රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ඔරියන්ට් ෆයිනෑන්ස් නව වෙබ් පිටුවක් එළිදක්වයි

ඔරියන්ට් ෆයිනෑන්ස් නව වෙබ් පිටුවක් එළිදක්වයි

ඔරියන්ට් ෆයිනෑන්ස් විසින් පසුගියදා සිය නවතම වෙබ් පිටුව එළිදක්වන ලදී. මෝටර් රථ ගැනුම්කරුවන්ට සහ අලෙවිකරුවන්ට වැ‍ඩි පහසුවක් ‍සලසමින් සැකසූ මෙම වෙබ් පිටුව ශ්‍රී ලංකා මොටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා විසින් එළිදක්වනු ලැබීය.

මෙම අවස්ථාවට සහභාගි වූ ඔරියන්ට් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරි සුරේෂ් අමරසේකර මහතා පැවසූ අයුරින් මෙම වෙබ් පිටුව නිමවා ඇත්තේ පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුව සකසන ලද උසස්, අමතර සේවාවන් ද ඇතුළත් Trade in offer පහසුකම් සැපයීම අරමුණු කරගෙනයි. “මෙම ඔන්ලයින් පහසුකම හරහා අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් අතර වඩාත් හොඳ සබඳතාවයක් ගොඩ නැංවීමට බලාපොරොත්තු වෙනවා. http://www.orientfinance.lk වෙබ් අඩවිය හරහා මෙම වෙබ් පිටුවට පිවිසිය හැකියි”.

මෙම වෙබ් පිටුවේ සඳහන්ව ඇති තෝරාගත් මෝටර් රථ අලෙවිකරුවන් සහ මෝටර් රථ මාදිලි සමස්ත දිවයිනම ආවරණය වන ලෙසින් පෙළ ගැසී ඇත. සිය මෝටර් රථය වෙනත් මෝටර් රථයකට ‍උත්ශ්‍රේණි කරගැනීමට කැමැත්තක් දක්වන ගැනුම්කරුවන්ට මෙම වෙබ් පිටුවට පිවිස තමන් කැමැති ආකාරයේ මෝටර් රථයක් තෝරාගෙන අදාළ අලෙවිකරු ද සමඟින් ගනුදෙනුව සිදු කළ හැකි ය. නව මෝටර් රථය සහ පැරණි මෝටර් රථය අතර කිසියම් මුදල්මය හිඟයක් පවතී නම් ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ඔරියන්ට් ෆයිනෑන්ස් වෙතින් ලබාගත හැකි ය. මෙම පහසුකම් තවත් ඉහළ නංවමින් ඉදිරියේදී අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට වඩාත් හොඳ පහසු සේවාවක් සැපයීමට සමාගම බලාපොරොත්තුවේ.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ සරත්චන්ද්‍ර මහතා මෙවන් යමක් ආරම්භ කිරීම පිළිබඳව ඔරියන්ට් ෆයිනෑන්ස් පැසසුමට ලක් කරමින් පවසා සිටියේ මින් සිය සංගමයේ සාමාජිකයින්ට පවා වඩාත් පිරිමැසුම්දායි ලෙසින් දිවයින පුරා සිටින ගැනුම්කරුවන් හා සම්බන්ධ විය හැකි බවය‍. අලෙවිකරුවන් හට විශාල ගැනුම්කරුවන් පිරිසක් සමඟ හා ගැනුම්කරුවන්ට විශාල මෝටර් රථ මාදිලි පරාසයක් සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලබාදෙන මෙම අවස්ථාව දෙපිරිසටම ඉතාමත් වටිනා අවස්ථාවක් බවත් ඒ මහතා කීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්