![]() ![]() |
||
ලොව බුද්ධිමත්ම දරුවා තෙහැවිරිදි ඇලෙක්සිස්
ඇගේ පියා ඉයන් පසුගියදා ඒ.බී.සී. මාධ්‍ය ජාලයට පැවසුවේ සිය දියණිය වයස අවුරුදු දෙකේදී පොත්පත් කියවීම ආරම්භ කළ බවයි. ඇය දෙමවුපියන්ගේ අයිපෑඩය හරහා තනිවම ස්පාඤ්ඤ භාෂාව ඉගෙනීම ද ආරම්භ කළාය. ඇලෙක්සිස් ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරන ලදුව එය ලකුණු 160ක් වූ ඉහළ අගයක් පෙන්නුම් කළේය. ඒ මට්ටම ලෝක පූජිත විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්, ස්ටීවන් තෝකීන් සහ නිකොලස් කොපර්නිකස් ගේ බුද්ධි මට්ටමට සමාන බව වාර්තා වෙයි. මේ පුංචි කෙල්ලට මේ වෙද්දී වයස අවුරුදු 10 - 11 තරම් වූ දරුවන්ගේ කියවීම් මට්ටමේ කියැවීමේ හැකියාවක් ඇත්තේය. ලෝකයේ මහාද්වීප සහ රටවල් නිවැරැදිව හඳුනාගැනීමේ හැකියාව ද ඇය සතුය. එහෙත් ඇගේ දෙමවුපියන්ගේ දැඩි අවශ්‍යතාව වන්නේ ඇලෙක්සිගේ කුඩා විය එලෙසින්ම ගතකිරීමට ඉඩකඩ ලබාදීමටය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |