කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

පන්සලයි පොලීසියයි ගමයි එක්ව තැනූ සෙනෙහසේ නිවහන

පන්සලයි පොලීසියයි ගමයි එක්ව තැනූ සෙනෙහසේ නිවහන

අලුතෙන් ඉදිකළ අලංකාර නිවස.

පන්සලයි, පොලීසියයි, ගමයි එක්ව බිහිකළ “සෙනෙහසේ නිවහන” නම් වූ සංවේදී සුසංයෝගයක නිවහනක් පසුගියදා කෑගල්ල, බල්ලපාන උඩබාගේ ප්‍රදේශයේදී එහි හිමිකරුවන්ට අස්ගිරිය පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණිි.

කෑගල්ල බල්ලපාන, උඩුබාගේ පදිංචිව සිටි ඩී.පී. සුනිල් ප්‍රේමරත්න අනේක විධි දුක්කම්කටොලු අතරේ ජීවිතය ගැටගසාගත්තේ තනිවම නොවෙයි. දරුවන් සිවුදෙනෙකුගේ පියකු ලෙසටය, සදාදරණීය බිරියකට සදාදරණීය ස්වාමියකු ලෙසයට. දුක්කම්කටොලු අතර නැතිබැරිකමත්, හිතේ ලැව්ගින්නක් මෙන් දැවී, දැවී ජීවත් වුවද, දරුවන් සිවුදෙනාගේ සහ බිරියගේ දිවිපෙවත යාන්තමින් හෝ ගැටගසාගන්න ඔහු නොකළ කුලී වැඩක් නොමැති තරම්ය.

ඒත් ඒ ජීවිත කැදැල්ලට සදාකල් නොමියෙන දුකක් වේදනාවක් හිමිකර දෙමින් සුනිල් රිය අනතුරකට ලක්වුණේ් සීනි ටිකක් ගෙන ඒමට කඩයට ගිය විටදීය. දෛවය ඔහුට පිටුපෑවේ සුළුපටු ලෙස නොවෙයි. පියා එනතෙක් මඟබලාගෙන සිටින දරුවන් සිව්දෙනාට පියකු අහිමිකරමිනි. සදාදරණීය බිරියකට සදාදරණීය ස්වාමියකු අහිමි කරමිනි.

අනතුරට ලක්වූ රියේ ගමන් ගනිමින් සිටියේ අස්ගිරිය මහා විහාර පරිවෙනාධ්‍යක්‍ෂක හිමියන්ය. සුනිල් ඔහුගේ ට්‍රයිසිකලය පැදගෙන ගිය ස්වභාවය මේ අනතුරට හේතුව විය. අස්ගිරි මහාවිහාර පරිවෙනාධ්‍යක්‍ෂක නාරංගම ආනන්ද ස්වාමිපාදයන් වහන්සේ, සුනිල් රෝහල්ගතව සිටියදී ඔහුගේ තත්ත්වය නිතර නිතර විමසා සිටීමට අමතක නොකළහ.

සුනිල් ප්‍රේමරත්න අවසන් ගමන්ගිය බව දැනගත් උන්වහන්සේ වහාම වැඩම කර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් පෙරේරා මහතා හමුවීමටය.

අස්ගිරිය පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන් නිවසේ හිමිකම බාරදෙද්දී.

මියගිය සුනිල් ප්‍රේමරත්න ඇතුළු පවුලේ සැම
ජීවත්ව සිටි නිවස.

සුනිල් ප්‍රේමරත්නගේ වියෝවෙන් කම්පනයට පත් පරිවෙනාධක්‍ෂක හිමිපාණෝ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් පෙරේරා මහතා සමඟ එක්ව සුනිල් ප්‍රේමරත්නගේ අවමගුලට අවශ්‍ය සියලු දෑ සම්පාදනය කළහ.

අවමඟුල් කටයුතු නිමවූ වහාම කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එච්.ඒ. කමල් පෙරේරා මහතාගෙන් ඒ හිමියන් විමසුවේ අපි දැන් කුමක් කරමුද යන්නය.

මූලස්ථාන පොලිස් පරීක්‍ෂකගේ පිළිතුර වූයේ මේ අසරණ පවුලට ඉන්න හිටින්න හරිහමන් නිවසක් නැති නිසා අපි ස්වාමින් වහන්ස ගෙයක් හදාදෙමු යන්නය.

එක හෙළාම කැමැත්ත පළකළ ආනන්ද හිමියෝ ඒ වගකීම බාරදුන්නේ කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාටය. වෙල්යායක් ආසන්නයේ පිහිටි සුනිල්ගේ නිවෙසේ පිහිටි කුඩා ඉඩම්කැබැල්ලේ අයිතියවත් සුනිල් ප්‍රේමරත්න ඇතුළු පවුලේ සැමට හිමිව නොතිබිණ.

කමල් පෙරේරාගේ මහතාගේ පරිශ්‍රමය මත ඒ ඉඩම් කැබැල්ලද නිරවුල්ව සුනිල්ගේ පවුලේ අයිතියට ලබා දුන්නේය.

මේ සඳහා ගමේ ග්‍රාම නිලධාරි රංජිත් මහතාගේ සහායද උපරිමව ලැබිණි.

සුනිල් ප්‍රේමරත්න මියගොස් හරියටම දින 112 කින් ඉතා අලංකාර නිවසක් සාදා එම පවුලට ප්‍රදානය කිරීමට හැකිවිය.

අස්ගිරිය පාර්ශවයේ මහානායක හිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නයේ, ආශිර්වාද සහ මුල්‍යාධාර ද කෑගල්ල ව්‍යාපාරික ප්‍රජාව හා බල්ලපාන උඩබාගේ ප්‍රදේශවාසීන්ගේ නොමද සහායද ඊට ලැබිණ.

කෑගල්ල පොලිසියේ කාර්ය මණ්ඩලය දිවා රෑ නොතකා කළ කැපවීම ද මෙහිදී අගය කළ යුතුය.

සාදා නිමකළ නව නිවෙස මහානායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහානායක ප්‍රමුඛ මහාසංඝරත්නයේ ආශිර්වාදයත් සමඟ සුනිල්ගේ බිරිය ශිරන්තී සහ දරු සිවුදෙනාට බාරදීම පසුගියදා සිදු කෙරිණ.

මෙම අවස්ථාවට වැඩමවා වදාළ අස්ගිරිය පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් අනුශාසනාවක් කරමින් “මේ සංසාර ගමනේ ඉපදීමත්, මරණයත් හිමිවන්නේ අප විසින් සිදුකරන ලද කුසල් අකුසල් හේතුකාරණා කරගෙන, මියගිය සුනිල් ප්‍රේමරත්න මහතාත් ගෙන ආ ආයුෂ නිමාවි අකල් මරණයකට ගොදුරු වුණා. ඒත් ඒ මහතාගේ බිරිය හා දරුවන් සිවුදෙනාට මේ සමාජයේ අතරමංවෙලා ජීවත්වන්න ඉඩ අරින්න හොඳ නැහැ.

අද කෑගල්ල පොලීසිය මැදිහත්ව සියලුදෙනාගේම දායකත්වයෙන් සුනිල් ප්‍රේමරත්නගේ බිරියටත් දරුවන් සිව්දෙනාටත් වටිනා නිවහනක් හිමිවී තිබෙනවා.

අභිනව නිවසේ භුක්තිය බාරගත් මියගිය සුනිල් පෙරේරා මහතාගේ බිරිය හා දරුවන් සිවුදෙනා

හැබැයි මේ දරු පිරිසට නිවස හිමිවූ පමණින් යුතුකම් නිමාවන්නේ නැහැ. මින් ඉදිරියටත් මේ පවුලේ දරුවන්ගේ උවමනාකම් කෙරෙහි අපි නිරන්තරයෙන් කැපවීම් කරන්න ඕනේ. එය සිටින නෑදෑහිතමිත්‍රයන්ගේ සේම අපකාගේත් යුතුකමත් වෙනවා. සමාජයේ ආරක්‍ෂාව, උදව්ව, උපකාරය හිමිකර දෙන්න අපි සැවොම කටයුතු කරන්න ඕනේ. එවිට තමයි මේ දරුවන්ගේ ජීවිතය සුබවාදිව ගෙවාගන්න හැකි වන්නේ.” යැයි පැවසූහ.

පොලිසියේ වගකීම වන්නේ සිවිල් ජනතාවගේ සාමය ආරක්‍ෂා කරමින්. විනයගරුක සමාජයක් බිහිකරලීමයි. ඒ වගකීම ඉටුකිරීමට නීතිමය රාමුවක් තුළ අපිට විශාල වගකීමක් තියෙනවා.

ඉන් ඔබ්බට ගිය මේ සමාජ සත්කාරය අපිට ඉටුකරදෙන්න හැකියාව ලැබුණේ කලන මිතුරන් ලෙසටයි. මේ සමාජ සත්කාරයට අස්ගිරිය පාර්ශවයේ මහානායක හිමි ප්‍රමුඛ සංඝරත්නයෙන් ලැබුණු ආශිර්වාදය ඉතා අගය කොට සලකනවා යැයි එහිදී පොලිස් පරීක්‍ෂක කමල් පෙරේරා මහතා පැවසීය.

මෙම නිවසේ හිමිකාරත්වය ලැබූ මියගිය සුනිල් ප්‍රේමරත්නගේ බිරිය ඩබ්ලිව්.පී. ශිරන්ති කුලසූරිය, මෙය අපට සුළුපටු පරිත්‍යාගයක් නෙමෙයි. මාලිගාවක් වගෙයි.

මේ කරපු උපකාරය මගේ මහත්තයා එලොව කොහේ හෝ හිට බලාගෙන ඉන්නවා ඇති.

මගේ දරුවෝ තුන්දෙනෙක්ම පාසල් යනවා. අපි බොහොම අමාරුවෙන් ජීවත් වන්නේ. අද අපිට කරපු මේ උපකාරයට අස්ගිරියේ මහානායක හිමියන් ඇතුළු කෑගල්ල පොලිසියේ සියලු දෙනාටත් අපිට උදව්කරපු සැමටත් පිංසිද්ධ වෙනවා යැයි පැවසුවාය.

විස්තරය හා ඡායාරූප

පත්මසේකර නිශ්ශංක

රඹුක්කන සමූහ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා