කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
ඕනෑම අවස්ථාවකට මුහුණදීමට අපි සීරුවෙන්

ඕනෑම අවස්ථාවකට මුහුණදීමට අපි සීරුවෙන්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ

මවු බිමේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරී භාවය රැක ගැනීමට කැප වමින් 30 වසරකට ආසන්න ව පැවැති කුරිරු ත්‍රස්තවාදය ලක් දෙරණින් මුලිනුපුටා දැමීමට සුවිශාල දායකත්වයක් සැපයූ නාවික හමුදාව පිළිබඳවත් එහි අනාගත කාර්ය භාරය පිළිබඳවත් වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා සමඟ සිළුමිණ පැවැත්වූ සාකච්ඡාවකින් සකස් කෙරිණි.

වත්මන් නාවික හමුදාපති වරයා මානුෂීය මෙහෙයුම් සමයේදී අධ්‍යක්ෂ ජනරාල් නාවික මෙහෙයුම්, නැඟෙනහිර නාවික විධානය භාර ආඥාපති හා උතුරු නාවික විධානය භාර ආඥාපති ලෙස විජයග්‍රහණයන් සඳහා සමස්ත ශ්‍රී ලංකා නාවික හමුදාවට සුවිශාල දායකත්වයක් සැපයූ අත්දැකීම් සමූහයක් ඇති නිලධාරියෙකි.

“රටපුරා පැන නැ¼ගුණු දරුණු ත්‍රස්තවාදය වසර 27 ක් 28 ක් පුරා රට විනාශ කරමින් පැතිරීමට හේතුවක් වුණේ එකල හරි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසයි. එහෙත් 2006 දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සේනාධිනායකයා ලෙස නිවැරැදි නායකත්වයකින් යුතුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අප සියලු දෙනා සමඟ එකතුව ත්‍රස්තවාදය විනාශ කළ යුතු යැයි ස්ථිර තීරණයක් ගත්තා.

“ඒ අනුව අප සියලු දෙනාගේ ම අදහස් විමසා ඊට අවශ්‍ය පසුබිම සකස් කළ විදේශීය රටවල අප පිළිබඳව තිබූ ආකල්ප වෙනස් කොට අවශ්‍ය මිනිස් බලය, අවි ආයුධ, තාක්ෂණය හා අවශ්‍ය පුහුණුව මෙන් ම සිවිල් ජනතාවගේ සහයෝගය ද ගෙන සියලු දෙනා එකතු කරගෙන මානුෂීය මෙහෙයුම දියත් කළා.”

“මේ මෙහෙයුම අතරතුර රටේ යටිතල පහසුකම් හා සංවර්ධන කටයුතු මෙන් ම මහජනයාගේ හොඳ හිත දිනා ගැනීමත් ත්‍රස්තවාදීන් කඩා බිඳ දැමූ පාලම් හා මාර්ග යළි ප්‍රතිසංස්කරණය කිරීම් කටයුතුත් පටන්ගත්තා. ඒ වගේ ම ජනාධිපතිතුමා දැඩි අධිෂ්ඨානයකින් මේ කටයුතු ත්‍රිවිධ හමුදාවන්ට පැවරුවා. ඒ අනුව අප ඒ මානුෂීය මෙහෙයුම කළ අවස්ථාවේ දී ම මේ සංවර්ධන කටයුතු පටන් ගත්තා. උතුරු නැඟෙනහිර සංවර්ධන කටයුතු මෙසේ මුලින් ම පටන් ගත්තේ ත්‍රිවිධ හමුදාවන්ගේ මෙහෙයවීම යටතේයි.”

“මෙය ශ්‍රී ලංකාවට ආවේණිකවූ හමුදාමය මෙහෙයුමක් මෙන් ම මානුෂීය හා සංවර්ධන මෙහෙයුමක්. නාවික හමුදාව මේ මානුෂීය මෙහෙයුමේ සුවිශේෂී ස්ථානයක් ගත්තේ ත්‍රස්තවාදීන් ගේ කොඳුනාරටිය කඩා බිඳ දමමින්. ඔවුන්ට අවි ආයුධ හා යුද උපකරණ ලැබෙන නාවික මාර්ග මුහුදේදීම විනාශ කර දමමින් 2007 - 2008 වසරවල අප කළේ ඇත්තටම මරාගෙන මැරෙන මෙහෙයුමක්. ලෝකයේ කිසිම හමුදාවක් තවමත් අඩු යටිතල පහසුකම් තියාගෙන මේ වගේ මුහුදු මෙහෙයුම් සිදුකර නැහැ.”

ඒ වගේ ම මතක් කළ යුතුයි. නාවික බුද්ධි අංශය, හමුදා බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශය මේ සටනේ දී ආරක්ෂක ලේකම් තුමාගේ මඟපෙන්වීම යටතේ ඉතා සූක්ෂ්මව කටයුතු කළා.”

“ඒ වගේ ම ත්‍රස්තවාදය විනාශ කළ පසුවත් නාවික හමුදාව සිය මෙහෙයුම් අවසන් කළේ නැහැ. දැන් නාවික හමුදාව සටන් කරන්නේ නැහැ. අවි හා උණ්ඩ වැය කරන්නේ නැහැ. ඒත් අපේ යාත්‍රා මුහුදට යා යුතුයි. ඒ අපේ වෙරළ ආරක්ෂා කර ගැනීමටයි. යළිත් ත්‍රස්තවාදයක් රටට නො ඒමට නම් අපේ මුහුද අපි ආරක්ෂා කරගත යුතුයි.”

“දැන් සාමයේ ප්‍රතිලාභ හැටියට බොහෝ ධීවරයන් මුහුදට යනවා. ඒත් ඒ සමඟම රටට නැති උවදුරු එන්නට පටන් ගනීවි. ඒ මත්ද්‍රව්‍ය හොර බඩු ආයුධ වැනි දේ ධීවරයන්ගේ මුවාවෙන් රටට ගෙන එන්නට ඇති ඉඩකඩ වැඩියි. විශේෂයෙන් ම පෝක් සමුද්‍ර සන්ධිය. එහි අපේ ධීවර යාත්‍රා වගේ ම ඉන්දියානු ධීවර යාත්‍රා ද සෑහෙන සංඛ්‍යාවක් ධීවර කටයුතුවල යෙදෙනවා. මේ නිසා අවදානම වැඩියි. පෝක් සමුද්‍ර සන්ධිය ඇතුළු මුහුද ආරක්ෂා කරගැනීමට අපි මුහුදේ භෞතිකව සිටිය යුතුයි.”

“එනිසා රටේ ආරක්ෂාවටත් ධීවරයන්ගේ ආරක්ෂාවටත් දැන් ඔවුන් මුහුදට යන එන සියලු ස්ථානවල නාවික හමුදා කඳවුරු ස්ථාපිත කරලා. ධීවර අමාත්‍යාංශයේ සහයෝගයත් ඇතිව ධීවරයන් යම්කිසි පාලනයකින් යුතුව ඔවුන්ට ධීවර කර්මාන්තය කරගන්නට අවස්ථාව සලසා තිබෙනවා. මේ නිසා දැන් ධීවරයන්ට පැය 24 පුරා ම සිය රැකියාව නිදහසේ කරගෙන යාමේ හැකියාව තිබෙනවා.

“කොටින්ගේ මුහුදු කොටි කඳවුරක් වන තම්මැන්නාවේ සිලාවතුර ප්‍රදේශයේත් පානම ප්‍රදේශයේත් අපි නාවික කඳවුරු පිහිටවූවා.”

ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානය වුණේ ලංකාව ආසියාවේ සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් කිරීම. ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය පිහිටෙව්වා. එතැනින් දවසකට එහා මෙහා යන නැව් ප්‍රමාණය 150 කට අධිකයි. ඒවාට ආරක්ෂාව ලබාදීමත් දැනට නාවික හමුදාවේ රාජකාරියක් වී තිබෙනවා. නැව්වලට ත්‍රස්තවාදීන්ගෙන්, මුහුදු කොල්ලකරුවන් ගෙන් ඇතිවන තර්ජනවලට ආරක්ෂාව ලබාදීමත් දැන් අපේ කටයුත්තක්. යළිත් රටට ත්‍රස්තවාදී තර්ජනයක් නොවෙන්න නාවික හමුදාව කටයුතු කරනවා.”

“ඒ වගේ ම අන්තර්ජාතික සාගර ආයතනය මගින් ඉන්දියන් සාගරයේ විශාල මුහුදු තීරයක බේරා ගැනීමේ හා ආරක්ෂාකිරීමේ කටයුතු ශ්‍රී ලංකාවට පවරා තිබෙනවා. ධීවරයන් ඈත මුහුදේ අතරමං වූ විට හෝ අනතුරට පත්වූවිට ඔවුන් බේරා ගැනීමේ කටයුතුවලට හා ඔවුන්ට සහාය වීමට ඉන්නේ නාවික හමුදාව යි. ඒ සඳහා අපේ විශාල නැව් නිරන්තරයෙන් ඈත මුහුදේ රඳවා තැබිය යුතු යි. ඒ සඳහා රජය තවත් විශාල නැව් කීපයක් මිලදී ගැනීමට අදහස් කරනවා.” “වෙරළ ආසන්නයේ ඇති ධීවරයන්ගේ ආරක්ෂාවට අපේ කුඩා යාත්‍රා බලඝණය නිතර සැදී පැහැදී ඉන්නවා.

ඒ වගේ ම ඉන් ඔබ්බට දේශීය මුහුදු තීරයේ වේග ප්‍රහාරක යාත්‍රා නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නවා.”

අනාගතයේ විශාල වන අපේ බටහිර මුහුදු තීරයේ මුහුදු පතුළේ ඇති තෙල් සම්පත් කාබන් ලබාගැනීමේ දීත් ඒවාට ආරක්ෂාව ලබා දෙන්නට ඉන්නේත් නාවික හමුදාව. ඒ ගවේෂණ කටයුතු ඉදිරියට නැඟෙනහිර වෙරළේත් ඇතිවේවි.

නොරොච්චෝලේ තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ගෙන ඒමට අපි සහාය වෙනවා. කොළඹ වරාය පමණක් නොවෙයි. ඔලුවිල්, කන්කසන්තුරේ, හම්බන්තොට වරායටත් අවශ්‍ය ආරක්ෂාව නාවික හමුදාවට පැවරී තියෙනවා.”

“ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය යුද සමයේ ලත් අත්දැකීම් අතිවිශාලයි. ඒවා අපටම ආවේණික වූ ඒවා. ඒ අත්දැකීම් වෙනත් රටවල නාවික හමුදාවන් සමඟ බෙදා ගැනීමට ඒ රටවල් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරනවා. ඔවුන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ හා අපේ දැනුම හුවමාරු කරගැනීමට අපි ක්‍රියා කරන්නේ ආරක්ෂක ලේකම් තුමාගේ උපදෙස් මතයි.

නාවික සැතපුම් 12 කට එහායින් ඇති අන්තර්ජාතික මුහුදු තීරයේදී විදේශීය නැව් හා කටයුතු කිරීමේ දී අප සංස්කෘතික දූතයන් බවට පත්වෙනවා.”

“අපට සතුරු රටවල් නැහැ. සියලුම රටවල් අප සමඟ මිතුරුයි. අප විදේශීය නාවික හමුදා සමඟ සමගියෙන් කටයුතු කරනවා. මේ සියලු කටයුතු වලට අමතරව නාවික හමුදාව සිය සියලු සාමාජිකයන්ගේ්ම සුබ සාධනය පිළිබඳව ඉතා ඉහළින් සොයා බලනවා.”

“නාවික සංස්කෘතිය අමුතු ම එකක්. මුහුදේ නැවක සිය අඹුදරුවන් නොදැක මාස ගණනක් ජීවත්වීමට නැවියෙකුට සිදුවෙනවා. මුහුදේ රළු ස්වභාවයට මුහුණදෙන ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් අප සළසනවා.”

“රණවිරු පවුල්වල අනාගතය සුබසාධනය ඔවුන් ගේ දරුවන් ගේ අධ්‍යාපනය නිවාස ප්‍රශ්න මේ සියල්ලම කෙරෙහි ආරක්ෂක ලේකම් තුමාගේ සැලකිල්ල යොමු වී තියෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නාවික හමුදාව සපයනවා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්න මෙන් ම දෙමාපියන් ගේ ද සුබ සාධනය ගැන සොයා බලනවා.”

“මෙසේ කරද්දීත් නාවික හමුදාවට වංක වී සොරකම් කරන නාස්ති කරන අයට අප කිසිදු බුරුලක් ලබාදෙන්නේ නැහැ. තදින්ම ක්‍රියා කරනවා. නීතියට ගරු කිරීම නාවික හමුදාවේ ස්වභාවය. නීතියට ගරු කිරීම නායකයාට ගරු කිරීම සහිත නාවික සම්ප්‍රදායන් ගොඩ නැඟීම අපේ අභිප්‍රායයි. 60 වසරක නාවික ඉතිහාසය තුළ නාවික හමුදාවේ දියුණුව අතිවිශාලයි.”

“අපේ තවත් අරමුණක් වන්නේ නාවික හමුදා සාමාජිකයන්ගේ කායික මානසික හා බුද්ධි වර්ධනයයි. අප ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කරනවා.

නාවික හමුදාවේ 60 වැනි සංවත්සරය ගැන යමක් කීවොත්?

“මේ මස 9 වැනිදාට නාවික හමුදාවට 60 වසරක් සපිරෙනවා. ඒ සංවත්සර උත්සවයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනය පරිදි මුළු ලෝකයම ආවරණය වන සේ රටවල් 21 ක නියෝජිතයන් පැමිණෙනවා. මේ අතර රටවල් 7 ක නාවික හමුදාපතිවරුන් ඊට සහභාගි වීමට නියමිතයි.”

“මෙසේ රටවල් ගණනාවක් මේ උත්සවයට සහභාගි වීමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත්කමත් ආරක්ෂක ලේකම්තුමාගේ නායකත්වයේ පරිණත බවත් පිළිබිඹු වෙනවා. අපේ නාවික හමුදාවට ලෝකයේ ඇති ගෞරවය හා පිළිගැනීමත් ඊට හේතුවක්.

“මේ උත්සවයට විදේශීය යුද නෞකා පැමිණෙනවා. එය අපේ ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තියට මෙන් ම නාවික හමුදාවටත් කරන ගෞරවයක් හැටියට සැලකෙනවා.

මේ නාවික හමුදාවේ 60 වසරේ සංවත්සරයේ දී විශේෂයෙන් ම එහි උතුරු විධානය නැඟෙනහිර විධානය හා දියත් විධානය යන විධාන තුනටම අතිගරු ජනාධිපති තුමා අතින් වර්ණ ප්‍රදානය සිදු කෙරෙන්නේ 9 දා උදෑසන වරායේ ප්‍රදීපාගාරය අසළ පැවැත්වෙන උත්සවයේදී. “එයට කැබිනට් ඇමැතිවරුන් හා විදේශීය තානාපතිවරුන් ද සහභාගි වෙනවා. පිටරටින් ආ යුද නැව් ඒ අබියස මුහුදේ පෙළ ගස්වා නැව් පෙළපාලියකින් ජනාධිපතිතුමාට ආචාර දක්වනවා.

8 වැනිදා හැර 4 වැනිදා සිට 12 වැනිදා දක්වා නාවික හා සමුද්‍රයීය ප්‍රදර්ශනය කොටුව ප්‍රදීපාගාර පරිශ්‍රයේදී දිනපතා උදේ 10.30 සිට රාත්‍රි 10.30 දක්වා පැවැත්වෙනවා.”

“මෙය අධ්‍යාපනික වශයෙන් පාසල් ශිෂ්‍යයන්ට වැදගත් ප්‍රදර්ශනයක්. එහිදී මුහුදේ නාවික සංදර්ශන පැවැත්වෙනවා දැක බලාගන්නට පුළුවන්. පිටරටින් එන නැව් මෙන් ම අපේ නාවික හමුදාවේ සියලුම නැව් ද මෙහිදී මුහුදේ නරඹන්නට පුළුවන්. පැමිණි අයට නැව්වලට නැග ඒවා නැරඹීමටත් අවස්ථාව ලබාදෙනවා.

8 වැනිදා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ නැහැ. එදින නාවික හමුදා මූලස්ථානයේදී අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය පැවැත්වෙනවා විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. එයට විදේශ රටවල් හතක නාවික හමුදාපතිවරුන් සහභාගි වෙනවා. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, නියෝජනය කරන නියෝජිතයන් දේශනා පවත්වනවා. ආරක්ෂක ලේකම්තුමා හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විද්වතුන් ද මේ සම්මන්ත්‍රණයට සහභාගි වෙනවා.

“එදා ම (8 දා) සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික කණ්ඩායම සහභාගි වන සංදර්ශනයක් පැවැත්වෙනවා. එහිදී ඉන්දියානු පාකිස්ථාන හා බංග්ලාදේශ නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායම් හා අපේ යුද හමුදා නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායම් ද එකතුව තූර්යවාදන සංකලනයන් පවත්වනවා. විදේශීය නැව් සමඟ උත්සවයට ආ විදේශීය නැවියන් 2500 ක් හා නිලධාරීන් 250 ක් පමණ මෙය නැරඹීමට පැමිණෙනවා.”

“නාවික හමුදා ප්‍රදර්ශනය නැරඹීමට රු. 10 ක් වැනි සුළු මුදලක් අය කරනවා. එය ආදායමක් වශයෙන් නොවෙයි. පැමිණි පිරිස ගණන් බලා ගැනීමට හා ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට හා රණවිරු සුබසාධනය සඳහා යොදවන්නයි. 4 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන නාවික හා සමුද්‍රීය ප්‍රදර්ශනය අතරතුර මුහුදේ විශේෂ යාත්‍රා බලඝණයේ හා අධිවේගී යාත්‍රා බලඝණයෙන් බෝට්ටු සංදර්ශන හා රුවල් නැව් සංදර්ශන මහජනතාවට බලාගන්නට පුළුවන්.