Galaxy Note 4 සමඟ සැම්සුන් Note පෙළ පෙරට
Galaxy
Note 4 සමඟ සැම්සුන්
Note
පෙළ පෙරට

සීමාසහිත සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ
Samsung GALAXY Note 4 ජංගම දුරකථනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ජංගම
දුරකථන පෙළ තවදුරටත් ව්‍යාප්ත වී තිබේ. වැඩිදියුණු කළ S Pen විශේෂාංගය සමඟ
සුපිරි දර්ශන තිර අත්දැකීමක් මුසුකරන Samsung GALAXY Note 4
ජංගම දුරකථනය
මඟින් පාරිභෝගිකයන්හට වර්තමාන වෙළෙඳ පොළේ පවතින විශිෂ්ටතම සහ බලවත්ම ජංගම
දුරකථන අත්දැකීමක් ලබාදීමට සමත්වේ.
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඉන්දියා - ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයේ කළමනාකාර
අධ්‍යක්ෂ එච්.කේ.චෑං මහතා මෙම හඳුන්වාදෙන වැඩසටහනේදී වැඩිදුර අදහස්
දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “Samsung GALAXY Note 4 ජංගම දුරකථනය
හඳුන්වාදීමත් සමඟ අපගේ අවධානයට ලක්වන්නේ විශිෂ්ට සහ විවිධාකාරයේ නිෂ්පාදන
එළිදැක්වීම සඳහා සැම්සුන් සමාගම දක්වන කැපවීමයි. ජනතාවගේ පෙලඹවීමෙන්
නව්‍යකරණයට ලක්වූ මෙම නව උපාංගය ඇති වැඩිදියුණු කරන ලද
S Pen විශේෂාංගය,
විශාල හා දීප්තිමත් තිරය සහ සුපිරි ඵලදායිතාවයක් ලබාදෙන අංග යන එහි විශිෂ්ට
සංයෝජනයන් මඟින් අප පාරිභෝකයන් හට තම එදිනෙදා වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම
ලෙස ඉටු කර ගත හැකි Galaxy අත්දැකීමක් ලබාදෙනු ලැබේ.
Wearable (පලඳනා උපාංග)
වෙත සැලකිය යුතු ලෙස දායක වී ඇති සැම්සුන් සමාගම විශිෂ්ට
smart පලඳනා
හඳුන්වාදීම සහ Gear S විශේෂාංගය හඳුන්වාදීම මඟින් ජංගම සන්නිවේදන අවකාශයේ
නව ප්‍රමිතියක් ඇතිකිරීමට සමත්වී ඇත.”
සැම්සුන් සමාගමෙහි උරුමයක් වන අසමසම Galaxy ජංගම දුරකථන අත්දැකීමක්
ලබාදීම Samsung GALAXY Note 4 ජංගම දුරකථනය තුළින් ද නොඅඩුව පෙන්නුම් කෙරේ.
එහි අපූරුතම අංගය වන අඟල් 5.7ක තියුණු Quad HD Super AMOLED තිරය මඟින් ආලෝකයට
වඩාත් සංවේදී පැහැදිලි හා දිදුලන රූප ප්‍රති උත්පාදනය කරමින් ද, ඕනෑම කෝණයක
සිට නැරඹීමේ දී පවා සුපැහැදිලි දර්ශන ලබාදෙමින් ද, තත්පරයකින්
මිලියනයකින් එකක් තරමේ ප්‍රතිචාර වේගයක් සහිතව අති උත්කර්ෂවත් ලෙස දර්ශන
නැරඹීමේ අත්දැකීමක් එමඟින් ලබාදෙනු ලැබේ.
මෙම Note ජංගම දුරකථන පෙළ විශාල තිරයකට පමණක් සීමා නොවේ. වඩා උසස්
Multi
Window විශේෂාංගය මඟින් Samsung GALAXY Note 4
පරිශීලකයන්ගේ අත්දැකීම හරවත්
කරන්නේ බහු-කාර්ය කටයුතු ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවකාශය සලසමිනි.
පරිශීලකයන් හට applications හැසිරවීම සඳහා මුළු තිරයම භාවිතා කිරීමට, තිරය
බෙදා වෙන් කොට භාවිතා කිරීමට හෝ තිරයේ සැණෙකින් මතුවන මෙනුවක ආධාරයෙන් සිදු
කිරීමට හැකි අතර අදාළ apps තමන්ගේ තිරයේ දර්ශනය වන විශාලත්වය සහ ස්ථානය
පහසුවෙන් සිදුකරන swipe චලනයක් මඟින් වෙනස් කරගැනීමට ද හැක.
|