මිනි හෝම් හි දවසක්
මිනි හෝම් හි දවසක්

ශ්‍රී ලංකාවේ
MINI සහ
BMW බලයලත් බෙදාහරින්නා වන ප්‍රෙස්ටිජ් ඔටෝමෝබයිල්
කොළඹ 8, කාසල් වීදියේ, අංක 5 දරන ස්ථානයේ පිහිටා ඇති සිය
MINI ප්‍රදර්ශනාගාරය
පසුගිය 25 වනදා සහ 26 වනදා සහ නොවැම්බර් 2 වනදා මහජනතාව වෙනුවෙන්
ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබිණි. මෙහි අරමුණ වූයේ ප්‍රදර්ශනාගාරයට
පැමිණෙන පිරිස සඳහා විනෝදාත්මක MINI අත්දැකීමක් ලබා දීමය. කොළඹ නගරය මධ්‍යයේ
ස්ථාපිත කර ඇති මෙම ප්‍රදර්ශනාගාරයට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි අතර එය MINI රසිකයින්ට එක්රැස් වීමට කදිම ස්ථානයකි.
මෙම MINI ප්‍රදර්ශනාගාරය කුඩා දරුවන් සඳහා මුහුණු පින්තාරු කිරීම, ටැටූ කෝනර්,
විකට රූප ඇඳීම් මෙන්ම පවුලේ සැමට එක්වී විනෝද විය හැකි බොහෝ තරග අවස්ථාවන්ගෙන්
යුක්තය. මෙම අවස්ථාවට තවත් වර්ණවත් බවක් එක් කරමින් පැමිණෙන අමුත්තන්ට ආහාර
පාන, අයිස් ක්‍රීම් ආදිය පවා පිළිගැන්වේ. එසේම සහභාගි වූවන් සඳහා අලුතෙන්ම
හඳුන්වා දුන් MINI Cooper සහ
MINI Countryman මෝටර් රථයන් පැදවීමේ අවස්ථාව ද
මෙහිදී සිදුවන සුවිශේෂී අවස්ථාවකි.
නවතම මිනි කූපර් රථය හොඳින් ඉඩ පහසුකම් ඇති පරිදි වඩාත් හොඳ රියදුරු සුව
පහසුවක් සමඟ නිමැවී ඇත්තේ වැඩි තාක්ෂණික නවෝත්පාදනයන් උපයෝගී කරගනිමිනි.
මෙම නව මෝටර් රථය ප්‍රිමියම් කුඩා මෝටර් රථ අංශයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථයක් බවට
පත් වෙමින් පවතී. මෙහිදී පළමු වරට ටුවින්පවර් තාක්ෂණයත් සමඟ සිලින්ඩර තුනක
එන්ජිම හඳුන්වා දී ඇත. මෙම පෙට්‍රල් එන්ජිම, ටර්බෝ චාර්ජින්, සෘජු ඉන්ධන විදීමේ
හැකියාව සහ ඇතුළු කිරීමේ සහ පිට කිරීමේ පැති දෙකෙහිම පවතින වෙනස් වන කැම්ෂාෆ්ට්
පාලක ආදියෙන් සමන්විතය.
|