»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
ජර්මනියේ උපන් ආසියාතික දාර්ශනිකයා තෝමස් මාන්
 

ජර්මනියේ උපන් ආසියාතික දාර්ශනිකයා තෝමස් මාන්

 

හර්මන් හෙසේ “සිද්ධාර්ථ” කෘතිය මඟින් ලෝක ප‍්‍රසිද්ධියට පත්විය. ජර්මනිය එකළු කළ සුවිශිෂ්ට රචකයකු ලෙස හෙතෙම පාඨකයන්ගේ නොමඳ අවධානය දිනාගත්තේය.

තෝමස් මාන් ද ජර්මනියට ආලෝකයක් බඳු ගත්කතුවරයෙකි. ඔහුගේ රචනා ශෛලිය ප‍්‍රභාසම්පන්නය. ජීවයෙන් පිරි ඔහුග් රචනා මාධූර්යය පාඨකයන්ගේ නෙත් සිත් පැහැරගෙන ඇත.

වර්ෂ 1875 ජූනි 06 වැනිදා ජර්මනියේදී උපත ලත් තෝමස් මාන් නවකතාකරුවකු, ශූර කෙටිකතාකරුවකු, සමාජ සේවකයකු ලෙස නමක් දිනා ඇති මාහැඟි රචකයෙකි. ඔහුගේ සාහිත්‍ය සේවය අළලා 1929 දී නෝබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පුදනු ලැබිණි. තෝමස් මාන් ගේ රචනා ශෛලිය බටහිරත් ජර්මානු සම්ප‍්‍රදායයත් එකලු කළ මාහැඟි රචනා මංජුසාවක් බව අවිවාදිතව පිළිගැනේ.

මිනිසකු සුවිශිෂ්ටයකු බවට පත්වන්නේ ඔහු හෝ ඇය ජීවිත තක්සලාවෙන් ලබන අත්දැකීම් සම්භාරයත් සමඟය. තමා ඇතැඹුලක් සේ පසක් කොට ගත් අත්දැකීම් සමූහය සමඟ තම ජීවිත දර්ශනය කලාකරුවා ලොවට දායාද කරයි. පියෝදෝර් දස්තව්ස්කි, මැක්සිම් ගෝර්කි, ලියෝ තෝල්ස්තෝයි, ජැක් ලන්ඩන් වැනි ලෝක ප‍්‍රකට රචකයන් තම අත්දැකීම් සමූහය සමඟ රචනා මංජුසාව එකලු කළ මහාර්ඝ ලේඛකයෝ වෙති.

තෝමස් මාන් ගේ ජීවිත දර්ශනය මිනිස් චිත්ත සන්තානය ස්වකීය වජ‍්‍රබුද්ධියෙන් ව්‍යවච්ඡේද කළ මාහැඟි දයාර්ද්‍ර ජීවිත දහමකින් සුපෝෂිත එකක් බවට පත්ව තිබේ. ප‍්‍රබල ජර්මානු ජාතියේ නොවක් ජීවිත රිද්මය ඔහුගේ කෘති තුළින් උද්වහනය වෙයි.

1933 දී ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ සමයේ දී තෝමස් මාන් ජීවත්වූයේ ස්විට්සර්ලන්තයේය. 1939 දී ඔහු විවිධ හේතූන් නිසා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක‍්‍රමණය විය. 1952 දී ඔහු යළි ස්විට්සර්ලන්තය බලා ආවේය.

තෝමස් මාන් ජර්මනියේ Lubeck හි දී 1875 ජූනි 6දා උපන්නේය. ඔහු තෝමස් හෙයින්රිච්මාන්ගේ දෙවැනි පුත‍්‍රරත්නය විය. තෝමස් මාන්ගේ මව වූයේ Julia da Silva Bruhns ජර්මනියට සංක‍්‍රමණය වූ බ‍්‍රසීලියානු පවුලකට අයත් තැනැත්තියකි. තෝමස් මාන්ගේ සමලිංගික ජීවිතය පිළිබඳවත් එහිදී ඇතිවූ විවිධ ගැටලු හා බිය සැක සංකා පිළිබඳවත් 1975 දී ඔහුගේ දිනපොතින් දැනගන්නට ලැබිණි. මාන්ගේ රචනාවලට මෙම ජීවිතය බලපෑ බව විචාරකයෝ සඳහන් කරති.

මාන්ගේ සොයුරා ද විශිෂ්ට ලේඛකයකු ලෙස එකල ජර්මනියේ ප‍්‍රසිද්ධියට පත් විය. මාන්ගේ රචනා හා හිට්ලර්වාදීන්ගේ අදහස් නිතර ගැටුණු අතර ඔහුට ජර්මනියේ විසීමට නොහැකි තත්ත්වයක් උදාවිය. තෝමස් මාන්ගේ් පවුලේ උදවිය ඔහු ජර්මනියෙන් පිටව යනු දැකීමට කැමැති වූයේ එයින් මාන්ගේ ජීවිතය රැකෙනු බව පසක් කොට ගෙන සිටි නිසාවෙනි.

ලෝකය නිදහස් මත කරා ගමන් ගන්නා බවත් එම නිදහස් මත කිසිදා සිරකළ නොහැකි බවත් මාන් ඇදහූ මතය විය. ඇඩොල්ෆ් හිට්ලර් පාක්ෂිකයන්ට තෝමස් මාන් වහකදුරු සේ තිත්ත විය. මෙවකට ජර්මනියේ සිටි උගතුන් හා බුද්ධිමතුන් රැසක් ජීවිතක්ෂයට පත්කැරුණු අතර සමහරුන්ට සිරගතවීමට සිදුවිය. තමන්ගේ ගමනට බාධා පමුණුවන කවරකු වුව ද පොළොව හා ජීවිතයෙන් අයින් කර දැමීමට නාසිවාදීහු තීරණය කර සිටියහ. ප‍්‍රගතිශීලී අදහස් දැරූ නව ජර්මනියක් ප‍්‍රාර්ථනා කළ සමහර පිරිස් රහසිගතව සංවිධානය වූවද හිට්ලර් ගේ ගෙස්ටාපෝව විසින් ඒ සියලු ප‍්‍රයත්නයන් ව්‍යර්ථ කරන ලදී. ඉතාලියේත් ඇතිවුණේ මෙවැනි තත්ත්වයකි. බෙනිටෝ මුසෝලිනිගේ අනුගාමිකයන් එරට නිදහස් මතධාරීන් ඝාතනය කළ අතර යුරෝපය පුරා යුද්ධයේ බිහිසුණු රාවය නැඟඑමින් පැවතිණි.

පළමුවැනි ලෝක යුද්ධයෙන් බැට කෑ ලෝක ප‍්‍රජාවට දෙවැනි ලෝක යුද්ධයක් වළක්වාගත නොහැකිවිය. තෝමස් මාන් ජීවත් වූයේ අන්තවාදී පැසිස්ට් වාදීන්ගේ් ක‍්‍රෑර හස්තයට හසුවූ දේශයකය. ඇඩොල්ෆ් හිට්ලර් වාදීන්ට තෝමස් මාන්ව පෙනුණේ බටහිරට ගැති ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ දේශජ සම්ප‍්‍රදාය විනාශ කළ ජනතාවට තම මතයට ප‍්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කළ දේශද්‍රෝහියකු වශයෙනි.

තෝමස් මාන් දාර්ශනිකයකු වූ නීට්සේ සහ දස්තයෙව්ස්කි පිළිබඳව මනාව අධ්‍යයනයක නිරතවූවෙකි. ඔහු මනා ලෙස බටහිර ලේඛකයන්ගේ කෘතීන් පරිශීලනය කර ඇත. මියුන්ෂන්, මියුනිච් බර්න්, බර්ලින් වැනි මහා නගරවලටත් සුන්දර ජර්මානු භූමියටත් තෝමස් මාන් පෙම්බැන්දේය. එසේම ඔහු ගිරිශිඛරවලින් වටවූ ස්විට්සර්ලන්ත භූමියට ද මහත් සේ ආසක්ත විය. ඔහුට සුන්දර ස්විට්සර්ලන්තය පසු කලෙක තම නිජබිම මෙන් සුපුරුදු ස්ථානයක් බවට පත්විය. ශතවර්ෂයකට දසක දෙකකට අඩු කාලයක් ජීවත් වූ තෝමස් මාන් ගේ සාහිත්‍ය ව්‍යාපාරය ඉතා විචිත‍්‍රවත් එකක් බවට පත්ව තිබේ.

තෝමස් මාන්ගේ පියා මිය ගියේ 1891 දීය. මාන් පවුල ජර්මනියේ මියුනිච් නුවර පදිංචි වූයේ ඉන්පසුව බව සඳහන් වේ. මියුනිච් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාළ මාන් 1891 සිට 1933 වන තුරු මියුනිච් නුවර රැඳී සිටියේය.

මාන්ගේ ප‍්‍රථම කෙටිකතාව වූයේ ”Little Mr.Friedemann” 1898 දී මුද්‍රණද්වාරයෙන් පිටවිය. 1905 දී ඔහු Katia Pringsheim මෙනෙවිය සමඟ විවාහ දිවියට පත්විය. ඔවුනට දරුවන් 06 දෙනකු ලැබිණි.

1942 දී මාන් පවුල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචියට ගියේය. දෙවන ලෝක යුද්ධය අවසන් වන තුරු එහි ඔවුන් රැඳී සිටි අතර 1952 දී මාන් නැවතත් ස්විට්සර්ලන්තයට ආවේය. 1955 දී තෝමස් මාන් මියුනිච් නුවර ආරෝග්‍යශාලවෙකදී අවසන් හුස්ම හෙළුවේය. ඔහු මිහිදන් කරන ලද්දේ ම්ඪජඩඡඥපඨ හිදීය.

1933 දී බලයට පත් හිට්ලර් විසින් මාන් ගේ කෘතීන් ප‍්‍රසිද්ධියේ පුළුස්සා දමන ලදී. මේ නිසාම රට හැර යාමට මාන්ට සිදුවිය. දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසා ඔහුගේ පුරවැසි භාවය ද අහෝසි කරනු ලැබිණි. තෝමස් මාන් ලියූ නවකතා අතර Buddenbrooks (1901), Royal Highness (1909), The Magic Mountain (1924), The Beloved Returns (1939), Doctor Faustus (1947), The Holy Sinner (1954)  ශ්‍රේෂ්ඨ කෘතීන් අතරට වැටෙයි. ඔහු විශේෂිත රචනා රැසක් ද ලියා පළකොට ඇත.

ලෝක සාහිත්‍යයේ අනඟි මිණිකැටයක් වන තෝමස් මාන් ජරාජීර්ණ දේශපාලන පරිසරයක් තිබූ ජර්මනියේ සිට සිය රචනා මංජුසාව අභීතව පුරවාලූ මහාර්ඝ ගත්කතුවරයකු ලෙස පෙර අපර දෙදිගම විචාරකයන්ගේ ඉමහත් සම්භාවනාවට පාත‍්‍රව ඇත.