බටහිර මාධ්‍යයට අරුමයක් වූ කිම්ගේ බිරියගේ ගැබ් ගැනීම
බටහිර මාධ්‍යයට අරුමයක් වූ කිම්ගේ බිරියගේ ගැබ් ගැනීම
උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් කවදත් ප්‍රවෘත්ති මවන්නෙකි. මේ දිනවල ලොව
පුරාම මාධ්‍ය එකදිගට ඔහු පිළිබඳ එක් පුවතක් වාර්තා කරයි. ඒ ඔහුගේ තරුණ බිරිය
ගැබ් ගෙන ඇති පුවතයි. මේ පුවත ලොවට මෙතරම් වැදගත් වී ඇත්තේ ඇයි ද යන්න
ප්‍රශ්නයකි. කෙසේ වුව ද බටහිර රටවල මෙන් ම ආසියානු රටවල ද වෙබ් අඩවි පුරා
පිංතූර ද සමගින් මේ පුවත වාර්තා විය.
රී සොල් ජු ,
උතුරු කොරියානු නායකයාගේ තරුණ බිරියයි. ඇය ගර්භණියකට සුදුසු
ලිහිල් ඇඳුමකින් සැරසී ක්‍රීඩා උත්සව අවස්ථාවකට සහභාගි වන සේයාරුවක් පළ
කරමින් මාධ්‍ය ඇය දෙවැනි වරටත් ගැබ්ගෙන ඇතැයි උපකල්පනය කරන්නේ ඇය මීට පෙර 2012
වසරේ දී සිය පළමු දරුවා පිළිසිඳගත් කාලයේ ද මේ ගවුම හැඳ සිටි බව පවසමිනි.
උතුරු කොරියානු රාජ්‍ය අනුග්‍රහය යටතේ පළ කෙරෙන රෝඩොන්ග් සින්මුන් නමැති
පුවත්පත ඒ පුවතත් සමඟ රී සොල් ජු යළිත් තරවී ඇති බව ද පවසයි. එහෙත්, මේ දක්වාම
උතුරු කොරියානු නායක කිම් ජොංග් උන්ගේ පාර්ශ්වයෙන් මේ පුවත සනාථ කර නැත.
උතුරු කොරියාව පමණක් නොව අසල්වැසි ජපානය ද සිය අසල්වැසි රාජ්‍යයේ
ඒකාධිපතිපාලකයාගේ බිරිය ගැන කතා කරයි.
“රි මීට සති කීපයකට පෙර සිට යළිත් ගැබ් ගෙන ඇති බවට කටකතා තියෙනවා” යැයි
එංගලන්තයේ පළවන ද ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ජපානයේ ටෝකියෝ
වසෙඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු සහ උතුරු කොරියානු කටයුතු පිළිබඳ
අධිකාරිලත් ටොෂිමිට්සු ෂිගෙමුණ පවසා තිබිණ.
“වත්මන් ඒකාධිපති පාලකයාගේ මුත්තණුවන් වූ උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්
සුං ගේ පරපුරේ මීළඟ අනුප්‍රාප්තිකයා ලෙස කිම්ට පුතකු උවමනාවීම පුදුමයට
කරුණක් නොවේ” යැයි ද මහාචාර්යවරයා පවසයි.
කිම් ජොංග් උන් ගේ ප්‍රථම දරුවා ගැන ද ඒ පාර්ශ්වයෙන් කිසිම සඳහනක් හෝ කර
නොතිබුණි. එහෙත් ඒ ගැන ලද එකම සාක්කිය වූයේ බාස්කට්බෝල් තරුවක වන ඩෙනිස් රොඩ්මන්
ඒ පළමු දරුවා ගැන කළ ප්‍රකාශයකි. ඒ 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී ය.
“මා ඔවුන්ගේ කුඩා දියණිය වඩාගෙන හිටියා” යැයි ඔහු මාධ්‍යයට පවසා තිබිණ.
ඒ අවදියේ උතුරු කොරියාවට ආනයනය කෙරුණු උසස් වර්ගයේ සවිස් සහ ජර්මානු ළදරු
නිෂ්පාදන නිසා ද මේ පුවත සනාථ විය. උතුරු කොරියානු නායකයාට තවත් දියණියක
සිටින බව ද මේ අතර වාර්තා වේ. වෙනත් කාන්තාවකට දාව ඒ දියණිය ඉපිද ඇත්තේ 2010
වසරේදී ය.
මේ කිසිම දරුවකුගේ සේයාරුවක් හෝ මේ වනතුරු කිසිම මාධ්‍යයක ප්‍රසිද්ධ කර
නැත්තේ ය. වත්මන් පාලකයාගේ පියා වූ කිම් ජොංග් ඉල්ගේ අභාවය වෙනුවෙන් උතුරු
කොරියාව තෙවසරක ශෝක කාලයක් ගත කිරීම මෙයට හේතුව ලෙස විශ්ලේෂකයෝ පවසති. උතුරු
කොරියානු හිටපු නායකයා මිය ගියේ 2011 වසරේ දෙසැම්බර් මාසයේදී ය.
උතුරු කොරියානු නායකයාගේ බිරිය ගායිකාවකි. ඇය පසුගිය සති කීපයක් තිස්සේ
කළඑළියට නොපැමිණියා ය.
එලෙස සිට පළමු වරට මහජනයා ඉදිරියට මෙසේ පැමිණීමත් සමඟ මේ පුවත ප්‍රචාරය වූයේ
මීට පෙර ද ගර්භණී සමයේ මුල් අවදියේදී ඇය මෙලෙස මහජනයාගෙන් වසන් වී සිටීම නිසා
බව ද පැවසේ.
අධිකව දුම් වැටි පානය කරන්නකු වන උතුරු කොරියානු නායකයා මහජනයා ඉදිරියේ පවා
දැඩි සේ දුම්වැටි උරයි. කෙසේ වෙනත් ඔහුගේ බිරිය යළි ගැබ්ගෙන ඇත්නම් ඔහු තමාගේ
ඇබ්බැහිකම පිළිබඳ යළි සිතා බලනු ඇතැයි ද පැවසේ.
මේ පුවත සත්‍යයක් යැයි පිළිගන්නා බොහෝ දෙනා පවසන්නේ උතුරු කොරියාවේ නායකත්වය
දියණියකට දැරිය නොහැකි හෙයින් කිමිට පුතකු අවශ්‍යම බවයි.
|