කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
අපේ රට අසමත් රාජ්‍යයක් යැයි කියාපු අයටත් අපි ආරක්ෂාව දුන්නා

අපේ රට අසමත් රාජ්‍යයක් යැයි කියාපු අයටත් අපි ආරක්ෂාව දුන්නා

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ

මේ රටේ යුද්ධයක් පවතින යුගයෙත් විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයො ලංකාවට ආවා. දෙරට අතර නිල කටයුතුවලට මෙන් ම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මත සැකසුණු පෞද්ගලික සැලසුම් සඳහාත් ඔවුන් මෙහි ආවා. යුද වාතාවරණයක් පවතින අවස්ථාවක ඔවුන් කුමන කටයුත්තක් සඳහා මෙහි පැමිණියත් රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ආරක්ෂාව අපි උපරිම ලෙස සැලසුවා. අපේ ආණ්ඩුව එවැනි ආරක්ෂාවක් සැලසුවේ එම රටවල් විසින් ම අප අසාර්ථක රාජ්‍යයක් බවට නම් කර තිබියදී යි.

එහෙත් අප රට එවැනි නම් කිරීමකට ලක් කර තිබුණ ද, කිසිම දවසක ලංකාවට පැමිණි රාජ්‍ය නායකයකුගේ නිල ගමනක් හෝ පෞද්ගලික සැලසුම් හෝ අප අවලංගු කර නැහැ. ඒ වගේ ම කිසිදු හිරිහැරයකින් බාධාවකින් තොරව ඔවුනට ඒ කටයුතු කර ගැනීමට රජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒත තමයි රටක පාලකයන්ගෙ යුතුකම හා වගකීම වන්නෙ.

එහෙත් බ්‍රිතාන්‍ය රජයට ඒ වගකීම, යුතුකම ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නෙ අද මහා බ්‍රිතාන්‍ය තමන් අසමත් රාජ්‍යයක් කියලා ඔප්පු කරල තියෙනවා.

අනෙක එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ඒ උද්ඝෝෂණයේ නිරත වුණේ කොටි ධජය සමඟ. එල්.ටී.ටී.ඊ. ය, මහා බ්‍රිතාන්‍යයේ තහනම් නම් එලෙස කොටි ධජය සමඟ උද්ඝෝෂණයට අවසරදීම ප්‍රශ්නයක්.

කෙසේ වුවත් මේ තත්ත්වය ගැන ශ්‍රී ලාංකීය ජනතාව තේරුම් ගන්න ඕනෙ. එල්.ටී.ටී.ඊ. ය විනාශ කිරීම ගැන අන්තර්ජාතික කොටි හිතවාදීන් ගේ කෝපය තමයි ඔවැනි බාල ක්‍රියාවන් ගෙන් ඔප්පු වෙන්නෙ. ඒ වගේ ම නැවත අධිරාජ්‍යවාදින් ගේ හස්තයට මේ රට ගොදුරු කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තිබෙන තුරු එවැන්නක් නැවත කළ නොහැකි බව මේ රටවල් තේරුම් ගන්න ඕනෙ.