»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
පොත් පුවත්
 

පොත් පුවත්

 

සිබිල් වෙත්තසිංහගේ ළමා කෘති 4 ක්

ප‍්‍රකාශනය - සී/ස (පෞද්) විසිදුනු ප‍්‍රකාශකයෝ

පුළුන් බබා

මිල රු. 295

බල්ලන් හා එකට වාසය කිරීම පිළිකෙව් කළ ලොකු සර්ගේ හිත අවසානයේ දිනා ගන්නා දඟකාර බලු පැටවකු පිළිබඳ අපූරු කතාවකි. වර්ණ චිත‍්‍රයෙන් අලංකාර වී ඇත.

වැනියන් කළු වැනියන්

මිල රු. 350

ජපන් බසට ද නැඟී ඇති වැනියන් කළු වැනියන් ළමා කතාවේ නවතම වර්ණ මුද්‍රණයකි.

කෝච්චි පුංචා

මිල රු. 175

කෝච්චියක යන කැළේ සතුන් ගේ චාරිකාවන් පිළිබඳ කතාන්දරයකි.
 

TEENY WEENY BUTTA
රු. 195

කෝච්චි පුංචා කතාවේ ඉංගී‍්‍රසි පරිවර්තනයයි. කුඩා දරුවන්ගේ භාෂා ඥානය වැඩෙන ලෙස ලියා ඇත.


සිංහ සේනාංකයේ ප‍්‍රහාරය

කර්තෘ - පාඨලී චම්පික රණවක

පරිවර්තනය - පී. සී. ලියනාරච්චි

පාඨලී චම්පික රණවකයන් විසින් රචිත Charge of the Lion Brigade නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. ත‍්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කිරීම දක්වා ජාතික බලවේග විසින් ඉටුකළ කාර්යභාරය හා අපගේ යුද සේනාංක ත‍්‍රස්ත බලකොටු විනාශ කරමින් සටන්බිම විනිවිද ගිය ආකාරය සිතියම් රූප සටහන් ආශ‍්‍රයෙන් පැහැදිලි කිරීමත්, හිස ඔසවමින් පවතින විදේශ බලවේගවල ශී‍්‍ර ලංකා විරෝධි රැල්ල පිළිබඳවත් ගැඹුරු විග‍්‍රහයක් මේ කෘතිය මඟින් ඉදිරිපත් කොට ඇත.


රශ්මි තෙවැනි මුද්‍රණය පළ වේ

පරාක‍්‍රම කොඩිතුවක්කු ගේ ‘රශ්මි’ භාව කාව්‍යයේ තුන්වැනි මුද්‍රණය සරසවි ප‍්‍රකාශනයක් ලෙස එළි දැක ඇත.

1992 විශිෂ්ටතම කාව්‍ය ග‍්‍රන්ථය ලෙස රාජ්‍ය සම්මානය දිනා ගත් එය බෞද්ධ සාහිත්‍ය මූලාශ‍්‍රයන් ආශ‍්‍රය භූමි කොට ගෙන රචිත ප‍්‍රබන්ධයකි.

බොහෝ විචාරකයන්ගේ සම්භාවනාවට ලක් වූ මේ කව ඇතැම් මාක්ස්වාදී විචාරකයෝ විඥානවාදී ප‍්‍රබන්ධයකැයි දැඩි ප‍්‍රහාරයට හසු කළහ.

ඒ විරෝධයට කවියා ගේ දිගු පිළිතුරු ලිපියක් ද මෙම මුද්‍රණයේ ඇතුළත් ය.

‘රශ්මි’ කාව්‍යය කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ නිර්මාණාත්මක සන්නිවේදනය පිළිබඳ පාඨ මාලාව උදෙසා නිර්දිෂ්ටිත ග‍්‍රන්ථයකි.


”ආදරයට බය මිනිස්සු”

නවකතාවේ නවතම මුද්‍රණය

රාජ්‍ය සම්මානලාභී ප‍්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක මහතා ලියූ “ආදරයට බය මිනිස්සු” නවකතාවේ නවතම මුද්‍රණය මේ මස 05 වැනි අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප‍්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

එක්දහස් නවසිය හැටේ දශකය තුළ දී රචනා කරන ලද “ආදරයට බය මිනිස්සු” නවකතාව තුළින් දක්නට ලැබෙනුයේ ආදරය, පෙ‍්‍ර්මය, විවාහය, අඹුසැමි ජීවිතය ආශි‍්‍රත ව ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ සිත් සතන් තුළ අඩු වැඩි වශයෙන් පවතින ගති ලක්‍ෂණ කිහිපයකි.