කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

මිනිත්තුවක කතාවක්

උඹලාවත් බලාගන්න බැරි මට පුළුවන්ද අලි බලන්න

මේ සිද්ධිය මෑත කාලයේ දී කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා ග්‍රාමීය ප්‍රදේශයක පොලිස් ස්ථානයක සිදුවූ සත්‍ය සිද්ධියක් ඇසුරිණි. ඈත අතීතයේ සිට අලි ඇතුන් ලවා බර වැඩ ගැනීම පැවතුණු ක්‍රමයකි. අද නම් ඒ අලි ඇතුන් වෙනුවට නවීන යන්ත්‍ර සූත්‍ර ඉදිරියට පැමිණ ඇත. එක්තරා මුදලාලි කෙනකුට අයිති ඇතා කොටන් ඇදීමට ගොස් ආපසු එන්නට ටිකක් ප්‍රමාද විය. ඇතා නාවා කවා පොවා ඇත් ගොව්වා ද ඇඟ පත සෝදා පුංචි අඩියක් ද ගසා ගෙන ඒම සිරිත ය.

ඇඳිරි වැටුණු පසු ආලෝකයක් හා මිණිගෙඩි ද ශබ්ද වන ලෙස ඇතා මහ පාරේ ගෙන යෑම සිරිත ය. නමුත් කිසිදු ආලෝකයක් හෝ ශබ්දයක් නොමැතිව ඇත්ගොව්වා ද පදමට බී ගෙන ඒ හා යයි. මෙය නගරයේ මුර සංචාරයේ සිටි රාළහාමිලා දෙදෙනාගේ නෙත ගැටිණ. ඔවුන් කළේ වහාම ඇත්ගොව්වා ළඟ ඇති පොලිසියට ගෙන යෑමයි. ඇතා පොලිස් භූමියේ ගහක බැඳ ඇත්ගොව්වාට බංකුවක් මත වාඩි වී සිටින ලෙස නියෝග කෙරිණි. මද වේලාවකින් ඇත්ගොව්වා හිමින් සීරුවේ පොලිසියෙන් මාරු විය.

පොලිසියේ ලොකු මහත්තයා පැමිණෙන විට ඇතෙකු ගහේ බැඳි හේතු කාරණා සොයා බැලීය. රාලහාමිලා දෙදෙනාම වහාම කැඳවීය. ඇත්ගොව්වාට එන ලෙස දැන්වීය. නමුත් මිනිහා අතුරුදන් වී ඇත. රාලහාමිලාට තරු පෙනුණි. ලොකු මහත්තයාට මාරාවේශ විය. “උඹල ටිකවත් මට පාලනය කරගන්න බැරිව ඉන්නවා.

තව ඇතෙකුත් ගෙනත් බැඳ ගත්තා” යැයි බැණ වැදිණ. වහාම ඇත්ගොව්වා සොයා ගෙනැවිත් ඇතා බාරදෙන ලෙස ලොක්කා ගෝර නාඩු කළේ ය. රාලහාමිලා අඳුරේ ම ඇත්ගොව්වා සොයා ගොස් ඇතා ඔහුට බාර කළේ ය.
 

සාම විනිසුරු,

ආරියදාස කාලවිල විතාන,

ධර්ගානගරය

‘දෙතැනක වෙනස’

කාම්බෝජ රාජ්‍යනායක නරෝදම් සිහනුක් කුමරු මොස්කව් නගරයේ සංචාරයක යෙදෙන අතර කාම්බෝජයේ සිදුවූ කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහ කරනු ලැබිණි. මේ 1970 මාර්තු 18 වැනිදා ය.

සංචාරය අත්හැර දැමූ සිහනුක් සෝවියට් ගුවන් යානයකින් පීකිං (බෙයිජිං) නගරයට ළඟා වූයේ සිය අනාගත සැලසුම් සකස් කර ගැනීමට ය.

බලාපොරොත්තු වූ අයුරින් ම කාම්බෝජය කුමන්ත්‍රණකරුවන්ගෙන් ගලවා ගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දීමට චීන නායකත්වය ඉදිරිපත් විය. මේ අතර ප්‍රංශ රජය ද සිහනුක් වෙත පණිවුඩයක් එවමින් පවසා සිටියේ ජීවිතයේ ඉදිරි කාලය විශ්‍රාම සුවයෙන් ගත කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා සියලු පහසුකම් සැපයීමට තම රට සූදානම් බව ය. සිහනුක් ඉතා කාරුණිකව එම ‘පරිත්‍යාග‘ ප්‍රතික්ෂේප කළේ ය.

ඒ සමගම ඔහුගේ මතකයට ආවේ පැරැණි සිදුවීමකි. ඔහු දිනක් පැරිස් නගරයේ වීදියක ගමන් කරනු දුටු ප්‍රංශ ජාතිකයෙක් තවත් ප්‍රංශ ජාතිකයෙකුට පැවසූ දේ සිහනුක්ට ඇසිණි.

“ඔය යන්නේ බාඕ බායි. පේනව නේද නිකං චීන ඌර වගේ හැටි විතරක්. මෙහෙම පිං බත් කෙළ කෙළ ඉන්නවා. අපි තමයි ඕවටත් වන්දි ගෙවන්න ඕන.”

(බාඕ ඩායි වියට්නාමයේ හිටපු පාලකයෙකි. බලය අහිමි වීමෙන් පසු ඔහු ප්‍රංශයේ නවාතැන් ගත්තේය.)

ප්‍රංශ පරිත්‍යාග බාර ගත්තේ නම් තමාට ද මුහුණ දීමට සිදු වන්නේ එම ඉරණමට ම බව සිහනුක් තේරුම් ගත්තේ ය.

එහෙත් චීන ජනතාවගේ ප්‍රතිචාරය ඊට හාත්පසින් ම වෙනස් වූවකි. දිනක් පීකිං නුවර වීදියකදී චීන ජාතිකයෝ පිරිසක් ඔහු දැකීමෙන් ඉමහත් සතුටට පත් වූහ.

“ඔබතුමා ආසියාවේ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔබතුමා වියට්නාම් ජනතාවට උදවු කරපු හැටි අපට මතකයි. දැන් කාම්බෝජයේ මිනිස්සු සටනට බැහැලා. ඒ අරගලයේ නායකයා ඔබයි. අපි ඔබේ සටනට සුබ පතනවා” ඔවුහු පැවසූහ.

(නරෝදම් සිහනුක් ගේ අත්දැකීම් හෙළි කරන ‘My war with the C.I නමැති ග්‍රන්ථයෙකි)

විශ්‍රාමලත් විදුහල්පති

බණ්ඩාරගම පුල්ලපෙරුම


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා