රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිංගප්පූරුවේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

සිංගප්පූරුවේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

ලෝකයේ තෙවන විශාලතම වරාය ලෙස සැලකෙන සිංගප්පූරු වරාය මේ දිනවල තවත් පුළුල් කරමින් පවතින බවත්, එහි සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ද රැකියා අවස්ථා උදාවී ඇතැයි අමාකී ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනයේ විධායක අධ්‍යක්ෂ පී. කේ. සිරිමත් මහතා පවසයි.

“තිස් වසරක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවේ රැකියා අවස්ථා ලබා දීමට එරට රජය මෙන්ම ව්‍යාපාරික අංශ ද බිය වුණා. දැන් ඔවුනට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳව ඇත්තේ යහපත් ආකල්පයක්. ඒ නිසා ඔවුන් සිංගප්පූරු වරායේ ඇති රැකියා අවස්ථා පිළිබඳව මුල් වරට අමාකී ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනය දැනුම්වත් කර තිබෙනවා. පසුව අපි අදාළ සිංගප්පූරු බලධාරීන් සමඟ වගකිව යුතු රජයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක් විදියට සාකච්ඡා කළා. අපි මේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විවිධ පැතිකඩ ඔස්සේ යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉතාමත් ඉක්මනින් ලෑෂීන් වර්කර් සහ කන්ටේනර් රියැදුරු යන ඇබෑර්තු සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලුම් කළ හැකියි. සිංගප්පූරු වරාය ආශ්‍රිතවයි මේ සියලු රැකියා නිර්මාණය වී තිබෙන්නේ.”

සිරිමත් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මුදලින් අවම රු. 105,000 සිට උපරීමය රුපියල් 136,500 ක මුදලක් මේ රැකියා අවස්ථා හරහා එක් අයකුට උපයන්නට හැකි බවය. වසර 2 ක කොන්ත්‍රාත් කාලයකට මෙම රැකියා අවස්ථා ලබා දෙන අතර නවාතැන්, රක්ෂණ, වෛද්‍ය හා ප්‍රවාහන පහසුකම් ද සේවා දායකයා විසින් සපයන බව මෙම රැකියා ගිවිසුමේ සඳහන් වේ.

“ශ්‍රී ලංකා රජයේ සහ සිංගප්පූරු රජයේ පිළිගත් කම්කරු නීති රීතිවලට අනුකූලවයි මෙම සියලු රැකියා සැපයීම් සිදු කරන්නේ.”

0114333111, 0775456440 යන දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර ලබාගත හැකියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්