රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීම

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

ප්‍රවීණ නීතිවේදී ගෝමින් දයාසිරි

18වැනි ව්‍යවස්ථා සංශෝධනය සංකීර්ණ හෝ ව්‍යාකූල නීතිමය ලියවිල්ලක් නොවන බවත් ඒ නිසා ප්‍රශ්නය විසඳීම ද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහේලිකාවක් නොවන බවත් ප්‍රවීණ නීතිවේදී ගෝමින් දයාසිරි මහතා කියයි. තමන්ට තුන්වැනි වරට තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව ‘සිළුමිණ’ සමඟ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීම පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ගෝමින් දයාසිරි මහතා මේ ප්‍රකාශය කළේ ය.

එම සම්මුඛ සාකච්ඡාවේදී දයාසිරි මහතා සිළුමිණට කරුණු දක්වා සිටියේ මෙසේ ය.

 ජනාධිපතිතුමන් විසින් තමන්ට තුන් වැනි ධ‍ූර කාලයක් සඳහා තරග කළ හැකි ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමස‍ීම ගැන කියන්නේ කුමක්ද?

මේ ප්‍රශ්නය මුල්වරට මතු කළේ හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන්. සිල්වා මහතායි. මේ ගැන බුද්ධිමතුන්, කොළඹ අවට ප්‍රදේශවල වසන උගතුන් වගේ ම පුවත්පත් හා රූපවාහිනී බලන පිරිස් අතර කතා බහට ලක්වුණා.

වත්මන් ජනාධිපතිතුමාට තුන්වැනි වරට තරග කිරීමට ඉඩ ලැබෙන පරිදි මේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකර නැති බවට සරත් සිල්වා මහතා කියා සිටියා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තර්කය මේ පිළිබඳ නැවත සිතා බලන්නට ඒ පිළිබඳ දැනගත් පිරිස් යොමු කළා.

මේ පිළිබඳ කෙරුණ සාකච්ඡාවලදී ව්‍යවස්ථාව සංකීර්ණ කිරීම වගේ ම විකෘති කිරීමකුත් වුණා. එමගින් රට තුළ මත බේදයක් ඇති කිරීමට උත්සාහ කෙරුණා.

ඇත්තෙන් ම මෙය ප්‍රශ්නයක් නොවේ. මට පෙනෙන විදියට මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් වී ඇත්තේ ඉතාම සීමිත පිරිසකට වන අතර මේ රටේ වසන බහුතර ජනයාට මෙවැනි ප්‍රශ්නයකුත් පැන නැඟී නැති අතර එම පිරිසට මේ ප්‍රශ්නය පිළිබඳ තැකීමක් හෝ දැනීමක් ද නැත.

18 වැනි සංශෝධනය අනුව 1978 මුල් ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයකුට ධූර කාල දෙකක් සඳහා පනවා තිබූ සීමාව මුළුමනින්ම ඉවත්කර තිබෙන බව පැහැදිලියි නේද?

1978 ව්‍යවස්ථාවේ 31 (2) 92 (ඇ) ව්‍යවස්ථා වගන්ති සම්පූර්ණයෙන් ඉවත් කර කැමැති ධූර කාලයක් සඳහා තරග කිරීමට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩ ලබා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ පළමු ධූර කාලය තුළයි.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේ වත්මන් ජනාධිපතිතුමා ධූර දෙකකට හිමිකම් ලබා තිබුණු බවට සරත් එන්. සිල්වා තර්ක කරනවා‍. ඒ වනවිට ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකුව සිටි බවට සරත් එන්. සිල්වා මහතා තර්ක කළා. ඔහුගේ තර්කය වුණේ මේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධන අතීතයට බලපැවැත්වෙන ලෙස ගෙනැවිත් නැති බවයි.

සරත් එන්. සිල්වා ඉදිරිපත් කළ මේ තර්ක මාධ්‍යවල විද්යුත් නාළිකාවල දිගින් දිගට සාකච්ඡා වූ නමුත් එම මත දැක්වීම් නඩුවක් බවට පරිවර්තනය වී කිසි දිනෙක ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොවන බව පෙනී ගියා.

එවැනි තත්ත්වයක් තුළ මේ විරෝධතා දක්වන්නන් ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා කැඳවන අවස්ථාවක නඩු පැවරීමක් කර උපක්‍රමිකව අතුරු තහනම් ලබා ගැනීමට උත්සාහ කරමින් නාම යෝජනා කැඳවීම හා මැතිවරණය පැවැත්වීම කල් දමා ගැනීමට උත්සාහ කරනු ඇති බවට අදහස් දැක්වුණා.

මෙවැනි අර්බුදයක් නිර්මාණය කිරීමට ඉඩකඩ නොතබා ජනාධිපතිතුමාම ව්‍යවස්ථාවේ 129 වගන්තිය අනුව මේ ප්‍රශ්නය තමන්ට ඇති බලතල අනුවම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර නිරාකරණය කර ගැනීමට දැන් හැකියාව ලැබී තිබෙනවා. එසේ කිරීමෙන් ‍නාමයෝජනා හා මැතිවරණ කල් දැමීමේ ප්‍රයත්න බිඳ වැටෙනවා. මෙමගින් යමෙක් නඩුව කල් දැමීමට ගන්නා ප්‍රයත්න අසාර්ථක වී යනවා.

 මේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය කල් අදින එකක් වේවිද?

එසේ වීමට ඉඩක් නැහැ. ඍජුවම මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිතුමා යොමුකර නිශ්චිත කාල සීමාවක් තුළ තීරණය ලබාගැනීමට 129 (1) වගන්තිය අනුව හැකි වෙනවා. 10 වැනිදා වනවිට මෙහි තීන්දුව ලැබෙනවා. එම 129 වගන්තියේ ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.

‍ෙශ්‍ර්ෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමකින් යුත් යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගතවී ඇති බව නැතහොත් උද්ගතවීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවකදී වුව ද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැකියි.

එසේ යොමු කරනු ලැබූ විට ඒ යොමු කිරීමේ නිශ්චිතව සඳහන් කාල සීමාව ඇතුළත හෝ ජනාධිපතිවරයා විසින් දීර්ඝ කරන ලද යම් කාල සීමාවක් ඇතුළත හෝ ඒ අධිකරණය යෝග්‍ය යයි සලකන විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ඒ අධිකරණයේ මතය ජනාධිපතිවරයාට වාර්තා කළ හැකියි ය.

මේ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ මෙම යොමු කිරීම බුද්ධිමත් හා කාලෝචිත වන්නේ ප්‍රශ්නයත් ප්‍රශ්නයට අවශ්‍ය විසඳුමක් කාල රාමුවක් තුළ ලබා ගැනීමට හැකි වන නිසාත් මේ පිළිබඳව දෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අවසාන තීරණය වන නිසාත් ය.

 ප්‍රශ්නය ගැන තම මතය දැක්වීමට ලැබෙන ඉඩකඩ ගැනත් කතා කළොත්?

මෙම ප්‍රශ්නයට නීතිඥයන්ට පමණක් නොව සාමාන්‍ය පුද්ගලයන්ටත් ලිඛිතව තම දේශන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණා. වාචික දේශන ඉදිරිපත් කිරීමට ගියේ නම් මේ මත දැක්වීම් දිගින් දිගට ඇදීයාම සිදුවන නිසා ලිඛිත දේශනවලට කරුණු දැක්වීම්, සීමා කිරීම ශීඝ්‍ර ලෙස විභාගය පවත්වා තීන්දුව දීමට වැදගත්.

 මේ විභාගය විවෘත අධිකරණයේ පැවැත්වෙන එකක් ද?

මෙයට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් සියලු දෙනා නැතිනම් 9 - 5 දක්වා විනිසුරුවරුන් සංඛ්‍යාවක් වාඩි විය හැකියි. විශේෂයෙන් ව්‍යවස්ථාව අර්ථ නිරූපණයට ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බලය ඉතා වැදගත් බලයක් ලෙසයි සලකන්නේ. නීතිපතිවරයාටත් මෙහිදී කරුණු දැක්විය හැකි යි.

මෙය විවෘත අධිකරණයක් විය නොහැක්කේ එසේ වුවහොත් පෙත්සම් කරුවන්ට අසීමිතව පෙත්සම් හෝ පැමිණිලි ඉදිරිපත් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් පහදාදීමත් නඩුවකට ඇතුළුවිය හැකි නිසයි. විවෘත විභාගයක් මුළුමනින් සමාජයට විවෘත කර ඇති නිසා නීතිඥයන් නොවන අයත් තම නම හදාගැනීමට මෙයට ඉදිරිපත් විය හැකියි. ඒ නිසා මෙහිදී ලිඛිත දේශනවලට පමණක් ඉඩදීම වඩා යෝග්‍ය ලෙස සැලකිය හැකියි.

 නීතිඥ සංගමයටත් මෙහිදී කරුණු දැක්වීමට අවස්ථාව දී තිබෙනවා?

නීතිඥ සංගමය හා නීතිඥවරුන් එම කාර්යය කළයුත්තේ මහජන සුබසිද්ධිය සලකාගෙනයි. නීතිඥයන් මෙහිදී ව්‍යවස්ථාවේ වගන්ති පැහැදිලි කරන අතර විනිසුරුවරුන්ට තම වෘත්තීය අත්දැකීම් අනුව තීන්දු තීරණවලට පැමිණීමට එම කරුණු දැක්වීම් ඉවහල් විය හැකියි. මෙතන තිබෙන යහපත් තත්ත්වය අනවශ්‍ය ලෙස ප්‍රශ්නය ඇදගෙන යාමට නොදී සියල්ලන්ගේ අදහස් විමසා කෙටි කාලයක් තුළ තීරණගත හැකිවීමයි.

 ඔබට දිගුකාලීන අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකු ලෙස මේ ප්‍රශ්නය පෙනෙන්නේ කොහොමද?

මට පේන්නේ මේක ඉතාම සරල ප්‍රශ්නයක්. නමුත් මෙහිදී සරත් එන්. සිල්වා මහතාට කරුණු දැක්වීමට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා.

තුන් වැනි වරට තරග කිරීමට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමාට අයිතිය ලැබී තිබෙන නමුත් ඒ පිළිබඳව ප්‍රශ්න මතු කර ඇති අවස්ථාවක ජනාධිපතිතුමා තමන්ට ඇති බලය අනුව මේ ප්‍රශ්නය යොමු කළේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රටටම බලපාන මේ ප්‍රශ්නය ගැන අවශ්‍යය නීතිමය උපදෙස් හා ඒ තීරණය එය ජනතාව පැත්තෙන් ලබාගැනීමට ය.

ආණ්ඩුව ජනාධිපතිවරණයක් සඳහා කඩිනමින් සූදානම් වන මේ මොහොතේ මෙවැනි ප්‍රශ්නයක් දිගින් දිගටම ඇද ගෙන යාම රටට ද යෝග්‍ය නොවන අතර මේ මාර්ගයෙන් ප්‍රශ්නය ගැන ගැඹුරින් සොයා බලා තීන්දුවක් දීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි වෙනවා.

 ඔබ විශ්වාස කරන්නේ මොනවගේ තීරණයක් දෙයි කියලද?

ප්‍රශ්නය ඉතාම සරලයි. එයට නීතිමය කරුණු අනුව ලිඛිත දේශන දීම ද පහසු කාර්යයකි. මගේ විශ්වාසය නම් සුළු ප්‍රශ්නයක් අනවශ්‍ය ලෙස සංකීර්ණ කළත් ශ්‍රේෂ්ඨාධිකරණයට එය විසඳීම ප්‍රහේළිකාවක් නොවන බවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්