»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්
 

මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්

 

මහාචාර්ය සුසන්ත මහඋල්පත

මා කියවූ, විඥානධාරා සන්දර්භය පරිභාවිත හොඳ ම සිංහල නවකතාව සින්නදොරෙයිගේ පුංචි ලෝකයයි.

ගුණසිරි ජයවර්ධන, හය රියන් මිනිස්සු, බොරදිය සහ තිත්තයෝ, තුඹස හා මෙරු, පහන මුල ම අඳුරුයි, එක ම කාසියේ දෙපැත්ත යන සාහිත්‍ය කෘතීන්හි නිර්මාතෘවරයායි. ඔහුගේ හොඳ ම නවකතාව වශයෙන් මා සලකන්නේ සින්නදොරෙයිගේ පුංචි ලෝකයයි.

මේ නවකතාවේ විශේෂතා කිහිපයක් තිබෙනවා, එකක් තමයි විඥානධාරා සනදර්භ ක‍්‍රමය සාර්ථක ආකාරයෙන් භාවිත කොට තිබීම. විඥානය කියන්නේ යටි සිතට.

සිංහල නවකතාවේ මුල් අවදියේ ම වාගේ මිනිස් සිත විවරණය සඳහා ලේඛකයන් උනන්දු වුණා. අලුත්ගමගේ සයිමන් ද සිල්වා තමන්ගේ මුල් ම කෘතිය වන මීනාහි දී කතානායිකාවගේ සිතිවිලි යථාර්ථරූපී ව ඉදිරිපත් කරන්නට සාර්ථක උත්සාහයක් ගෙන තිබෙනවා.

ඉන්පසු ව මාර්ටින් වික‍්‍රමසිංහ විරාගය නවකතාවේදී කතානායකයාගේ සිත කි‍්‍රයා කරන හැටි නිර්මාණශීලී ව ඉදිරිපත් කොට තිබෙනවා. විඥානධාරා සන්දර්භ ක‍්‍රමය මුල් වරට සාර්ථක ආකාරයට ඉදිරිපත් කළ නවකතාව ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ සිරි ගුනසිංහගේ (1960) හෙවනැල්ල නවකතාව. කාලයත් සමඟ ම සාහිත්‍යයේ නව නිර්මාණ දැන ගන්නට ලැබෙනවානේ.

1994 දී ගුණසිරි ජයවර්ධන රචනා කළ සින්නදොරෙයිගේ පුංචි ලෝකය නවකතාවේ ප‍්‍රධාන කථනෝපක‍්‍රමය වී ඇත්තේ එකක් මත එකක් පතිත වන ආකාරයේ අඛණ්ඩ චිත්තාවලියක්. මේ ක‍්‍රමය මුළු නවකතාව පුරා ම නිර්මාණශීලී ආකාරයට පැතිර පවතිනවා. විඥානධාරා සන්දර්භ ක‍්‍රමය පරිභාවිත මා කියවූ හොඳ ම සිංහල නවකතාව සින්නදොරෙයිගේ පුංචි ලෝකය.

මේ නවකතාවේ තවත් ඉස්මතු ව පෙනෙන කාරණයක් තමයි පරිසර සංරක්ෂණය පිළිබඳ ව ලේඛකයාගේ සංවේදීත්වය. ‘පරිසරය සුරකිමු’ කියන පාඨය වාර්තා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමක් නෙවෙයි මෙහි තියෙන්නේ. සේපාලි මායාදුන්නේගේ තිදස නවකතාවේත් පරිසරය පිළිබඳ කාරණය නිර්මාණශීලී ආකාරයට සිංහල නවකතාවට ප‍්‍රවේශ වූ තවත් සුවිශේෂ වූ අවස්ථාවක්.

නවකතාවකින් වුණත් අපි කැමති වෙනවා ටිකක් යථාර්ථයට ඔබ්බෙන් ගවේෂණයක් සිදු වෙනවා නම්. දෙමළ සිංහල ප‍්‍රශ්නය වස්තු විෂය කොට ගත් නවකතාවක්, පවතින යථාර්ථයට අතිශයින් සමගාමී ව ගෙතිය යුතු වෙනවා. එහෙත් කතානායකයා හා යාපනයේ යම් යම් සංසිද්ධීන් ඉදිරිපත් කෙරෙන්නේ යම් පමණක අද්භූත යථාර්ථවාදයකින්. නාන්දි වාක්‍යම් ආදිය යෙදෙන තැන් මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකියි.

සින්නදොරෙයිගේ පුංචි ලෝකය, තාත්වික රීතිය අනුගමනය කළ නවකතාවක් වුවත් මෙලෙස යථාර්ථයට ඔබ්බෙන් කියවෙන කාරණා එක් කිරීමෙන් කිසි ම අවිශ්වසනීයත්වයක අවලස්සනක් එයට එකතු වන්නේ නැහැ. එය කතාව වඩාත් රසවත් කරන උපක‍්‍රමයක් බවට පත් වී තිබෙනවා. සේපාලි මායාදුන්නේගේ ගත් අඩියට වින කළ යකු නවකතාවේ පවතින යථාර්ථය පැවසීමට එහි ඉදිරිපත් කෙරෙන තරමේ අද්භූතයක් කුමකට ද කියා විටෙක හිතෙතත් සින්නදොරෙයිගේ පුංචි ලෝකය නවකතාවේ දී එවැනි මතිභ‍්‍රමයක් ඇති වන්නේ නැහැ.

මේ නවකතාවේ මා දකින තවත් සුවිශේෂ වූ කාරණයක් තමයි මෙහි ඇති මානුෂීය ස්වභාවය. අප දන්නා මිනිස්කම පිළිබඳ ව නව අරුත් මෙයින් සැපයෙනවා. කතානායකයාට උතුරේ දී සිටියේ දෙමළ ජාතික මව්පිය යුවළක්. දකුණේ දී ඔහුගේ සැබෑ දෙමව්පියන්ට අමතර ව කරුණාවතී නැන්දාත් නෝරිස් මාමාත් ඔහුට දක්වන්නේ දාරක ස්නේහයක්.

ති‍්‍රකුණාමලයට අහඹුවකින් ගිය දෛවෝපගත ගමනක් නිසා ධර්මදාස දෙමළ ජාතිකයෙක් ම වූයේ පුදුමාකාර ලෙසකටමත් නෙවෙයි. එය එසේ විය යුතු ව ම තිබුණා. මාස ගණනක් කතා නොකර සිටි අනාථ දරුවා අලුත් දෙමළ දෙමාපියන් ඉදිරියේ දී කතා කළා. ‘ආයෙත් ඒ ස්තෝත‍්‍රය ම කියමු ද?’ ඔහු නොදැනුවත් ව ම කතා කර තිබුණේ දෙමළ භාෂාවෙන්.

ධර්මදාස, සින්නදොරෙයි හෙවත් පොඩි මහත්තයාට යාපනය එපා වූයේ ඇයි? දකුණේ මිනිසුන් විනාශ කිරීමට උතුරේ තරුණයන් රහස් ව්‍යාපාරයන්හි යෙදෙන විට ඔහුගේ ශරීරගත ලෙය කකියන්න වුණා. ඊශ්වරීත් සමඟ මුළු යාපනයෙන් ම ඔහු සමුගන්න තීරණය කළා. නවකතාවක අන්තර්ගත වන්නේ කුදු මහත් මිනිස් කි‍්‍රයාකාරකම්වලට අමතර ව වෙනත් දෙයක් නෙවෙයි. මෑත යුගයේ නවකතාවක විස්තාරිත මානුෂික බැඳීමකින් මා සසල කළා නම් ඒ අන් නවකතාවකින් නෙවෙයි, සින්නදොරෙයිගේ පුංචි ලෝකය නවකතාවේ මානුෂික බැඳීම්වලින්.

ඒ විතරක් නෙවෙයි මේ නවකතාවේ තවත් සුවිශේෂයක් තිබෙනවා. ඒ තමයි කතාව ගෙතීමේ සුරුකම.


විඥානධාරා සන්දර්භයෙන් ලියැවුණු ලංකාවේ ප‍්‍රථම නවකතාව මෙයයි

යුද සාහිත්‍යයක් හෝ පශ්චාත් යුද සාහිත්‍යයක් මෙරට බිහි නොවූ තරම් යැයි විචාරකයන් පවසන කාලයක පශ්චාත් යුද සමයේ පාඨකයන්ට මේ නවකතාවෙන් සිදු කෙරෙන බලපෑම කෙබඳු ද?

ගුණසිරි ජයවර්ධනයන් මේ නවකතාවේදී යුද ජයග‍්‍රහණයට දී තිබෙන අදහස තමයි දෙපිරිස අතර ඥාති සම්බන්ධතා ඇතිකර ගෙන ගැටුම් අවබෝධ කර ගත යුතු බව. විශේෂයෙන් සිංහල දෙමළ විවාහවලින් සිංහල හෝ දෙමළ යැයි කිව නොහැකි දරුවන් බිහිකළ හැකියි. එවැනි තත්ත්ව යටතේ ඇතිවන ගැටුම්කාරී බව අඩුයි. මෙය කෙසේ සමාජය පිළිගත්ත ද කි‍්‍රයාත්මක වුවද ලේඛකයාගේ අනාගත දැක්ම නිවැරැදියි.

ගුණසිරි ජයවර්ධනයන් වෙනත් නවකතාකරුවන්ට සාපේක්ෂ ව එතරම් සාකච්ඡාවට බඳුන් නොවූ නවකතාකරුවෙක්. මෙරට නවකතාකරුවන් අතර ඔහු කුමන ස්ථානයක ද සිටින්නේ.

ගුණසිරි ජයවර්ධනයන්ගේ අනෙක් නිර්මාණ අතර මේ කෘතිය මධ්‍යගත නවකතාවක් ලෙසයි මා දකින්නේ. හොඳ නිර්මාණයක් ලෙස එක් කෘතියක් කළත් සාමාන්‍ය පිළිගැනීම අනුව ඔහු උසස් නිර්මාණකරුවකු ලෙස පිළි ගැනෙනවා. එබඳු අවස්ථාත් ඕනැතරම් තිබෙනවා. ඒ නිසා වැඩි කෘති ප‍්‍රමාණයක් ලියූ පමණින් උසස් ලේඛකයකු වන්නේ නැහැ. නිර්මාණයේ තිබෙන ගුණාත්මක භාවයයි මැනීමට බඳුන් වන්නේ. ඒ අනුව ගුණසිරි ජයවර්ධනයන්ගේ සින්නදොරෙයිගේ පුංචි ලෝකය නවකතාව නිසාම ඔහු අපේ රටේ නිර්මාණශීලි නවකතාකරුවන් අතර ඉහළ පෙළේ නවකතාකරුවකු බවට පත් වෙනවා.

මෙහි එන සින්නදොරෙයි නම් වූ ප‍්‍රධාන චරිතය ඔබ වුණානම් ඔබ කි‍්‍රයා කරන්නේ කෙසේ ද?

ඇත්තෙන් ම ඔබ එවැනි ප‍්‍රශ්නයක් නඟනතුරු මට එවැනි හැඟීමක් නම් ඇති වුණේ නැහැ. නවකතාවක් රචනා කරන ලේඛකයාටත් එය කියවන පාඨකයාටත් ඇතැම් අවස්ථාවලදී එහි එන එක් හෝ චරිතයකට තමන් අනුරෝපණය වන අවස්ථා තිබෙනවා තමයි. එහෙත් මා මේ නවකතාව කියවන විට මා මගේ අනන්‍යතාව පසෙක තබා සින්නදොරෙයිගේ අනන්‍යතාවයෙන්ම මෙය රස වින්දා.

ඒ නිසාදෝ ඔහු ගන්නා සියලු තීන්දු තීරණ සාධාරණ බව මට වැටහුණා. පේ‍්‍රමය මූලික කරගත් පේ‍්‍රමවන්තයකුට ඔහු රාජේශ්වරි අතහැර යාම දුෂ්ටකමක් යැයි විග‍්‍රහ කිරීමට හැකියි. එහෙත් මේ නවකතාව විශ්ලේෂණාත්මක ව විචච්ඡේදනාත්මක ව කියවා බැලීමේදී ඒ චරිතය සාධාරණ යැයි හැඟෙනවා.

මේ නවකතාව කියවාගෙන යාමේදී මෙහි යම් යම් සිදුවීම් මීට වඩා වෙනස් වූයේ නම් මීට වඩා රසවත් වේ යැයි සිතු අවස්ථා තිබෙනවා ද?

අවසානයේ තිබෙන දෙබස් හා සංවාද කථනවල ඔබ වැනි යෙදුම් යෙදීමේදී කෘති‍්‍රම බවක් ඇතිවී තිබෙන බව හැඟුණා. එහෙත් එය සිද්ධි හා සම්බන්ධ දෙයක් නෙවෙයි. එය ලේඛකයාගේ නොසැලකිලිමත් බව නිසා සිදුවූ දෙයක්. වෙනත් වෙනස් කිරීමක් පිළිබඳ නම් හැඟීමක් ඇතිවුණේ නැහැ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා