දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»


මට දැනටමත් දරුවෙක් ඉන්නවානේ අයියේ

මට දැනටමත් දරුවෙක් ඉන්නවානේ අයියේ

“ටිකක් හිනාවෙන්නකෝයි නදී ඉල්ලා සිටියේ මියුරු සරිනි. ඇය වෙත වූ විළිබර හසරැල්ල නිසා ම බුලත් හෙප්පුව රැගෙන විසිත්ත කාමරයට යා යුතු වන්නේ ඇය යැයි ඕනෑම කෙනෙකුට හැඟී යයි. එහෙත් අඳුරුව ගිය මුහුණින් ඔරවාගෙන හුන් ‍ගෝතමී තව මොහොතකින් එළැඹෙන ඒ හමුව සිහි කරන්නට වූවාය. මනමාලයා කිනම් ස්වරූපයක් උසුලන්නේ දැයි දැන කියා ගැන්මේ කුකුසක් ඇය තුළ නොවීය.

“අනේ ද කියන්නෙ.. බලාපල්ලා මූ‍ෙණ හැටි..”

බණ්ඩාර මැණිකා දොස් නැඟුවේ ඔසරිපට සකස් කරමිනි. දණින් වැටුණු නදී ඔසරියේ වාටිය සීරුවෙන් පහතට ඇද්දාය.

“ඇති ඇති..යි ගෝතමී නොරිස්සුමින් හඬගෑවාය.

“ලස්සනට ඉන්න ඕනනේ පුංචි අම්මේ...”

“අද අමුතු ලස්සනක් පෙන්නුවට හෙට මගෙ අවලස්සනත් එක්කනෙ ඒ මනුස්සයට ඉන්ට වෙන්නෙ..”

“ඕං කිව්ව කතාවක්” බණ්ඩාර මැණිකා නොමනාපය පළ කළාය.

“හා බොරුද? තියෙන සේරම පාට ඉලුවත් මගෙ හැබෑ මූණ පේන්නැද්ද කවදහරි” නදී හිනැහුණාය.

“ඒ කියන්නෙ පුංචි අම්ම කැමතියි ඒ මනමාලයට?”

බණ්ඩාර මැණිකා සිනාව මැඬගනිමින් කාමරයෙන් පිටවූවාය.

“ඔව් ඔව් කැමතියි.. හරි කැමතියි.. මගෙ අත්තටු කපල බන්දේසියේ තියල පිළිගන්නන්න කැමතියි.. ජීවිත කාලෙටම විලංගු දාගෙන කොහෙවත් ඉන්න මිනිහෙකුගෙ පදේට නටන්ඩ මං කැමතියි.. මං කොච්චර කැමති දෙයක් වුණත් ඒ මිනිහා අකමැති නං අකමැති වෙන්න පුරුදු වෙන එක නෙවෙයි ද කසාද බඳිනවා කියන්නෙ?

යුවතිය දෑත දෙපා දිග හැර බිම වැතිරුණා ය.

“අනේ දෙයිය‍නේ ඒකට ද කසාදෙ කියන්නෙ..? එහෙනං මාත් කසාද බඳින්නෙ නෑ කවදාවත්...”

කැඩපත අබියස සිටගෙන ඉන්න ගෝතමීත් නිදහසේ වැතිර සිටින නදීත් දෙස විමසිලිමත් බැල්මක් හෙළූ සුනන්ද උගුර පෑදුවේය.

තිගැස්සුණු යුවතිය වහා උඩුකය කෙලින් කළා ය. දෙපා හකුළා ගනිමින් විනීත ඉරියව් මවා පාන්නට වෙහෙසුණා ය.

“පුංචි අම්මටයි දුවටයි දෙන්නටම වැරදිලා..යි කී මිනිසා කාමරයට ඇතුළු විය.

“මට වරද්දන්ඩ තමා අයියලා අම්මලා දඟලන්නෙ. මං කොච්චර නිදහසේ ද ඉන්නෙ..? හිරේ විලංගුවේ වැටිච්චි මිනිස්සු කැමති නෑනෙ අනෙක් අය නිදහසේ ඉන්නවාට”

සුනන්ද හඬ නඟා සිනාසුණේය.

“දෙන්නෙක් එක වහළක් යටට වෙලා ජීවිතේ දුක සැප බෙදාගන්න එක ළමා ළපටි හදා වඩා ගන්න එක වැරැද්දක් වෙන්නෙ කොහොමද පොඩ්ඩියේ?”

ගෝතමීගේ දෙනෙත නැවතුණේ තවම බිම හිඳගෙන ඉන්නා නදී වෙතය.

“මට දැනටමත් දරුවෙක් ඉන්නවනෙ අයියේ..”

නදී වහා නැඟී සිටියාය. ඇය පුංචි අම්මාත් මාමාත් දෙස බැලුවේ ඉහවහා ගිය පුදුමයෙනි.

“දරුවෙක් ඉන්නවා..? පුංචි අම්මට දරුවෙක් ඉන්නවා? කෝ..? කවුද? කොහෙද ඉන්නෙ?.. කසාද බඳින්නෙ නැතිව දරුවෙක් කොහෙන්ද?”

සුනන්ද ද සිය නැඟණිය දෙස එක එල්ලේ බලා සිටියේ ය. ඇය ජීවිතය වරද්දා ගත්තේ කවදා ද? කෙලෙසද? විවාහය ප්‍රතික්ෂේප කිරීමට හේතුව එවැන්නක්ද? ඔහුගේ සියොළඟ දැවී ගියේය. නැඟණිය රැකගන්නට අසමත් වූ සොහොයුරෙකුගෙන් කුමන පලයක්දැයි පසුතැවෙන්නට පෙර ගෝතමී මුව විවර කළාය.

“මගෙ අක්කාගෙ දරුව මගෙ දරුවෙක් ‍නෙමේද?”

නදීගේ දෑසට කඳුළු නැඟිණ.

සුනන්ද සුසුමක් හෙලුවේය. එක් මොහොතකදී තමා කෙතරම් දේ සිතුවේද? ගිනිමැලයක රුදුරු වේදනාවන් අතුරුදන්ව ගියාක් මෙනි.

“එහෙම හිතනවනං කොච්චර එකක්ද...? මං නං දැක්කෙ නෑ දරුවෙකුට වගේ සලකනවා.. නැන්දම්මෙක් නෑනෙක් ව‍ෙග්නෙ මේ ළමයත් එක්ක එල්ලුනේ..”

බණ්ඩාර මැණිකා කාමරයට එබුණාය.

“ආවා.. ආවා.. කට්ටිය ආවායි ඇය දැනුම් දුන්නේ මහත් උද්දාමයෙනි. සුනන්ද පිටව ගියේ මහා කලබලයකිනි.

නදීගේ ළය ද ගැහෙන්නට විය. මනමාලයා දැක බලාගැනීමේ උවමනාවෙන් ඇය නොසන්සුන් වූවාය.

“අනේ පුංචි අම්මේ දත් පේන්නෙ නැතිව හරි හිනාවෙලා ඉන්න හො‍ඳේයි ඇය ආයාචනා කළේ ගෝතමී වටා යමින් අඩුලුහුඬුකම් සපුරන්නට වෙහෙසෙමිනි.

“හයියෙන් කෑගහලා හිනාවුණොත් මොකද? ඒ මිනිහ බය වෙයිද? නැත්තං ආස හිතිලා අදම දැම්ම මාව උස්සගෙන යයිද?”

නදී අතකින් මුව වසාගත්තාය. මහ හඬින් හිනැහෙන්නට බිය වූ නිසාය. ඇගේ දෙවුර සැලුණේ මැඬගත් සිනාව හේතු කොට ගෙන විය යුතුය.

“යං.. යං.. ඒ කට්ටිය බලං ඉන්නවා මනමාලි එනකං..”

බණ්ඩාර මැණිකා නැවතත් පෙනී සිටියාය.

“පව්ඩර් චුට්ටක් ගාමුද පුංචි අම්මේ..?යි අසමින් නදී පියරු බඳුන අතින් ගත්තාය.

“පුළුවන්නං ඕක එහෙම පිටින්ම හලනවා මගේ ඔළුවටයි කර්කශ හඬින් කී ගෝතමී කා‍මරයෙන් පිට වූවාය. නදී ඇය පසුපස ගියේ පියරු බඳුන කණ්ණාඩි මේසය මත තබන්නටවත් පමා නොවීමය. එහෙත් විසිත්ත කාමරයට කර පොවන්නට පවා බණ්ඩාර මැණිකාගෙන් අවසර නොලැබිණි.

“එබෙන්නෑ එහෙං මෙහෙං”

“අනේ අත්තම්මේ.. මටත් බලන්න ඕන මනමාලයව නදී නහයෙන් හැඬුවාය.

“එහෙනං ඉතින් මෙයට මේක දීලා ඉස්සරහට යවමුයි කී ගෝතමී බුලත් හෙප්පුව දිගු කළාය. දෑස විහිදාගත් යුවතිය “අනේ මට බෑ.. මට එපා..යි එකහෙළා ප්‍රතික්ෂේප කළාය. දෑත සැලූ ඇය මුළුතැන්ගෙය වෙත දිව්වාය. බණ්ඩාර මැණිකා සිය දියණිය පෙරට තල්ලු කළේ සිනාව මැඬගනිමිනි.

මුළුතැන්ගෙයි දොරින් පිළිකන්නට පා තැබූ නදී සුසුමක් හෙළුවාය.

“පුංචි අම්ම ඒ මනමාලයට කැමැති වෙයිද...? ඇත්තටම එයා මොන වගේද..?

දෑත දෙපසට විහිදා බෙලි ගස දෙස බැල්මක් හෙළූ ඇය සිනාසුණා ය.

“මං නං කවදාවත් යන්නෙ නෑ ඔය විදියට මනමාලයෙක් ඉස්සරහට...යි කී ඇය ළය රිදවන රුවක් අකා මකා දමන්නට වෙහෙසුණාය.

“සුජිත්..යි මුමුනන්නට පවා ඇය පැකිළුණා ය. ඔහු චාපා ගේ රුවින් වසඟවීද? කොතරම් වේගයකින් ඔහු ඇය වෙත ඇදී ගියේ දැයි නදී සිහි කළේ ශෝකයෙන් පමණක් නොවේ. තරමක විමතියක් ද ඇගේ ළයෙහි මතු විය.

“මිනිස්සු මොන තරම් ඉක්මනට වෙනස් වෙනවද?යි සිතමින් ඇය නිවෙස වටා සෙමින් ඇවිද ගියාය. වැට අද්දරට පැමිණි යුවතිය ගුරුපාර වෙත නෙත් හෙළුවාය. තවම සැඬ නොවූ හිරු රැසින් බබළන පාර ඇයට ඇරයුම් කරන්නාක් බඳු ය. කිසිවෙකුගේ අවධානයට ලක් නොවීම ඇය කඩුල්ල පැන්නාය. එය මුළුමනින්ම ඇර දමා තිබුණේ වාහනයකට ඉඩකඩ සලසමින් විය යුතුය. මිදුලේ කොනක ගිමන් හැරියේ වෑන් රියකි.

“හුඟක් කට්ටිය ආවද දන්නෙ නෑයි මුමුනමින් නදී පාරට පිවිසුණාය. මනමාල කාණ්ඩය මුළුමනින්ම අමතක කළාය. “මට ආසයි පාර දිගේ ඈතට ඈතට ඇවිදගෙන යන්න...”

සමීපයේ සිටින අයකු සමඟ කියන්නාක් මෙන් ඇය මඳක් හඬ නංවා කතා කළාය. මුවඟ මතුවූ සිනාව වහා වියැකී ගියේ ඉදිරියෙන් එන තැනැත්තා හඳුනාගත් බැවිනි. ඇගේ දෑස මහත් සේ ඇරිණ.

“හානේයි කෑ ගෑ ඇය අතකින් මුව වසා ගත්තාය.

ලබන සතියට


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්