»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
 බෝසත් කථා පෙළ නැවත කියවමු
 

 බෝසත් කථා පෙළ නැවත කියවමු

 

කුණාල ජාතකය - 02

පසුගිය සතියේ කුණාල ජාතකයේ එක් අතුරු කථාවක් ගෙන මනුෂ්‍ය චින්තනයේ ගූූඪ සිතිවිලි හඳුනා ගන්නට මග පෙන්වූයෙමි. එහි දෙවැනි කොටසක් ද ඉදිරිපත් කරන්න මෙහි දී කි‍්‍රයා කරනුයේ පාඨකයනට එහි ඇතුළත් දීර්ඝ කරුණු ඔස්සේ බොහෝ දැනුමක් සම්පාදනය කළ හැකි බැවිනි.

අංගුත්තර නිකායෙහි එන ඉත්ථිබන්ධ පුරිස බන්ධන සූත‍්‍රවල ඇතුළත් ධර්ම කරුණක් මුල් කර ගනිමින් කුණාල ජාතකය ඉදිරියට ගෙන යන්නට කල්පනා කරමි. උක්ත සූත‍්‍රයෙහි ස්තී‍්‍ර පුරුෂයන් වහා බන්ධනයට පත් කරවන කාරණා අටක් සාකච්ඡා කරන අතර ඒ සියල්ල වර්තමානය තුළින් පවා අපට දැකිය හැකි දේ ය. ඒ අතරෙහි අටවන කාරණය ලෙස දැක්වෙන්නේ

“ඵස්සේන භික්ඛවේ ඉත්ථි

පුරිසං බන්ධතී” යනුවෙනි. එයින් කියවෙන්නේ මහණෙනි, ස්පර්ශය ස්තී‍්‍ර පුරුෂයන් වහාම බන්ධනයට පත් කරවන්නට හේතු වන බවයි. සූත‍්‍රාගත මේ දැක්ම භාවිත සමාජයේ දී සත්‍යයක් නොවන්නේ ද? මේ වග හොඳින් කියවෙන කථා පුවතක් කුණාල ජාතකයෙහි අතුරු කථාවක එයි.

යටගිය දවස බරණැස බක නම් රජ කෙනකු දැහැමින් රාජ්‍ය කරන සමයෙහි එක්තරා වීදියෙක දිළිඳු කුලයෙක පංචපාපා නම් යෞවනියක් වාසය කළා ය. පෙර බවයෙහි ඇය නිවසක් තනනු වස් බිත්තියෙක මැටි ගසමින් සිටියදී, එක් පසේ බුදුවරයෙක් තම කුටියෙහි මැටි ගැසීම සඳහා මැටි සොයමින් පාත‍්‍රය ද රැගෙන ඇවිද මේ තරුණියගේ නිවසට පැමිණියේ ය.

තම නිවසෙහි අහර නොමැති බව ඇගවුව ද උන්වහන්සේ නොගොස් වැඩ සිටියහ. කෝපයට පත් ඇය මැටි පිඩක් ගෙන ගොස් පාත‍්‍රයට දැමුවා ය. පසේ බුදුන් ඒ මැටි රැගෙන ගොස් තම කුටියෙහි මැටි ගා ගත් අතර ඒ පුණ්‍යකර්මයෙන් ඇය දිව පහස් බඳු ශරීර ඇතිව ඉපදුනා ය. එහෙත් කිපී පිදු හෙයින් මුහුණ ද දෑත ද දෙපය ද යන පංචස්ථාන විරූපි විය. ඒ නිසා ඇය පංචපාපා නම් වූ අතර බොහෝ දෙනකුට ඇය බැලීම පවා අපහසු විය.

එකල බක නම් වූ බරණැස් රජතුමා රාති‍්‍රයෙහි අප‍්‍රසිද්ධ වේශයෙන් සංචාරයෙහි යෙදෙන්නේ පංචපාපාගේ ගෙදරට පැමිණියේ ය. ඔහු කවරෙක් දැයි නොදත් පංචපාපා කී‍්‍රඩාවෙන් සිටියදී රජුගේ අත ඇල්ලුවා ය. ඇයගේ ස්පර්ශය දිව්‍ය පනසක් සේ රජුට දැනුණු අතර එනිසා ම ඇගේ පහසෙහි ඇලුණි. විරූපිනිය අත අල්වා ගත් රජු ඒ පහස විඳිමින් ම ඇගේ තොරතුරු විමසා අස්වාමික බව දැන තමා ඇයගේ ස්වාමි පුරුෂයා බවට පත් වීමට කැමැත්ත පළ කළේ ය.

ඇය ඒ බව දෙමාපියන්ට කී කල්හි දුප්පත් මිනිසකු වන්නට ඇතැයි සිතා කැමැත්ත පළ කළහ. රජ්ජුරුවෝ ද එතැන් පටන් අප‍්‍රසිද්ධ වේශයෙන් ම දුප්පත් මිනිසකු සෙයින් සෑම රාති‍්‍රයක ම පැමිණ ඇය සමඟ රතියෙහි යෙදුණි. අවසන අන්තºපුර ස්තී‍්‍රන්ගේ මුහුණ හෝ නොබැලූහ.

කල් යාමේදී ඇගේ පියාට ප‍්‍රහීණියක් ඇති විය. ඊට ප‍්‍රතිකාර නියම කළ වෛද්‍යවරුන් කියා සිටියේ පැන් නුමුසු කිරී මී ගිතෙල් ආදියෙන් පිසූ කිරිබතක් සකසා මේ පියාගේ ආහාරය ලෙස දිය යුතු බවයි. පංචපාපා රැයෙහි තමා සමඟ වසන සැමියාට ඒ බව ස්ති‍්‍ර මායාවන් දක්වා කියා සිටි අතර රජතුමා ඇය මාලිගාවට ගෙන්වා ගැනීමට හොඳ අවස්ථාවක් ලෙස සිතා ඊට උපක‍්‍රමයක් යෙදී ය.

එනම් යට කී පරිද්දෙන් බත් මුල් දෙකක් සකසා ඉන් එකක රජුගේ ඔටුන්නෙහි සිළුමිණ සඟවා පංචපාපාට ගෙනැවිත් දුන්නේ ය.

මේ අතරෙහි රජතුමා රජගෙදර සිළුමිණ අස්ථානගතව ඇතැයි ප‍්‍රසිද්ධ කොට මාලිගාවල් හා නගර ගම් බිම් සියල්ල පරීක්ෂා කරවන්නට නියෝග කළේ ය. රාජපුරුෂයෝ දිළිඳු ගෙවල පවා හැලි වළන් හා බත් මුල් ආදිය ද ලිහවා සිළුමිණ සොයන්නට වූහ. පංචපාපා ගේ නිවස පරික්ෂාවේදී සිළුමිණ හමු වී රාජපුරුෂයෝ ඒ දෙමහල්ලන් බැඳ රජගෙට පැමිණවූහ. එහෙත් ඔවුන් රජතුමා හමුවේ කියා පෑවේ මේ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් තම බෑණා ගෙනැවිත් දුන් බත් මුලෙහි මෙය තිබූ බවයි. පංචපාපා කියුවේ ඔහු රාති‍්‍රයෙහි පැමිණ රාති‍්‍රයෙහි පිටත් වන හෙයින් දිවා කල හඳුනාගත නොහැකි බවයි.

සිළුමිණෙහි සොරා සොයන්නට රජතුමා අපූරු උපායක් යෝජනා කළේ ය. එනම් පංචපාපා තරුණිය රාජාංගණයෙහි තබා තිරයක් ඇද තිරයේ කුඩා කවුළුවක් කරවා ‘සියලු නුවර වැස්සන් රැස් කරවා එකිනෙකා තම අත කවුළුවෙන් ඇතුළට දැමිය යුතු බවත් ඒ අත් පරික්ෂා කොට සොරා අල්වා දිය යුතු බවත් ය. රාජපුරුෂයෝ ද එලෙස ම එය සංවිධානය කළහ.

ඇය පෙවු පෙවූ අත අල්වා ඒ නොවේ යැයි කියන අතර ඇගේ ස්පර්ශයෙන් දිව පහස් ලද්දා සේ බොහෝ පුරුෂයෝ දඩයක් ගෙවා හෝ ඇය ලබා පාද පරිචාරිකා කර ගන්නා රිසියෙන් ඉවත් ව නො ගොස් සිටියහ. රාජපුරුෂයෝ ඔවුනට දඬු මුගුරුවලින් පහර දීත් එළවා ගන්නට නොහැකි වූහ. රජු හැර සියලු දෙනා අත පෙවූ මුත් සොරා සොයන්නට බැරි වූ හෙයින් රජු ද ගොස් අත පෙවී ය. එවිට මේ අත හිමි තැනැත්තා නම් තම සැමියා යැයි තරුණිය කෑ මොර දෙන්නට විය.

ඇගේ අත අල්වා ගෙන ම රජතුමා අමාත්‍යවරුන් විමසූ අතර මැයගේ ස්පර්ශය ඔවුහු වර්ණනා කළහ. රාජ්‍යයෙන් ලැබෙන නින්දා හේතුවෙන් මැය රජමැදුරට ගෙන්වා ගත නොහැකි වූ හෙයින් මෙය තමාගේ උපක‍්‍රමය කැයි කියා සියලු පුරුෂයෝ බලා සිටියදී රජු ඇය අග මෙහෙසුන් තනතුරෙහි තබා ගත්තේ ය. ඇගේ දෙමාපියන්ට සියලු ඉසුරු ප‍්‍රදානය කළ අතර අන් ස්ත‍්‍රීන් දෙස අනුරාගයෙන් නොබලා ඇගේ පහස ම මේ රජතුමා ප‍්‍රාර්ථනා කළේ ය.

මනෝවිද්‍යාත්මක නවකතාවක් කරන්ට තරම් අවශ්‍ය වස්තු බීජයක් මේ කථාව ඇතුළත පවතී. බැලීමට අපහසු අප‍්‍රිය අතපය කොර වී ගිය මුහුණ විරූපී මේ පංචපාපාවගේ ශරීරයේ පහස සියලු පිරිමින්ගේ මන දොළ සපුරන පහසක් වූයේ කෙසේ ද? ඔවුන් කාන්තාව කාම වස්තුවක් බවට පත් කර ගත්තේ ස්පර්ශය පමණක් හේතු වෙයි.

පංචපාපා ලබන්නට නුවරක් ම කැලඹවූ රජුගේ මනස හැසිරුණේ කෙසේ ද යන්න පරීක්ෂා කර බැලිය යුතු ය. සොඳුරු බිරියන් හැර දමා දූවිලි වැකුණු අප‍්‍රසන්න කතුන් සොයා යන නූතන පිරිමි ගැන නිතර සාකච්ඡා වෙයි. ඔවුන් සියල්ල උක්ත රජු වැනි චරිත නොවේ ද? ස්පර්ශය ස්තී‍්‍ර පුරුෂයන් ආකර්ෂණය කරවන ප‍්‍රබලම සාධකය බව බුදු හිමියන් දේශනා කළේ මේ නිසා විය හැකි ය.

මෙහි රජුගේ කි‍්‍රයාවලිය මිනිස් සිතේ විකෘති කාමාශාවන් පිළිබඳ කදිම විවරණයකි. කුණාල ජාතකයේ පෙර සතියේ විවරණය කළ කථාවෙහි අප‍්‍රසන්න පුරුෂයකු කරා ගිය රූමත් කතක් ගැන කියවුණි. මෙය අප‍්‍රසන්න ගැහැනියක් වෙත ගිය රජකුගේ කථාවකි.

මුළු අන්තºපුරයක් හැර දමා රජු පිනවූයේ මේ කතයි. මේ අනුව ස්ති‍්‍ර පුරුෂ භේදයකින් තොර ව ම මිනිස් සිතේ ගූඪත්වය ජාතක කථා කරුවා කදිමට නිරූපණය නොකරන්නේ ද?


 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා