ත පන්සලේ සාංචි තොරණ හදලා තියෙන්නේ. අපිට මේ වත්ත ලබාදීලා තියෙන්නේ නොමිලේ. මේ වත්ත අපිට නැති වෙන්න ගියේ. වීරකෝන් මහතා මුල්වෙලා තමයි ගල් කඩාගන්න මේ වත්ත ලබාදුන්නේ. ගමේ වැඩිපුරම ඉන්නේ අඩු ආදායම්ලාභී අය. ගල් වැඩ කරන පවුල් අසූවක් විතර ඉන්නවා. ඒ වගේ ම

අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තව ටික කලකින් අපේ කර්මාන්තය සඳහා කළුගල් නැතිව යනවා. ගමට විදුලිය නැහැ. මේ වත්ත හඳුන්වන්නේ සන්සයිඩ්වත්ත කියලා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ කර්මාන්තය කරගෙන යන්න සුදුසු ගල් වත්තක් ලබාදෙන්නය කියලා. මගේ තාත්තා එම්.ඒ. නන්දසේන, තාත්තගෙ තාත්තා ඒ කියන්නේ මගෙ සීයා ඔයිනිස් හාමි. තාමත් දෙන්නම ගල්වැඩ කරනවා.”

පරම්පරා තුනකට හිමිකම් කියන ගල්වඩුවකු ලෙස කටයුතු කරන චානක මාපලගම අප හා පැවැසීය.

යුග යුග ගණනක් පැරැණි කර්මාන්තයක නියැළෙන මීමැඩුම ගමේ ගම්වැසියන් තවමත් නිසි ඇගයීමට ලක් වී නොමැති සේය. ඔවුන් දිවි ගෙවන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ය.

බද්දේගම මීමැඩුම ගම පිළිබඳව සොයා යෑමට අපට මුල්ම හෝඩුවාව දුන්නේ පෝද්දල සමූහ ජයන්ත කල්‍යාණනන්ද මහතාය. බද්දේගම සිට මීමැඩුම ගමට අප කැඳවාගෙන ගියේ බී.එම්. වසන්ත මහතා ය. මේ හැමට අපගේ ස්තුතිය.

ඉසවි

සේයාරූ - විමල් කරුණාතිලක

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා