»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
බොරලැස්ගමුවේ කවි මල
 

බොරලැස්ගමුවේ කවි මල

 

හිටපු සිළුමිණ කතු විමලසිරි පෙරේරා පිළිබඳ සටහනක්

සිළුමිණ’, ‘සරසවිය’, හා ‘නවයුගය’ පුවත්පත්වල ප‍්‍රධාන කතුවරයා ලෙසින් කටයුතු කළ බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා සූරීන් අප අතරින් සමුගෙන පසුගිය ජූනි 27 වැනිදාට වසර 19 ක් සපිරුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කොළඹ යුගයේ ප‍්‍රකට කිවි බොරලැස්ගමුවේ ජී.එම්. පෙරේරා කිවිඳුන්ගේ ජ්‍යෙෂ්ඨ පුත් රුවන වී 1926 පෙබරවාරි 3 වැනි දින මෙලොව එළිය දුටු විමලසිරි තම පියාගේ සෙවණෙහි ඇති දැඩි වෙමින් තම මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් හදාරා, වැඩිදුර අධ්‍යාපනය සඳහා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුළත් විය. ඉනික්බිති ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුළත් විණි.

වර්ෂ 1946 වනතුරු එහි අධ්‍යාපනය හැදෑරූ හෙතෙම පුවත්පත් කලාව පිළිබඳ ඉමහත් සැලකිල්ලක් දැක්වීය. ඒ වන විටත් පාසල් ශිෂ්‍යයකු වූ විමලසිරි සවස්වරුවේ තම අදහස් සපුරා ගැනීමේ අදහසින් ‘සිංහල බලය’ පත‍්‍රයට ගොස්, හේමපාල මුනිදාසයන් අතින් පුවත්පත් කලාවේ මුල් පොත හැදෑරීය. ඔහුගේ දස්කම් මොනවට වටහාගත් හේමපාල මුනිදාසයෝ ඔහුට නිදහසේ ලියන්නට ඉඩ දුන්හ.

1948 අගෝස්තු මාසයේ සිට ලේක්හවුස් ආයතනයේ සේවයට බැඳුණු ඔහුගේ පුවත්පත් කලා ජීවිතය දිගු කාල පරාසයක් ඔස්සේ ඇදී ගියේ ය. මුලින් ම ඩේලිනිව්ස් පුවත්පතට සම්බන්ධ වුව ද ටික කලකින් සිළුමිණ පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එකතු විය.

1963 දී බිහිවූ ලේක්හවුස් සිනමා පුවත්පත වන ‘සරසවිය’ මීමනගෙන් පසුව ඔහුගේ සංස්කරණය යටතට පත් විය. සරසවිය හුදෙක් සිනමාවටම කැප නොකිරීමට වගබලාගත් ඔහු දේශීය කලාව හා බැඳුණු රස ගුලාවක් බවට පත් කළේ ය. සරසවිය කොතරම් ජනහද දිනාගත්තේ ද යත් වැඩිකල් නොගොස් ම එහි පිටපත් ලක්ෂය ඉක්මවා අලෙවි වන්නට විය. අද දක්වාම අවුරුදු 40 ක පමණ දීර්ඝ කාලයක් තුළ සරසවියේ පැවැත්මට එදා දැමූ ශක්තිමත් අඩිතාලම උපකාර වූවා නිසැක ය.

සරසවි සම්මාන උළෙලේ ආරම්භකයා ද මේ ප‍්‍රවීණ පුවත්පත් කතුවරයා ය. ආධුනික නළුවාගේ පටන් ප‍්‍රවීණයා දක්වා සිනමා ක්ෂේත‍්‍රයේ යෙදී සිටි අයට සරසවිය පත‍්‍රයෙන් ලැබුණේ් විශාල පිටුබලයකි. මේ අනුව බලන කල සිනමා ක්ෂේත‍්‍රයට ද ඔහුගෙන් අනුපම සේවයක් ඉටු විය.

1987 සිට සරසවියට අමතර ‘නවයුගය’ සඟාවේ ද ප‍්‍රධාන කර්තෘ ධූරය එතුමාට භාර විය. හරබර වටිනා සඟාවක් පාඨකයා වෙත ප‍්‍රදානය කිරිමට ඔහුට හැකි විය. එකල පාඨකයා නවයුගය ‘ඇවිදින විශ්ව කෝෂයක්’ ලෙස හැඳින්වීය.

තමාගේ් සහජ හැකියාව තුළින් ම පුවත්පත් කලාවේ හිණි පෙත්තටම නැඟගත් ඔහු 1973 දී ‘සිළුමිණ’ පුවත්පතෙහි ප‍්‍රධාන කර්තෘවරයා විය. ප‍්‍රවීණ ලේඛකයන්ට පමණක් නොව, නැඟී එන ලේඛකයන්ට, ආධුනික කවීන්ට ‘සරසවිය’, ‘සිළුමිණ’ වැනි පුවත්පත්වල අවස්ථාව සලසාදීමෙන් ලේඛකයන්ට ඔහු කළ සේවය අති මහත් ය.

1962 දී පුවත්පත් කලාව පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වය ද ඔහු දිනා ගත්තේ ය. එංගලන්තයේ හය මසක පුහුණුවකින් පසු ඔහු දිවයිනට පැමිණියේ පුවත්පත් කලාව පිළිබඳ ව පුළුල් දැනුම් සම්භාරයක් ඇතිව ය. ඔහුට විදේශීය රටවල් රාශියක සංචාරය කිරීමට ද භාග්‍ය ලැබුණි. ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ඉතාලිය, නෝරිවේ, ස්විඩන්, ඉන්දියාව ආදී රටවල් රාශියක සංචාරය කර ඇත.

එසේ ම මාර්ටින් වික‍්‍රමසිංහ පියසේන නිශ්ශංක, ශ‍්‍රී ලාල් ලියනගේ, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මීමන පෙ‍්‍ර්මතිලක ආදී ප‍්‍රවීණ පුවත්පත් කලාවේදීන් ගේ ඇසුර ද ඔහුට ලැබී තිබුණි. ඒ අතර ඔහුගේ ඉතා ම කිට්ටු හිතවතා වූයේත් පත‍්‍ර කලාවේ ගුරුවරයා වූයේත් මීමන පෙ‍්‍ර්මතිලක මහතා ය.

පිය උරුමයෙන් ම ඔහුට කවිය හුරු විය. පාසල් වියේදී ම කවි ලියූ ඔහු පාසලේ සාහිත්‍ය සංගමයෙන් තම කවීත්වය ඔප දමා ගත්තේ ය. සිංහල බලය, සුවඳ, මීවද, දේදුන්න ආදී පත‍්‍ර හා සඟාවල ඔහුගේ කවි දක්නට ලැබිණි. අ.ත.ක.ස. නමින් ප‍්‍රකට අගනුවර තරුණ කවි සමාජයේ ද සභාපති ධූරය දරමින් කවියට මහත් සේවයක් කෙළේ ය.

තම රැකියාවෙන් ඉහළට යද්දී තමන් සතුව තිබුණු කිසිම බලසම්පන්න බවක් කිසිවකුටත් එරෙහිව අවියක් සේ යොදා නොගත් කුඩා දරුවකු ගේ මෙන් නිර්මල අහිංසකත්වයෙන් යුත් දුර්ලභ ගණයේ මනුෂ්‍යයකු ලෙස ඔහුගේ සමකාලීනයෝ ඔහු හඳුන්වති.

විමලසිරි ඉතා නිහඬ සමාජ සේවකයකු විය. ගමේ ස.ණ.ස සමිතියේ සභාපතිවරයා විය. ගමේ ගොවියාගේ යහපත උදෙසා පිහිටුවා ගත් ගොවි සංගමයේ සභාපතිවරයා විය. පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ ද නිලතල දරමින් තම සේවය එයට කැප කළේ ය. බෙල්ලන්විල විහාරස්ථානයේ 1981 දී ආරම්භ කළ ‘බෙල්ලන්විල ප‍්‍රජා සංවර්ධන’ පදනමේ උප සභාපති ධූරය දරමින් තරුණ පරපුරේ අභිවෘද්ධිය සඳහා ද එතුමා විසින් මහඟු සේවයක් කෙරිණි.

ඇසුරු කරන හැම කෙනකු සමඟම ඔහු ඉතා ප‍්‍රිය මනාප විය. ජීවිත හිණි මගේ ඉහළට නඟිත්ම වඩ වඩා නිහතමානී විය. ඔහු අවංක විය. ඔහුගේ අවංක හිතට නොගැළපෙන කිසිවක් පත‍්‍ර කලා ජීවිතයේදීවත්, පෞද්ගලික ජීවිතයේදීවත් ඔහු අතින් සිදු නොවිණි. ඔහු යුතුකම් ඉටු කළේ ය. නිසංසල ජීවිතයක් ගත කළේ ය. බාහිර ආටෝපය නොසැලකුවේ ය. යමකු තමන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වේ නම් එය කළ යුතු කළ හැකි දෙයක් නම් උපරිමයෙන් එය ඉටු කළේ ය.

ඔහු කිසිවිටෙක කෝපයෙන් නොසිටියේ ය. අව්‍යාජ සිනහව නිරතුරුව මුවගෙහි විය. ඔහු නම්‍යශීලී විය. රසවතකු විය. ජනමාධ්‍යකරුවකු වශයෙන් ඔහු සත්‍යවාදී විය. ලාභ ප‍්‍රයෝජන සලකා ස්වකීය වෘත්තිය පාවා නුදුන්නේ ය. ප‍්‍රතිපත්ති ගරුක විය. පුවත්පත් කලාවේ ගෞරවය අකුරට ම ආරක්ෂා කෙළේ ය.

මෙවන් මහඟු ගුණ සමුදායකින් හෙබි විමලසිරි පෙරේරා රෝගාතුරව සිට 1992 ජූනි 27 වැනි දින සියල්ලන් ගෙන් සමු ගත්තේ ය.

විමලසිරි පෙරේරා කවියාගේ වියොවින් බෙහෙවින් කණස්සල්ලට පත් එතුමාගේ කලණ මිතු හිටපු ‘සිළුමිණ’ ප‍්‍රධාන කතුවර නිමල් හොරණ කවියා විමලසිරි සූරීන් ගැන ලියූ කවකි මේ.

එව යව කව බොවය නිරතුරු බෙණෙන මුවින්

සපිරි මිනිස් ගුණයෙන් හා දැහැමි බවින්

දිවි ගෙවී කලාවේදී මිතු ඔබම බැවින්

ඔබ සෝවාන් වූවෙකි දුක් මිදුණු පවින්


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා