![]() ![]() |
||
දිවෙන් චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියා
ඇනි කේ මේ වෙද්දි ක්‍රිස්තුන් වහන්සේගේ චිත්‍රයක් ඇතුළු තවත් දර්ශනීය චිත්‍ර 1000 ක් පමණ සිය දිවෙන් සිතුවම් කර තිබේ. හිස ඒ මේ අත හරවමින් දිවේ නානාවිධ පාට තවරා ගනිමින් චිත්‍ර ඇඳීම අදහා ගැනීමට පවා අසීරු කරුණක් වන්නේය.
“ඒ වගේම එකවර අත්දෙකම පාවිච්චි කරමින් චිත්‍ර අඳින්නත් පටන්ගත්තා. එහෙත් මට අවශ්‍ය විදියට එය සිදුවුණේ නෑ” යැයි 35 හැවිරිදි ඇනිකේ පවසයි. චිත්‍ර ඇඳීමට දිව යොදා ගන්න පටන් ගත් දින සිට තමාට හක්ක ප්‍රදේශයේ වේදනාවක් දැනුණු බවත් හිස කැක්කුම, පෙනීම දුර්වල වීම, අමතක වීම වැනි ආබාධ ඇතිවූ බවත් ඇනිකේ ප්‍රකාශ කළේය. චිත්‍රයක් ඇඳීම සඳහා ඇනිකේට දින හතරක් පමණ ගත වන අතර නානාවිධ පාට කලවම් කිරිමට පාවිච්චි කරන පැලට් එකට දමාගෙන දිවෙන් තමන්ට අවශ්‍ය වර්ණය සාදා ගනී. ඉන් පසුව එම වර්ණය චිත්‍රයේ ආලේප කරනුයේ ද දිවෙනි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |