රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සති මැද වෙළෙඳ පොළ ඉහළට

සති මැද වෙළෙඳ පොළ ඉහළට

පෙර සතියේ අවසන් සිකුරාදා ගනුදෙනු 9595 ක් වාර්තා වුව ද සතිය ආරම්භක සඳුදා ගනුදෙනු වාර්තා වූයේ 9008 ක් පමණි‍.

එදින මිලියනය ඉක්මවා කොටස් අලෙවි වූ සමාගම් අතර ඇක්මී (රයිට්ස්) (5691956) ආසිරි (1416000), බ්ලූ ඩයමන්ඩ් (ඡන්ද බලය රහිත) (3356546), කොමර්ෂල් බෑන්ක් (1074761), ජේ.කේ.එච්‍. (1146493), ලංකා අයි.ඕ.සී ( 1346143) , නේෂන් ට්‍රස්ට් (3350736) පෑන් ඒෂියන් පවර් (1174990), පිරමල් ග්ලාස් (2623687), රේණුකා ඇග්‍රි (8194920) එස්.එම්.බී. ලීසිං (5488900), සොෆ්ට්ලොජික් (2770096) ටෝකියෝ සිමෙන්ට් (ඡන්ද බලය රහිත), 1136727, වැලිබල් (1701111), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් (3058840) සමාගම් දැක්වුණු අතර මිල ඉහළ ගිය සමාගම් අතර එලායන්ස් (10.00) නෙස්ලේ (20.80) ස්ටෑන්ඩර්ට් කැපිටල් (17.00) සිංගර් ඉන්ඩස්ට්‍රීස් (22.30) කැපී පෙනුණ අතර මිල පහළ ගිය සමාගම් අතර සී.අයි.ටී (6.10) කැපී පෙනුණි.

පසුදින එනම් නොවැම්බර් 04 වැනිදා අඟහරුවාදා ගනුදෙනු යළි ඉහළ ගියේ ගනුදෙනු සංඛ්‍යාව 9134 ක් ලෙස පෙන්වමිනි.

ඒ දිනයේ මිලියනය ඉක්මවා ගනුදෙනු සිදුවූ සමාගම් අතර ඇක්මී (රයිට්ස්) (4513688), ලංකා අයි.ඕ.සී. (1135801), පීපල්ස් ලීසිං (2021560) වැලිබල් (187557447), අමානා ටකාෆුල් (1301276) බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් (1991088) ඒෂියා ඇසට් (4873287) සමාගම් දැක්වුණි. දිනයේ මිල ඉහළ ගිය සමාගම් අතර එලායන්ස් (15 . 00) ලී හෙප්ස් (22 . 30) කැපී පෙනුණ අතර මිල පහළ ගිය සමාගම් අතර කැපී පෙනුණේ නෙස්ලේ (13.50) සෙලින්කෝ ඉන්ෂුවරන්ස් (49.20) සමාගම් ය.

පසුදින එනම් නොවැම්බර් 5 වැනිදා බදාදා ගනුදෙනු යළි ඉහළ ගියේ 11638 ක් බව පෙන්වමිනි.

දිනයේ මිලියනය ඉක්මවා කොටස් අ‍ලෙවි වූ සමාගම් ගණන 13 කි. එම සමාගම් අතර ඇක්සස් ඉංජිනියර්ස් (3167489) ජේ.කේ.එම්. (1941781) පෑන් එෂියන් පවර් (1792682) රිචර්ඩ් පීරිස් (1226945), සෙලාන් බෑන්ක් (ඡන්ද බලය රහිත) (1333214) සොෆ්ට්ලොජික් (2944414) ටෝකියෝ සිමෙන්ට් (ඡන්ද බලය රහිත) (1686070), යුනියන් බෑන්ක් (1798312) වැලිබල් (7978308), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් (3023105), සොෆ්ට්ලොජික් කැපිටල් (4202028) සමාගම් කැපී පෙනුණි.

දිනයේ මිල ඉහළ ගිය සමාගම් අතර ඊ.බී. ක්‍රෙසි (82.00) නෙස්ලේ (14.90) කැපී පෙනුණි. මිල පහළ ගිය සමාගම් අතර මොරිසන්ස් (14.80) කැපී පෙනුණි.

කෙසේ වුවත් ට්‍රිලියනය ඉක්මවූ සමස්ත ප්‍රාග්ධනීකරණය අඛණ්ඩව මේ දක්වාම පැවතීම වෙළෙඳ පොළේ කැපී පෙනෙන ලක්ෂණයක් වීය.

සතිය ආරම්භක සඳුදා සමස්ත කොටස් මිල දර්ශනය දැක්වුණේ ඒකක 7353.15 ක් ලෙසය. එය අඟහරුවාදා (04) දැක්වුණේ ඒකක 7320.89 ක් ලෙස ය. බදාදා එම අගය දැක්වුණේ ඒකක 7358.46 ක් ලෙස ය.

03 වැනිදා සඳුදා එස්. ඇන්ඩ් පී.එස්.එල්. 20 දර්ශකය ද දැක්වුණේ ඒකක 4104.69 ක් ලෙසිනි. එය 4 වැනි අඟහරුවාදා දැක්වුණේ ඒකක 4086.25 ක් ලෙස වන අතර බදාදා (05) එම දර්ශකය දැක්වුණේ ඒකක 4102.11 ක් ලෙසිනි.

වාහන මිල සඳහා බදු අඩුවීම මෙන් ම අය වැය සහන මත වෙළෙඳ පොළ කැපී පෙනෙන වෙනස්වීමක් සතිය මැද සිදුවීම මෙහිදී කැපී පෙනුණි.

වෙළෙඳ පොළේ ලියාපදිංචි සමාගම් ගණන වැඩිවීමත් සමඟ මිල ඉහළ යාමේ හොඳ ප්‍රවණතාවක් දක්නට ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්