කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
රජයේ සේවකයින් ඉන්නෙ ආණ්ඩුවත් එක්ක

තුන්වැනි සිතිවිල්ල

රජයේ සේවකයින් ඉන්නෙ ආණ්ඩුවත් එක්ක

මේ දවස්වල පාර්ලිමේන්තුවේත් එළියේදීත් විපක්ෂය හෙළන කිඹුල් කඳුළු දෝරේ ගලා යනවා. රජයේ සේවකයන්ට පඩි වැඩි කළා මදි කියලයි එයාලා බෙරිහන් දෙන්නේ. ඒත් එහෙම හඬන යූ.ඇන්.පී මහත්වරුන්ගේ ලජ්ජාවක් ගෑවිලාවත් නෑ වගෙයි. ඒ මොකද කියනවා නම් 1980 දී රුපියල් දහයක (10) පඩි වැඩිවීමක් ඉල්ලපු රජයේ සේවකයින් ගෙදර යවපු හැටි කාට කාටත් මතක ඇතිනේ. පොඩි ගාණක් නෙමෙයි අසූදාහකගේ රැකියා නැති කළා. අපේ රතු සහෝදරවරුන් ගැනත් වචනයක් කියන්නම වෙනවා. එයාලා තමයි 1989 දී රජයේ සේවයට ආපු අයගේ බෙලි කැපුවේ. ඒවා ගැනත් කවුරු කවුරුත් මෙනෙහි කර ගත්තොත් හොඳයි.

එ.ජා.ප ය සහ ආණ්ඩුව ගැන සසඳා බලමු. රජයේ සේවකයන්ට වැඩියෙන්ම සැලකුවේ කවුරුද කියලා තරාදියකට දාලා කිරා මැන බැලුවොත් තමයි හොඳ. එතකොට වැඩියෙන්ම බර තියෙන්නේ මේ ආණ්ඩුවේ පැත්තට. රජයේ සේවකයන් නොවරදවාම එහෙම කියාවි.

ආණ්ඩුව එහෙම කළේ පොඩි පහේ වැඩක් නෙමෙයි. ආණ්ඩුවට ඒ වෙනකොට උහුලන්න බැරි ප්‍රශ්න තිබුණා. එක පැත්තකින් රටම ගිනියම් කළ යුද්ධයක්. තව පැත්තකින් ලෝක ආර්ථිකය කඩා වැටුණේ කාටවත්ම නොකියා. ඒත් අපේ ආණ්ඩුව රජයේ සේවකයන්ට සලකන එක අමතක කළේ නැහැ.

ටිකක් හිතා බලන්න. 2005 ට ඉස්සර වෙලා රජයේ සේවකයන්ට දුන්නේ ආපදා ණයයි උත්සව අත්තිකාරම් මුදලයි විතරයි. ඒ ණය විදියට. ඒත් අපේ ජනාධිපතිතුමා එතැනින් එහාට ගියා. සියයට හතරක තරම් අඩු පොලියකට ණය දුන්නා. කිහිප දෙනකුට නෙමෙයි. 35000 තරම් විශාල පිරිසකට. ඒ හැමෝම වාගේ ඉඩම් ගත්තා. ගෙවල් හැදුවා. රජයේ සේවකයන් හොඳින් ඉන්නවා කියන්නේ කාටද ආඩම්බර. රටටම නේද?

අඩු පොළියට ණය දීලා ආණ්ඩුව ඒ බර කරට ගත්තා. රජයේ සේවකයන් වෙනුවෙන් මිලියන ගාණක් බැංකුවලට ගෙව්වා. මීට ඉස්සරවෙලා මේ වගේ ආණ්ඩු රටේ තිබුණාද? හැමෝම දන්නවා නැහැ කියලා.

ඒ විතරක් නෙමෙයි. රජයේ සේවකයන්ට දෙන ආපදා ණය රුපියල් 250,000 ට වැඩි වුණා. උත්සව අත්තිකාරම් රුපියල් 3000 ඉඳලා 5000 ට වැඩි වුණා. විශේෂ අත්තිකාරම් මුදල වැඩි වුණේ් රුපියල් 1000 ඉඳලා 2500 ට. ඒ වෙනකොට සෞඛ්‍ය රක්ෂණය පණ ඇද ඇද තිබුණේ. අපේ ජනාධිපතිතුමා ඒකටත් පණ දුන්නා. අන්තිමට රක්ෂණ භාරයෙන් දෙන රක්ෂණ හිමිකම රුපියල් ලක්ෂ එක හමාරකට වැඩිවුණා. ඉතින් දෙවියනේ රජයේ සේවකයන්ට මේ තරම් සලකන ආණ්ඩුවක් මේ රටේ තිබුණාද?

කාන්තාවක් ලබන උතුම්ම පදවිය මවු පදවිය. රජයේ සේවිකාවක් ඒ පදවිය ලැබුවාම ආණ්ඩුව සැලකුවේ කොහොමද? දවස් 252 ක ප්‍රසූත නිවාඩුවක් සහතික කළා. පියවරු ගැනත් අමතක කෙළේ නැහැ. කිරි සප්පයෙක් මෙලොවට බිහි වීමේ සතුට විඳින්න දවස් තුනක නිවාඩුවක් අනුමත කළා.

අපි ටිකකට අතීතයට යමු. 2001 වසරේදී බලය ගත් යූ.ඇන්.පී ආණ්ඩුව මතක ඇති. ඒ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ රජයේ සේවකයාගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා. හැබැයි පොඩි ඇස් බැන්දුමකුත් දැම්මා. ඒ දායක විශ්‍රාම වැටුප කියලා එකක් ගෙනල්ලා. ඒකෙන් කිව්වේ ආණ්ඩුවේ සල්ලි වලින් විශ්‍රාම වැටුප ගෙවනවා කියලා නෙමෙයි. රජයේ සේවකයා පඩි ගන්නකොට විශ්‍රාම වැටුපට කියලා මුදල් කපා ගත්තා. පැන්ෂන් ගියාට පස්සේ තමන් ඉතුරු කරපු මුදල්ම විශ්‍රාම වැටුප විදියට ලැබෙනවා. ඒක තමයි ඇත්ත.

ඒත් ජනාධිපතිතුමා 2005 දී බලය අරගෙන දායක විශ්‍රාම වැටුප නැති කළා. විශ්‍රාමිකයන්ට හිමි නියම අයිතිය ආයෙත් ලබා දුන්නා. ඒ කියන්නේ ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන. ඒක ආණ්ඩුවකට මහ බරක්. හැබැයි අපේ ජනාධිපතිතුමා එහෙම කළේ රජයේ සේවකයන් කරපු සැලකීමක් විදියටයි. මේවා යූ.ඇන්.පී යටයි ජේ.වී.පී යටයි අමතක වුණාට රජයේ සේවකයන්ට අමතක වෙන්ඩ විදියක් නැහැ.

මේ ආණ්ඩුව රජයේ සේවකයන්ගේ් පඩි වැඩි කළේ නැහැ කියලානේ කියන්නේ. මේවාට දෙන්න ඕන තරම් උදාහරණ තියෙනවා. 2003 දී රජයෙ සේවකයකුගේ අවම වැටුප වුණේ රුපියල් 4650 යි. අද රජයේ සේවකයකුගේ අවම වැටුප කීයද? රුපියල් 11730 යි. මේ මුදලට මෙවර අයවැයෙන් වැඩිකළ මුදල ඇතුළත් වෙලා නැහැ. මේ වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය ගත්තොත් සියයට එකසිය පනස් දෙකක්. ඒ විතරක් නෙමෙයි. ජීවන වියදම් දීමනාව රුපියල් හාරදහස් පන්සියයකින් වැඩි වෙලා තියෙනවා.

මේ වැටුප් වැඩිවීම පැහැදිලි කරන්න හොඳම උදාහරණයක් තියෙනවා. ඒ තමයි පසුගිය අවුරුදුවල භාණ්ඩාගාරය වැටුප් බිල වෙනුවෙන් ගෙවූ මුදල් ගැන සොයා බැලීම.

2005 දී වැටුප් බිල රුපියල් මිලියන 138,000 යි. මේ වසරේ වැටුප් ධ;ල් ඇස්තමේන්තුව රුපියල් මිලියන 325000 යි. 2005 දී අපේ රටේ රජයේ සේවකයන් හිටියේ ලක්ෂ 8 ක් විතරයි. ඒත් අද රජයේ සේවකයින් ලක්ෂ 12 ක් ඉන්නවා. දැන් රජයේ සේවකයන් ගැන හඬා වැටෙන යූ.එන්.පී ය එදා ඔවුන් හිසරදයක් විදියටයි හිතුවේ.

ඒකට හොඳම සාක්කියක් තියනවා. ඒ තමයි 2003 යූ.එන්.පී ආණ්ඩුවේ අයවැය කතාව. එකෙන් කිව්වේ මොකක්ද? රජයේ සේවකයන් ලක්ෂ දෙකක්වත් කැමැත්තෙන් ගෙදර යන්න ඕනේ කියලා. විශ්‍රාම ගන්නා තුරු පඩිය ගෙදරට එවනවා කිව්වා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන තුනක් වෙන් කළා.

ඒ විතරක් නෙමෙයි. 2003 අංක 16 කියන චක්‍රලේඛය එ.ජා.ප ආණ්ඩුව ගෙනාවා. ඒකෙන් කිව්වේ විධායක ශ්‍රේණිවලට හැර රජයේ සේවයට කිසිම බඳවා ගැනීමක් කරන්න බැහැ කියලා.

අද එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායකට එල්ලෙන්න වැලේ වැල් නැහැ. එයා කියනවා රුපියල් 10,000 කින් පඩි වැඩි කරන්න කියලා. දන්නවාද අපේ රටේ ආදායම්වලින් සියයට 95 ක්ම බදු ආදායම්. ඔය කියන පැඩි වැඩි කිරීම කරන්න අපේ රටේ හැමෝගෙන්ම මාසයකට බදු වශයෙන් රුපියල් 600 ක් එකතු කර ගන්න වෙනවා. එහෙම අවුරුද්දකට රුපියල් බිලියන 144 ක් එකතු කර ගන්න වෙනවා. කව්ද එහෙම බදු එකතු කරනවාට කැමැති. ඇත්තටම යූ.ඇන්.පී ය කියන්නේ සුරංගනා කතා විතරයි.

මේ පාර අයවැයෙන් රුපියල් 1500 ක් විතර පඩි වැඩි කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවට රුපියල් මිලියන 18000 ක් වැය කරන්න වෙලා. රජයේ සේවකයන්ට උපරිමයෙන් සලකන්න කැමැති නායකයෙක් මේ රටේ ඉන්නේ. ඒ හින්දා ඔවුන්ගේ අනාගතය නම් රැකෙනවා. එහෙනම් කාගේවත් සටන් පාඨවලට රැවටෙන්ඩ එපා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා