මළගිය අයට යළි පණ එයි
මළගිය අයට
යළි
පණ එයි
පැරැණි කාර් නැවත යථා තත්ත්වයට පත් කොට ඒවා අලෙවි කිරීමේ විශේෂ ඥාතියකු වූ 74
හැවිරිදි ලොයිඩ් බ්‍රයන් හිටි හැටියේම මරණයට පත්වූ බව ෆේස්බුක් සමාජ වෙබ්
අඩවිය මඟින් වාර්තා කර තිබිණ.
වසර 34 ක පමණ කාලයක සිට පැරැණි කාර් අලුත්වැඩියා කරමින් ඒවා අලෙවි කරමින් ගෙන
ගිය අති සාර්ථක ව්‍යාපාරයට හිටි හැටියේම මෙය දරුණු ප්‍රහාරයක් විය. එහෙත් ටික
දිනකට පසු මළගිය ප්‍රාණකාරය නැවත පණ ලබා යළි එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයට
පැමිණීම ඔහුගේ මරණය ගැන කම්පා වූ අයට අදහාගත නොහැකි කරුණක් විය.
“මම මැරුණේ නෑ. මම සුමාන දෙකකට කැරිබියානු දූපත්වල සංචාරයකට ගියා. කවුදෝ
කෙනෙක් මම මැරුණ කියල ෆේස්බුක් එකට දාලා. ඒ මට ලොකු පාඩුවක් මේකෙන් වුණේ” යැයි
ආපසු පැමිණි ලොයිඩ් බ්‍රයන් පැවසුවේ අතිශය කෝපයෙනි.
“සමහරු ඇවිල්ලා මං ඇත්තටම ජීවත් වෙනව ද බලන්න කොනිත්තලත් බැලුවා” යැයි කී
බ්‍රයන් “මේ වැඩේ කවුරු කළා ද කියල දන්නේ නෑ. ඒ මට හිතෙන හැටියට මගේ ව්‍යාපාරයට
ඊර්ෂ්‍යා කරන කෙනෙකු තමයි මේක කරන්න ඇත්තේ කියල අනුමාන කරන්න පුළුවනි” යනුවෙන් ද
කීවේය.
රෝහණ ආර්යරත්න
|