රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ ප්‍රථම විධායක නිලධාරී වැඩමුළුව

ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ ප්‍රථම විධායක නිලධාරී වැඩමුළුව

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති මේජර් තිස්ස අලුවිහාරේ මහතා ප්‍රකාශ කළේ පුද්ගලික ආරක්ෂක සමාගම්, වර්තමානයේ කෙරෙමින් පවත්නා ජාතිය ගොඩනැඟීමේ කාර්යයෙහිදී බද්ධ වූ කොටසක් වන හෙයින් එම ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, රටෙහි සංවර්ධන කටයුතුවලදී එහි අරමුණුවලට ළඟාවීමේදී වගකීම පිළිබඳව වැදගත් කාර්යභාරයක් ඉටු කෙරෙන බවය. ‍

මෙම කාර්යය අරමුණු කොටගත් ප්‍රථම විධායක නිලධාරී වැඩමුළුව, හිල්ටන් රෙසිඩෙන්සිස් හිදී පසුගිය දා පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත වූ ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක ලේකම් හා පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන සඳහා නිසි බලධාරී දමයන්ති ජයරත්න මහත්මිය, සංගමයේ සභාපති තිස්ස අලුවිහාරේ මහතා ප්‍රමුඛ විධායක කමිටුව විසින් පිළිගනු ලැබුවාය.

වැඩමුළුව සඳහා පුද්ගලික ආරක්ෂක සමාගම් 200 කට වැඩි ප්‍රමාණයක් සහභාගි විය.

වැඩමුළුවේ තේමාව වූයේ “පාර්ශවකරුවන් අතර සහයෝගීතාව ඇති කිරීම තුළින් කර්මාන්තයේ ප්‍රතිරූපය නඟා සිටුවීම” යනුවෙනි.

ආරම්භක දේශනය පවත්වමින්, සංගමයේ සභාපති මේජර් තිස්ස අලුවිහාරේ මහතා ප්‍රකාශ කළේ පුද්ගලික ආරක්ෂක සේවා ආයතන මෙරටෙහි පවත්නා සංවර්ධන ක්‍රියාවලියෙහි ඉතා වැදගත් පාර්ශවකරුවන් වන බව අවිවාදාත්මක කරුණක් වන බවත්, එහෙයින් අදාළ සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙම සංවිධානවල ප්‍රධාන විධායක නිලධාරීන්, වගකීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරමින් සිටිනා බවත්ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්