දිවෙන් චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියා
දිවෙන් චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියා
චිත්‍ර ශිල්පීන් චිත්‍ර ඇඳීම සඳහා භාවිත කරන්නේ පැන්සලක්, පින්සලයක්,
බුරුසුවක් හෝ පෑනකි. එහෙත් ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ගුරුවරයකු වන ඇනිකේ
චිත්‍ර ඇඳීම සඳහා භාවිත කරන්නේ සිය දිවය. ඔහු සිය දිවෙන් මේ වෙද්දී සුප්‍රකට
චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කරන ලද අන්තිම භෝජන සංග්‍රහය
අඩි 8 ක් උස චිත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත්තේය.
ඇනි කේ මේ වෙද්දි ක්‍රිස්තුන් වහන්සේගේ චිත්‍රයක් ඇතුළු තවත් දර්ශනීය චිත්‍ර
1000 ක් පමණ සිය දිවෙන් සිතුවම් කර තිබේ.
හිස ඒ මේ අත හරවමින් දිවේ නානාවිධ පාට තවරා ගනිමින් චිත්‍ර ඇඳීම අදහා ගැනීමට
පවා අසීරු කරුණක් වන්නේය.
තම චිත්‍ර නිර්මාණ ගැන විස්තර කරන ඇනිකේ “මට අවශ්‍ය වුණේ සෙසු අයට වඩා වෙනත් චිත්‍ර
ශිල්පියකු වීමටයි” යනුවෙන් පවසයි. ඔහු මුලදී නහයත්, නිකටත්, වැලමිටත්,
පාදත් භාවිත කරමින් චිත්‍ර ඇඳීම කළ නමුත් අවශ්‍ය විධියට චිත්‍ර ඇඳීමට වඩාත්ම
සුදුසු වූයේ දිව බව ද කීවේය.
“ඒ වගේම එකවර අත්දෙකම පාවිච්චි කරමින් චිත්‍ර අඳින්නත් පටන්ගත්තා. එහෙත් මට
අවශ්‍ය විදියට එය සිදුවුණේ නෑ” යැයි 35 හැවිරිදි ඇනිකේ පවසයි.
චිත්‍ර ඇඳීමට දිව යොදා ගන්න පටන් ගත් දින සිට තමාට හක්ක ප්‍රදේශයේ වේදනාවක්
දැනුණු බවත් හිස කැක්කුම, පෙනීම දුර්වල වීම, අමතක වීම වැනි ආබාධ ඇතිවූ බවත් ඇනිකේ
ප්‍රකාශ කළේය.
චිත්‍රයක් ඇඳීම සඳහා ඇනිකේට දින හතරක් පමණ ගත වන අතර නානාවිධ පාට කලවම්
කිරිමට පාවිච්චි කරන පැලට් එකට දමාගෙන දිවෙන් තමන්ට අවශ්‍ය වර්ණය සාදා ගනී. ඉන්
පසුව එම වර්ණය චිත්‍රයේ ආලේප කරනුයේ ද දිවෙනි.
|