»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
රූපාන්තරය
 

රූපාන්තරය

 

සිරිතුංග තම බිරිය ව නින්දිත සහ තුච්ඡ ලෙස මරා දැමිය යුතු යැයි අවසන් වශයෙන් තීරණය කළේ ය.

මැදියම් රාති‍්‍රයට ළංවෙමින් පැවැති අවට තිබුණේ මිනීමැරුමකට උචිත පරිසරයකි. රාති‍්‍රය මූසල ගන අඳුරෙන් යුක්ත විය. හිරිකිත වැහි පොදයක් අඳුරේ වැටුණි. දුරින් අලුතෙන් ඉදිවන ගෙවල් අතරින් ගලාගිය සුළඟේ තිබුණේ රාති‍්‍රයේ නැවුම් බවක් නොව අමුකොළ ගඳක් සමඟ පහළ පුරන් කුඹුරු යායෙන් නැගි පිළී ගඳකි. එසේම ඒකතානමය විපරීත ප‍්‍රකම්පිත බවකි.

සිරිතුංග සිටියේ මේසය ළඟ පුටුවේ වාඩිවෙලා ය. ඔහුගේ හිස තවමත් බමයි. මඟුල් ගෙදරදී තම බිරියට කූට්ටාලි වී සිටි පරයා තමාට අරක්කුත් බියරුත් හොඳ හැටියට පොවා තිබුණි.

“ගන්නකො අයියෙ තව ටිකක්” පරයාගේ ඇස්වල තිබුණේ තරුණ ආඩම්බර කමකි. ඌ තමා ව මැටි බූරුවකු වශයෙන් සිතනවා විය හැකිය.

බත් පිඟානක් ගිල දමා අයිස්කී‍්‍රම් බඳුනක් අතින් ගෙන මේ වල් පරට්ටිය එතැනට පාත්වූයේ ඒ මොහොතේදීය.

“රාජු මල්ලියෙ” වල් බැල්ලි කතා කළ අයුරු සිරිතුංගට සිහිපත් වේ. ඇගේ අඳුන් උලන ලද දෙතොල් හිනාවෙන් යුක්ත වූ අතර දෙකම්මුල් වළ ගැසුණි.

පරයා පැනපු ගමන් කළේ මේකි ව තුරුලු කරගෙන කම්මුලට කම්මුල තබා ගැනීමයි. ඌ යළිත් ඇගේ උරහිස් දෙකෙන් අල්වා මඳක් දුරස් කර බලා හිඳ යළිත් මේකි ව වැලඳ ගත්තේ ය.

සිරිතුංග කළේ අමු අරක්කු වීදුරුවක් කට පෙත්තට පුරවා එක හුස්මට ගිල දැමීමයි.

සිරිතුංග විසින් මේ රාති‍්‍රයේ ස්ථාපිත කරන ලද අධිකරණයේ සියලු තීන්දු නිගමන දැන් ලබාගෙන අහවර ය. එහි පැමිණිලිකරුවාත් විනිසුරුවරයාත් වූයේ ඔහු ම ය. හැම චෝදනාවක් ම ඔහු සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළේ ය. ජූරි සභාවේ තීන්දු නිගමනත් ඒකමතික ය. අවසන් විනිශ්චය වූයේ බිරිඳ යැයි හඳුන්වන මේ ගැහැනිය තුච්ඡ සහ නින්දිත ලෙස මරා දැමිය යුතු ය යන්න ය.

එහෙත් ඒ හැම දෙයක් ම යළි යළිත් ආවර්ජනය වනුවේ තමා ගත් නිගමන තවදුරටත් සාධාරණය කිරීමට නොවේ ද? හිතේ අමාරුවට සිරිතුංග අන්තිමට බිව්ව අරක්කු වීදුරුවෙන් කරටි කැඩී යන්නට වැදුණි. ඔහු මගුල් ගෙදරින් බත් නොකෑවේ ය. අජිනමොටෝ කප්පරක් දැමූ බයිට් එකේ කරි චිකන් කටුවලට කටත් හම ගෙහුං ය. එය මගුලක් නොව අළුගුත්තේරු අවමඟුලකි.

මගුල් ගෙදරින් ආපසු ගෙදර ඒම සඳහා තී‍්‍රවීලරයකට කථාකොට ගෙන්නා දුන්නේ ද රාජු ය. ඌ තමා ව වත්තම් කරගෙන තී‍්‍රවීලයේ වාඩි කරවූයේ ය.

“සිරි අයියට අමාරු නෑනෙ?” පරයා ඇසුවේ ය.

“පිස්සුද මල්ලි”

“බතුත් කෑවෙ නෑ”

“මොන බත් ද? බයිට් කෑවෙ කරත්තයක් විතර”

මඟුල තිබුණේ රාජු ගේ මල්ලිගෙ හෝම් කමින් එකට ය. රාජු සිරිතුංගගේ බිරියගේ මහප්පා ගේ පුතා ය. කුඩා නගරයේ තැපැල් කන්තෝරුවෙ පියුං කෙනකු වීම නිසා කළ අපහාස හේතුකොට ගෙන සිරිතුංග බිරියගේ නෑ සනුහරේ ම දුරින් ම දුරු කළේ ය. මේ කසාද නිසා ඔහු තමාගේ බොහෝ නෑයන්ගෙන් හුදකලා විය.

බිරියගේ නැන්දා කෙනකු ඒ දිනවල තමාට අපහාස කර තිබුණේ අන්තිම පහත් ලෙස ය. අළුගුත්තේරු වාමන පියුම ඉටි රූපයක් වැනි තමුන්ගේ කෙල්ල රවටා ගත් බව ඇය කියා තිබුණි. ඇගේ අපහාසයේ විශේෂණ සඳහා සත්ත්ව ලෝකයෙන් හෝතඹුවා ද තමන් කිසි දිනෙක දැක නැති මූකලන් බස්සා ද භාවිත කර තිබුණි.

“මහප්පලනෙ. ඒ කවුරුවත් අපිට කවදාවත් වෙනස්කමක් කළේ නෑනෙ. නොගෙහුං හොඳයැ.”

සිරිතුංග කිසිවක් නොකියා බලා සිටින විට බිරිය යළිත් මෙසේ කීවා ය.

“අපේ අම්ම උණත් පොළේදි හම්බු වෙලා ඇහුවෙ ඔයා ගැනමයි.”

මරා දැමීමට නියමිත ව සිටින බිරිය තමා මේ මඟුලට පොලඹවා ගත්තේ එසේ ය. විවාහ වී තුන් අවුරුද්දක් ගෙවී ගියත් බිරිය එකී පොලඹවා ගැනීම සිදු කළේ තමා ව තුරුලු කර ගැනීමෙනි. ඇගේ හුරුතලය තවමත් නොනැසී ඇත්තේ ඇය අවලං ගැහැනියක් නිසා ය. දරුවකු හදා ගැනීමට වත් ඇය උනන්දු නොවන්නේ ඊට බාධාවක් වන නිසා විය යුතුය.

තමාට වාරු නැති වුවත් සියල්ල ම සිතිය හැකි යැයි සිරිතුංග එමින් ගමන සිතුවේ ය. රතු ටී ෂර්ටයක් ඇඳ කළු කබායක් පැලඳ සිටි රාජු සහ තමා අතර ඇත්තේ අහසට පොළොව වගේ වෙනසකි. එහෙම නම් මිටි මහත මඳක් හිස කෙස් ගිය තමන් මේ ගැහැනිය මවුපියන් ද අතහැර දමා බැඳගත්තේ ඇයි? ඒ තමාගේ ස්ථිර රැකියාව නිසා විය හැකිය. නැතහොත් තමාව මැටි මෝලකුට අන්දවා තමන්ගෙන් යැපෙමින් මළ නඩලං සියල්ල ම නැටිය හැකි නිසා විය යුතුය.

විවාහයට දෙපැත්තේ ම මවුපියෝ විරුද්ධ වූහ.

ඕකි කලින් දෙතුන් දෙනෙක් එක්ක දපල කරන්න දෙයක් නැති කමටයි ඔය උඹත් එක්ක ටැක් ගැහෙන්න මානන්නෙ” සිරිතුංග ගේ ලොකු ම අක්කා කීවේ එසේ ය.

සිරිතුංග ඒ හැම දෙයක් ම ඉක්මවා සිතුවේ ය. ගැහැනියක වශයෙන් ඇය තමාට කැමැති වීම ආඩම්බරයකි. උසැති සිහින් කයක් තිබූ ඇය කෙබඳු ඇඳුමක් ඇන්දත් සුන්දර ය. ඇගේ දෙනෙත් පිබිදිලා ය. උල් දිගටි මුහුණ පැහැපත් ය. පියයුරු පිරිපුන් ය.

තනි කැමැත්තෙන් විවාහ වූ සිරිතුංග නගරයෙන් ඈත බස් නොයන පාරක වෙන්දේසි ඉඩම් කෑල්ලක් ගෙන බ්ලොක් ගලෙන් පොඩි ගෙයක් තනා බිරිය සමග එහි පදිංචි විය. ගේ තාම කපරාරු කර නැත.

බිරිය තමාගේ සියලු රුචිකත්වයන් එක මොහොතින් පැහැර ගත්තා ය. ඇය ගේ ඇග මස කිසි දිනෙක ඔහුට එපා නොවීය. ආඩම්බරකම සමඟ අඳුරේ බොහෝ හැඟීම් ඇති ව ඇයට තුරුලු වන ඔහුගෙන් ඇය විටෙක මෙසේ අසන්නී ය.

“ඉතින් ඔයා නිදාගන්න ද?”

එවැනි විටක සිරිතුංග ගේ සිතට උපදින්නේ පරාජිත හැඟීමකි. ඒ හැඟීම සමඟ තමාව තම බිරියට මදි පුංචි වෙතැයි ඔහු සිතුවේ ය. එහෙත් ඇය තමා ව ඉවසන්නේ අනෙකකු සමඟ රහසිගත සම්බන්ධකමක් ඇති නිසා නොවේ ද? තමා සමඟ කඩයට ගියත් මුදලාලි සමඟ ගනුදෙනු කතා කරන්නේ ඇය ය. තමා සිටියදී තමා ඉක්මවා යමින් පිරිමින් සමඟ දොඩන්නේ ඇය ගේ නොතිත් ආශාව නිසා විය නොහැකි ද?

තම මිතුරන් තම බිරිය දෙස බලන්නේ කෑදර සිතින් බව සිරිතුංග දන්නේ ය. ඇය ද තම මිතුරන් සමග දොඩන්නේ සමීප ව ය. ළෙන්ගතුව ය. එය මුළුමනින් ම වෛශ්‍යාවගේ ලක්ෂණයකි.

තී‍්‍රවිලයේ එන සිරිතුංග ගේ සිතට නැගෙන්නේ ක්ෂණික ව බිඳී බිඳී යන සිතුවිලි ය. දුර ඈත දේවල් පවා ඔහුට සිහිපත් වී බිඳී යළිත් අලුත් යමක් සිතේ. ඒ සියල්ල මැද්දේ තම බිරියගේ කම්මුලට කම්මුල තබා හාදු දෙන මහප්පාගේ පුතා යැයි සම්මත රාජු පරයා ය. ඌ ගැහැනුන් දෙදෙනකු ම අඹුකමට ගත් නොසංඩාලයෙකි.

“රාජු දෙවෙනි කෙනාගෙනුත් දික්කසාද වුණා නේද?”

සිරිතුංගේ බිරිය විස්මයෙන් තී‍්‍රවිලයේ රියැදුරා දෙසත් සිරිතුංග දෙසත් බැලුවා ය. මතක ඇති කාලයක ඔහු මෙතරම් බීමත් ව සිටියේ නැත. එහෙත් ඈ පිළිතුරු දුන්නා ය.

“නෑ. මාස තුනක් විතර වෙන්වෙලා ඉඳල ආයෙ එක් වුණා. ඔයාට මතක නෑ. ඒ දවස්වල මං කිව්වෙ අපේ ගෙදරත් දෙවතාවක් ඇවිදිං ගියා කියල.”

තී‍්‍රවිලය වංගුව ගෙන ගේ පැත්තට හැරෙන විට සිරිතුංග තම සිතුවිලි නවතා ගනිමින් හයියෙන් අල්වා ගත්තේ ය.

“හයර් එක කොහොම ද?” බිරිය අත්බෑගය දිග හරිමින් අසයි.

“එපා නෝන. රාජු මහත්තයාගෙ හයර් එකක්නෙ. මං ඒක එහෙමම බේර ගන්නම්”

සාරි බාරි ගලවා දමා ඇඟපත හෝදාගෙන නයිටියකින් සැරසී නිදන්න සූදානම් වන බිරිය අසන්නීය

“ඔයාට කෝපි එකක් හදල දෙන්න ද?”

බිරිය ළිඳෙන් වතුර ඇද ඇඟපත හෝදාගත්තේ ගීතයක් ගායනා කරමින් ය. අරූ කම්මුලට කම්මුල තැබූ නිසා ඒකිට සන්තෝසය උතුරනවා ඇත.

“එපා ඔයා නිදාගන්නකෝ” සිරිතුංග කීවේ ය.

බිරිය ඉක්මනින් ම නින්දට වැටුණු පසු සිරිතුංග තම ඒක පාර්ශ්වයීය අධිකරණය පිහිටුවිය. විනිසුරු අසුනේ වාඩි වූ සිරිතුංග තම බිරිය දෙස බැලුවේ ය.

“නැගපං පාහර බැල්ලි විත්ති කූඩුවට”

තමා වැඩට ගිය පසු ගෙදරට එන්නේ රාජු ය.

සියලු පරිසරය උන් දෙන්නාට ගැළපෙන ලෙස නිර්මාණය වී තිබෙන්නට ඇත. ළඟ ම ඇති ගෙදරත් මිනිහ වැඩට ගිය පසු ඉතිරි වන්නේ පොඩි යස්ස පැටව් දෙන්නෙක් පිරිවරා ගත් ගැහැනියකි. ඒකිගෙ වැඩේ උදේ හිටන් මල් කඩමින් අටවිසි බුද්ධ පූජා පවත්වන එක ය. රාජු මේකිගෙ බඳ වටා අත දමා හෙමිහිට කාමරයට රැගෙන යන්නට ඇත. මේකිත් පැනපු ගමන් ඌට කැමැති වන්නට ඇත.

ඇය තමාගෙන් අහන “ඉතින් ඔයා නිදා ගන්න ද” යන ප‍්‍රශ්නය නොඅසන්නට ඇත. මේකිගෙ නැන්දා කියූ ලෙස තමා හෝතඹුවෙකි. මූකලන් බස්සෙකි.

ඒත් මේ මූකලන් බස්සාගේ හැටි ඇය තාම නොදනී. තමා හොඳට හොඳ ය. නරකට නරක ය. දැන් ඇත්තේ නරක ය. තමා අමු සාහසිකයකු බවට පත් කරමින් සිටින්නේ මේකිගෙ ඇවතුම් පැවතුම් නොවේ ද?

සිරිතුංග ගේ ඇඟපත හිරිවැටී වෙවුලා යන විට ඔහු තම අවසන් විනිශ්චය වූ මරණීය දණ්ඩනය තම බිරියට පමුණුවා තිබුණි.

මෙවැනි වල් ගැහැනියක මරා දැමිය යුත්තේ නීච ලෙස ය. ඇයගේ බෙල්ල මිරිකා දමන්නේ නම් එය සැහැල්ලු මරණයකි. ඒ වෙනුවට මුළු ශරීරයම කපා කොටා දැමිය යුතු ය. කිසිවෙකුට නොඅසුවන්නට කෑල්ලෙන් කෑල්ල පුලුස්සා දැමිය යුතුය.

මිනී මැරුමකට පසුබිම් වීමට තිබු මේ රාති‍්‍රයේ අඳුර දිගේ බොහෝ දුර ඈත සිට ඉඳහිට වේගයෙන් සුළඟ හමයි. ඇහෙන නෑහෙන හ¾ඩින් තිබූ යක් බෙර හඬක් එවිට විටින් විට නැඟේ. බෙර හෙඩ් තිබුණේ වේගවත් ගමන් තාලයකි.

සිරිතුංගගේ සිතට උපදින්නේ බාල කාලයේ සිට අනන්තවත් දැක ඇති තොවිල් ගෙවල් ය. විලක්කු අතින් ගත් යකැදුරෝ වේගයෙන් නටති. බෙර කාරයන් හිස් වනමින් ඇග නටවමින් බෙර ගසති.

ආතුරයා තම බිරිය ය. පන්දම් එළියෙන් ඇගේ මුහුණත් ළැමත් දහදියෙන් දිලිහේ. ප‍්‍රලය වී සිටින ඇය නැගී සිටියත් ඇය ගේ එක් පාදයක් බෙහෙවින් නිරුවත් ය. වටකුරු ඇගේ පාදය ඇත් දළ පාට ය.

අන්ධකාරය පි‍්‍රයකරන සිරිතුංග පහනේ දැල්ල වැඩි කර අසුනෙන් නැගී සිටියේ ය.

“ඇයි මේ?” බිරිය නින්දෙන් ම අසන්නී ය.

“ඇයි කියල අහන්නෙ?” කිසි දිනෙක නොඇසූ ලෙස සිරිතුංග දැඩිව කියයි.

“ඔයාට අද හොඳට ම වැඩියි” නිදිමත ඇසපිය සලමින් බිරිය සිරිතුංග ගේ බෙල්ල වටා දෙඅත් යවමින් කියන්නී ය.

උඩබැලි අතට හැරී නිදා සිටි සිරිතුංග පිබිදුණේ බිරිය කතා කරන හ¾ඩින් ය. තේ කෝප්පය මේසය මත තැබූ ඇය වතුර වීදුරුව සිරිතුංගට දිගු කළා ය.

“නිවාඩු දවස හින්ද හොඳයි. දැන් නමයයි”

විස්මයෙන් තම බිරිය දෙස බලා සිටි සිරිතුංග ජනේලය හැර දමා කට සේදුවේ ය.

“ඊයෙ වැඩි වුණා නේද?” බිරියගේ හෙ¾ඩ් ඇත්තේ ළෙන්ගතු සුරතල් ස්වරයකි.

උණුහුම් තේ උගුරක් බොමින් ම ඊයේ තමා මඟුල් ගෙදර ඇඳගෙන ගිය ඇඳුම් ළිඳ ළඟ හෝදමින් සිටි බිරිය ළඟට සිරිතුංග ගියේ ය.

“රාජු මල්ලිගෙ ගෙවල් කොහේ කියල ද කිව්වෙ?”

“ටවුමෙ කනිෂ්ඨෙ ගාව තියෙන පාර පළමුවැනි ගේ.” බිරිය රෙදි හෝදමින් ම කියයි.

ක‍්‍රමයෙන් දැඩි වන හිරු එළිය ප‍්‍රබෝධමත් ලෙස ගහකොළ මත වැතිරී ඇත.

“ඌ හොඳ එකා. ලබන ඉරිද අපි එහෙ යමු.” සිරිතුංග කීවේ ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා