දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»


ලොව බුද්ධිමත්ම දරුවා තෙහැවිරිදි ඇලෙක්සිස්

ලොව බුද්ධිමත්ම දරුවා තෙහැවිරිදි ඇලෙක්සිස්

ඇලෙක්සිස් මාටින් ඇමෙරිකාවේ ඇරි‍සෝනාහි ක්වීන් ක්‍රීක් පළාතේ පදිංචි තෙහැවිරිදි දැරියකි. ඇය යන්තම් දහඅට මාසයක් තරම් වූ වයසේදී සිය දෙමවුපියන් පුදුමයට පත්කළේ රාත්‍රී නින්දට පෙර මව කියා දෙන කතාන්දර පසුදා කටපාඩමින් පැවසීමත් සමඟය.

ඇගේ පියා ඉයන් පසුගියදා ඒ.බී.සී. මාධ්‍ය ජාලයට පැවසුවේ සිය දියණිය වයස අවුරුදු දෙකේදී පොත්පත් කියවීම ආරම්භ කළ බවයි. ඇය ‍දෙමවුපියන්ගේ අයිපෑඩය හරහා තනිවම ස්පාඤ්ඤ භාෂාව ඉගෙනීම ද ආරම්භ කළාය.

ඇලෙක්සිස් ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරන ලදුව එය ලකුණු 160ක් වූ ඉහළ අගයක් පෙන්නුම් කළේය. ඒ මට්ටම ලෝක පූජිත විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්, ස්ටීවන් තෝකීන් සහ නිකොලස් කොපර්නිකස් ගේ බුද්ධි මට්ටමට සමාන බව වාර්තා වෙයි.

මේ පුංචි කෙල්ලට මේ වෙද්දී වයස අවුරුදු 10 - 11 තරම් වූ දරුවන්ගේ කියවීම් මට්ටමේ කියැවීමේ හැකියාවක් ඇත්තේය.

ලෝකයේ මහාද්වීප සහ රටවල් නිවැරැදිව හඳුනාගැනීමේ හැකියාව ද ඇය සතුය. එහෙත් ඇගේ දෙමවුපියන්ගේ දැඩි අවශ්‍යතාව වන්නේ ඇලෙක්සිගේ කුඩා විය ‍එලෙසින්ම ගතකිරීමට ඉඩකඩ ලබාදීමටය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්