![]() ![]() |
||
අපේ රට අසමත් රාජ්‍යයක් යැයි කියාපු අයටත් අපි ආරක්ෂාව දුන්නාඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ
එහෙත් අප රට එවැනි නම් කිරීමකට ලක් කර තිබුණ ද, කිසිම දවසක ලංකාවට පැමිණි රාජ්‍ය නායකයකුගේ නිල ගමනක් හෝ පෞද්ගලික සැලසුම් හෝ අප අවලංගු කර නැහැ. ඒ වගේ ම කිසිදු හිරිහැරයකින් බාධාවකින් තොරව ඔවුනට ඒ කටයුතු කර ගැනීමට රජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒත තමයි රටක පාලකයන්ගෙ යුතුකම හා වගකීම වන්නෙ. එහෙත් බ්‍රිතාන්‍ය රජයට ඒ වගකීම, යුතුකම ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නෙ අද මහා බ්‍රිතාන්‍ය තමන් අසමත් රාජ්‍යයක් කියලා ඔප්පු කරල තියෙනවා. අනෙක එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ඒ උද්ඝෝෂණයේ නිරත වුණේ කොටි ධජය සමඟ. එල්.ටී.ටී.ඊ. ය, මහා බ්‍රිතාන්‍යයේ තහනම් නම් එලෙස කොටි ධජය සමඟ උද්ඝෝෂණයට අවසරදීම ප්‍රශ්නයක්. කෙසේ වුවත් මේ තත්ත්වය ගැන ශ්‍රී ලාංකීය ජනතාව තේරුම් ගන්න ඕනෙ. එල්.ටී.ටී.ඊ. ය විනාශ කිරීම ගැන අන්තර්ජාතික කොටි හිතවාදීන් ගේ කෝපය තමයි ඔවැනි බාල ක්‍රියාවන් ගෙන් ඔප්පු වෙන්නෙ. ඒ වගේ ම නැවත අධිරාජ්‍යවාදින් ගේ හස්තයට මේ රට ගොදුරු කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තිබෙන තුරු එවැන්නක් නැවත කළ නොහැකි බව මේ රටවල් තේරුම් ගන්න ඕනෙ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |