»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
අභරණයක් වේ මිනිස් පුසුඹ නුඹෙ
 

අභරණයක් වේ මිනිස් පුසුඹ නුඹෙ
නැණ ගුණ ගෙල බැඳි දුවේ පුතේ

 

මනුසතා ජයගත යුතු අදියර කීපයක් ම ඇති බව නොරහසකි. ඒ අදියරයන්ගෙන් හෙවත් කඩඉම්වලින් එකක් හෝ පසුබෑවිට ‘මිනිස්කම’ නමැති මහාර්ඝ පදවිය ලැබීමට ඔහු සුදුස්සකු වන්නේ ද නැති.

එනිසා අවම වශයෙන් මෙහි පහත දැක්වෙන කඩඉම් සියල්ලට ම සුහුරකු වන තාක් ‘මිනිසා’ කියන පදය නාමයට පමණක් ම ඔහුට සීමාවනු ඇත.

එය අගනා බවක් නැති, කිසිවකු පිළිනොගන්නා පොට්ට කාසියක් වන්නේ මැයි. මෙසේ හෙයින් පොට්ට කාසි බවට පත්ව සිටින මනු සත්ව ගහනය සුළුතර නොවෙයි.

කෙසේ නමුදු ‘මිනිස්කමේ’ උදාරත්වය මිල මුදලට, කුලයට, බලයට, පා දූවිල්ලක් නොවන බව එළෝ මෙලෝ වැඩ ඇත්තෝ දනිති. ඒ උත්තමාංගය තිළිණ වන්නේ තම ගතිකයන්ගේ සුවිමල භාවය පදනම් කරගත් සත් සමාජ සන්ධානයන් ගෙනි. ඊට පන්දම් නැත. අල්ලස් නැත.

ආලිත්ති බෑම් ද නැත. කළ යුත්තේ මෙහි පහත දැක්වෙන ශ්ලෝකයට හා සීපදයට කැටිවූ මිනිස් අදියර දියත් කැරුම සත්‍යවාදී ව සිදු කිරීම ය. ලග්ගල පට්ටිපොල අපේ ගමේ ඇත්තකු මගේ කනට රිංගවූ ඒ ශ්ලෝකය හා සීපදය දිගහැරෙන්නේ මෙලෙසය.
 

”නරක්ෂි බරං රූපං - රූපං බරං ගුණයන්

ගුණයන් බරං ඥානං - ඥානං බරං නරක්ෂි පුෂ්පන්”

එය පාදක කරගෙන තම දියණියට හා පුතණුවන්ට පියකු විසින් දෙන ලද අනර්ඝතම පණිවුඩය සීපදයකට ගෙතුණ අයුරකි මේ.

අභරණයක් වේ රූපය නුඹහට

ගසට පොත්ත මෙන් දුවේ පුතේ

අභරණයක් වේ නුඹෙ ඇති ගුණ කඳ

සැමදා රූපෙට දුවේ පුතේ

අභරණයක් වේ සුජාත ගුණ කඳ

සැමදා නුවණට දුවේ පුතේ

අභරණයක් වේ මිනිස් පුසුඹ නුඹෙ

නැණ ගුණ ගෙල බැඳි දුවේ පුතේ

මනුසතාට පමණක් නොව තිරිසනාට ද තම අඟපසඟින් සපිරි රූපය ආභරණයක් බඳු ය. ඒ ආභරණය හුදෙක් ම සත්වයාගේ අනන්‍යතාව නිත්‍ය වශයෙන් ම පිළිබිඹු කරනු ඇති. එසේම රූපයට ඇති අභ්‍යන්තරීක පලඳනාව වනුයේ යහපත් ගුණ වගාවන් ය.

ඒ යහ ගුණවගාවට අති ශ්‍රේෂ්ඨ පලඳනාව වන්නේ් දැන නුවණ ය. එසේ වූ දැන නුවණ හෙවත් ඥානය අග‍්‍රගණ්‍යයට පාත‍්‍රවීමට නම්, ඥානය නමැති ගෙලෙහි බැඳිය යුත්තේ මිනිස්කම පුරාවට ඉතිර පැතිර යන නොහිම් මිනිස් පුසුඹින් පුරීත මිනිසත් කම නැමැති උත්තුංග වූ අමිල තම මහඟුම පලඳනාව බව සපථ කරමිනුයි සීපදය නිමවන්නේ.

මෙසේ හෙයින් මනුසතා අදියරින් අදියර පසුකළ යුතු කඩඉම් උක්ත සීපදයේ හා ශ්ලෝකයේ සුපැහැදිලි ව දිස්වෙයි.

නීරෝගී දිවිපෙවතක් තුළින් මිනිස් සිරුරේ කඩවසම් බව, රූප ශෝභාව ඉස්මතු වෙන්නේ. එනිසා මනුසතා අපායක මං ඔස්සේ දිවියතුර පැදවීමට හුරු වෙයි නම් ඔහු මිනිස්කම නමැති මහාර්ඝ පදවි ප‍්‍රාප්තියට ප‍්‍රවිශ්ට වීමේ පළමු කඩඉමෙන් හෙවත් රූපශෝභා පරීක්ෂණයෙන් අසමත් වෙනු ඇත. යම් හෙයකින් ප‍්‍රථම අදියරෙන් ජයගත්තකුට ඊළඟට සමීප වන්නේ රූපයට ආභරණයක් වූ යහපත් ගුණවගාවන්ය.

කවියා එය ගෙනහැර පාන්නේ ‘සුජාත ගුණකඳ’ ලෙසිනි. මේ ගුණ සම්භාරයයි මනුසතා විඳගත යුතු දෙවැනි කඩඉම වන්නේ. ඉනික්බිති ව යථෝක්ත ගුණ කඳ අගනා ආභරණයක් වන්නේ ඥානයට ය. ඥානය වූ කලී මිනිස්කම කරා පියමැනීමේ දී හමුවන තෙවැනි ‘පිම්ම’ වෙයි. එයින් ජයගත් ප‍්‍රවීණයකුට තදනත්තරව මුණගැසෙන සිව්වැනි කඩුල්ල පැනීම බොහෝසෙයින් ම දුෂ්කර වී ඇති සේය.

ඊට හේතුව සිව්වැනි කඩුල්ල පාමුලට ම පැමිණෙන්නන් එයින් පැනගත නොහැකි ව වල්මත් වූවන් වී ඇති අවස්ථා බොහෝ සෙයිනි. ‘රූප’ අදියරෙන් එතෙර ව, ගුණ වගා ආභරණය පැලඳගත් ඇතැම්හු දැන නුවණින් ද ජයගනිති. නමුත් මේ ආ මඟෙහි ගමනාන්තයට කිට්ටු කරන ඔවුන් විනිවිද භාවයෙන් අපොහොසත් නිසාවෙන්ම අමිල වූත් ශ්‍රේෂ්ඨ වූත්, බුදු පසේබුදු මහරහත් ගුණ කදම්භයන් විද්‍යමාන වන මහා මිනිස්කමේ පදවියට නුසුදුස්සන් වන්නේ පුහු ආටෝපැති පා¼ඩිත්‍යය සහේතු කරගෙන බවට දැනවෙන සාධකයොා් බොහෝ වෙත්.

එනිසාම හරි මනුසතකු සමාජ සන්ධාන තුළ සොයා ගැනීම අති දුෂ්කර වී ඇත. මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ පළමු අදියරේ සිට තෙවැනි අදියර දක්වා ඔවුන් පැනගෙන ආවේ යථාර්ථවාදී බවේ හා සත්‍යවාදී බවේ නිත්‍යවශයෙන් ම නොපිහිටා ය.

මෙසේ හෙයින් නොමිනිස් පුළුටු දුර්ගන්ධය විනා, මිනිස් පුසුඹක් ආඝ‍්‍රාණය කැරුමට අපි පිනැත්තෝ නොවෙමු. මේ ලබා ඇත්තා වූ සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍යයේ උත්තමාංග සැමරුමක් වන අපේ අනුබුදුහිමි සැමරෙන මේ පොසොන් මසින් දියත් වෙන පුණ්‍යවන්ත සමයේ වත් අපි පිළිවෙත් පුරා සැබෑ මිනිස් පුසුඹින් ම පූර්ණ උතුම් මිනිස් පදවිප‍්‍රාප්ත වූවෝ වීමට උත්සුක වෙමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා