කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
අනාරක්ෂිත නම් ඒ බව කලින්ම දැනුම් දෙන්න තිබුණා

අනාරක්ෂිත නම් ඒ බව කලින්ම දැනුම් දෙන්න තිබුණා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක

බ්‍රිතාන්‍යයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මුහුණපාන්නට සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. ඒ වගේ එවැන්නක් සිදුකිරීම ගැන අපේ විරෝධය ද ප්‍රකාශ කරනවා.

’අපේ ජනාධිපතිතුමා හෝ වෙනයම් නායකයෙක් හෝ එවැනි අපහසුතාවකට පත්කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. අනෙක රාජ්‍ය නායකයකුගේ ආරක්ෂාව සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. ඒ වගේම මෙහිදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන වගකිවයුතුය.

සිය රටේ ජනාධිපතිවරයා එරටට පැමිණේ නම් එතුමා සම්බන්ධව එරට ආරක්ෂාව, ප්‍රතිචාර, පසුබිම කුමක්ද යන්න ගැන නිවැරැදි අවබෝධයක් ඔවුන්ට තිබිය යුතුය. ඔය වගේ උද්ඝෝෂණයක් එක පැයකින් සංවිධානය කරන්න බැහැ. ඊට සති කීපයක් අවශ්‍යයයි. එසේ නම් අපේ මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන දැනුම්වත් නොවී සිටියේ කෙසේද?

අනික සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකුගේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පිළිබඳ කාල සටහනක් තිබුණත් ඔහු රටකට පැමිණෙන අවස්ථාව, පිටවෙන අවස්ථාව වැනි කාලසටහන් පිටතට ලැබෙන්න ඉඩ හරින්නෙ නැහැ.

එසේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එරටට, පිවිසෙන වෙලාවන් මේ උද්ඝෝෂකයන්ට ලබාදුන්නේ කව්ද? එතුමාගේ ආරක්ෂාව ගැන වගකීම් විරහිතව ක්‍රියා කළේ කවුද? මේ ගැන සොයා බැලිය යුතුයි.