රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණියට අලුතින් යානා 15ක්

ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණියට අලුතින් යානා 15ක්

ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගුවන‍් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නවතම එයාර්බස් ඒ 330-300 ගුවන් යානාව පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා විය. එහිදී අභිමානවත් බවින් පිරිපුන් විචිත්‍රවත් උත්සවයක් පැවැති අතර එම අවස්ථාව සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය, පූජ්‍ය පක්ෂය මෙන්ම ගුවන් සමාගමේ සභාපති, ආයතනයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද එක්වූහ.

පුළුල් බඳ සහිත මේ නව ගුවන් යානාව සතුව අති නවීන ගුවන් යානා අභ්‍යන්තර පහසුකම් සහ සැප පහසුව ද, උසස් තාක්ෂණික ලක්ෂණ සහ ඉන්ධන කාර්යක්ෂමතාව ද ඇතුළත් ය. මේ අනුව ගුවන් සමාගමේ දැනට පවතින ඒ 330-200 සහ ඒ 340-300 ගුවන් යානා ඉවත් කර නවතම ගුවන් යානා ප්‍රතිඇණිගත කරනු ලැබේ.

‍මේ පිළිබඳව අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අමාත්‍ය, පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, “ජාතික ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීම නියෝජනය කරමින් ගුවන් සමාගම විසින් ලබා ගැනීමට අපේක්ෂිත නව ගුවන් යානා අතරින් ප්‍රථම වරට මෙරටට පැමිණෙන ගුවන් යානාව මෙම ඒ 330-300 ගුවන් යානාවයි. ගෝලීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වී ඇති වර්ධනය ඉලක්ක කර ගනිමින් නිරතුරුවම වෙනස් වන තරගකාරී ගුවන් සේවා ක්ෂේත්‍රයේ නවීන ප්‍රමිතීන්වලට අනුකූලව මෙම ගුවන් යානා ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණියට එකතු වෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ 2010 ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් මෙම කරුණ පිළිබඳව අවධානයට ලක්වී තිබෙනවා. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ප්‍රධාන ආර්ථික සංවර්ධන අංශයක් ලෙස ගුවන් සේවා ක්ෂේත්‍රය හඳුනා ගැනීමත් සමඟ රජය විසින් ශ්‍රී ලංකාව කලාපයේ ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට විශාල සහයෝගයක් ලබා දුන්නා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති, නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අප රටේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ජාතික ගුවන් සේවයේ කැපවීම නැවත වරක් තහවුරු කරමින් ශ්‍රී ලංකාව කලාපයේ ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ අරමුණ සඳහා සහාය දැක්වීමට මෙම ගුවන් යානා ලබා ගැනීම තුළින් හැකි වන බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම වසරේ අවසාන භාගයේ දී චීනයේ කුන්මින් වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත අතර අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පහසු ගමනාන්ත වෙත 2015 වසරේ දී මෙහෙයුම් දියත් කිරීමටත් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් එයාර්බස් සමාගමෙන් ලබා ගැනීමට නියමිත ඒ 330-300 ගුවන් යානා 7 න් පළමු වැනි ගුවන් යානාව ලබාදීම ප්‍රංශයේ ටූලූස් හි ඔක්තෝබර් මස 30 වැනිදා සිදුවිණි.

එම අවස්ථාවට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ එයාර්බස් සමාගමේ වැඩසටහන් විධායක උප සභාපති ටොම් විලියම්ස් මහතා ද සහභාගි වූහ.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් එහි දෙවැනි ඒ 330-300 ගුවන් යානාව මෙම වසර අවසානයේදී බාර ගැනීමට නියමිත අතර ඉතිරි ගුවන් යානා පහ 2015 වසරේ දී ක්‍රමානුකූලව ලබා ගැනීමට නියමිතය.

එසේම ගුවන් සමාගම ඒ 350-900 ගුවන් යානා 8 ක් ලබා ගැනීමට නියමිත අතර දකුණු ආසියාවේ මෙම නවීන මාදිලියේ ගුවන් යානා ලබා ගන්නා පළමු ගුවන් සේවය වශයෙන් විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් වන අතර මෙම ගුවන් යානාවන් අතරින් ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර 2017 වන විට ගුවන් යානා 4ක් ලබා ගැනීමට නියමිතය.

අනෙකුත් ඒ 350 ගුවන් යානා ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණියට වසර 2020 දී එකතු වීමට නියමිත ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්