 |

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු හා ජනනායකයකු ලෙස ප්‍රකටව සිටි දිවංගත ඩී.ඒ.
රාජපක්ෂ මැතිතුමාගේ 47 වැනි ගුණ සමරුව නිමිත්තෙන් තංගල්ලේ දී ඩී.ඒ. රාජපක්ෂ
පිළිරුවට ඉකුත් සිකුරාදා පැවැති උත්සවයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
පුෂ්පෝපහාර දක්වා ගෞරව ප්‍රණාමය පුද කර සිටියේ මෙසේ ය.
ඡායාරූපය - සුදත් සිල්වා |
|
|
 |
විශ්‍රාමිකයන්ට
වැඩි කළ 2500 හෙට සිට
විශ්‍රාමිකයන් සඳහා අය වැය
මඟින් ලබාදෙන්නට පොරොන්දු වූ රුපියල් 2500
අතුරු දීමනාව නොවැම්බර් මාසයේ විශ්‍රාම වැටුපට
එකතුකර හෙට (10) සිට ලබා දෙන බව විශ්‍රාම
වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි
මහතා පැවසීය. |
|
|
|
 |
|
 |
ජනාධිපතිට
තුන් වරක් ඉල්ලිය හැකි බව රනිලුත් පිළිගත්තා
ඇමැති නිමල් සිරිපාල
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග වැදිය හැකි
බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද එකම මතයක් දරන බව
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයට වසර හතරක් ගතවීමෙන් පසු නැවත ජනාධිපතිවරණයක්
ප්‍රකාශයට පත්කිරීම ජනාධිපතිවරයාට අයත් කාර්යයක් බවත් එය පැවැත්වීමේ දිනය තීරණය
කිරීම මැතිවරණ කොමසාරිස්වරයාට අයත් කාර්යයක් බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
මහතා....
විස්තර » |
|
|
රටවිරුවන්ගෙන්
2020 දී ඩොලර් බිලියන10 ක්
ශ්‍රී ලංකාවෙන් පිටරට
රැකියාවලට යවන රටවිරුවන් වසර 2020 වන විට රටට
ලබා දෙන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු
ඩොලර් බිලියන 10 ක් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ
බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
පවසයි. රට රැකියාවල නියැළෙන ශ්‍රී ලාංකිකයන්ගේ
සංඛ්‍යාව ලක්ෂ 17 ක් පමණ වන අතර මේ වර්ෂය
වෙනුවෙන් ඔවුන් මෙරටට එවන ලද මුදල ඇමෙරිකානු
ඩොලර් බිලියන 7 ක් වනු ඇතැයි ගණන් බලා
තිබෙන....
විස්තර » |
|
ආණ්ඩුවට එජාපයේ
ප්‍රබලයන් 3 ක්
ආණ්ඩුවට එක්වන එජාප
මන්ත්‍රීවරු අතර හිටපු ඇමැතිවරු තුන් දෙනෙක් ද
සිටින බව ආණ්ඩුවේ ප්‍රබලයෙක් පැවසීය.
ජනාධිපතිවරණ උණුසුමත් සමඟ එම පිරිස ළඟදීම
ආණ්ඩුව සමඟ එක්වනු ඇතැයි ද ඔහු කියා සිටියේ ය. |
|
|
|
 |
උතුරු
අධිවේගයට 14 වැනිදා මුල්ගල
උතුරු අධිවේගී මාර්ගයට මුල් ගල් තැබීම ලබන 14 සහ 15 දෙදින මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමා අතින් සිදු කෙරෙන බව වරාය මහාමාර්ග හා නාවික ව්‍යාපෘති අමාත්‍ය
නිර්මල කොතලාවල මහතා පවසයි.
14 වැනිදා පෙරවරු 9.30 ට උතුරු අධිවේගයේ සෙංකඩ දොරටුව වන ගලගෙදරදීත් පෙ. ව.
10.30 ට රඹුක්කනදීත් පස්වරු 2.00 ට ගලේවෙල ‘සිළුමිණි’ දොරටුවේදීත් මුල් ගල්
තැබේ.
විස්තර » |
|
|