කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

මංජේශ්වරී

අපේ නැවට  ගුවන් ප්‍රහාරයක් එල්ල වුණොත්

මෙතෙක් කතාව

චාමික සෙනෙවිරත්න නාවිකයකු ලෙස නාවික හමුදාවට බැඳෙන්නට පෙර තිලකා නම් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන සිටියේය. ත්‍රිකුණාමල කඳවුරේ සිටි අවදියේ ඔහු ඇයට ලිපි ලීවේ තම සහෝදරයාගේ මාර්‍ගයෙනි.

කෙසේ හෝ මේ සම්බන්ධතාව දෙදරා යන්නේ ඔහුටත් හොරෙනි. හේතු කිසිවක් ඔහු නොදනී. අවුරුද්දක පුහුණුවෙන් පසු අවුරුදු හතරක පුහුණුවක් සඳහා චාමික ඉන්දියාවට යවයි. ඔහුගේ හොඳම මිතුරා වූ උදය කුමාරද ඔහු සමඟ යයි. ඉන්දියාවට ගිය පසුවත් ඔහු තිලකා ගැන සිතයි. එහෙත් ටික කලකට පසු ඔහුට ඉන්දියානු තරුණියක ඇස ගැසෙයි.

අද එතැන් සිට...

මම ආපසු හැරී බැලුවෙමි. වෙරළේ ඝෝෂාව නොනැවතී ඇසුණ ද අඳුර බොහෝ දේ හොරා ගෙන ගොස් ය. උදයකුමාර පෙනෙන්ට නොවීය. ඈත වෙරළේ මිනිසුන් පොදි ගැසෙමින් සිටිනු අඳුරේ වුව ද දක්නට ලැබිණ.

“අපිට තනිවෙන්නට ඉඩ දීල මිනිහ ඈතට ගිහින් වගේ”

මම පැවසුවෙමි.

“නෑ ඈත මොකක් හරි සිද්ධ වෙලා මිනිස්සු පොරකන්නෙ ඒකයි. ගිහින් බලමු ද?

මංජේශ්වරී මගේ අතින් අල්ලා ගෙන ගලින් ගලට පා තැබුවා ය. මට කිරින්ද වෙරළේ විහාර මහාදේවී පිළිරුව ඇති තැන සිහිපත් විය.

“පරිස්සමින්”

මංජේශ්වරී මගේ අත අත අරිද්දී මට බියක් දැනිණ. මෙවර මම ඇගේ අතින් අල්ලා ගතිමි. ගලින් ගලට පැන අපි වෙරළට පිවිසුණෙමු.

“මොකද වෙලා තියෙන්නෙ”

“ගිහින් බලමු”

මේ මිනිස් පොදිය අතර උදය කුමාර ද ඇතැයි මට සිතිණ. දියේ ගිළුනු තරුණියක් උදයකුමාර විසින් බේරා ගෙන දියඹට ගෙනවුත් ඇත. පුදුමයකි. අපට මේ කිසිදෙයක් ඇසුණේවත් පෙනුණේවත් නැත. අප කතා බහේ යෙදෙමින් සිටියදී උදයකුමාර වෙරළට ගොස් තිබිණ. සිද්ධිය සිදුව ඇත්තේ ඒ මොහොතේ ය.

වයසක ගැහැනියක් උදයකුමාරගේ දෙපා අල්ලාගෙන සිප ගන්නවා මට පෙනුණි. තවත් අය කිසිදු හැඟීමක් නැතිව බලා සිටියෝ ය. මංජේශ්වරී තම බස හසුරුවමින් මොන මොනවාදෝ උස් හඬින් පැවසුවා ය.

“ඉස්පිරිතාලෙකට ගෙනියන්න කිව්ව“

මංජේශ්වරී අප දෙසට හැරුණේ එසේ කියමිනි. එකෙනෙහිම මිනිසුන් දෙදෙනෙක් දැරිය ඔසවා ගත්හ. බරක් උසුලාගෙන ගලින් ගලට පා තැබුවේ අමාරුවෙනි. මංජේශ්වරී වෙරළේ ඉතිරිවූ ගැහැනු පිරිමි සමඟ කතාවට වැටුණා ය. එක් ගැහැනියක් කම්මුලට අත තබා ගත්තා ය. උදයකුමාරගේ දෙපා සිපගත් මිනිසා ද නැගිට්ටේ ය.

“සාමි සිවම්. නමස්තේ”

ඔහු උදයකුමාරට යළිත් වැඳ නමස්කාරකොට සෙනඟ පසුපසින් දිව්වේ ය.

“ඒ කෙල්ලගෙ තාත්තා. දෑවැදි ප්‍රශ්නෙකට කෙල්ල දිවි නහගන්න මූදෙ පැනලා”

මංජේශ්වරී විස්තර කළේ තරහිනි.

“මං උඹල දෙන්න කතා කර කර හිටපු නිසා ටිකක් පහළට බැස්සා. එතකොටම කෙල්ලක් දුවගෙන ඇවිත් පනිනව මං දැක්කා. මහ උන් දෙන්නෙකුත් කෑගහගෙන පස්සෙන් ආවා. කෙල්ල ගිලුණේ නැති එක වාසියට ගියා. මං පැන්න. කොණ්ඩෙන් අල්ල ගත්තා. ඇදගෙන ආවා. ගිලුණ නම් මේ කළුවරේ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. එහෙනම් කෙල්ල ඉවරයි”

ගලින් ගලට පා තබමින් උදය කුමාර අප පසුපසින් ආවේ ය.

“තමන් නාවික සෙබළෙක් කියල කිව්වෙ නැද්ද?”

මම ඇසුවෙමි.

“මොකට පංපෝරි ගහන්නද? ජීවිතයක් ගලව ගත්ත මදැයි”

මංජේශ්වරී ගලින් ගලට පා තැබුවේ මගේ අතේ එල්ලී ගෙන ය. එහෙත් කිසිදු කතාබහක් නොවී ය. ඈ සිටියේ කිසියම් කලකිරීමකින් විය යුතු යි. කෝවිලට පැමිණි අවස්ථාවේ අප තුළ වූ සතුට සේදී ගියාක් මෙනි.

ජීවිතය පුරාවට බොහෝ දුක්බර සිදුවීම් සිදුවේ. ඒවා විවිධාකාරයෙන් අපේ ජීවිතවලට ද බලපායි. සියදිවි නසාගන්නට උත්සාහ කළ තරුණියගේ සිද්ධිය කොයි ආකාරයකින් හෝ මංජේශ්වරීගේ ජීවිතයට ද බලපෑම් එල්ල කර තිබේ. මංජේශ්වරීට ද දෑවැදි ප්‍රශ්නයෙන් පීඩා විඳින සහෝදරියක් සිටී. නංගිලාට ද මේ ප්‍රශ්නය ඉදිරියේදී බලපානු ඇත.

කෝවිල අසලට පැමිණිය ද මංජේශ්වරී තවමත් නිහඬය. තරුණිය ඔසවාගෙන ආ පිරිස ඇය රෝහල් ගත කිරීම සඳහා වාහනයක් සොයා ගත නොහැකි ව ලතවෙමින් සිටිති. මංජේශ්වරී මගේ අත අතහැරියා ය. කෝවිල ඉදිරියේ නවතා තිබූ වාහන දෙසට ඈ දුව ගියා ය. ඈ ආපසු ආවේ වාහනයක් පණ ගන්වන හඬත් සමඟය. තරුණිය රෝහලට ගෙනයෑම සඳහා කෙසේ හෝ මංජේශ්වරී ද සම්මාදම් වූවා ය.

“කෝවිලට ඇවිත් වැන්දට මේ මිනිසුන්ට හදිසි අවස්ථාවකදී ක්‍රියා කරන්න තේරුමක් නැහැ”

ඈ අප දෙදෙනාටම ඇසෙන සේ පැවසුවා ය.

හිමින් හිමින් ඇවිදගෙන ආ අපි විශ්ව විද්‍යාල නේවාසිකාගාරය වෙත මංජේශ්වරී කැටුව ආවෙමු. සමුගන්නා මොහොතේ මගේ සිතට කිසියම් වේදනාවක් දැනිණ.

“එහෙනම් අපි ගිහින් එන්නම්”

මා පවසද්දී උදයකුමාර අඩියක් දෙකක් ඉදිරියට තැබුවේ ය.

“ආයෙ කවදද එන්නෙ”

“කවදද එන්න ඕනි”

“වැදගත් ගමනක් යන්න තියෙනවා. ලබන සති අන්තයෙ එනවද?”

“චාමික විතරක් ඇතිනෙ”

උදයකුමාර නැවතුණේය.

“බෑ දෙන්නම එන්න ඕනි. ඒක ටිකක් අමාරු ගමනක්. තනියම යන්න බයයි.”

“ඇයි පොලිසියෙන් අල්ල ගනී කියල ද?”

“නෑ හොරු ඉන්නව“

මම උන්තැනම සිටිමින් දෙදෙනාගේ කතාව අසා සිටියෙමි. සඳ මෝදුවී තිබිණ. සඳ කැන්, මංජේශ්වරීගේ කෙහෙ රොද මත වැටී දිලිසුණේ ය. අඩවන් වූ දෑස දුක්බර ය.

“එහෙනම් දෙන්නම එන්න. සෙනසුරාදා උදෙන් ම එන්න.”

මට මංජේශ්වරීගේ මුහුණ සිප ගන්නට ඇත්නම්. උදයකුමාර ඉදිරියේ පෙම්වතුන්ගේ සමුගැනීම මට අහිමි ය. දෙපා ඉදිරියට ඇදුණේ ඉතා සෙමිනි.

“කොහෙද අර යනව කිව්වෙ“

උදයකුමාර මඟදී ඇසුවේ ය. ඒ ගමන මට ද ප්‍රශ්නයකි. ඒ නිසා මම පිළිතුරක් සොයමින් ගමන් කළෙමි.

“මතකද දවසක් කිව්ව යෝගී ආශ්‍රමයකට යන්න ඕනි කියල. ඔය යන්න හදන්නෙ එතනට වෙන්න ඇති”

මතකය අලුත් වෙද්දී මම පැවසුවෙමි.

“තව කොහෙ කොහෙ යන්න වෙයිද දන්නෑ”

උදයකුමාර කොක්හඬලා හිනැහුණේ ය. මගේ සිත පුරා ශෝකය මෝදුවෙමින් තිබිණ.

මංජේශ්වරී යනු තවත් එක් ගැහැනියක් නොවේ. අභියෝග රැසකට මුහුණ දෙන ගැහැනියකි. දෑවැද්ද ප්‍රශ්නය නිසා ඇගේ සිත දුකින් තැවේ. ක්‍රිෂ්ණදේව හා සම්බන්ධ ප්‍රශ්නය නිසා ඇගේ සිතට මහ බියකි. නාවික සෙබලකු හා ඇති කරගත් ප්‍රේම සම්බන්ධය තවත් අභියෝගයකි. මා ඒ සියලු අභියෝගයන්ට මැදිව සිටී. උදය කුමාරට කිසිදු අභියෝගයක් නැත. චින්තා සිටින්නේ ඔහුට බොහෝ දුරිනි. එය ඇත්ත වශයෙන් ම ප්‍රේම සම්බන්ධයක් නොවේ. අනුකම්පාව නිසා ඇති වූ ආදරයකි.

නිවහනට පැමිණෙද්දී අපේ කෑම වේලාව ද ඇරඹී ඇති බව පෙනිණ. ඒ රාත්‍රි අට පසුවී තිබූ බැවිනි. මස් හොඳී, අල හොදි සමඟ පාන් සහ ගෝදම්බා රොටී මේසය මත විය. කෑමට පිරියක් නොවීය. මහන්සිය සමඟ සිත්තැවුල එළියට එයි.

මම ගෝදම්මා රොටියක් කැබලි කැබලිවලට ඉරා අල හොඳි තවරා ගතිමි.

උදයකුමාර තමන් කළ වික්‍රමය ලතීෆ් සමඟ පවසන්නට විය.

“ඇත්ත ද චාමික මේ කියන්නෙ”

ඔහු මගෙන් ඇසුවේ ය.

“ඇත්ත. උදය නැත්තං ඒ කෙල්ල ඉවරයි.

“සිය දිවි නහගන්න ගිය එකී බේරගන්නෙ මොකටද? ඒකි ඉන්න ඇත්තෙ ජීවිතය එපාවෙලා. උදය කරපු දේ හින්දා ඒ කෙල්ල ආයෙත් දුක් විඳින්න පටන්ගන්නව.”

“ඒකත් ඇත්ත තමයි. එතකොට උඹල කියන්නෙ කැමැත්තෙන් මැරෙන්න හදන මිනිසුන්ට මැරෙන්න දෙන්න කියල”

“නැතුව...”

ඔවුන්ගේ කතාව තවදුරටත් මගේ කලකිරීම වැඩි කළේ ය. කෑම පිඟාන අත ගගා උන් මම කෑම මේසයෙන් නැගිට්ටෙමි. මට තනිවම කල්පනා කිරීමට බොහෝ දේ තිබිණ.

මංජේශ්වරී මේ අන්දමින් ඇසුරු කොට අත්හැර දැමිය නොහැක. ඇය ද මා කෙරෙහි සියලු බලාපොරොත්තු ගොනුකරගෙන සිටී. සියල්ල ඉරණමට බාර දී නිහඬව සිටිය නොහැක.

මම සෙමෙන් සෙමෙන් ඉදිරිපස පිට්ටනිය දෙසට පිය මැන්නෙමි. ගස් මුදුන් පුරා සඳ කැන් සිසාරා ගලා යයි. එහෙත් ගස් සෙවණ කළුවරය. ඒ අතු පතර වහලක් වී ඇති බැවිනි. හමා එන සුළඟ සමඟ සිසිලසක් දැනේ. මුහුදේ ඝෝෂාව ද නොනවතින ඉමකි.

අඹගසක් මුල වූ බංකුවක මම ඉඳගතිමි.

මංජේශ්වරී යම් හෙයකින් විවාහකර ගැනීමට නොහැකි වුවහොත් සිත පාරවන ඒ සිතුවිල්ල සිතින් ඉවත් කළ නොහැක.

දහවල මෙන් කුරුල්ලන් නැත. ලේනුන් නැත. රැහැයියන්ගේ නාදය එකම කන්දොස්කිරියාවකි. පළගැටි ගීතයක් ද එයට එකතු වී තිබේ. අහස සිසාරා තරුකැට එල්ලෙමින් තිබේ. හත්දින්නත් තරුව ද ඒ අතර ය. එය ප්‍රාර්ථනා ඉටු කරන්නකි.

දිගින් දිගටම සරණාගතයන් ගෙන යෑම එක් අතකින් කදිම විනෝදාංශයක් විය. වරකට එක් නැවකට සරණාගතයින් නවසියයක් පමණ ගාල් කරන ලදී. ඒ අනුව මුළු ප්‍රමාණය දස දහසක් පමණ විය. දහ වැනි වතාවට මා නැවට නැග්ගේ මෙය මේ වාරයේවත් අවසන් වෙතැයි සිතමිනි.

දැන් මෙය විනෝදාංශයක් සේ සිතුණ ද තුන් වැනි හතර වැනි ගමන්වලදී අප එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලින් බේරුණේ අනූනමයෙනි. එක්වරක් නැව ඉන්දියන් සාගරය මැද නවතා තබන්නට සිදුවිය. එල්.ටී.ටී.ඊ. සූදානමක් ගැන ආරංචිය ලැබුණේ කළුවර වැටෙද්දී ය. රාත්‍රි කාලය ප්‍රහාරයකට වැඩි වාසි ඇති බැවින් අපි මුහුද මැද නැංගුරම් ලා ගතිමු. මැදියම් රැය ආසන්න වෙද්දී මුහුදේ පාවෙන බෝට්ටු කිහිපයක් අපේ ඇස ගැසිණ. ආරක්ෂක උපකරණ හා අවශ්‍ය වුවහොත් පුපුරවා හරින්නට බෝම්බ ද සූදානම් කරගෙන අපි බලා සිටියෙමු. එහෙත් එසේ මුහුදේ පාවෙමින් තිබුණේ ධීවර යාත්‍රා බව පසුව දැනගන්නට ලැබිණ.

අපේ නැවට ගුවන් ප්‍රහාරයක් එල්ල වේවිද යන බිය ද අප තුළ තිබිණ. මේ වනවිට කුඩා ගුවන් යානා කිහිපයක් ද එල්.ටී.ටී. ය සතු විය. ගුවන් ප්‍රහාරයකට මුහුණ දිය හැකි වුවත් එය තරමක අමාරු කාර්යයකි. ප්‍රහාරයක් එල්ල වුවහොත් දහසකට ආසන්න පිරිසකගේ ජීවිත අනතුරේ ය.

“සෙනෙවි අනිත් අයත් එක්ක සූදානමින් ඉන්න. මොකක් හරි හෝඩුවාවක් දැනුණොත් මං එක පාරටම නැව හරවනවා. මිනිස්සුන්ට කලබල වෙන්න දෙන්න එපා.”

කපිතාන්ගේ නියෝගය මා බාරගත්තේ නිහැඬියාවට අගුල්පත් තබමිනි. එහෙත් කණ්ඩායම් වශයෙන් තැන තැන විසිරී උන් ආරක්ෂක භටයන්ට මම මේ බව රහසින් දැනුම් දුනිමි. සැමදෙනාම සූදානම තර කර ගත්හ. සරණාගතයින් ගෙන ගිය හැම වාරයකදීම නැව තුළ සිංහල දන්නා කිහිප දෙනෙක් හෝ සිටියෝ ය. ඒ අය සැකයෙන් තොරව මා ලංකාවේ බව ද හඳුනා ගත්හ.

“මහත්තයෝ. මොකද නැව යන්නෙ නැත්තෙ” කෙනෙක් ඇසුවේ සැක සිතිනි.

“තව පොඩ්ඩකින් යනව. එන්ජිමේ ප්‍රශ්නයක් “

“ආඩවනේ අපිව අරුන් අල්ල ගත්ත හෙම නෙවෙයි නේද?”

ඔහු අරුන් යයි කීවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට යි.

“නෑ නෑ අපි ඉන්දෙද්දී කොටි කොහෙ එන්න ද. තව පොඩ්ඩකින් යාවි”

ඔවුන්ගේ සැක මග හරින්නට මම විවිධ කතන්දර ගෙතුවෙමි. කෙසේ වුව ද මේ අවස්ථාවේදීත් අපට ආපදාවකින් තොරව ලංකාවට සේන්දු වීමට හැකි විය.

මුල් වාරයේදී මිස ඉන්පසු කිසිම අවස්ථාවක මට ගොඩබිමට යන්නට නොහැකි විය. ගොඩබිම ඇසින් දැක අපි නැවට වී සිටියෙමු.

සරණාගතයන් එහා මෙහා ගෙන ගිය කාලය තුළ මා ලද ශිල්පිය පුහුණුව මදකට ඇන හිටියේ ය. එහෙත් සරණාගතයින් හා කතා බහ කිරීමෙන් ලද අත්දැකීම් ඊට දෙවෙනි නොවීය. දවසින් දවස ජීවිතයට බොහෝ දේ එක්කාසු වෙයි. මේ හැම ගමන් වාරයකින් ම පසු මා මංජේශ්වරී හමුවූයේ නවමු අත්දැකීම් ගොන්නක් ද සමඟ ය.

“මේ පාර මොකද වුණේ”

පසුදා හවස මංජේශ්වරී හමුවූ අවස්ථාවේ ඈ ඇසුවා ය.

අපට මේ පාර නැව මුහුද මැද නවත්තගෙන ඉන්න සිද්ධ වුණා”

“ඒ මොකද?

“එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නයක් ඇතිවේ යැයි කියල සැකයක් තිබුණා.

මංජේශ්වරී එක එල්ලේ මා දෙස බැලුවා ය.

“එහෙම වුණා නම් ඔයාට මොකද වෙන්නේ”

“නැවක් පිපුරුවොත් වෙනදේ හිතා ගන්න පුළුවන්නෙ”

“පුළුවනි. ඒත් බේරිච්චි අවස්ථාත් තියෙනව“

“හ්ම්...”

“මට නම් හිතෙනව ඔයා මෙහේ පුහුණුවට ආපු එක හොඳයි කියල.”

“ඔව් ආවෙ නැත්නම් මංජේශ්වරී කෙනෙක් හම්බ වෙන්නෙ නැහැනෙ.”

මා එසේ කියද්දී මංජේශ්වරී හඬ නඟා හිනැහුණා ය.

“සරණාගතයො පටවන එක ඉවරයි. ආයෙ බයවෙන්න දෙයක් නැහැ”

එවර මංජේශ්වරිගේ හිනාව කල්පනා සහගත එකක් විය. ඈ සැනසුම් සුසුමක් හෙළුවා ය.

“එහෙනම් අපේ වැඩේට බහින්න පුළුවන්”

“තව කොහේ කොහේ ද යන්න තියෙන්නෙ”

“යන්න නම් තැන් ගොඩක් තියෙනවා”

“හිමිහිට යමු”

තව කොටසක් ලබන සතියේ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා